19 වන පරිච්ඡේදය
නීෆායි ලෝහ වලින් තහඩු සාදා, ඔහුගේ ජනතාවගේ ඉතිහාසය වාර්තා කරයි – ලීහායි ජෙරුසලමින් පිට වූ කාලය සිට අවුරුදු හයසියයකින් ඊශ්‍රායල්හි දෙවියන්වහන්සේ පැමිණෙන සේක – නීෆායි උන්වහන්සේගේ වේදනාවන් සහ කුරුසිපත් වීම ගැන කියයි – පසුදවස් වන තෙක් යුදෙව්වරුන් හෙළා දැක සහ විසුරුවන්නේ, ඔවුන් ස්වාමීන්වහන්සේ වෙත නැවත පැමිණෙන විටය. ක්‍රි.පූ. 588–570 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ මට අණ කළ සේක, එබැවින් මාගේ ජනතාවගේ වාර්තාව කැටයම් කිරීම පිණිස මම ලෝහ වලින් තහඩු සෑදුවෙමි. තවද මම සෑදූ තහඩු මත මා මාගේ පියාගේ වාර්තාව කැටයම් කළෙමි. තවද එහි වනාන්තරයේ අපගේ ගමන් පිළිබඳව, සහ මාගේ පියාගේ අනාවැකි පිළිබඳව; තවද එහි මාගේ අනාවැකි බොහෝමයක්ද මා ඒවා මත කැටයම් කළෙමි.
2 තවද මේ තහඩු සෑදූ වෙලාවේදී ස්වාමීන්වහන්සේ විසින් ඒවා සෑදීමට මට අණ කරනු ලබනු ඇතැයි මම දැන නොසිටියෙමි; එබැවින්, මාගේ පියාගේ වාර්තාව, සහ ඔහුගේ පියවරුන්ගේ පෙළපත, සහ වනාන්තරයෙහි ක්‍රියාවල වැඩි කොටසක් මා විසින් කතා කළ ඒ පළමු තහඩු මත කැටයම් කර ඇත; එබැවින්, මා මේ තහඩු සෑදීමට කලින් සිදු වූ දේවල්, සත්‍යවශයෙන්ම, පළමු තහඩු මත සඳහන් කරනු ලැබේ.
3 තවද මා හට අණ කළ පරිදි මෙම තහඩු සෑදූ පසු, මම, නීෆායි, දේවසේවය සහ අනාවැකි; ඒවායේ වඩාත් පැහැදිලි සහ අනර්ඝ කොටස්, මෙම තහඩු මත ලියා තැබිය යුතු බවට අණ පනතක් ලැබුණි; තවද, ලියා ඇති දේ, දේශය අයිති කර ගත යුතු, මාගේ ජනතාවගේ උපදේශයක් සඳහා ද, තවද වෙනත් ප්‍රඥාවන්ත අරමුණු, එනම් ස්වාමීන්වහන්සේ දන්නා අරමුණු සඳහා ද තබා ගත යුතුය.
4 එබැවින්, මම, නීෆායි, වෙනත් තහඩු මත වාර්තාවක් තැබුවෙමි, එය විස්තරයක් ලබා දෙයි, නොහොත් එය යුද්ධ සහ මතභේද සහ මාගේ ජනතාවගේ විනාශයන් පිළිබඳ ඉතා මහත් වූ විස්තරයක් ලබා දෙයි. මම මෙය සිදු කළෙමි, තවද මා ගිය පසු කුමක් කළ යුතු දැයි මාගේ ජනතාවට අණ කළෙමි; තවද මෙම තහඩු ස්වාමීන්වහන්සේගේ තවත් අණ පනත් දක්වා, එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට, හෝ එක් අනාගතවක්තෘවරයෙකුගෙන් තවත් කෙනෙකුට පැවරිය යුතු වන්නේය.
5 තවද මා විසින් මෙම තහඩු සෑදීම පිළිබඳ විස්තරයක් මෙතැන් සිට දෙනු ලැබේ; තවද එවිට, බලව, මම කී දේ අනුව මා කටයුතු කරන්නෙමි; තවද මා එසේ කරන්නේ වඩා ශුද්ධ වූ දේවල් මාගේ ජනතාවගේ දැනුම සඳහා තබන පිණිසය.
6 එසේනමුත්, මම එය ශුද්ධ වූ යැයි සිතනවා මිස තහඩු මත කිසිවක් නොලියන්නෙමි. තවද දැන්, මම වැරදි සිදු කළහොත්, ඔවුන් පැරණි කාලයේ පවා ද වැරදි කළාක් මෙන්; මම අන් මනුෂ්‍යයන් නිසා මාව නිදොස් කර ගන්නා නොව, නමුත් මා තුළ ඇති දුර්වලකම නිසා, මාංශයට අනුව, මම මාවම නිදොස් කර ගන්නෙමි.
7 මක්නිසාද සමහර මනුෂ්‍යයන් ඉතා වටිනා දේවල් යැයි අගයන එම දේවල්, ශරීරයට හා ප්‍රාණයට දෙකටම, වෙනත් අය නොසළකා හැර ඔවුන්ගේ පාද යට පාගා දමති. එසේය, ඊශ්‍රායල්වරුන්ගේ දෙවියන්වහන්සේ පවා මනුෂ්‍යයන් ඔවුන්ගේ පාද යට පාගා දමති; මම පවසන්නේ, ඔවුන්ගේ පාද යට පාගා දමති, නමුත් මම වෙනත් වචනවලින් කතා කරන්නෙමි – ඔවුන් උන්වහන්සේව නොසළකා හරිති, තවද උන්වහන්සේගේ උපදෙස්වල හඬට සවන් නොදෙති.
8 තවද බලව, දේවදූතයාගේ වචන වලට අනුව, මාගේ පියා ජෙරුසලම අත් හැර එයින් පිටත් වී අවුරුදු හයසියයකට පසු උන්වහන්සේ පැමිණෙන සේක.
9 තවද ලෝකය, ඔවුන්ගේ අයුතුකම් නිසා, උන්වහන්සේව නිශ්ඵල දෙයක් යැයි විනිශ්චය කරති; එබැවින් ඔවුන් උන්වහන්සේට කස පහර දෙති, තවද උන්වහන්සේ ඒ වේදනාව විඳ දරා ගන්නා සේක; තවද ඔවුන් උන්වහන්සේට පහර දෙති, තවද උන්වහන්සේ ඒ වේදනාව විඳ දරා ගන්නා සේක. එසේය, ඔවුන් උන්වහන්සේ මත කෙළ ගසති, තවද උන්වහන්සේ ඒ වේදනාව විඳ දරා ගන්නා සේක, මක්නිසාද උන්වහන්සේගේ ප්‍රේමණීය කරුණාව සහ මනුෂ්‍ය දරුවන් වෙතට දක්වන උන්වහන්සේගේ බොහෝ ඉවසිලිවන්තකම නිසාය.
10 තවද මිසරයේ වහල්භාවයෙන් පිටතට මගපෙන්වනු ලැබූ, තවද වනාන්තරයේ උන්වහන්සේ විසින් ආරක්ෂා කරනු ලැබූ, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, එසේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ, ඊසාක්ගේ දෙවියන්වහන්සේ සහ යාකොබ්ගේ දෙවියන්වහන්සේ තමන්වහන්සේම බාර වෙන සේක. දේවදූතයාගේ වචනවලට අනුව, මනුෂ්‍යයෙකු ලෙස, දුෂ්ට මනුෂ්‍යයන්ගේ අතට, ඔසවා තබනු පිණිස ද, සීනොක්ගේ වචනවලට අනුව, සහ කුරුසියේ ඇණ ගැසීමට, නෙයුම්ගේ වචනවලට අනුව, සහ සොහොන් ගෙයක තැන්පත් කිරීමට, අන්ධකාරයේ දින තුන ගැන ඔහු කතා කළ සීනොස්ගේ වචනවලට අනුව, එය ඔහුගේ මරණයේ ලකුණක් විය යුත්තේ මුහුදේ දූපත් වල වාසය කරන්නන්ට, වඩා විශේෂයෙන් ඊශ්‍රායල් වංශයේ අයට දෙනු ලැබේ.
11 මක්නිසාද අනාගතවක්තෘවරයා මෙසේ කීවේය: දෙවි වූ ස්වාමීන්වහන්සේ ඒ දවසේ දී මුළු ඊශ්‍රායල් වංශය වෙතට පැමිණෙන සේක, සමහරුන් උන්වහන්සේගේ හඬින්, මක්නිසාද ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නිසා, ඔවුන්ගේ මහත් ප්‍රීතිය හා ගැලවීම උදෙසා, තවද අන් අය උන්වහන්සේගේ බලයේ ගිගුරුම් සහ විදුලි කෙටීම් සමඟ, කුණාටුවෙන්, ගින්නෙන්, සහ දුමෙන්, සහ අන්ධකාරයේ වාෂ්පයෙන්, සහ පොළොවේ විවරයෙන් සහ කඳු මුදුනින් බැහැදකින සේක.
12 තවද මේ සියල්ල ස්ථිරවම පැමිණිය යුතු යැයි, අනාගතවක්තෘවරයා සීනොස් පවසන්නේය. තවද පොළොවේ පර්වත ඉරිතලා යා යුතුය; තවද පොළොවේ කෙඳිරිගෑම නිසා, මුහුදේ දූපත් වල බොහෝ රජවරුන් දෙවියන්වහන්සේගේ ආත්මය මත තනනු ලැබ: ස්වභාවධර්මයේ දෙවියන්වහන්සේ දුක් විඳින සේක යැයි කියනු ඇත්තේය.
13 තවද ජෙරුසලමේ සිටින අය උදෙසා, අනාගතවක්තෘවරයා මෙසේ පවසයි, ඔවුනට සියලු ජනතාවගෙන් කස පහර දෙනු ඇත්තේය, මක්නිසාද ඔවුන් ඊශ්‍රායලයේ දෙවියන්වහන්සේව කුරුසපත් කළ නිසා, තවද ඔවුන්ගේ හදවත් අහකට හරවා, සංකේත සහ හාස්කම්, සහ ඊශ්‍රායලයේ දෙවියන්වහන්සේගේ බලය සහ මහිමයත් ප්‍රතික්ෂේප කළ නිසාය.
14 තවද මක්නිසාද ඔවුන් ඔවුන්ගේ හදවත් අහකට දමන නිසා, අනාගතවක්තෘවරයා මෙසේ පවසයි, තවද ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේව ගරහා, ඔවුන් මාංශයේ අතරමංව, සහ විනාශ වන්නෝය, තවද අවලාදයක්ව සහ පරිහාසයක්ව, තවද සියළු ජාතීන් අතර වෛර කරනු ලබන්නෝය.
15 එසේනමුත්, එම දිනය පැමිණෙන විට, අනාගතවක්තෘවරයා මෙසේ පවසන්නේය, තවද ඔවුන් තවදුරටත් ඔවුන්ගේ හදවත් අහකට දමා ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේට එරෙහි නොවන්නේය, එවිට උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් සමඟ උන්වහන්සේ ඇති කරගත් ගිවිසුම් සිහිපත් කරන සේක.
16 එසේය, එවිට උන්වහන්සේ මුහුදේ දූපත් සිහිපත් කරන සේක; එසේය, තවද ඊශ්‍රායල් වංශයේ සියලු ජනතාව ද, අනාගතවක්තෘ සීනොස්ගේ වචනවලට අනුව, පොළොවේ සතර කොනින්, මම එක්රැස් කරගන්නෙමි යැයි ස්වාමීන්වහන්සේ පවසන සේක.
17 එසේය, තවද සියලු පොළොව ස්වාමීන්වහන්සේගේ ගැලවීම දකින්නේය, යැයි අනාගතවක්තෘවරයා පවසයි; සෑම ජාතියක්ම, ඥාතීන්, භාෂාවන් හා ජනතාවක්ම ආශිර්වාද ලබන්නෙහුය.
18 තවද මම, නීෆායි, මේ දේවල් මාගේ ජනතාව වෙත ලියන්නෙමි, එනම් සමහරවිට මා ඔවුන්ව පොළොඹවා, එනම් ඔවුන්ට ඔවුන්ගේ ස්වාමී වූ මිදුම්කරුවාණන් සිහි කිරීමටය.
19 එබැවින්, මා කතා කරන්නේ සියලු ඊශ්‍රායල් වංශයටම, ඔවුන් මේ දේවල් ලබා ගන්නේනම්ය.
20 මක්නිසාද බලව, මා තුළ ආත්මයාණන්ගේ ක්‍රියාකාරකම් ඇත්තේය, එය මා වෙහෙස කර ඇති අතර මාගේ සියලු සන්දි පවා ද දුර්වලය, ජෙරුසලමෙහි සිටින සියලු දෙනාට; උන්වහන්සේ පැරණි අනාගතවක්තෘවරුන්ට කළාක් මෙන්, ඔවුන් පිළිබඳ මට පෙන්වා දෙන්නට, ස්වාමීන්වහන්සේ කරුණාවන්තව නොසිටි සේක්නම්, මා ද විනාශ වන්නට තිබිණි.
21 තවද උන්වහන්සේ ඔවුන් පිළිබඳ පැරණි අනාගතවක්තෘවරුන් හට සියලු දේ පෙන්වා දුන් සේක; තවද උන්වහන්සේ අප පිළිබඳ බොහෝ දෙනාට පෙන්වූ සේක; එබැවින්, අපි ඒවා ගැන දැන සිටීමට අවශ්‍යය, මක්නිසාද ඒවා පිත්තල තහඩු මත ලියා ඇත්තේය.
22 දැන් එය මෙසේ සිදු විය, මම, නීෆායි, මාගේ සහෝදරයන් හට මේ දේවල් ඉගැන්වූවෙමි, තවද එය මෙසේ සිදු විය, එනම් පිත්තල තහඩු මත කැටයම් කළ, බොහො දේ මා ඔවුන්ට කියෙව්වෙමි, එනම් අනික් දේශවල, පැරණි ජනතා අතර, ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් පිළිබඳ ඔවුන්ගේ දැනගැනීම පිණිසය.
23 තවද මෝසෙස්ගේ පොත්වල ලියා තිබුනු බොහෝ දේ මා ඔවුන් වෙත කියෙව්වෙමි; එහෙත් එනම් මා ඔවුන්ගේ මිදුම්කරුවාණන් වූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට ඔවුන්ව තවත් සම්පූර්ණව පොළඹවනු පිණිස මම යෙසායා අනාගතවක්තෘවරයා විසින් ලියන ලද දේ ඔවුන් වෙත කියෙව්වෙමි; මක්නිසාද මා ඒ සියලු ශුද්ධ ලියවිලි අප හට සමාන කළෙමි, එනම් එය අපගේ ප්‍රයෝජනය සහ ඉගෙන ගැනීම පිණිසය.
24 එබැවින් මා ඔවුන් හට කතා කොට, පැවසුවෙමි: කඩා දැමූ අත්තක් වූද, ඊශ්‍රායල් වංශයේ ඉතිරි වූවන් වූ නුඹලා, නුඹලා අනාගතවක්තෘවරයාගේ වචනවලට සවන් දෙනු මැනව; සියලු ඊශ්‍රායල් වංශයටම ලියන ලද, නුඹලාට මෙන් ඒවා සමාන කරගන්න, එනම් නුඹගෙන් කඩා වෙන්කර ඇති නුඹලාගේ සහෝදරයන්ට මෙන්ම නුඹලා හටද බලාපොරොත්තුව ඇති වන පිණිස; මක්නිසාද අනාගතවක්තෘවරයා ලියා ඇත්තේ මේ ආකාරයෙන්ය.