ශුද්ධලියවිලි
1 නීෆායි 20


20 වන පරිච්ඡේදය

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ පරමාර්ථයන් ඊශ්‍රායලයට එළිදරව් කරන සේක – පීඩාවන් නමැති උදුනෙන් ඊශ්‍රායලය තෝරාගනු ලැබ ඇත්තේය, තවද බබිලෝනියාවෙන් ඉදිරියට යා යුතුය – යෙසායා 48 සසඳන්න. ක්‍රි.පූ. 588–570 පමණ.

1 යුදාහී ජලයන්ගෙන් පිටතට පැමිණෙන්නාවූ නැතහොත්, බෞතීස්ම ජලයන්ගෙන් පිටතට පැමිණෙන්නාවූ ඊශ්‍රායලය යන නාමයෙන් නම් කරනු ලැබූවනි, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිව්රන්නාවූද, ඊශ්‍රායලයේ දෙවියන්වහන්සේව සඳහන් කරමින්ද, එහෙත් සත්‍යයයේවත් හෝ ධර්මිෂ්ඨතාවයෙන්වත් නොදිව්රන්නා වූ ඔවුන් වන, අහෝ යාකොබ්ගේ වංශයෙනි, මෙයට සවන් දී ඇහුම්කන් දෙන්න.

2 එසේනමුත්, ඔවුහු ශුද්ධ වූ නුවරෙන් යැයි කියා ගනිති, නමුත් ඊශ්‍රායලයේ දෙවියන් වූ, සේනාවල ස්වාමීන්වහන්සේ මත ඔවුන් ඔවුන්ව රඳවා නොගන්නෝය; එසේය, උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.

3 බලව, මා පෙර කී දේවල් පටන්ගැන්මේ සිටම ප්‍රකාශ කර ඇත්තෙමි; තවද ඒවා මාගේ මුඛයෙන් පිටත්ව ඉදිරියට ගියේය, තවද මා ඒවා පෙන්වුවෙමි. මම හදිසියේම ඒවා පෙන්වුවෙමි.

4 තවද මා එය සිදුකළේ, මක්නිසාද නුඹ දරදඬු බවත්, තවද නුඹගේ ගෙල යකඩ පේෂියක් බවත්, තවද නුඹගේ නළල පිත්තල බවත් දන්නා හෙයිනි;

5 තවද පටන්ගැන්මේ දී පවා මා නුඹට ප්‍රකාශ කර ඇත්තෙමි; එය සිදුවන්නට ප්‍රථමයෙන් මා ඒවා නුඹට පෙන්වීමි; තවද මා ඒවා පෙන්වූයේ – මාගේ දේව රූපය ඒවා කළේය කියාද, තවද මාගේ කැටයම් පිළිමය, සහ මාගේ ලෝහ පිළිමය ඒවා අණ කළේය කියා නුඹ මෙසේ නොකියනු පිණිසය.

6 නුඹ මෙම සියල්ල දැක සහ අසා ඇත්තේය, තවද නුඹ ඒවා ප්‍රකාශ නොකරන්නෙහිද? තවද මෙම මොහොතේ සිට අලුත් දේවල්, නුඹ නොදන්නා වූ, සැඟවුනු දේවල් පවා, මම නුඹට පෙන්වා ඇත්තෙමි.

7 ඒවා පටන්ගැනීමේ සිට නොව, ඒවා මවනු ලැබුවේ දැන්ය, ඒවා නුඹට ඇසුනු දිනට පෙර පවා ඒවා නුඹට ප්‍රකාශ කර ඇත්තේය, බලව මම ඒවා දැන සිටියෙමි යැයිි – නුඹ නොකියන පිණිසය.

8 එසේය, නුඹ අසා තිබුනේ නොමැත; එසේය, නුඹ දැන සිටියේ නොමැත; එසේය එම කාලයේ නුඹගේ කන විවෘත වී තිබුනේ නැත; මක්නිසාද නුඹ ඉතාමත් ද්‍රෝහිව ක්‍රියා කරන බව ද, කුසේ පටන් අපරාධකාරයෙකු යැයි නම් වන බව ද මම දැන සිටියෙමි.

9 එසේනමුත්, මාගේ නාමය උදෙසා මාගේ කෝපය ප්‍රමාද කරන්නෙමි, තවද මා නුඹව කපා නොදමන පිණිස, එනම් මාගේ ප්‍රශංසාව උදෙසා නුඹෙන් වැළකෙන්නෙමි.

10 මක්නිසාද, බලව, මම නුඹව පිරිපහදු කළෙමි, මම නුඹව පීඩාවේ උදුනෙන් තෝරා ගත්තෙමි.

11 මක්නිසාද මම උදෙසාම, එසේය, මම උදෙසාම මා මෙය කරන්නෙමි, මක්නිසාද මාගේ නාමය කෙලෙසීමට ඉඩ නොදෙන්නෙමි, තවද මාගේ මහිමය මම වෙන කෙනෙකුට නොදෙන්නෙමි.

12 අහෝ යාකොබ්, තවද මා විසින් කැඳවූ ඊශ්‍රායලයෙනි, මා හට සවන් දෙන්න, මක්නිසාද මම ඒ තැනැන්වහන්සේ වන්නෙමි; මම පළමුවැන්නා වන අතර, තවද මම අන්තිමයා ද වන්නෙමි.

13 මාගේ හස්තය පොළොවේ අත්තිවාරම දමා ඇත්තේය, තවද මාගේ දකුණත ස්වර්ගය පුරා විහිදී තිබෙන්නේය. මම ඒවාට අඬගසන විට ඒවා එක්ව නැඟිට සිටින්නේය.

14 නුඹලා සියල්ලෝම, රැස් වී, ඇහුම්කන් දෙන්න; ඔවුන් අතරෙන් මෙම දේවල් ඔවුන් හට ප්‍රකාශ කර ඇත්තේ කවුරුන්ද? ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේම කළ සේක; එසේය, තවද උන්වහන්සේ ඔවුන් විසින් ප්‍රකාශ කළ තමන්වහන්සේගේ වචනය, උන්වහන්සේ ඉෂ්ට කරන සේක; තවද බබිලෝනියාව කෙරෙහි උන්වහන්සේගේ කැමැත්තට අනුව උන්වහන්සේ ක්‍රියා කරන සේක, තවද උන්වහන්සේගේ හස්තය කල්දිවරුන් මත පැමිණෙන්නේය.

15 එසේම, ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක; ස්වාමීන්වහන්සේ වන මා, එසේය, මම ඔහුව ප්‍රකාශ කරන පිණිස කැඳවුවෙමි, මම ඔහු කැඳවා ගතිමි, තවද ඔහු ඔහුගේ මාර්ගය සමෘද්ධිමත් කරගන්නේය.

16 නුඹලා මා වෙතට පැමිණෙන්න; මම රහසින් කථාකර නැත්තේය; පටන්ගැන්මේ සිට, එය ප්‍රකාශ කළ කාලයේ සිටම මම කථාකර ඇත්තෙමි; තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ, සහ උන්වහන්සේගේ ආත්මයාණන්, මා එවනු ලැබුවේය.

17 තවද ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ වන, නුඹගේ මිදුම්කරුවාණන් වූ, ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක; මම ඔහුව යවා ඇත්තේය, නුඹගේ ප්‍රයෝජනය සඳහා නුඹ යා යුතු මාර්ගය පෙන්වන්නාවු, නුඹගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ එය සිදු කළ සේක.

18 අහෝ නුඹ මාගේ අණපනත් කෙරෙහි සවන් දුන්නා නම් – එවිට නුඹගේ සාමය ගංගාවක් මෙන්ද, නුඹගේ ධර්මිෂ්ඨකම මුහුදේ රළ මෙන්ද වන්නේය.

19 එසේම නුඹගේ වංශයද වැලි මෙන් වන්නේය; නුඹගේ අභ්‍යන්තරයෙන් පැවතෙන්නන් එහි බොරළු මෙන් වන්නේය; ඔහුගේ නාමය මා ඉදිරියෙන් කපා දමන්නේවත් හෝ විනාශ වන්නේවත් නොමැත.

20 නුඹලා බබිලෝනියාවෙන් පිටතට යන්න, කල්දිවරුන් වෙතින් පලා යන්න, නුඹලා ප්‍රීතිමත් හඬකින් ගයනා කර, මෙය ප්‍රකාශ කරන්න, පොළොවේ කෙළවර දක්වා එය පතල කරන්න; ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සේවකයා වූ යාකොබ්ව මුදවා ගත්තේ යයි: නුඹලා පවසන්න.

21 උන්වහන්සේ ඔවුන්ව කාන්තාරය මැදින් ගෙන ගියේය; තවද ඔවුන්ට පිපාසය ඇති වූයේ නැත; උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතය තුළින් ජලය ගලා යන්නට සැලැස්වූ සේක; උන්වහන්සේ පර්වතය විවර කළ විට එසේම ජලය ගලා ආවේය.

22 තවද එසේවුවද උන්වහන්සේ මේ සියල්ලද, තවද මෙයට වඩා බලවත් දේ ද කර ඇති සේක, දුෂ්ටයන් හට සාමයක් නැතැයි, ස්වාමීන්වහන්සේ පවසන සේක.