ශුද්ධලියවිලි
1 නීෆායි 6


6 වන පරිච්ඡේදය

නීෆායි දෙවියන්වහන්සේගේ දේවල් ලියයි – නීෆායිගේ අභිප්‍රාය වන්නේ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ වෙතට පැමිණ ගැළවීම ලබාගැනීමට මනුෂ්‍යයන් පෙළඹවීමයි. ක්‍රි.පූ. 600–592 පමණ.

1 තවද දැන්, මම, නීෆායි, මගේ වාර්තාවේ මෙම කොටසෙහි මාගේ පියවරුන්ගේ පෙළපත නොදෙන්නෙමි; මම ලියන මෙම තහඩු ලියවූ පසුද කිසිම කාලයක නොදෙන්නෙමි. එබැවින්, එය මාගේ පියා විසින් තබා ඇති වාර්තාවේ දක්වා ඇත; එබැවින්, මම එය මෙම ලේඛනයෙහි නොලියමි.

2 මක්නිසාද අපි යෝසෙප්ගෙන් පැවත එන්නන් බව පැවසීම මට ප්‍රමාණවත්ය.

3 මාගේ පියාගේ සියලු දේ ගැන සම්පූර්ණ විස්තරයක් දීම මට වැදගත් නොවේ, මන්ද ඒවා මෙම තහඩු මත ලිවිය නොහැක, මන්ද මම දෙවියන්වහන්සේගේ දේ ලිවීමට ඉඩ තැබීමට ආශා කරමි.

4 මක්නිසාද මාගේ අභිප්‍රායේ පූර්ණත්වය නම්, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද, ඊසාක්ගේ දෙවියන්වහන්සේද, යාකොබ්ගේ දෙවියන්වහන්සේද වෙතට පැමිණ, ගැළවීම ලැබීමට මනුෂ්‍යයන් පෙළඹවීමය.

5 එබැවින්, මම ලියන්නේ ලෝකයට ප්‍රියමනාප දේ නොව, දෙවියන්වහන්සේට සහ ලෝකයේ නොවන අයට ප්‍රියමනාප දේ ය.

6 එබැවින්, මනුෂ්‍ය දරුවන්ට වැදගත් නොවන දේවලින් මෙම තහඩු මත නියැලෙන නොවන ලෙස, මම මාගේ වංශයට අණපනතක් ලබාදෙන්නෙමි.