21 වන පරිච්ඡේදය
මෙසියස්වහන්සේ අන්‍යජාතීන්ට ආලෝකයක් වන අතර සිරකරුවන්වද නිදහස් කරනු ලබන්නේය – අන්තිම දවස්වල ඊශ්‍රායලය බලයෙන් යුක්තව රැස්කරනු ඇත – රජවරුන් ඔවුන්ගේ රැකබලා ගන්නා පියවරුන් වනු ඇත – යෙසායා 49 සසඳන්න. ක්‍රි.පූ. 588–570 පමණ.
1 තවද නැවත: අහෝ ඊශ්‍රායල් වංශය මාගේ ජනතාවගේ දේවගැතිවරුන්ගේ දුෂ්ටකම් නිසා නුඹලා සියල්ලෝම බිඳ වැටුනු ලැබූ සහ පලවා හරිනු ලැබූවනි, නුඹලා සවන් දෙන්න; එසේය, අහෝ ඊශ්‍රායල් වංශය, එනම් එතර විසිරුනු, බිඳී සිටින නුඹලා සියල්ලෝම, මාගේ ජනතාව වන්නේය. අහෝ දූපත්, මට ඇහුම්කන් දෙන්න, තවද දුර සිටින ජනතාවෙනි නුඹලා සවන් දෙන්න; ස්වාමීන්වහන්සේ කුසය තුළදීම මා කැඳවා ඇති සේක; මාගේ මවගේ කුසයේදිම උන්වහන්සේ මාගේ නම සඳහන් කළ සේක.
2 තවද උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට ඇත්තේය; උන්වහන්සේගේ අත් සෙවනෙහි මා සඟවා, තවද මුවහත් කළ ඊතලයක් කොට ඇත්තේය; උන්වහන්සේගේ ඊ කොපුවෙහි මා සැඟවූ සේක;
3 තවද මා හට මෙසේ කී සේක: අහෝ ඊශ්‍රායලය, නුඹ මාගේ මෙහෙකරුවාය, නුඹ කරණකොටගෙන මා මහිමයට පත්වන්නෙමි.
4 එවිට මා කීවෙමි, මා නිෂ්ඵලව මහන්සිවී ඇත්තෙමි, මම මාගේ ශක්තිය ශුන්යත්වයටද අපතේ යාමටද වැය කොට ඇත්තේය; ස්ථීරයෙන්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ සමඟය, තවද මාගේ ක්‍රියා මාගේ දෙවියන්වහන්සේ හා සමඟය.
5 තවද දැන්, යාකොබ්ව නැවත උන්වහන්සේ වෙතට ගෙන ඒමට, මා උන්වහන්සේගේ සේවයෙකු කරගැනීමට මා කුසයේදිම සැදුවා වූ – ස්වාමීන්වහන්සේ කියන සේක – ඊශ්‍රායලය රැස්කර නොගත්තාවූද, ස්වාමීන්වහන්සේගේ දෑස් ඉදිරිපිට මා හට මහිමය ඇත්තේය, තවද මාගේ දෙවියන්වහන්සේ, මාගේ ශක්තිය වනු ඇත්තේය.
6 තවද උන්වහන්සේ කී සේක: යාකොබ්ගේ ගෝත්‍රයන් නැඟිට වීමට, තවද ආරක්ෂා කළා වූ ඊශ්‍රායලය නැවත පිහිටුවීමට, නුඹ මාගේ සේවකයා වීම, එය ඉතා සුළු දෙයක් වන්නේය. එසේම මා නුඹව අලෝකයක් කොට අන්‍යජාතීන්ට ලබා දෙන්නෙමි, එනම් නුඹ පොළොවේ කෙළවරවල් වලට පවා මාගේ ගැළවීම වන්නෙහිය.
7 ඊශ්‍රායලයේ මිදුම්කරුවාණන් වූ ද, උන්වහන්සේගේ ශුද්ධ වූ තැනැන්වහන්සේ වූ ද, මනුෂ්‍යයන්ට පිළිකුල් වූ උන්වහන්සේ වූ ද, ජාතීන් පිළිකුල් කරන්නාවූ උන්වහන්සේ ද, පාලකයන්ගේ සේවකයාට මෙසේ ස්වාමීන්වහන්සේ කියන සේක: විශ්වාසවන්ත වූ එම ස්වාමීන්වහන්සේ නිසාවෙන්, රජවරුන් දැක නැගී සිටින්නෝය, එසේම කුමරුන්ද නමස්කාර කරනු ඇත්තෝය.
8 ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: පිළිගත යුතු වූ කාලයකදී මම නුඹට ඇහුම්කම් දුනිමි, අහෝ මුහුදේ ද්වීපයෙනි, තවද ගැලවීමේ දවසේදී මා නුඹට උපකාර කෙළෙමි; තවද මා නුඹව ආරක්ෂා කරන්නෙමි, තවද පාළු වූ උරුමයන් හිමිකර දීමටත්, පොළොව පිහිටුවීමටත්, ජනතාව ගිවිසුමක් කොට මාගේ සේවකයාව නුඹට දෙන්නෙමි;
9 එනම් මෙසේ නුඹ සිරකරුවන්ට: ඉදිරියට යන්න ද; අන්ධකාරයේ වාඩි වී සිටින්නා වූ අයට: නුඹලාව පෙන්වන්න ද, කියන්නේය. ඔවුන්ව මාර්ගවල පෝෂණය කරනු ලබන්නේය, තවද ඔවුන්ගේ තණ බිම් සියලු උස්තැන් වල වන්නේය.
10 ඔවුන් හට කුසගින්න හෝ පිපාසය ඇති නොවන්නේය, නැතහොත් රස්නය හෝ ඉර ද ඔවුන් හට පහර නොදෙන්නේය; මක්නිසාද ඔවුන්ට කරුණාව ඇත්තාවූ තැනැන්වහන්සේ ඔවුනට මඟ පෙන්වන අතර, ජලයේ උල්පත් තුළින් පවා උන්වහන්සේ ඔවුන් හට මඟ පෙන්වන්නේය.
11 තවද මම මාගේ සියලු කඳු මාර්ගයක් කරන්නෙමි, තවද මාගේ මහ මාවත් උස් කරනු ලබන්නේය.
12 තවද එවිට, අහෝ ඊශ්‍රායල් වංශයෙනි, බලව, මෙම දේවල් දුරින් පැමිණෙනු ඇත්තේය; තවද බලව, මොවුන් උතුරෙන් සහ බස්නාහිරෙන් වන්නේය; තවද මොවුන්bසිනියම්වරුන්ගේ දේශයෙන් ද එන්නෝය.
13 අහෝ ස්වර්ගය, ගායනා කරන්න; අහෝ පොළොව, තවද ප්‍රීති වන්න; මක්නිසාද නැගෙනහිර සිටින්නන්ගේ පාද පිහිටුවනු ලබන්නෝය; තවද අහෝ කඳු, තවද ගායනා කිරීම් පිටතට පමුණුවන්න; මක්නිසාද ඔවුන්ට මින්පසු පහර නොදෙන්නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව සැනසූ අතර උන්වහන්සේගේ පීඩිතවූවන් වෙත කරුණාව දක්වන සේක.
14 නමුත්, බලව, සයන් පවසා ඇත්තේ: ස්වාමීන්වහන්සේ මා අත්හැර දමා ඇත්තේය, තවද මාගේ ස්වාමීන්වහන්සේ මා අමතක කර දමා ඇත්තේය – එහෙත් උන්වහන්සේ එසේ කොට නොමැති බව උන්වහන්සේ පෙන්වන සේක.
15 මක්නිසාද තමාගේ කිරි බොන දරුවකුව අමතක කිරීමට ස්ත්‍රීයකට හැකි ද, එනම් ඇයගේ කුසේ වූ පුත්‍රයාට අනුකම්පාව නොදැක්විය හැකි ද? එසේය, ඔවුනට අමතක වීමට පුළුවන, එහෙත් අහෝ ඊශ්‍රායල් වංශය, මම නුඹව අමතක නොකරන්නෙමි.
16 බලව, මම නුඹව මාගේ දෑත්වල අත්ලෙහි කොටා ඇත්තෙමි; නුඹගේ පවුරැ නිරන්තරයෙන්ම මා අභිමුඛයෙහි තිබේ.
17 නුඹගේ දරුවන් නුඹගේ විනාශකාරයන්ට විරුද්ධව ඉක්මන් කරනු ලබන්නේය; තවද නුඹව නාස්ති කළ ඔවුන් නුඹ ඉදිරියෙන් අහක්ව යන්නෝය.
18 නුඹගේ දැස් ඔසවා අවට බලව; මේ සියල්ලන්ම ඔවුන්ව එක් රැස්කොට ගෙන, තවද ඔවුන් නුඹ වෙතට පැමිණෙනු ඇත්තේය. තවද මා ජීවමාන සේම, නුඹ ඔවුන් සියල්ලන්ගෙන්ම ස්ථීරයෙන්ම ආභරණයක් මෙන් පැළද ගන්නවා ඇත්තේය, මනාලියක් මෙන් ඒවා නුඹ බැදගන්නවා ඇත්තේ යයි, ස්වාමීන්වහන්සේ පවසන සේක.
19 මක්නිසාද නුඹගේ නටබුන් ද, නුඹගේ පාළු ස්ථානයන් ද, එමෙන්ම නුඹගේ විනාශයේ දේශය ද, දැනටත් එහි වැසියන් හේතු කොට ගෙන ඉතාමත් පටුය; තවද එනම් නුඹව ගිලගත්තාවූ අය ඈතින් සිටින්නෝය.
20 පළමු දරුවා නැති වූ පසුව, නුඹට ලැබෙන්නා වූ දරුවන්: මෙම ස්ථානය මා හට මදිය; මා වාසය කරන පිණිස මා හට ස්ථානයක් ලබා දෙන්න යයි කියනවා, නුඹගේ කනට ඇසෙන්නේය.
21 එවිට නුඹගේ හදවතින් නුඹ මෙසේ කියනු ඇත්තේය: මොවුන් මා හට ඉපදෙවුවේ කවුරුන්ද, මම මාගේ දරුවන්ව නැතිවනවා දුටුවෙමි, තවද මම පාළුව, වහලෙකුව, තවද ඔබ මොබ ගියෙමි? තවද මොවුන්ව ඇතිකළේ කවුරුන්ද? බලව, මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොහිද?
22 දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: බලව, මම මාගේ හස්තය අන්‍යජාතිකයන් වෙතට ඔසවන අතර, තවද මාගේ ධජය ද ජනතාව වෙත තබන්නෙමි; තවද ඔවුන් නුඹගේ පුත්‍රයන්ව ඔවුන්ගේ දෑත් වලින් රැගෙන එන්නෝය, තවද නුඹගේ දියණියන්ව ඔවුන්ගේ කරවල් මත ගෙන එනු ලබන්නෝය.
23 තවද රජවරුන් නුඹව රැකබලා ගන්නා පියවරුන් වන අතර, තවද ඔවුන්ගේ බිසෝවරුන් නුඹව රැකබලා ගන්නා මව්වරුන් වනු ඇත්තේය; ඔවුන් ඔවුන්ගේ මුහුණු පොළොව දෙසට හරවා බිමට නැමී නුඹට වඳිමින්, තවද නුඹගේ දෙපාවල දූවිලි ලෙව කනු ඇත; තවද නුඹ මා ස්වාමීන්වහන්සේ බව දැන ගනු ඇත්තේය; මක්නිසාද මා පැමිණෙන තුරු බලා සිටින්නෝ ලැජ්ජා නොවන්නෝය.
24 මක්නිසාද බලවතුන්ගෙන් ගොදුර ගැනීමට හැකිද, නැතහොත් නීත්‍යානුකූල වහලුන් ගලවා ගනු ලබන්නේද?
25 එහෙත් ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක, බලවතුන්ගෙන් වුවත් වහලුන් ඉවතට ගෙන යනු ලබන අතර, භයන්කර අයගේ ගොදුරු ගළවා ගනු ලබන්නේය; මක්නිසාද, නුඹ සමඟ විවාද කරන්නා සමඟ මම විවාද කරන්නෙමි, තවද මම නුඹගේ දරුවන් ගලවා ගන්නෙමි.
26 තවද මම නුඹට පීඩා කරන අයගේ මාංශයෙන් ඔවුන්වම පෝෂණය කරන්නෙමි; ඔවුන් මිහිරි මිදියුෂ මෙන් තමන්ගේම ලෙයින් මත් වන්නෝය; ස්වාමීන්වහන්සේ වන මම, නුඹගේ ගැළවුම්කාරුවාණන් බවත් නුඹගේ මිදුම්කරුවාණන් බවත්, යාකොබ්ගේ බලවන්ත තැනැන්වහන්සේ බවත් සියලු මාංශය දැනගන්නෝය.