18 වන පරිච්ඡේදය
නැව සාදා අවසන් විය – ජේකබ්ගේ සහ ජෝසෆ්ගේ උපත සඳහන් කරයි – සමූහය පොරොන්දු වූ දේශය කරා නැව් නගියි – ඉෂ්මායෙල්ගේ පුත්‍රයන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද ඝෝෂාකාර උත්සවයට සහ කැරැල්ලට එක් වෙති – නීෆායිව බැඳ තබන අතර, දරුණු කුණාටුව විසින් නැව පසුපසට යවයි – නීෆායිව නිදහස් කරයි, සහ ඔහුගේ යාච්ඤාවෙන් කුණාටුව නවතියි – ජනතාව පොරොන්දු වූ දේශයට පැමිණෙති. ක්‍රි.පූ. 591–589 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු ස්වාමීන්වහන්සේට නමස්කාර කළහ, තවද මා සමඟ පෙරට ගියහ; තවද අපි සියුම් ශිල්ප නිමාවෙන් ලී වැඩ කළෙමු. තවද ස්වාමීන්වහන්සේ කාලයෙන් කාලයට මා විසින් නැවේ ලී වැඩ කළ යුත්තේ කුමන ආකාරයට දැයි පෙන්වා දුන් සේක.
2 දැන් මම, නීෆායි, ලී භාවිතා කළේ මනුෂ්‍යයන් විසින් ඉගෙන ගත් ආකාරයට නොවන අතර, මනුෂ්‍යයන්ගේ ආකාරයට ද මම නැව ඉදි නොකළෙමි; එහෙත් ස්වාමීන්වහන්සේ මා හට පෙන්වූ ආකාරයට මම නැව ඉදි කළෙමි; එබැවින්, එය මනුෂ්‍යයන්ගේ ආකාරයට නොවීය.
3 තවද මම, නීෆායි, නිතර කන්දට ගොස්, තවද මම ස්වාමීන්වහන්සේට නිතර යාච්ඤා කළෙමි; එබැවින් ස්වාමීන්වහන්සේ බලවත් වූ දේවල් මා හට පෙන් වූ සේක.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේගේ වචනයට අනුව, මා නැව නිමා කළ පසු, මාගේ සහෝදරයන් එය යහපත් බව දුටුවේය, තවද එහි ශිල්ප නිමාව බොහෝ සෙයින් අලංකාර විය, එබැවින්, ඔවුන් නැවතත් ස්වාමීන්වහන්සේ අබියස ඔවුන්වම යටහත් කළෝය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේගේ හඬ මාගේ පියා වෙතට පැමිණ, එනම් අප නැගිට නැවට යා යුතු බව කී සේක.
6 තවද එය මෙසේ සිදු විය, එනම් පසුදා, වනාන්තරයෙන් බොහෝ පලතුරු ද මාංශ ද, සහ බහුලව මී පැණි, තවද ස්වාමීන්වහන්සේ අණ කළ පරිදි කළමනා සියල්ල අප සුදානම් කළ පසු, අපි නැව තුළට ගියෙමු, අපගේ සියලු බඩු භාහිරාදිය සහ බීජ ද, තවද අපත් සමඟ රැගෙන ආ සියල්ල, තමන්ගේ වයසට අනුව සියලු දෙනා; එබැවින්, අපගේ භාර්යාවන් ද දරුවන් ද සමඟ, අපි සියල්ලන්ම නැව තුළට ගියෙමු.
7 තවද දැන්, මාගේ පියා හට වනන්තරයේ දී පුත්‍රයන් දෙදෙනෙකු උපන්නේය; වැඩිමලා ජේකබ් ද බාලයා ජෝසෆ් ලෙස ද නම් කරන ලදී.
8 තවද එය මෙසේ සිදු විය, එනම් අපි සියලු දෙනා නැව තුළට ගිය පසු, තවද අපට අණ කළ සියලු දේවල් ද කළමනා ද රැගෙන ගිය පසු, අප මුහුදට දියත් කර පොරොන්දු වූ දේශය දෙසට සුළඟ මඟින් ඉදිරියට යැවෙන ලදී.
9 තවද දින ගණනාවක කාල පරාසයක් පුරාවට සුළඟ මඟින් අපව ඉදිරියට ගෙන ගිය පසු, බලව, මාගේ සහෝදරයන් සහ ඉෂ්මායෙල්ගේ පුත්‍රයන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද ඔවුන් ඔවුන්ම ප්‍රීති වෙන්නට පටන් ගත්තෝය, එපමණින් එනම් ඔවුන් නටන්න ද, ගයන්න ද, නොහික්මුණු ලෙස කතා කරන්නට ද පටන් ගත්තෝය, එසේය, ඔවුන් ව එතැනට රැගෙන ආවේ කුමන බලයෙන් ද යන්න බව ඔවුන් අමතක කළේය; එසේය, ඔවුන් ව බොහෝ සේ නොහික්මුණු ලෙසින් ඔසවනු ලදී.
10 තවද මම, නීෆායි, ස්වාමීන්වහන්සේ අප සමඟ කෝපවනු ඇතැයි ද, අපගේ අයුතුකම් නිසා අපට පහරදෙනු ඇතැයි ද, එනම් අප ගැඹුරු මුහුදේ ගිලෙනු ඇතැයි ද බොහෝ සෙයින් බිය වන්නට පටන් ගත්තෙමි; එබැවින්, මම, නීෆායි, ඔවුන්ට බොහෝ සන්සුන්ව කතා කරන්නට පටන් ගත්තෙමි; නමුත් බලව ඔවුහු මා සමඟ කෝප වී, මෙසේ කීහ; අපගේ බාල සහෝදරයා අපගේ පාලකයා වෙන්නට අපි ඉඩ නොදෙමු.
11 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන් සහ ලෙමුවෙල් මා ගෙනැවිත් ලණුවලින් බැඳ තැබුවෝය, තවද ඔවුන් මා හට කුරිරු ලෙස සැලකුවෝය; එසේ වූවත්, උන්වහන්සේ තම බලය පෙන්වීම සඳහා, එනම් දුෂ්ටයන් පිළිබඳව උන්වහන්සේ පැවසූ වචනය ඉටු කිරීම පිණිස, ස්වාමීන්වහන්සේ එයට ඉඩ දුන් සේක.
12 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් මා හට සෙලවිය නොහැකි තරමට මා බැඳ දැමූ පසු, ස්වාමීන්වහන්සේ විසින් සූදානම් කරන ලද, දිශා දර්ශකය, නතර විය.
13 එබැවින්, ඔවුන් නැව කොයිදෙසට හසුරවිය යුතු දැයි නොදැන සිටියෝය, එපමණින්, එනම් මහත් කුණාටුවක් පැන නැගුනේය, එසේය, මහත් වූ දරුණු තද කුණාටුවක්, අපව ජලය මත දින තුනක කාල පරාසයක් පුරාවට පසුපසට ගෙන ගියේය; තවද ඔවුන් මුහුදේ ගිලී යනු ඇතැයි බොහෝ සෙයින් බියට පත් වන්නට පටන් ගත්තෝය; එසේනමුත් ඔවුන් මා ලිහිල් නොකළෝය.
14 තවද අපව පසු පසට ගෙන යනු ලැබු හතරවෙනි දින, කුණාටුව බොහෝ සෙයින් දරුණු වෙන්නට පටන් ගත්තේය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් අපව මුහුදේ ගැඹුරේ ගිලී යන්නට ආසන්න විය. තවද අපව ජලය මත දින හතරක කාල පරාසයක් පුරාවට පසුපසට ගෙන යනු ලැබු පසු, දෙවියන්වහන්සේගේ විනිශ්චයන් ඔවුන් මත බව ද, එනම් ඔවුන්ගේ අයුතුකම්වලට ඔවුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන් විනාශ විය යුතු බවත් මාගේ සහෝදරයන් දකින්නට පටන් ගත්තෝය; එබැවින්, ඔවුන් මා වෙත පැමිණ, මාගේ මැණික් කටුව මත තිබුණ ලණු ලිහිල් කළෝය; තවද බලව ඒවා බොහෝ සෙයින් ඉදිමී තිබුණු අතර, මාගේ වළලුකරවල් ද බෙහෙවින් ඉදිමී තිබුණි, තවද එහි වේදනාව මහත් විය.
16 එසේ වුවත්, මම මාගේ දෙවියන්වහන්සේ වෙත බලා, දවස මුළුල්ලෙහිම උන්වහන්සේට ප්‍රශංසා කළෙමි; තවද මම මාගේ පීඩාවන් හේතුවෙන් උන්වහන්සේට එරෙහිව මැසිවිලි නැගුවේ නැත.
17 දැන් මාගේ පියා, ලීහායි, ඔවුන්ට ද සහ ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ට ද බොහෝ දේවල් කීවේය; එහෙත්, බලව, මා වෙනුවෙන් කතා කළ යුතු ඕනෑම අයෙකුට එරෙහිව ඔවුහු බොහෝ තර්ජන කළහ; තවද මාගේ දෙමාපියන් වයසින් වැඩි වූ අතර, ඔවුුුුුන්ගේ දරුවන් හේතුවෙන් බොහෝ ශෝකයට පත්ව, ඔවුන්ගේ ලෙඩ ඇඳට පවා, එසේය, ඔවුන්ව ගෙන යන ලදී.
18 ඔවුන්ගේ ශෝකය සහ දැඩි සංවේගයෙන්, තවද මාගේ සහෝදරයන්ගේ අයුතුකම් හේතුවෙන්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ ව හමුවීමේ කාලය ආසන්නයට ද පවා ඔවුන්ව ගෙන එන ලදී; එසේය, ඔවුන්ගේ සුදු කෙස් දූවිල්ලෙහි සැතපෙන්න ගෙන ඒමට ආසන්නව තිබුණි; එසේය, ඔවුන්ව සංවේගයෙන් ජලය සහිත සොහොනට හෙළීමට ද පවා ආසන්න විය.
19 තවද ජේකබ් සහ ජෝසෆ්, බාල වියේ වූ අතර, වැඩි වශයෙන් පෝෂණය අවශ්‍යව, තම මැණියන්ගේ පිඩාවන් නිසා ශෝකයට පත් වූවෝය; තවද මාගේ භාර්යාවගේ ද, මාගේ දරුවන්ගේ ද, කඳුළු සහ යාච්ඤා, මා ලිහිල් කිරීමට මාගේ සහෝදරයන්ගේ හදවත් මෘදු නොකළේය.
20 තවද ඔවුන්ගේ හදවත් මෘදු කිරීමට, ඔවුන් විනාශයට තර්ජනය කළ, දෙවියන්වහන්සේගේ බලයෙන් මිස, වෙන කිසිවක් නොවීය; එබැවින්, ඔවුන් මුහුදේ ගැඹුරේ ගිලෙන්නට ආසන්නව සිටින බව දුටු විට ඔවුන් කළ දේවල් වලට, එපමණින් ඔවුන් මා ලිහිල් කළෝය.
21 තවද එය මෙසේ සිදු විය, ඔවුන් මා ලිහිල් කළ පසු, බලව, මම දිශා දර්ශකය ගත් අතර, එය මම කැමති ලෙස ක්‍රියා කළේය. එවිට මම ස්වාමීන්වහන්සේ හට යාච්ඤා කළෙමි; තවද මම යාච්ඤා කළ පසු සුළඟ නතර විය, තවද කුණාටුව නතර වූ අතර, තවද බලවත් නිසල බවක් ඇති විය.
22 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, නැව මෙහෙයවා, එනම් අප නැවතත් පොරොන්දු වූ දේශය කරා යාත්‍රා කළෙමු.
23 තවද එය මෙසේ සිදු විය, එනම් අප දින ගණනාවක කාල පරාසයක් පුරාවට යාත්‍රා කර අප පොරොන්දු වූ දේශයට පැමිණියෙමු; අප භූමිය මත ඉදිරියට ගොස්, අපගේ කූඩාරම් තනා ගත්තෙමු; තවද අප එය පොරොන්දු වූ දේශය ලෙස නම් කළෙමු.
24 තවද එය මෙසේ සිදු විය, එනම් අපි පොළොව කොටන්නට පටන් ගත් අතර, අපි බීජ සිටුවීමට පටන් ගත්තෙමු; එසේය, අපි ජෙරුසලම් දේශයෙන් ගෙනා, අපගේ සියලු බීජ පොළොවට දැමුවෙමු. තවද එය මෙසේ සිදු විය, එනම් ඒවා බොහෝ සෙයින් වැඩෙන්නට විය; එබැවින්, අප බහුලත්වයෙන් ආශිර්වාද ලැබුවෙමු.
25 තවද එය මෙසේ සිදු විය, එනම් අප වනාන්තරයේ ගමන් ගත් විට, අපට පොරොන්දු දේශය මත, එනම් කැලයේ සෑම වර්ගයකම සතුන් සිටි බව, ගවයා සහ ගොනා යන දෙවර්ගයම ද, තවද බූරුවා සහ අශ්වයා ද, තවද එළුවා සහ කැලෑ එළුවා ද, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය සඳහා වූ, සියලු ආකාරයේ කැලෑ සතුන් ද සොයා ගත්තෙමු. තවද සියලු ආකාරයේ ලෝපස්, රත්රන් සහ රීදී ද, තඹ ද අපට හමු විය.