ශුද්ධලියවිලි
1 නීෆායි 3


3 වන පරිච්ඡේදය

ලීහායිගේ පුතුන් පිත්තල තහඩු ලබා ගැනීමට ජෙරුසලමට ආපසු එයි – ලේබන් තහඩු ලබා දීම ප්‍රතික්ෂේප කරන අතර නීෆායි තම සහෝදරයන්ට අනුශාසනා කර දිරිමත් කරයි – ලේබන් ඔවුන්ගේ දේපළ සොරකම් කර ඔවුන් මරා දැමීමට උත්සාහ කරයි – ලේමන් සහ ලෙමුවෙල් නීෆායි සහ සෑම්ට පහර දුන් අතර දේවදූතයෙකු විසින් අවවාද කරනු ලැබේ. ක්‍රි.පූ. 600–592 පමණ

1 තවද එය මෙසේ සිදු විය, එනම් මම නීෆායි, ස්වාමීන්වහන්සේ සමඟ කතා කිරීමෙන් ආපසු මගේ පියාගේ කූඩාරමට පැමිණියෙමි.

2 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මට කථාකරමින් පැවසුවේය: බලව මම සිහිනයක් දුටුවෙමි, එහි දී නුඹ සහ නුඹගේ සහෝදරයන් ජෙරුසලමට ආපසු හැරී යන ලෙස ස්වාමීන්වහන්සේ මා හට අණ කළේය.

3 මක්නිසාද බලව, ලේබන් සමග යුදෙව්වන්ගේ සහ මුතුන්මිත්තන්ගේ පෙළපත් පිළිබඳ වාර්තාවක් ඇති අතර ඒවා පිත්තල තහඩු මත කැටයම් කර ඇත්තේය.

4 එබැවින්, නුඹ සහ නුඹගේ සහෝදරයන් ලේබන්ගේ නිවසට යන ලෙස ද, වාර්තා සොයා ඒවා පහළට මෙහි වනාන්තරය තුළට ගෙනෙන ලෙස ද, ස්වාමීන්වහන්සේ මට අණ කළේය.

5 තවද දැන් බලව මම ඔවුන්ගෙන් ඉල්ලා සිටි දුෂ්කර දෙයක් බව පවසමින්, නුඹගේ සහෝදරයන් මැසිවිලි නගන්නේය; එහෙත් බලව, මම ඔවුන්ගෙන් එය ඉල්ලා සිටියේ නැත, එහෙත් එය ස්වාමීන්වහන්සේගේ අණ පනතක් වන්නේය.

6 මක්නිසාද මාගේ පුත්‍රය, යන්න, තවද නුඹට ස්වාමීන්වහන්සේගේ ප්‍රසාදය ලැබෙනු ඇත්තේය, මන්ද නුඹ මැසිවිලි නැගුවේ නැත.

7 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, මගේ පියාට කීවෙමි: මම ගොස් ස්වාමීන්වහන්සේ අණ කළ දේ කරන්නෙමි, මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට අණ කළ දේ ඉටු කරන පිණිස ඔවුන්ට මාර්ගයක් පිළියෙළ කොට මිස, ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය‍ය දරුවන් හට අණ පනත් නොදෙන බව මම දන්නෙමි.

8 තවද එය මෙසේ සිදු විය, එනම් මගේ පියා මේ වචන ඇසූ විට ඔහු අතිශයින් ප්‍රීතිමත් විය, මක්නිසාද මා ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබූ බව ඔහු දැන සිටි බැවිනි.

9 තවද මම, නීෆායි, සහ මාගේ සහෝදරයන් අපගේ කූඩාරම් සමඟ, ජෙරුසලම් දේශය දක්වා ගමන් කරනු පිණිස, වනාන්තරය තුළ අප ගමන් කළෙමු.

10 තවද එය මෙසේ සිදු විය, එනම් අපි ජෙරුසලම් දේශයට ගිය විට, මම සහ මගේ සහෝදරයන් එකිනෙකා සමඟ අදහස් විමසුවෙමු.

11 තවද අපෙන් කවූරුන් ලේබන්ගේ නිවසට ඇතුල් විය යුත්තේ දැයි දැනගැනීමට – අප දාදු දැම්මෙමු. තවද එය මෙසේ සිදු විය, එනම් දාදුව ලේමන් හට වැටුණේය; තවද ලේමන් ලේබන්ගේ නිවසට ඇතුළු වූ අතර, ඔහුගේම නිවසේ හිඳගෙන සිටින්නාක් මෙන් ඔහු සමඟ කතා කළේය.

12 තවද ඔහු පිත්තල තහඩු වල කැටයම් කර තිබූ, මාගේ පියාගේ පෙළපත් නාමාවලිය ඇතුළත් වාර්තා් ලේබන්ගෙන් ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය වූවේය.

13 තවද බලව, එය මෙසේ සිදු විය, එනම් ලේබන් කෝපයට පත් වූ අතර, තවද ඔහු ඉදිරියෙන් ඔහුව නෙරපා දැම්මේය; තවද එනම් ඔහු එම වාර්තාව ඔහුට ලබා දීමට අකමැති විය. එබැවින්, ඔහු මෙසේ ඔහුට කීවේය: බලව නුඹ සොරෙකි, තවද මම නුඹව නසන්නෙමි.

14 නමුත් ලේමන් ඔහු ඉදිරියෙන් පලා ගොස්, ලේබන් කළ දේ අපට කීවේය. තවද අපි අතිශයින් ශෝකයට පත් වූ අතර මගේ සහෝදරයෝ වනාන්තරයේ සිටින මගේ පියා වෙත ආපසු යාමට සූදානම් වූහ.

15 එහෙත් බලව, එනම් මම ඔවුන්ට කීවේය: ස්වාමීන්වහන්සේ ජීවත් වන්නාක් මෙන්, අප ද ජීවත් වන්නාක් මෙන්, ස්වාමීන්වහන්සේ අපට අණ කළ දේ ඉටු කරන තුරු, අපි වනාන්තරයේ සිටින අපගේ පියා වෙතට නොයන්නෙමු.

16 එබැවින්, ස්වාමීන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමේ අපි ඇදහිලිවන්තව සිටීමට ඉඩ හරිමු; එසේහෙයින් අපි අපේ පියාගේ උරුම දේශයට බැස යන්නෙමු, මක්නිසාද බලව, ඔහු රන් රිදී සහ සියලු ආකාර ධනය අත්හැරියේය. තවද ඔහු මේ සියල්ල සිදු කළේ ස්වාමීන්වහන්සේගේ අණ පනත් නිසාවෙන්ය.

17 මක්නිසාද ජනතාවගේ දුෂ්ටකම නිසාවෙන්, එනම් ජෙරුසලම විනාශ විය යුතු බව ඔහු දැන සිටියේය.

18 මක්නිසාද බලව, ඔව්හු අනාගතවක්තෘවරයන්ගේ වචන ප්‍රතික්ෂේප කළෝය, එබැවින් මගේ පියාට දේශයෙන් පලා යන ලෙස අණ කළ පසුත් දේශයේ වාසය කළ හොත්, බලව, ඔහු ද විනාශ වනු ඇත්තේය. එබැවින් ඔහු දේශයෙන් පලා යාම අවශ්‍යව යුතුව තිබුනේය.

19 තවද බලව, අප මෙම වාර්තා ලබා ගැනීම, එනම් අප එය අපගේ දරුවන් හට අපගේ පියවරුන්ගේ භාෂාව ආරක්ෂා කිරීම දෙවියන්වහන්සේ තුළ ප්‍රඥාව විය;

20 තවද එනම් ලෝකය පටන්ගැන්මේ සිට පවා මේ දක්වා ද, සියලු ශුද්ධ අනාගතවකෘවරුන්ගේ මුඛයෙන් පැවසූ, දෙවියන්වහන්සේගේ ආත්මයෙන් ද බලයෙන් ද ඔවුන් හට භාර දුන් වචන අපි ඔවුන් උදෙසා ආරක්ෂා කරනු පිණිසය.

21 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමේ දී ඇදහිලිවන්තව සිටින පිණිස, එනම් මම මේ ආකාරයේ භාෂාවෙන් මාගේ සහෝදරයන්ව ඒත්තු ගැන්වුවෙමි.

22 තවද එය මෙසේ සිදු විය, එනම් අපි අපගේ උරුම දේශයට ගොස්, අපගේ රත්රන් ද රිදී සහ අපගේ වටිනා දේවල් ද රැස් කළෙමු.

23 තවද අප මේ දේවල් රැස් කළ පසු, අප නැවතත් ලේබන්ගේ නිවසට ගියෙමු.

24 තවද එය මෙසේ සිදු විය, එනම් අප ලේබන් වෙත ගොස්, තවද එනම් පිත්තල තහඩුවල කැටයම් කර ඇති වාර්තා අප ඔහුගෙන් ලබා ගැනීමට කැමති බවත්, එය සඳහා අප අපගේ රත්තරන් ද, අපගේ රිදී ද, තවද අපගේ සියලු අනර්ඝ දේ ඔහුට දෙන බව කීවෙමු.

25 තවද එය මෙසේ සිදු විය, ලේබන් අපගේ දේපළ දැක, එය අතිශයින් මහත් වූ බව දුටු විට, ඔහු එය කෙරෙහි ආශාවී, එපමණකින් අපව නෙරපා හැර, ඔහු අපගේ දේපළ ලබාගන්නා පිණිස, අප මරාදැමීමට ඔහුගේ දාසයන් එව්වේය.

26 තවද එය මෙසේ සිදු විය, එනම් අපි ලේබන්ගේ සේවකයන් ඉදිරියෙන් පලා ගියෙමු, තවද අපගේ දේපළ අත්හැරීමට අපට සිදු විය, තවද එය ලේබන්ගේ අතට පත් වූවේය.

27 තවද එය මෙසේ සිදු විය, එනම් අපි වනාන්තරය පලා ගියෙමු, තවද ලේබන්ගේ සේවකයන්ට අප පසුකර යෑමට නොහැකි විය, තවද අපව පර්වත කුහරයක සඟවාගත්තෙමු.

28 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන් මා සමඟ ද මාගේ පියා සමඟ ද කෝප වූවේය; තවද ලෙමුවෙල් ද එසේ විය, මක්නිසාද ඔහු ලේමන්ගේ වචන වලට අහුම්කම් දුන් නිසාය. එබැවින් ඔවුන්ගේ බාල සහෝදරයන් වන අපට, ලේමන් සහ ලෙමුවෙල් බොහෝ තදබල වචනයෙන් බැන වැදී, තවද ඔවුන් අපට යෂ්ටියකින් පවා තැලුවේය.

29 තවද එය මෙසේ සිදු විය, ඔවුන් අපට යෂ්ටියකින් තැලූ විට, බලව, ස්වාමීන්වහන්සේගේ දේවදූතයෙක් පැමිණ ඔවුන් ඉදිරියෙහි සිට ගත්තේය, තවද ඔහු ඔවුන් හට කථාකොට, මෙසේ කියමින්: නුඹලා නුඹලාගේ බාල සොහොයුරා හට යෂ්ඨියකින් තලන්නේ මන්ද? එනම් ස්වාමීන්වහන්සේ ඔහුව නුඹලා කෙරෙහි පාලකයෙකු ලෙස තෝරාගෙන ඇති බවත්, තවද මෙය නුඹලාගේ අයුතුකම් නිසා බවත් නොදන්නහුද? බලව නුඹලා නැවත ජෙරුසලම වෙත යන්න, තවද ස්වාමීන්වහන්සේ ලේබන්ව නුඹලාගේ අත්වලට පාවා දෙනු ඇත්තේය.

30 තවද දේවදූතයා අපට කථාකළ පසු, ඔහු නික්ම ගියේය.

31 තවද දේවදූතයා නික්ම ගිය පසු, ලේමන් සහ ලෙමුවෙල් නැවතත් මැසිවිලි නැගීමට පටන් ගෙන: ස්වාමීන්වහන්සේ ලේබන් අපගේ අතට පාවා දෙන්නේ කෙසේ ද? බලව, ඔහු බලසම්පන්න මනුෂ්‍යයෙකි, තවද ඔහුට පනස් දෙනෙකුට අණ කළ හැකිය, එසේය, ඔහුට පනස්දෙනෙකු පවා නැසිය හැකිය; අපට එසේ කිරීමට නොහැක්කේ මන්ද? යැයි කීවෝය.