ශුද්ධලියවිලි
1 නීෆායි 5


5 වන පරිච්ඡේදය

සරායා ලීහායිට විරුද්ධව චෝදනා කරයි – ඔවුන්ගේ පුතුන් නැවත පැමිණීම ගැන දෙදෙනාම ප්‍රීති වෙති – ඔවුහූ පුජාවන් ඔප්පු කරති – පිත්තල තහඩුවල මෝසෙස්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි අඩංගුවේ – ලීහායි යොසප්ගෙන් පැවත එන්නෙකු ලෙස තහඩුවලින් හඳුනා ගනී – ලීහායි ඔහුගේ වංශය සහ තහඩු වල ආරක්ෂාව පිළිබඳ අනාවැකි පළ කරයි. ක්‍රි.පූ. 600–592 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් අප වනාන්තරය තුළ අපගේ පියා වෙතට පැමිණි පසු, බලව, ඔහු ප්‍රීතියෙන් පිරී ගිය අතර, තවද මාගේ මව සරායාත් බෙහෙවින් සතුටු විය, මක්නිසාද ඇය සැබවින්ම අප නිසා වැලපුණේය.

2 මක්නිසාද ඇය අප වනාන්තරයේදී විනාශ වී ඇතැයි සිතුවාය; තවද ඔහු දර්ශන දකින්නෙකු බව පවසමින්, ඇය ද මාගේ පියාට විරුද්ධව මෙසේ චෝදනා කළ තිබුණේය; බලව, නුඹ අපව අපගේ උරුමයේ දේශයෙන් පිටතට ගෙන ආවේය, තවද මාගේ පුත්‍රයෝ තවත් නැත, තවද අපි වනාන්තරයෙහි විනාශ වන්නෙමු.

3 තවද මේ ආකාරයේ භාෂාවෙන් මාගේ මව මාගේ පියාට විරුද්ධව චෝදනා කළාය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් මගේ පියා ඇයට කතා කොට, මෙසේ කීවේය: මා දර්ශන දකින්නෙකු බව මම දනිමි; මක්නිසාද මම දෙවියන්වහන්සේගේ දේවල් දර්ශනයකින් නොදැක්කා නම් මම දෙවියන්වහන්සේගේ යහපත්කම නොදැන, නමුත් ජෙරුසලමෙහි නැවතී, තවද මාගේ සහෝදරයන් සමඟ විනාශ වීමට තිබුණේය.

5 නමුත් බලව, මම ඒ දේවල් තුළ ප්‍රීතිවන්නා වූ, පොරොන්දු දේශයක් මා ලබා ගත්තෙමි; එසේය, තවද ස්වාමීන්වහන්සේ මාගේ පුත්‍රයන් ලේබන්ගේ අතින් ගළවා, තවද ඔවුන්ව නැවතත් වනාන්තරයේ අප වෙත ආපසු ගෙන එන බව මා දනිමි.

6 තවද යුදෙව්වරුන්ගේ වාර්තාව ලබාගැනීම සඳහා අප වනාන්තරයෙහි සිට ජෙරුසෙලම දක්වා ගමන් කරමින් සිටියදී, මේ ආකාරයේ භාෂාවෙන් මාගේ පියා ලීහායි, අප ගැන, මාගේ මව වූ සරායාව සැනසුවේය.

7 තවද අප නැවත මාගේ පියාගේ කූඩාරමට පැමිණුන විට, බලන්න, ඔවුන්ගේ ප්‍රීතිය සම්පූර්ණ විය, තවද මාගේ මව සැනසීම ලැබුවාය.

8 තවද ඇය කතා කරමින්: දැන් මම සැබවින්ම ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිපුරුෂයාට වනාන්තරයට පලා යන ලෙස අණ කළ බව දන්නෙමි; එසේය, තවද ස්වාමීන්වහන්සේ මාගේ පුත්‍රයන් ආරක්ෂා කර ඇති බවත්, තවද ලේබන්ගේ අත්වලින් ඔවුන්ව ගළවාගත් බවත්, ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළ දේ ඉටු කිරීම පිණිස ඔවුන්ට බලය දී ඇති බවත් මම නිසැකවම දනිමි. තවද මේ ආකාරයේ භාෂාවෙන් ඇය කතා කළාය.

9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු බෙහෙවින් ප්‍රීති වූහ, තවද පූජාද, දවන පූජාවන්ද ස්වාමීන්වහන්සේ උදෙසා ඔප්පු කළහ; තවද ඔවුන් ඊශ්‍රායල්හි දෙවියන්වහන්සේ හට ස්තූති කළහ.

10 තවද ඔවුන් ඊශ්‍රායල්හි දෙවියන්වහන්සේ හට ස්තුති කළ පසු, මාගේ පියා, ලීහායි, පිත්තල තහඩු මත කැටයම් කර තිබූ වාර්තා රැගෙන, තවද ඔහු ඒවා පටන්ගැන්මේ සිටම සෝදිසි කළේය.

11 තවද ලෝකයේ මැවීම ගැනත්, එනම් තවද අපගේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒව ගැනත් විස්තරයක් දුන්; මෝසෙස්ගේ පොත් පහ එවාහි ඇතුළත් වූ බව ඔහු දුටුවේය.

12 තවද ආරම්භයේ සිට යූදාහි රජ වූ, ශෙදෙකියාගේ පාලනයේ ආරම්භය දක්වා වූ, යුදෙව්වන් පිළිබඳ වාර්තාව ද එහි විය;

13 තවද පටන්ගැන්මේ සිට, ශෙදෙකියාගේ පාලනයේ ආරම්භය දක්වා, ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ අනාවැකිද; තවද ජෙරෙමියාගේ මුඛයෙන් කථා කරනු ලැබු බොහෝ අනාවැකියන්ද විය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ පියා වන, ලීහායි, පිත්තල තහඩු මත ඔහුගේ පියවරුන්ගේ පෙළපතක් ද සොයා ගත්තේය; එබැවින් ඔහු යොසප්ගෙන් පැවත එන්නෙකු බව ඔහු දැන ගත්තේය; එසේය, මිසරයට විකුණනු ලැබුවාවූ, තවද ඔහු තමන්ගේ පියා වන යාකොබ් සහ ඔහුගේ පවුලේ සියලු දෙනා සාගතයෙන් විනාශ වීමෙන් ආරක්ෂා කරන පිණිස, ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් ඔහුව ආරක්ෂා කරනු ලැබුවා වූ, යාකොබ්ගේ පුත්‍රයා වූ යොසෙප් ද විය.

15 තවද ඔවුන්ව ද වහල්භාවයෙන් මුදවා ගෙන සහ මිසර දේශයෙන් පිටතට රැගෙන යනු ලැබුවාවූ ඔවුන්ව ආරක්ෂා කළ එම දෙවියන්වහන්සේ විසිනි.

16 තවද මාගේ පියා වූ, ලීහායි, ඔහුගේ පියවරුන්ගේ පෙළපත මෙසේ සොයා ගත්තේය. තවද ලේබන්ද යෝසෙප්ගෙන් පැවත එන්නෙකු ද විය, එබැවින්, ඔහු සහ ඔහුගේ පියවරුන් වාර්තා තබා ගත්තේය.

17 තවද දැන් මගේ පියා මෙම සියලු දේවල් දුටු විට, ඔහුව ආත්මයාණන්වහන්සේගෙන් පුරවනු ලැබ, තවද ඔහුගේ වංශය පිළිබඳ අනාවැකි කීමට පටන් ගත්තේය –

18 එනම් මෙම පිත්තල තහඩු ඔහුගේ වංශය වූ, සියලු ජාතීන්ටද, ඥාතීන්ටද, භාෂාවන් සහ ජනතාවන් වෙතට යා යුතු බවය.

19 එබැවින්, මෙම පිත්තල තහඩු කිසිදා හෝ විනාශ නොවිය යුතු යැයි ඔහු පැවසූවේය; නැතහොත් කාලයත් සමඟ ඒවා තවත් අඳුරු නොවිය යුතු වන්නේය. තවද ඔහු තමන්ගේ වංශය පිළිබඳ බොහෝ දේ අනාවැකි කීවේය.

20 තවද එය මෙසේ සිදු විය, එනම් මම සහ මාගේ පියා මෙසේ ස්වාමීන්වහන්සේ අපට අණ කළ අණ පනත් මේතාක් පිළිපැද්දෙමු.

21 තවද ස්වාමීන්වහන්සේ අපට අණ කළ වාර්තා අප ලබා ගත්තෙමු, තවද ඒවා සෝදිසි කර තවද ඒවා ප්‍රිය වඩවන බව සොයා ගත්තෙමු; එසේය, අපට බලවත් වටිනා කමක් පවා ඇති අතර, එපමණින් එනම් අපගේ දරුවන් හට ස්වාමීන්වහන්සේගේ අණ පනත් ආරක්ෂා කිරීමට අපට හැකි වන්නේය.

22 එබැවින්, අප වනාන්තරයෙහි ගමන් කරමින් පොරොන්දු දේශය දෙසට ගමන් කරන විට, එවා අප සමඟ රැගෙන යෑම ස්වාමීන්වහන්සේ තුළ ප්‍රඥාව විය.