ශුද්ධලියවිලි
1 නීෆායි 17


17 වන පරිච්ඡේදය

නැවක් සැදීම සඳහා නීෆායි හට අණ කරනු ලබයි – ඔහුගේ සහෝදරයන් ඔහුට විරුද්ධ වෙති – දෙවියන්වහන්සේ ඊශ්‍රායලය සමඟ ක්‍රියා කළ ආකාරයේ ඉතිහාසය විස්තර කරමින් ඔහු ඔවුන්ව දිරිමත් කරයි – නීෆායි දෙවියන්වහන්සේගේ බලයෙන් පුරවනු ලබයි – වියළන ලද බට දණ්ඩක් මෙන් වියළී නොයන පිණිස, ඔහුගේ සහෝදරයන්ට ඔහුව ස්පර්ශ කිරීම තහනම් කරනු ලබයි. ක්‍රි.පූ. 592–591 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් අපි නැවතත් වනාන්තරයේ අපගේ ගමන පටන් ගත්තෙමු; තවද අපි එතැන් සිට නැගෙනහිර දෙසට ගමන් කළෙමු. තවද අපි වනාන්තරයෙහි බොහෝ පීඩාවන් තුළින් ගමන් කළෙමු; තවද අපගේ කාන්තාවන් වනාන්තරයෙහි දරුවන් බිහි කළෝය.

2 තවද අප මත වූ ස්වාමීන්වහන්සේගේ ආශීර්වාද කෙතරම් බලවත් ද යත්, අප වනාන්තරයෙහි අමු මස් වලින් ජීවත් වූ අතර, අපගේ කාන්තාවන් තමන්ගේ දරුවන් හට යහමින් කිරි දුන් අතර, එසේය, තවද පිරිමින් මෙන් ශක්තිමත් වූවෝය; තවද ඔවුහු මැසිවිලි දෙඩවීමකින් තොරව ඔවුන්ගේ ගමන් කිරීම විඳදරා ගැනීමට පටන් ගත්හ.

3 තවද එනම් දෙවියන්වහන්සේගේ අණ පනත් සම්පූර්ණ විය යුතු බව අපි මෙසේ දකිමු. තවද මනුෂ්‍ය දරුවන් දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපදින්නේ නම්, උන්වහන්සේ ඔවුන්ව පෝෂණය කරන සේක, තවද ශක්තිමත් කරන සේක, තවද උන්වහන්සේ ඔවුන්ට අණ කළා වූ දෙය ඉටු කිරීම සඳහා අවශ්‍ය මාර්ග සලසන සේක; එබැවින්, අප වනාන්තරයෙහි වාසය කරන විට උන්වහන්සේ අපට අවශ්‍ය දේවල් සැපයූ සේක.

4 තවද අපි බොහෝ අවුරුදු ගණනාවක්, එසේය, අවුරුදු අටක් පවා වනාන්තරයෙහි වාසය කළෙමු.

5 තවද අපි බෞන්ටිෆුල් ලෙස හැඳින්වූ දේශයට පැමිණියෙමු, මක්නිසාද එහි වූ බොහෝ පළතුරු සහ වන මී පැණි නිසාය; තවද අප විනාශ නොවන පිණිස මෙම සියලුම දේවල් සූදානම් කරනු ලැබුවේ ස්වාමීන්වහන්සේ විසින්ය. තවද බොහෝ ජලයන් ලෙස අර්ථකථනය කරනු ලබන්නා වූ, ඉරියැන්ටම් ලෙස හඳුන්වනු ලැබූ මුහුද අපි දුටුවෙමු.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි අපගේ කූඩාරම් මුහුදු වෙරළ ආසන්නයේ ගැසුවෙමු; තවද එසේවුවත් අපි නොයෙකුත් පීඩාවන් සහ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දී තිබුණත්, එසේය, ඒවා සියල්ලම අපට ලියන්නට බැරි තරම් වුවත්, අපි මුහුදු වෙරළට පැමිණි විට අප අතිශයින් ප්‍රීති වූයෙමු; තවද එහි වූ බොහෝ පළතුරු නිසා අපි එම ස්ථානයට බෞන්ටිෆුල් යැයි නම් කරනු ලැබුවෙමු.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් මම, නීෆායි, බොහෝ දවස් ගණනක කාල පරාසයක් පුරාවටම බෞන්ටිෆුල් දේශයේ සිටි අතර, ස්වාමීන්වහන්සේගේ හඬ මා වෙතට පැමිණ, මෙසේ කී සේක: නැඟිට, නුඹව රැගෙන කන්ද තුළට යන්න. තවද එය මෙසේ සිදුවිය, එනම් මම නැඟිට කන්ද තුළට ගොස්, තවද ස්වාමීන්වහන්සේ හට මොරගැසුවෙමි.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීන්වහන්සේ මා හට කථා කොට, මෙසේ කී සේක: මා නුඹගේ ජනතාව මෙම ජලයෙන් එගොඩට ගෙන යනු පිණිස, මා නුඹට පෙන්වන ආකාරයට නුඹ නැවක් සෑදිය යුතුය.

9 තවද මම මෙසේ කීවෙමි: ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මට පෙන්වා දුන් ආකාරයට නැව සෑදීමට අවශ්‍ය උපකරණ සාදා ගැනීම පිණිස, එනම් උණු කිරීම සඳහා ලෝ පස් සොයා ගැනීමට මම කොතැනට යා යුතුද?

10 තවද එය මෙසේ සිදුවිය, එනම් මා උපකරණ සාදා ගැනීම සඳහා, ලෝ පස් සොයා ගැනීමට මා යා යුත්තේ කොතැනටද යැයි ස්වාමීන්වහන්සේ මට පැවසූ සේක.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් මම, නීෆායි, ගින්දරට පිඹීම සඳහා මයින හමක්, සතුන්ගේ හම්වලින් සෑදුවෙමි; තවද ගින්දරට පිඹීම සඳහා අවශ්‍ය වන යමක් තිබුනු බැවින්, එනම් මයින හමක් මම සෑදූ පසු, ගින්දර සෑදීමට මම ගල් දෙකක් ගෙන එකට ගැසුවෙමි.

12 මක්නිසාද ස්වාමීන්වහන්සේ එනම් අප වනාන්තරයෙහි ගමන් කරන විට, බොහෝ ගින්දර සාදා ගැනීමට මෙතැන් සිට ඉඩ දුන්නේ නැත; මක්නිසාද: එනම් නුඹලා එය පිස නොගන්නා පිණිස; මම නුඹලාගේ ආහාර රසවත් කරන්නෙමි යැයිි, උන්වහන්සේ කී සේක;

13 තවද එසේම මම වනාන්තරයෙහි නුඹලාගේ ආලෝකය වන්නෙමි; තවද නුඹලා මාගේ අණපනත් පිළිපදින්නේ නම්, මම නුඹලාගේ ඉදිරියෙහි මාර්ගය සූදානම් කරන්නෙමි; එබැවින්, නුඹලා මාගේ අණපනත් පිළිපදින විට නුඹලාව පොරොන්දු වූ දේශය දෙසට ගෙන යනු ලබන්නේය; තවද එනම් නුඹලාව ගෙන යනු ලබන්නේ මා විසින් බව නුඹලා දැනගන්නෙහුය.

14 එසේය, තවද ස්වාමීන්වහන්සේ මෙසේ ද කී සේක: නුඹලා පොරොන්දු වූ දේශය වෙත පැමිණි පසු, ස්වාමීන්වහන්සේ වන, මම, දෙවියන්වහන්සේ බව නුඹලා දැන ගනු ඇත; තවද එනම් ස්වාමීන්වහන්සේ වන මම, නුඹලාව විනාශයෙන් ගලවාගත් බවත්; එසේය, මම නුඹලාව ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ආ බවත් නුඹලා දැනගන්නෙහුය.

15 එබැවින්, මම, නීෆායි, ස්වාමීන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට උත්සාහ කළ අතර, තවද මම මාගේ සහෝදරයන්ව ඇදහිලිමත් වීමට සහ උද්‍යෝගිමත් වීමට දිරිමත් කළෙමි.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් මම ගල් උණු කොට ලබාගත් ලෝ පස් වලින් උපකරණ සෑදුවෙමි.

17 තවද මම නැවක් සෑදීමට යන බව මාගේ සහෝදරයන් දුටු විට, ඔවුන් මට විරුද්ධව මැසිවිලි නඟමින්, මෙසේ කීවෝය: අපගේ සහෝදරයා මෝඩයෙක්ය, මන්ද ඔහුට නැවක් සෑදීමට හැකි යැයි ඔහු සිතන්නේය; එසේය, තවද ඔහුට මෙම මහා ජලය ද තරණය කළ හැකි යැයි ඔහු සිතන්නේය.

18 තවද මෙසේ මාගේ සහෝදරයෝ මට විරුද්ධව මැසිවිලි නැඟූ අතර, තවද ඔවුන් එනම් වැඩ නොකර සිටීමට ආශා කළෝය, මක්නිසාද මට නැවක් සෑදීමට හැකි බව ඔවුන් විශ්වාස නොකළෝය; එසේම ස්වාමීන්වහන්සේ මට උපදෙස් දුන් බව ඔවුන් විශ්වාස නොකළෝය.

19 තවද දැන් එය මසේ සිදුවිය, එනම් මම, නීෆායි, ඔවුන්ගේ හදවත් වල දැඩි බව නිසා බොහෝ සෙයින් කනගාටුවට පත් වුනෙමි; තවද දැන් ඔවුන් මා කනගාටු වන්නට පටන් ගත් බව දුටු විට ඔවුන් මා පිළිබඳ ඔවුන්ගේ හදවත් තුළින් සතුටු වූ අතර, එපමණින් ඔවුන් මා ගැන ප්‍රීති වෙමින්, මෙසේ කීවෝය: නුඹට නැවක් සෑදිය නොහැකි බව අපි දැන සිටියෙමු, මක්නිසාද නුඹට විචාර බුද්ධියෙන් අඩුවක් ඇති බව අපි දැන සිටියෙමු; එබැවින්, නුඹට එතරම් මහත් කාර්යයක් සම්පූර්ණ කිරීමට නොහැකිය.

20 තවද නුඹත්, ඔහුගේ සිතේ ඇති මෝඩ සිතිවිලි කරණකොටගෙන ඉවතට ගෙන යන ලද අපගේ පියාට සමානය; එසේය, ඔහු අපව ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ගිය අතර, තවද මේ වසර බොහෝමයට අප වනාන්තරයෙහි සැරිසැරුවෙමු; තවද අපගේ කාන්තාවන් දරුවන් සමඟ ගර්භණීව, වෙහෙසි ඇත්තේය; තවද ඔවුන් වනාන්තරයෙහි දරුවන් බිහි කළ අතර, මරණය හැර සියලුම වේදනාවන් විඳ ඇත්තේය; තවද මේ ආකාරයේ පීඩාවන් විඳීමට වඩා ඔවුන් ජෙරුසලමෙන් පිටතට එන්නට පෙර මිය ගොස් තිබුණා නම් වඩා යහපත් වන්නට තිබුණේය.

21 බලව, මෙම අවුරුදු ගණනාවක් අපි වනාන්තරයෙහි දුක් විඳින්නෙමු, එම කාලය තුළ අපට අපගේ හිමිකම් සහ අපගේ උරුමයේ දේශය භුක්ති විඳීමට තිබුණි; තවද අපට සතුටින් ඉන්නට තිබුණි.

22 තවද ජෙරුසලම් දේශයේ සිටි ජනතාව ධර්මිෂ්ඨ ජනතාවක් බව අපි දනිමු; මක්නිසාද ඔවුන් ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවන් හා විනිශ්චයන් ද, තවද මෝසෙස්ගේ නීතියට අනුව උන්වහන්සේගේ සියලු අණ පනත්ද පිළිපැද්දෝය; එබැවින්, ඔවුන් ධර්මිෂ්ඨ ජනතාවක් බව අපි දනිමු; තවද අපගේ පියා ඔවුන් විනිශ්චය කළ අතර, තවද අප ඔහුගේ වචනවලට සවන් දෙන බැවින් අපව පිටතට ගෙන ගියේය; එසේය, තවද අපගේ සහෝදරයා ඔහු හා සමානය. තවද මේ ආකාරයේ භාෂාවෙන් මාගේ සහෝදරයෝ මැසිවිලි නඟමින් අපට විරුද්ධව පැමිණිලි කළෝය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම් මම, නීෆායි ඔවුන්ට කථා කොට, මෙසේ පැවසුවෙමි: ඊශ්‍රායලයේ දරුවන් වූ අපගේ පියවරුන්, ස්වාමීන්වහන්සේගේ වචනවලට සවන් නොදුන්නේ නම් මිසරවරුන්ගේ හස්තයෙන් ඔවුන්ව පිටතට ගෙන ඒමට හැකිවනු ඇත්දැයි නුඹලා විශ්වාස කරන්නෙහුද?

24 එසේය, ඔවුන්ව වහල්භාවයෙන් පිටතට ගෙන එන ලෙසට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණ නොකළේ නම්, ඔවුන් වහල්භාවයෙන් පිටතට ගෙන ඒමට හැකිවනු ඇත්දැයි නුඹලා සිතන්නෙහුද?

25 දැන් එනම් ඊශ්‍රායලයේ දරුවන් වහල්භාවයේ සිටි බව නුඹලා දන්නෙහුය; තවද දරාගැනීමට අපහසු වූ දුක්ඛිත කාර්යයන්, ඔවුන් මත පටවනු ලැබූ බව නුඹලා දන්නෙහුය; එබැවින්, ඔවුන්ව වහල්භාවයෙන් පිටතට ගෙන ඒම, ඔවුන්ට අවශ්‍ය වූ යහපත් දෙයක් බව නුඹලා දන්නෙහුය.

26 දැන් මෝසෙස්ට එම බලවත් වූ කාර්යය කිරීමට ස්වාමීන්වහන්සේගෙන් අණ ලැබූ බව නුඹලා දන්නෙහුය; තවද ඔහුගේ වචනයෙන් රතු මුහුදේ ජලය ඒ අතටත්, මේ අතටත් බෙදනු ලැබූ බවත්, තවද ඔවුන් වියලි පොළොව මත ගමන් කළ බව නුඹලා දන්නෙහුය.

27 නමුත් පාරාවෝගේ සේනාවන් වූ මිසරවරුන්, රතු මුහුදෙහි ගිලුන බව නුඹලා දන්නෙහුය.

28 තවද එසේම, වනාන්තරයෙහි ඔවුන්ව මන්නාවලින් පෝෂණය කරනු ලැබූ බව නුඹලා දන්නෙහුය.

29 එසේය, තවද මෝසෙස්, තමා තුළ වූ දෙවියන්වහන්සේගේ බලයට අනුව ඔහුගේ වචනයෙන්, පර්වතයට ගැසූ බවත්, තවද ඊශ්‍රායලයේ දරුවන්ට ඔවුන්ගේ පිපාසය සංසිඳුවා ගැනීමට එහි ජලය පිටතට පැමිණි බවත් නුඹලා දන්නෙහුය.

30 තවද ඔවුන්ව ඔවුන්ගේ මිදුම්කරුවාණන් වන, ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේගෙන් මඟ පෙන්වනු ලැබුවා වූ ද, දවාලේදී ඔවුන්ව මඟ පෙන්වමින්ද, රාත්‍රියේදී ඔවුන්ට ආලෝකය ලබා දෙමින්ද, තවද මනුෂ්‍යයාට ලැබීමට යෝග්‍යය සියලූම දේවල් කළ විටත්, ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩි කරගෙන, ඔවුන්ගේ සිත් අන්ධ කරගෙන, තවද මෝසෙස්ට විරුද්ධව ද, සත්‍යය වූ සහ ජීවමාන දෙවියන්වහන්සේට විරුද්ධව ද අපහාස කළෝය.

31 තවද එය මෙසේ සිදුවිය, එනම් උන්වහන්සේගේ වචනයට අනුව උන්වහන්සේ ඔවුන්ව විනාශ කළ සේක; තවද උන්වහන්සේගේ වචනයට අනුව උන්වහන්සේ ඔවුන් හට මඟ පෙන්වූ සේක; තවද උන්වහන්සේගේ වචනයට අනුව ඔවුන් හට සියලුම දේවල් කළ සේක; තවද උන්වහන්සේගේ වචනයෙන් මිස කිසිවක් සිදු නොවූ සේක.

32 තවද ඔවුන් යෝර්දාන් ගඟ තරණය කළාට පසු, එසේය, දේශයේ දරුවන්ව විනාශයට විසුරුවා, එළවා දැමීමට තරම් උන්වහන්සේ ඔවුන්ව බලවත් කළ සේක.

33 තවද දැන්, පොරොන්දු දේශයේ සිටි, අපගේ පියවරුන් විසින් එළවා දමනු ලැබූ මෙම දේශයේ දරුවන්, ඔවුන් ධර්මිෂ්ඨ යැයි නුඹලා සිතන්නෙහිද? බලව, නැත යැයි මම නුඹලාට කියන්නෙමි.

34 ඔවුන් ධර්මිෂ්ඨව සිටියේ නම්, ඔවුන්ට වඩා අපගේ පියවරුන්ව තෝරාගනු ලබන්නේ යැයි නුඹලා සිතන්නෙහිද? නැත, මම නුඹලාට කියන්නෙමි.

35 බලව, ස්වාමීන්වහන්සේ සියලු මාංශයන් එකට අගය කරන සේක. ධර්මිෂ්ඨ තැනැත්තා දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලබයි. නමුත් බලව, මෙම ජනතාව දෙවියන්වහන්සේගේ සෑම වචනයක්ම ප්‍රතික්ෂේප කොට, තවද ඔවුන් අයුතුකම් තුළ පැසී ඇත්තෝය; තවද දෙවියන්වහන්සේගේ සම්පූර්ණ උදහස ඔවුන් මත විය; තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව දේශයට ශාප කොට, තවද එය අපගේ පියවරුන් කෙරෙහි ආශිර්වාද කළ සේක; එසේය, උන්වහන්සේ එය ඔවුන්ට විරුද්ධව ඔවුන්ට විනාශයක් වන ලෙස ශාප කළ සේක, තවද අපගේ පියවරුන් කෙරෙහි එය මත බලය ලබා ගැනීම පිණිස උන්වහන්සේ එයට ආශිර්වාද කළ සේක.

36 බලව, ස්වාමීන්වහන්සේ එනම් එහි වාසය කිරීම පිණිස, පොළොව මවා ඇති සේක; තවද ඔවුන් එය හිමි කරගැනීම පිණිස උන්වහන්සේ විසින් උන්වහන්සේගේ දරුවන්ව මවා ඇති සේක.

37 තවද උන්වහන්සේ ධර්මිෂ්ඨ ජාතියක් නඟා සිටුවන සේක, තවද ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගේ ජාතීන් විනාශ කරන සේක.

38 තවද උන්වහන්සේ ධර්මිෂ්ඨ වූවන් අගනා දේශයන් තුළට මඟ පෙන්වන සේක, තවද උන්වහන්සේ දුෂ්ටයන්ව විනාශ කරන සේක, තවද ඔවුන් නිසාවෙන් ඔවුන්ගේ දේශය වෙත ශාප කරන සේක.

39 උන්වහන්සේ ස්වර්ගයෙහි ඉහළ පාලනය කරන සේක, මක්නිසාද එය උන්වහන්සේගේ සිංහාසනයයි, තවද මෙම පොළොව උන්වහන්සේගේ පාපුටුවයි.

40 තවද උන්වහන්සේව ඔවුන්ගේ දෙවියන්වහන්සේ කර ගන්නා වූ අයට උන්වහන්සේ ප්‍රේම කරන සේක. බලව, උන්වහන්සේ අපගේ පියවරුන්ට ප්‍රේම කළ සේක, එසේය, ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් පවා ද තවද උන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුම් ඇති කරගත් සේක; තවද උන්වහන්සේ තමන්වහන්සේ කළ ගිවිසුම් සිහි කරගත් සේක; එබැවින්, උන්වහන්සේ ඔවුන්ව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.

41 තවද උන්වහන්සේ ඔවුන්ට වනාන්තරයේදී උන්වහන්සේගේ කෙවිටෙන් තරවටු කළ සේක; මක්නිසාදයත් ඔවුහු නුඹලා මෙන්ම ඔවුන්ගේ හදවත් දැඩිකර ගත්හ; තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම් නිසාවෙන් ඔවුන්ව දුෂ්කරතාවයට පත් කළ සේක. උන්වහන්සේ ඔවුන් අතරට ඉගිලෙන ගිනි සර්පයන් එවූ සේක; තවද ඔවුන්ව දෂ්ට කරනු ලැබුවාට පසු, ඔවුන්ව සුව කරනු පිණිස උන්වහන්සේ මාර්ගයක් සූදානම් කළ සේක; තවද ඔවුන්ට ඉෂ්ඨ කිරීමට තිබූ කාර්යය වූයේ බැලීමට පමණි; තවද මක්නිසාදයත්, මාර්ගයෙහි වූ සරල බව සහ එහි වූ පහසුකම නිසාවෙන්, එහි බොහෝමයක් නැසුනෝය.

42 තවද ඔවුන් ඔවුන්ගේ හදවත් වරින් වර දැඩිකර ගත්තෝය, තවද මෝසෙස්ට විරුද්ධව සහ දෙවියන්වහන්සේට විරුද්ධව ද අපහාස කළෝය; එසේනමුත්, උන්වහන්සේගේ අසමසම බලයෙන් ඔවුන්ව පොරොන්දු වූ දේශය තුළට මඟ පෙන්වනු ලැබූ බව නුඹලා දන්නෙහුය.

43 තවද දැන්, මෙම සියලු දේවලට පසුව, පැසුනු බවට සමීපව ඇති, එසේය, දුෂ්ටකම පැමිණීමට කාලය පැමිණ ඇත්තේය; තවද ඔවුන් මෙම දවසේ දී විනාශ වීමට යන බව හැර වෙනත් කිසිවක් මම නොදන්නෙමි; මක්නිසාදයත්, වහල්භාවයට ගෙන යනු ලබන කිහිප දෙනෙකු හැර, ඔවුන් විනාශ විය යුතු දිනය නිශ්චිතවම පැමිණිය යුතු බව මම දන්නෙමි.

44 එබැවින්, මාගේ පියා වනාන්තරය තුළට පිට විය යුතු බව ස්වාමීන්වහන්සේ ඔහුට අණ කළ සේක; තවද එසේම යුදෙව්වරුන් ද ඔහුගේ ජීවිතය විනාශ කිරීමට සෙව්වෝය; එසේය, තවද නුඹලාත් ඔහුගේ ජිවිතය විනාශ කිරීමට සොයන්නෙහුය; එබැවින්, නුඹලාත් හදවතින් මිනීමරුවන් වන අතර, නුඹලාත් ඔවුන් හා සමාන වන්නෙහුය.

45 නුඹලා අයුතු දේ කිරීමට ඉක්මන්ය, එහෙත් දෙවි වූ නුඹලාගේ ස්වාමීන්වහන්සේ සිහි කිරීමට මන්දගාමී ය. නුඹලා දේවදූතයෙකු දැක ඇත්තෙහුය, තවද ඔහු නුඹලාට කතා කළ සේක; එසේය, නුඹලා විටින් විට ඔහුගේ හඬ අසා ඇත්තෙහුය; තවද උන්වහන්සේ නුඹලා හට නිශ්චලතාවයේ සියුම් කුඩා හඬකින් කථා කර ඇත්තේය, නමුත් නුඹලා හැඟීම් ඉක්මවා සිටි නිසා, නුඹලාට උන්වහන්සේගේ වචන හැඟුනේ නැත; එබැවින්, උන්වහන්සේ නුඹලාට ගිගුරුම් හඬකින් මෙන් කථා කර ඇති සේක, එය පොළොව දෙකඩවීමට සලස්වන්නාක් මෙන් කම්පා විය.

46 තවද උන්වහන්සේගේ සර්වබලධාරී වචනයේ බලයෙන් උන්වහන්සේට පොළොව පහව යෑමට සැලැස්විය හැකි බව නුඹලා දන්නෙහුය; එසේය, තවද උන්වහන්සේට උන්වහන්සේගේ වචනයෙන් රළු ස්ථාන මොලොක් කිරීමට ද, තවද මොලොක් ස්ථාන කඩනු ලැබිය හැකි බව ද නුඹලා දන්නෙහුය. අහෝ, එසේනම්, නුඹලාගේ හදවත් තුළ මෙතරම් දැඩි විය හැක්කේ කෙළෙසද?

47 බලව, නුඹලා නිසාවෙන් මාගේ ප්‍රාණය සංවේගයෙන් පැලී ඇත්තේය, තවද මාගේ හදවත රිදවනු ලැබ ඇත්තේය; නුඹලා සදහටම පලවා හරිනු ඇතැයි මම බිය වන්නෙමි. බලව, දෙවියන්වහන්සේගේ ආත්මයෙන් මා පිරී ඇත්තේය, එපමණකින්ම මාගේ ශරීරයට ශක්තියක් නොමැත්තේය.

48 තවද එය මෙසේ සිදු විය, එනම් මා මෙම වචන පැවසූ විට ඔවුහු මා සමඟ කෝප වූහ, තවද මාව මුහුදේ ගැඹුරට විසි කිරීමට ද ඔවුහු ආශා වූහ; තවද ඔවුන්ගේ දෑත් මා වෙත තැබීමට පැමිණි විට මම ඔවුන් හට මෙසේ කථා කළෙමි: සර්වබලධාරී දෙවියන්වහන්සේගේ නාමයෙන්, මා වෙත අත නොතබන ලෙස මම නුඹලාට අණ කරමි, මක්නිසාද මාගේ මාංශය දැවෙන තරමටම මම දෙවියන්වහන්සේගේ බලයෙන් පිරී සිටින්නෙමි; තවද මා වෙත අත තබන කවරෙකු නමුත් වියලි බට දණ්ඩක් මෙන් වියලෙනවා ඇත්තේය; තවද දෙවියන්වහන්සේ අභිමුඛයෙහි ඔහුව ශූන්‍ය බවට පත් වන්නේය, මක්නිසාද දෙවියන්වහන්සේ ඔහුට පහර දෙන සේක.

49 තවද එය මෙසේ සිදු විය, එනම්, මම, නීෆායි, ඔවුන් ඔවුන්ගේ පියාණන්ට විරුද්ධව තවත් මැසිවිලි නොනඟන ලෙස ද; නැතහොත් ඔවුන් ඔවුන්ගේ ශ්‍රමය මා කෙරෙන් නොවළක්වන ලෙස ද ඔවුන්ට කීවෙමි, මක්නිසාද මා නැවක් සෑදිය යුතු යැයි දෙවියන්වහන්සේ මට අණ කර ඇති බැවින්ය.

50 තවද මම ඔවුන් හට මෙසේ කීවෙමි: මා හට දෙවියන්වහන්සේ සියලුම දේ කරන්නට අණ කර තිබුනා නම්, මා හට ඒවා කරන්නට පුළුවනි. උන්වහන්සේ මට මෙම ජලයට, නුඹ පොළොව වන්නට කියා කිව යුතු බව අණ කර සිටියේ නම්, එය පොළොව වන්නේය; තවද එය එසේ මම කියන්නේ නම්, එය එසේ සිදු කරනු ලබන්නේය.

51 තවද දැන්, ස්වාමීන්වහන්සේ හට එතරම් බලයක් තිබෙනවා නම්, තවද මනුෂ්‍යය දරුවන් අතර මෙතරම් බොහෝ හාස්කම් සිදුකර තිබෙනවා නම්, එනම් මා විසින් නැවක් සෑදීමට මට උපදෙස් දීමට උන්වහන්සේට නොහැක්කේ මන්ද?

52 තවද එය මෙසේ සිදු විය, එනම්, මම, නීෆායි, ඔවුන් ලැජ්ජාවට පත් වී මට විරුද්ධව විවාද කිරීමට නොහැකි වන පරිදි, මාගේ සහෝදරයින්ට බොහෝ දේවල් කීවෙමි; බොහෝ දින ගණනාවකට, ඔවුන් ඔවුන්ගේ දෑත් මා වෙත තැබීමට හෝ ඔවුන්ගේ ඇඟිලි වලින් ඇල්ලීමට ද නොහැකි විය. දැන් මෙය ඔවුන් සිදු නොකළේ ඔවුන් මා ඉදිරියේ නොවියළෙන පිණිස ය, දෙවියන්වහන්සේගේ ආත්මය එතරම් බලවත් වූ සේක; තවද එය මෙසේ ඔවුන් මත තනන ලද්දේය.

53 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ මා හට මෙසේ කී සේක: නුඹ නුඹගේ අත සහෝදරයන් වෙත නැවත දිගු කරන්න, තවද ඔවුන් නුඹ ඉදිරියෙහි වියලී නොයන්නෝය, නමුත් මා ඔවුන්ව කම්පනය කරන්නෙමි යැයි ස්වාමීන්වහන්සේ කී සේක, තවද එනම්, මා ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැන ගන්නා පිණිස මා මෙසේ කරන්නෙමි.

54 තවද එය මෙසේ සිදු විය, එනම් මම මාගේ අත, මාගේ සහෝදරයන් වෙතට දිගු කළෙමි, තවද ඔවුහු මා ඉදිරියේ වියලිභාවයට පත් නොවූහ; නමුත් ස්වාමීන්වහන්සේ, තමන්වහන්සේ කථා කළ වචනයට අනුව පවා, ඔවුන්ව කම්පනයට පත් කළ සේක.

55 තවද දැන්, ඔවුහු මෙසේ කීහ: ස්වාමීන්වහන්සේ නුඹ සමඟ නිශ්චිතව සිටින බව අපි දනිමු, මක්නිසාදයත් අපව කම්පනයට පත් කර ඇත්තේ ස්වාමීන්වහන්සේගේ බලයෙන් බව අප දනිමු. තවද මා හට නමස්කාර කිරීමට ආසන්නව, ඔවුන් මා ඉදිරියේ දණින් වැටුනෝය, නමුත් මෙසේ කියමින් ඔවුන්ට ඉඩ නොදුන්නෙමි: මම නුඹලාගේ සහෝදරයා වෙමි, එසේය, ඇරත් නුඹලාගේ බාල සහෝදරයා වෙමි; එබැවින් නුඹලාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට නමස්කාර කරන්න, තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙනු ලබන දේශයෙහි, නුඹලාගේ දවස් දීර්ඝ වන පිණිස, නුඹලාගේ පියාට ද, මවට ද, ගෞරව කරන්න.