8 වන පරිච්ඡේදය
ලීහායි ජීවනයේ වෘක්ෂය පිළිබඳ දර්ශනයක් දකියි – ඔහු එහි ඵලය අනුභව කරන අතර ඔහුගේ පවුලද එසේ කරනවාට ආශා කරයි – ඔහු යකඩ අත්වැලක්, පටු සහ අවහිර මාර්ගයක්, සහ මනුෂ්‍යයන් වසා ගන්නා අන්ධකාරයේ මීදුම ද දකී – සරායා, නීෆායි, සහ සෑම් ඵලය අනුභව කළ ද, ලේමන් සහ ලෙමුවෙල් ප්‍රතික්ෂේප කරති. ක්‍රි.පූ. 600–592 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් අප සියලු වර්ගයන්වල බීජ එකතු කළෙමු, සෑම ධාන්‍ය වර්ගයකම, සහ සෑම පලතුරු වර්ගයකම බීජ වර්ග ද දෙවර්ගයෙන්ම එක් රැස් කළෙමු.
2 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ පියා වනාන්තරයේ රැදී සිටිය දී ඔහු අපට මෙසේ කතා කරමින්: බලව, මම සිහිනයක්, සිහිනයකින් දුටුවෙමි; නොහොත්, වෙනත් වචනයෙන්, මම දර්ශනයක් දුටුවෙමි.
3 තවද බලව, මා දුටු දේ හේතුවෙන්, නීෆායි සහ සෑම් නිසා මට ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීති වීමට කාරණයක් ඇත; මක්නිසාද ඔවුන් ද ඔවුන්ගේ වංශයේ බොහෝමයක්, ගලවනු ලබන බව සිතන්නට මට කාරණයක් ඇත.
4 නමුත් බලව, ලේමන් සහ ලෙමුවෙල්, නුඹ නිසා මම බොහෝ සෙයින් බියට පත් වෙමි; මක්නිසාද බලව, මම මගේ සිහිනෙන්, අඳුරු සහ නීරස වනාන්තරයක් දුටු බව සිතුවෙමි.
5 තවද එය මෙසේ සිදු විය, එනම් මම මනුෂ්‍යයෙක් දුටිමි, තවද ඔහු සුදු ලෝගුවක් ඇඳ සිටියේය; තවද ඔහු පැමිණ මා ඉදිරියේ සිට ගත්තේය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මට කතා කරමින්, තවද ඔහු පසුපස එන ලෙස අණ කළේය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් මා ඔහු පසුපස යන විට මම අඳුරු සහ නීරස පාළු භූමියක සිටි බව මම දුටුවෙමි.
8 තවද පැය ගණනක කාල පරාසයක් පුරාවට අන්ධකාරයේ මම ගමන් කළ පසු, උන්වහන්සේගේ අධික කරුණා ගුණයට අනුව, ස්වාමීන්වහන්සේට උන්වහන්සේගේ කරුණාව මා වෙත දක්වන මෙන් මම යාච්ඤා කිරීමට පටන් ගත්තෙමි.
9 තවද එය මෙසේ සිදු විය, එනම් මම ස්වාමීන්වහන්සේට යාච්ඤා කළ පසු විශාල ඉඩකඩක් සහිත භූමියක් මම දුටුවෙමි.
10 තවද එය මෙසේ සිදු විය, එනම් මම වෘක්ෂයක් දුටුවෙමි, එහි ඵලයට ආශාව උපදවා කෙනෙකුව සතුටු කළ හැකි විය.
11 තවද එය මෙසේ සිදු විය, එනම් මම ඉදිරියට ගොස් එහි ඇති ඵලය අනුභව කළෙමි; එවිට මා මීට පෙර රස වින්ද සියල්ලට වඩා, එය ඉතාමත්ම මිහිරි රසක් ඇති බව මම දුටිමි. එසේය, තවද එම ඵලය, මා දැක ඇති සුදු වර්ණය ඉක්මවා යන සුදු පැහැ වූ බවත් මම දුටුවෙමි.
12 තවද මම එහිවු එම ඵලය අනුභව කරන විට එය මාගේ ආත්මය බොහෝ සේ මහත් ප්‍රීතියෙන් පුරවන්නට විය; එබැවින්, මාගේ පවුල ද එය එසේම අනුභව කරනවාට මා හට ආශාවක් ඇතිවන්නට පටන් ගත්තේය; මක්නිසාද එය අනෙක් සියලු ඵලයන්ට වඩා ප්‍රියමනාප වන බව මම දැන සිටියෙමි.
13 තවද මම මාගේ දෑස් අවට දෙසට, එනම් මම මාගේ පවුල ද සොයා ගැනීම පිනිස යොමු කළ විට, මම ජලය සහිත ගංගාවක් දුටුවෙමි; තවද එය මා ඵලය අනුභව කරමින් සිටි වෘක්ෂය අසලින් ගලා ගියේය.
14 තවද මම එය කොතැනින් පැමිණෙනවා ද දැන ගැනීම සඳහා බැලුවෙමි; තවද එහි ආරම්භය මදක් නුදුරින් බව මම දුටිමි; තවද ආරම්භක ස්ථානයේ නුඹලාගේ මව සරායා, සහ සෑම්, සහ නීෆායිව මම දුටුවෙමි; තවද ඔවුන් කොතැනට යා යුතු දැයි නොදැන සිටිනවාක් මෙන් ඔවුන් සිටියෝය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් මම ඔවුන් හට ඉඟි කළෙමි; තවද මම ඔවුුුුන්ට මා වෙතට ඇවිත්, අනෙක් සියලු ඵලයන්ට වඩා ප්‍රියමනාප වන, එම ඵලය අනුභව කරන ලෙස, උස් හඬින් පැවසුවෙමි.
16 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් මා වෙතට පැමිණ එසේම ඵලය අනුභව කළෝය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන් සහ ලෙමුවෙල් ද පැමිණ එම ඵලය අනුභව කරනවාට ද මම ආශා කළෙමි; එබැවින්, සමහරක් විට ඔවුන්ව දකිනු පිිණිස, මාගේ දෑස් ගංගාවේ ආරම්භය දෙසට මම යොමු කළෙමි.
18 තවද එය මෙසේ සිදු විය, එනම් මම ඔවුන් දුටුව අතර, එහෙත් ඔවුන් මා වෙත පැමිණ ඵලය අනුභව නොකළෝය.
19 තවද මම යකඩ අත්වැලක් දුටුවෙමි, තවද එය ගංගාවේ ඉවුර දිගේ තිබුණු අතර, එය මා සිටි වෘක්ෂය කරා යොමු වී තිබුණි.
20 තවද මම එසේම පටු සහ අවහිර මාර්ගයක් දුටුුුුවෙමි, එය මම සිටගෙන සිටි වෘක්ෂය කරා, යකඩ අත්වැල අසලින් විය; තවද එය ජල උල්පතේ ආරම්භයේ සිට, එය ලෝකයක් වූවා සේ, විශාල සහ ඉඩකඩ ඇති භූමිය කරා යොමු විය.
21 තවද ගණන් කළ නොහැකි තරම් ජන සමූහයන් මම දුටුවෙමි, ඔවුන් බොහෝමයක් ඉදිරියට යමින් සිටියෝය, ඔවුන් මා සිටගෙන සිටි වෘක්ෂය වෙතට එන මාර්ගය ලබා ගැනීම පිණිස උත්සාහ කරමින් සිටියෝය.
22 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු ඉදිරියට පැමිණ, තවද වෘක්ෂය කරා තිබෙන මාර්ගයේ ගමන් ආරම්භ කළහ.
23 තවද එය මෙසේ සිදු විය, එනම් අන්ධකාරයේ මීදුමක් පැන නැගුණි; එසේය, මහත් බලවත් වු අන්ධකාරයේ මීදුමක්ය, එනම් මාර්ගයෙහි ගමන් ඇරඹූ අය අතරමං වන වන තරමට, එනම් මංමුළා වී නැති ව ගියෝය.
24 තවද එය මෙසේ සිදු විය, එනම් ඉදිරියට යමින් සිටින වෙනත් අය ද මම දුටිමි, තවද ඔවුන් ඉදිරියට පැමිණ යකඩ අත්වැලේ කෙළවර අල්ලාගන්නට විය; තවද අන්ධකාරයේ මීදුම අතරින් ද ඔවුන් ඉදිරියට ගොස්, යකඩ අත්වැල තදින් අල්ලා, වෘක්ෂයේ ඵලය අනුභව කරන තෙක් පවා ඔවුහු ඉදිරියට පැමිණියෝය.
25 තවද වෘක්ෂයේ ඵලය අනුභව කිරීමෙන් පසු ඔවුන් ලැජ්ජාවට පත්වූවාක් මෙන් ඔවුන්ගේ දෑස් අවට හෙළුහ.
26 තවද මම එසේම මාගේ දෑස් අවට දෙසට හෙලා, ජලය සහිත ගංගාවේ අනෙක් පසින්, මහත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ලක් දුටුවෙමි; තවද එය පොළොවට බොහෝ ඉහළින් පිහිටවූ, ආකාශයේ තිබෙනවාක් මෙන් විය.
27 තවද එය ජනයාගෙන් පිරී තිබුණි, මහලු සහ තරුණ දෙගොල්ලන් ද, පිරිමි සහ ගැහැණු දෙගොල්ලන් ද; තවද ඔවුන්ගේ ඇඳුම් විලාසය බොහෝ සේ මනා පෙනුමෙන් විය; තවද ඔවුන්ගේ ආකල්පය වූයේ පැමිණ ඵලය අනුභව කරන අය දෙසට සමච්චල් කරමින් සහ ඔවුන්ගේ ඇඟිලි දිගු කිරීමය.
28 තවද ඔවුන් ඵලයේ රසය අත්වින්ද පසු ඔවුන් ලැජ්ජාවට පත් විය, මක්නිසාදයත් ඒ ඔවුන්ට සමච්චල් කරන අය නිසාය; තවද ඔවුන් තහනම් මාර්ගවලට වැටී නැති වී ගියෝය.
29 තවද දැන් මම, නීෆායි, මගේ පියාගේ සියලු වචන කතා නොකරන්නෙමි.
30 එහෙත්, ලිවීම කෙටි වන්නට, බලව, ඔහු ඉදිරියට පැමිණෙමින් සිටින වෙනත් සමූහයන්ද දුටුවේය; තවද ඔවුහු පැමිණ යකඩ අත්වැලේ කෙළවර අල්ලා ගත්තෝය; තවද ඔවුන් ඉදිරියට පැමිණ, අඛණ්ඩව යකඩ අත්වැල තදින් අල්ලාගෙන, තවද ඔවුන් බිම වැටී වෘක්ෂයේ ඵලය අනුභව කරනා තුරු ඉදිරියට පැමිණියේය.
31 තවද ඔහු මහත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ල දෙසට ඇදෙන වෙනත් සමූහයන්ද දුටුවේය.
32 තවද එය මෙසේ සිදු විය, එනම් බොහෝ දෙනෙක් උල්පතේ පතුලෙහි ගිලී ගියෝය; තවද බොහෝ අය ඔහුගේ දර්ශන පථයෙන් නැති වී, නාඳුනන මාවත් වල මංමුළා වූහ.
33 තවද එම නාඳුනන ගොඩනැගිල්ල තුළට ඇතුලු වූ සමූහය මහත් විය. තවද ඔවුහු එම ගොඩනැගිල්ල තුළට ඇතුලු වූ පසු මට සහ එසේම ඵලය අනුභව කරන්නන්ට ද නිග්‍රහයේ ඇඟිල්ලි දිගු කළහ; එහෙත් අප ඔවුන්ට අවධානය නොදුන්නෙමු.
34 මාගේ පියාගේ වචන මෙසේ විය: මක්නිසාද ඔවුන්ට අවධානය දුන් බොහෝ දෙනා ඉවතට වැටුනෝය.
35 තවද ලේමන් සහ ලෙමුවෙල් ඵලය අනුභව නොකළ බව, මාගේ පියා පැවසුවේය.
36 තවද එය මෙසේ සිදු විය, මගේ පියා ඔහුගේ සිහිනය නැතහොත් දර්ශනයේ සියලු වචන, එනම් බොහෝමයක්, කී පසු, ඔහු අපට මෙසේ කීවේය, ඔහුගේ දර්ශනයේ දුටු සියලු දේවල් නිසා, ඔහු ලේමන් සහ ලෙමුවෙල් ගැන බොහෝ සේ බියට පත්විය; එසේය, ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් ඔවුන්ව නෙරපනු ලබනු ඇතැයි ඔහු බිය විය.
37 තවද ඔහු කරුණාවන්ත පියෙකු ලෙස සියලු හැඟීමෙන් ඔහු ඔවුන්ව දිරිමත් කළේය, එනම් ඔවුන් ඔහුගේ වචනවලට ඇහුම්කන් දෙමින්, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ට කරුණාවන්ත වෙමින්, තවද ඔවුන්ව නෙරපා හරිනු නොලබන පිණිස; එසේය, මාගේ පියා ඔවුන් හට දේශනා කළේය.
38 තවද ඔහු ඔවුන්ට දේශනා කළ පසු, තවද බොහෝ දේවල් ගැන ඔවුන්ට අනාවැකි කීවේය, ස්වාමීන්වහන්සේගේ අණ පනත් රකින්නට ඔහු ඔවුන් හට නියම කළේය; තවද ඔහු ඔවුන්ට කතා කිරීම නතර කළේය.