15 වන පරිච්ඡේදය
ලීහායිගේ වංශයට පසුදවස්වල දී අන්‍යජාතිකයන්ගෙන් ශුභාරංචිය ලැබීමට නියමිතය – ඊශ්‍රායෙල් ජාතිය රැස් කිරීම ඔලිව් ගසකට ස්වභාවික ශාඛා නැවත බද්ධ කිරීම හා සමාන කර ඇත – නීෆායි ජීවන වෘක්ෂයේ දර්ශනය අර්ථ දක්වා දුෂ්ටයන් ධර්මිෂ්ඨයන්ගෙන් වෙන් කිරීම තුළ දෙවියන්වහන්සේගේ යුක්තිය ගැන කතා කරයි. ක්‍රි.පූ. 600–592 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, ආත්මයාණන්වහන්සේ විසින් රැගෙන ගොස්, මේ සියල්ල දුටුවායින් පසුව, මම නැවතත් මාගේ පියාගේ කූඩාරමට පැමිණියෙමි.
2 තවද එය මෙසේ සිදු විය, එනම් මම මාගේ සහෝදරයන් දුටුවෙමි, තවද ඔවුහු මාගේ පියා ඔවුන්ට කතා කළ දේවල් ගැන එකිනෙකා සමඟ වාද විවාද කරමින් සිටියහ.
3 මක්නිසාද මනුෂ්‍යයකු ස්වාමීන්වහන්සේගෙන් විමසනවා මිස, තේරුම් ගැනීමට අපහසු, බොහෝ බලවත් දේ ගැන ඔහු සැබවින්ම ඔවුන්ට කතා කළේය; තවද ඔවුන් හදවතින් දැඩි විය, එසේහෙයින් ඔවුහු ස්වාමීන්වහන්සේ දෙස බැලිය යුතු ලෙස නොබැලුවෝය.
4 තවද දැන් මම, නීෆායි, ඔවුන්ගේ හදවත්වල දැඩිකම නිසා ශෝකයට පත්වුණෙමි, තවද එසේම, මම දුටු දේවල් නිසා ද, තවද ඒවා මනුෂ්‍ය දරුවන්ගේ මහත් දුෂ්ටකම් නිසා නොවැළැක්විය හැකි ලෙස සිදු විය යුතු බව දැන සිටි නිසාවෙනි.
5 තවද එය මෙසේ සිදු විය, එනම් මම මාගේ පීඩාවන් නිසා මැඩපවත්වා සිටියෙමි, මක්නිසාදයත් මම මාගේ ජනතාවගේ විනාශය හේතුවෙන්, මම මාගේ පීඩා සියල්ලට වඩා විශාල බව සැලකුවෙමි, මක්නිසාද මම ඔවුන්ගේ වැටීම දුටුවෙමි.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ වාද විවාද වලට හේතුව ඔවුන්ගෙන් දැන ගැනීමට කැමැත්තෙන්, මා ශක්තිය ලැබීමෙන් පසු මම මාගේ සහෝදරයන්ට කතා කළෙමි.
7 තවද ඔවුහු පැවසුවේය; බලව, අපගේ පියා ඔලිව ගසෙහි ස්වභාවික අතු ගැන, සහ අන්‍යජාතිකයන් ගැන පැවසූ වචන අපට තේරුම් ගත නොහැක.
8 තවද මම ඔවුන් හට මෙසේ කීවෙමි: නුඹලා ස්වාමීන්වහන්සේගෙන් විමසුවා ද?
9 තවද ඔවුහු මා හට මෙසේ පැවසුවේය: අප එසේ කළේ නැත; මක්නිසාද ස්වාමීන්වහන්සේ එවැනි කිසිවක් අපට දැන්වූයේ නැත.
10 බලන්න, මම ඔවුන් හට මෙසේ කීවෙමි: නුඹලා ස්වාමීන්වහන්සේගේ අණ පනත් නොපිළිපදින්නේ කෙසේද? නුඹලාගේ හදවත්වල දැඩිකම නිසා, නුඹලා විනාශ වන්නේ කෙසේ ද?
11 ස්වාමීන්වහන්සේ පැවසූ දේවල් නුඹලාට අමතකද? නුඹලාගේ හදවත් දැඩි කර නොගන්නේ නම්, තවද ඇදහිල්ලෙන් මාගෙන් අසන්නේ නම්, නුඹලාට ලැබෙන්නේ යැයි විශ්වාසයෙන්, මාගේ අණ පනත් තැබීමේ දී උද්‍යෝගයෙන් යුක්තව, සැබැවින්ම නුඹලාට මේ දේවල් දැන ගන්නට සලස්වනු ඇත.
12 බලව, මම නුඹට පවසමි, එනම් ඊශ්‍රායෙල් වංශය ඔලිව් ගසකට සමාන කරනු ලැබුවේ, අපගේ පියා තුළ වැඩ සිටින ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් විසිනි; තවද බලව අප ඊශ්‍රායෙල් වංශයෙන් වෙන් වී නොමැති ද, තවද අප ඊශ්‍රායෙල් වංශයේ අත්තක් නොවන්නේද?
13 තවද දැන්, අපගේ පියා අන්‍යජාතීන්ගේ පූර්ණත්වය තුළින් ස්වභාවික ශාඛා බද්ධ කිරීම ගැන අදහස් කරන දෙය, නම්, එනම්, පසු දවස්වලදී, අපගේ වංශය අවිශ්වාසයෙන් පිරිහී යන විට, එසේය, වසර ගණනාවක කාල පරාසයක් පුරාවට, තවද මෙසියස්වහන්සේ ශරීරයෙන් මනුෂ්‍ය දරුවන්ට ප්‍රකාශ වී පරම්පරා ගණනාවකට පසු, මෙසියස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය අන්‍යජාතිකයන්ට ද, තවද අන්‍යජාතිකයන්ගෙන් අපගේ වංශයේ ඉතිරිවූවන් වෙතට පැමිණෙනු ඇත්තේය –
14 තවද එම දවසේ දී අපගේ වංශයේ ඉතිරිවූවන් ඔවුන් ඊශ්‍රායෙල් වංශයේ බව, තවද එනම් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම්ගත ජනතාව වන බව දැන ගනු ඇත; තවද එවිට ඔවුහු ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දැනුම සහ උන්වහන්සේ විසින් ඔවුන්ගේ පියවරුන්ට උගන්වන ලද, ඔවුන්ගේ මිදුම්කරුවාණන්ගේ ශුභාරංචිය ගැන දැනුම ලබා ඒ වෙත පැමිණෙන්නෝය; එබැවින්, ඔවුහු ඔවුන්ගේ මිදුම්කරුවාණන්ගේ සහ උන්වහන්සේගේ දහමේ බොහෝ කරුණු පිළිබඳ දැනුමට පැමිණෙන්නෝය, එනම් එවිට ඔවුන් උන්වහන්සේ වෙතට පැමිණ ගැලවීම ලබාගන්නේ කෙසේදැයි කියා දැන ගනු ඇත්තේය.
15 තවද එවිට එම දවසේ දී ඔවුන් ප්‍රීති වී, ඔවුන්ගේ පර්වතය සහ ඔවුන්ගේ ගැලවීම වූ, ඔවුන්ගේ සදාතනික දෙවියන්වහන්සේ හට ප්‍රශංසා නොකරන්නේ ද? එසේය, එම දවසේ දී, ඔවුන් සැබෑ මිදි වැලෙන් ශක්තිය සහ පෝෂණය නොලබන්නේ ද? එසේය, ඔවුන් දෙවියන්වහන්සේගේ සැබෑ රැලට නොපැමිණෙයි ද?
16 බලව, මම නුඹට පවසමි, එසේය; ඔවුන් ඊශ්‍රායෙල් වංශය අතරේ නැවත සිහිපත් කරනු ඇත; ඔලිව් ගසේ ස්වභාවික ශාඛාවක් වන බැවින්, ඔවුහු සැබෑ ඔලිව් ගස තුළට බද්ධ කරනු ලබන්නෝය.
17 තවද අපේ පියා අදහස් කළ දෙය නම් මෙයයි; තවද ඔහු අදහස් කළේ ඔවුන් අන්‍යජාතිකයන් විසින් විසිරුවා හරින තෙක් එය සිදු නොවන බවයි; තවද ඔහු අදහස් කළේ එය අන්‍යජාතිකයන් මාර්ගයෙන් පැමිණෙන බවයි, එනම් ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ බලය අන්‍යජාතිකයන්ට පෙන්වන පිණිස, එනම් එම කාරණය නිසාම උන්වහන්සේව යුදෙව්වන්, හෝ ඊශ්‍රායෙල් වංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේය.
18 එබැවින්, අපගේ පියා අපගේ වංශය ගැන පමණක් නොව, එහෙත් එසේම ඊශ්‍රායෙල් වංශය ගැන ද, පසුදවස්වල සම්පූර්ණ විය යුතු ගිවිසුම් දක්වමින් අපේ පියා කතා කළේය; ස්වාමීන්වහන්සේ අපගේ පියා වන ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම, මෙසේ කියමින්: නුඹේ වංශය තුළින් පොළොවේ ඥාතීන් සියල්ලෝම ආශිර්වාද කරනු ලබන්නේය.
19 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, මේ දේවල් ගැන ඔවුන්ට බොහෝ දේ කීවෙමි: එසේය, පසුදවස්වල යුදෙව්වන්ගේ නැවත පිහිටුවීම ගැන මම ඔවුන් හට කතා කළෙමි.
20 තවද යුදෙව්වන් හෝ ඊශ්‍රායෙල් වංශය නැවත පිහිටුවීම ගැන කතා කළ, යෙසායාගේ වචන මම ඔවුන්ට නැවත කීවෙමි; තවද නැවත පිහිටුවනු ලැබුවාට පසු ඔවුන්ව තවදුරටත් ව්‍යාකූල වන්නේවත්, නැවත විසුරුවා දමන්නේවත් නැත. තවද එය මෙසේ සිදු විය, එනම් මම මාගේ සහෝදරයන්ට බොහෝ වචන කතා කළෙමි, එනම් ඔවුන් සමාදාන වී ස්වාමීන්වහන්සේ අභියස ඔවුන් ඔවුන්වම යටහත් කළේය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු නැවත මා හට කතා කොට: අපගේ පියා සිහිනෙන් දුටු මේ දේවල්වල තේරුම කුමක් ද? ඔහු දුටු වෘක්ෂයෙන් අදහස් කරන්නේ කුමක් ද?
22 තවද මම ඔවුන් හට මෙසේ: එය ජීවන වෘක්ෂයේ නිරූපනයකි.
23 තවද ඔවුහු මා හට මෙසේ පැවසූහ: වෘක්ෂය දෙසට යන, අපගේ පියා දුටු යකඩ අත්වැලෙන් අදහස් කරන්නේ කුමක් ද?
24 තවද එය දෙවියන්වහන්සේගේ වචනය බව මම ඔවුන් හට පැවසුවෙමි; තවද දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දී, එය තදින් අල්ලා සිටින කවරෙකු වුවද, ඔවුන් කිසිදිනක විනාශ නොවනු ඇත; විරුද්ධකාරයාගේ පරීක්ෂා සහ උග්‍ර විදිලිවලටත් ඔවුන්ව අන්ධභාවයෙන් මැඩපවත්වා, විනාශය කරා ගෙන යාමට නොහැකිවනු ඇත.
25 එබැවින්, මම, නීෆායි, ස්වාමීන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන ලෙස ඔවුන්ව දිරිමත් කළෙමි; එසේය, මම මාගේ ආත්මයේ සියලු ශක්තියෙන්, තවද මා සතුව ඇති සියලු හැකියාවෙන් මම ඔවුන්ව දිරිමත් කළෙමි, ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දිය යුතු ලෙසත් තවද උන්වහන්සේගේ අණ පනත් සෑම විටත් සියලු දෙයකදීම තබන්නට මතක තබාගන්නා පිණිස.
26 තවද ඔවුහු මා හට මෙසේ පැවසූහ: අපගේ පියා දුටු ජලය සහිත ගංගාවෙන් අදහස් වන්නේ කුමක් ද?
27 තවද මම ඔවුන් හට මෙසේ කීවෙමි, එනම් මාගේ පියා දුටු එම ජලය අපවිත්‍ර වන බව; තවද ඔහුගේ මනස බොහෝ දේ වලින් යටපත් වී ඇති බැවින් ඔහු ජලයේ අපවිත්‍රකම දුටුවේ නැත.
28 තවද මම ඔවුන් හට මෙසේ කීවෙමි එය ජීවන වෘක්ෂයෙන් ද, තවද දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ගෙන් ද දුෂ්ටයන් වෙන්කර තබන, භයානක ආගාධයක් බව.
29 තවද මම ඔවුන් හට මෙසේ කීවෙමි එනම් එය දේවදූතයා මා හට පැවසු ලෙස දුෂ්ටයන් සඳහා සුදානම් කළ, භයානක නිරයේ නිරූපනයක් බව ය.
30 තවද මම ඔවුන් හට මෙසේ කීවෙමි එනම් දෙවියන්වහන්සේගේ යුක්තිය දුෂ්ටයන්ව ධර්මිෂ්ඨයන්ගෙන් වෙන්කරන බව අපගේ පියා දුටු බව; තවද එහි දීප්තිය, නිමක් නොමැතිව, සදාකාලයෙන් සදාකාලයට දෙවියන්වහන්සේ වෙත ඉහළට නැඟුණු, ඇවිලෙන ගින්නක දීප්තියට සමාන විය.
31 තවද ඔවුහු මා හට මෙසේ පැවසූහ: මෙයින් අදහස් වන්නේ පරිවාස කාලයේ දී ශරීරය වධ වේදනාවට ලක්වීම ද, නැතහොත් එයින් අදහස් වන්නේ තාවකාලික ශරීරයේ මරණයෙන් පසු ආත්මයේ අවසාන තත්වය ද, නැතහොත් එයින් කතා කරන්නේ තාවකාලික දේවල් ගැන ද?
32 තවද එය මෙසේ සිදු විය, එනම් මම ඔවුන් හට මෙසේ කීවෙමි එය තාවකාලික සහ ආත්මික යන දෙකෙහිම නිරූපනයක් බව; මක්නිසාද ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ඔවුන්ව විනිශ්චය කළ යුතු දවස, එසේය, ඔවුන්ගේ පරිවාස කාලය තුළ තාවකාලික ශරීරය විසින් සිදු කරන ලද ක්‍රියාවලට ද අනුවය.
33 එබැවින්, ඔවුන් ඔවුන්ගේ දුෂ්ටකම තුළ මිය යා යුතු නම්, ධර්මිෂ්ඨකමට අදාළ වූ, ආත්මික දේවල් වලට අනුව ඔවුන්ව නෙරපා දැමිය යුතුය; එබැවින්, ඔවුන්ව දෙවියන්වහන්සේ ඉදිරියේ පෙනී සිටීමට ගෙන ආ යුතුය, ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව විනිශ්චය ලැබීම පිණිස; තවද ඔවුන්ගේ ක්‍රියා අපවිත්‍රකම් වූයේ නම් ඔවුන් අපවිත්‍ර විය යුතුය; තවද ඔවුන් අපවිත්‍ර වේ නම් ඔවුන් හට දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ වාසය කළ නොහැක; එසේ වන්නට නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ද අපවිත්‍ර විය යුතුය.
34 එහෙත් බලව, මම නුඹට පවසමි, දෙවියන්වහන්සේගේ රාජ්‍යය අපවිත්‍ර නැත, තවද කිසිදු අපවිත්‍ර දේකට දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළට ඇතුළු විය නොහැක; එබැවින් අපවිත්‍ර දෙය සඳහා අපවිත්‍රකම ඇති ස්ථානයක් සූදානම් කළ යුතුව ඇත.
35 තවද එවන් ස්ථානයක් සූදානම් කර තිබේ, එසේය, මම කතා කළ එම භයානක නිරය පවා, තවද යක්ෂයා එහි සුදානම්කරු වේ; එබැවින් මනුෂ්‍යයන්ගේ ආත්මවල අවසාන තත්වය නම් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ වාසය කිරීමයි, නැතහොත් මා කතා කළ එම යුක්තිය නිසා නෙරපා දැමීමයි.
36 එබැවින් දුෂ්ටයන් ධර්මිෂ්ඨයන්ගෙන් ද, සහ අනෙක් සියලු ඵලයන්ට වඩා වටිනා සහ ප්‍රියමනාප වූ, එම ජීවන වෘක්ෂයෙන් ද ප්‍රතික්ෂේප කරනු ලැබේ; එසේය, තවද එය දෙවියන්වහන්සේගේ දීමනාවලින් ශ්‍රේෂ්ඨතම. තවද මෙලෙස මම මාගේ සහෝදරයන්ට කතා කළෙමි. ආමෙන්.