10 වන පරිච්ඡේදය
බබිලෝනියානුවන් විසින් යුදෙව්වන්ව වහල්භාවයට ගෙන යනු ලබන බවට ලීහායි අනාවැකි කියයි – යුදෙව්වන් අතරට මෙසියස්වහන්සේ, ගැළවුම්කරුවාණන් හා මිදුම්කරුවාණන්ගේ පැමිණීම ගැන ඔහු කියයි – ලීහායී එසේම දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් බෞතීස්ම කරන්නාවු තැනැත්තාගේ පැමිණීම පිළිබඳව කියයි – ලීහායි මෙසියස්වහන්සේගේ මරණය සහ උත්ථානය ගැන කියයි – ඔහු ඊශ්‍රායලය විසුරුවාලීම සහ එක්රැස් කිරීම ඔලිව ගසක් හා සංසන්දනය කරයි – නීෆායි දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ගැන, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව පිළිබඳව, සහ ධර්මිෂ්ඨකම සඳහා ඇති අවශ්‍යතාවය ගැන කථා කරයි. ක්‍රි.පූ. 600–592 පමණ.
1 තවද දැන්, මම, නීෆායි, මාගේ රාජ්‍ය කාලය සහ මෙහෙවර පිළිබඳ, මාගේ ක්‍රියාවල විස්තරය මෙම තහඩු මත තබන්නෙමි; එබැවින්, මාගේ විස්තරය කරගෙන යාමේදි, මම මාගේ පියාගේ, සහ මාගේ සහෝදරයන්ගේ, සමහරක් දේවල් පිළිබඳව කතා කළ යුතු වන්නේය.
2 මක්නිසාද බලව, තවද එය මෙසේ සිදු විය, මාගේ පියා තමන් දුටු සිහිනේ වචනවලින් කීම අවසන් වූ පසු, තවද සියලු උද්‍යෝගයෙන් ඔවුන්ව දිරිමත් කිරීමෙන් පසු, ඔහු යුදෙව්වන් පිළිබඳව ඔවුන්ට කතා කළේය –
3 එනම් ඒ බලවත් නගරය වන, යෙරුසලම පවා විනාශ වූ පසු, තවද බොහෝ අයව වහල්භාවයට ගෙන බබිලෝනියට ගෙන යනු ලැබ, ස්වාමීන්වහන්සේගේ යථා කාලයට අනුකුලව, ඔවුන් නැවත පැමිණ, එසේය, ඔවුන් නැවත වහල්භාවයෙන් පිටතට ගෙන එන්නේය; තවද ඔවුන් වහල්භාවයෙන් පිටතට ගෙන ආ පසු ඔවුන් ඔවුන්ගේ උරුමයේ දේශය නැවත අයිති කරගන්නෝය.
4 එසේය, මාගේ පියා ජෙරුසලමෙන් පිටවී වසර හයසියයක කාලයක් ගත වූවත්, දෙවි වූ ස්වාමීන්වහන්සේ යුදෙව්වන් අතර අනාගතවක්තෘවරයෙකුව නැඟිටුවාලන සේක – මෙසියස්වහන්සේ කෙනෙකු වූවත්, නැතහොත්, වෙනත් වචනවලින් කිවහොත් ලෝකයේ ගැලවුම්කරුවාණන්ය.
5 තවද ඔහු අනාගතවක්තෘවරුන් ගැන ද කතා කළේය, කොපමණ විශාල පිරිසක් මේ දේවල් ගැන සාක්ෂි දුන්නෝද, මෙම මෙසියස්වහන්සේ පිළිබඳව ඔහු විසින් පවසන ලද්දේ, හෝ ලෝකයේ මිදුම්කරුවාණන් පිළිබඳවය.
6 එබැවින්, සියලු මනුෂ්‍ය වර්ගයා අතරමංව වැටුණු තත්වයක සිටිය අතර, තවද කිසිවිටක හෝ ගැළවීම ලබන්නේ නම් ඔවුන් මෙම මිදුම්කරුවාණන් මත රැඳී සිටිය යුතුවන්නේය.
7 තවද ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළ කිරීම සඳහා, මෙසියස්වහන්සේට කලින් පැමිණිය යුතු අනාගතවක්තෘවරයෙකු ගැන ද ඔහු කතා කළේය –
8 එසේය, එපමණක් නොව, ඔහු ගොස් වනාන්තරයේ මොරගසන්නේය: නුඹලා ස්වාමීන්වහන්සේගේ මාර්ගය සූදානම් කර, උන්වහන්සේගේ මාවත් කෙළින් කරන්න. මක්නිසාද නුඹලා නොදන්නා කෙනෙකු නුඹලා අතරේ සිටින්නේය; තවද උන්වහන්සේ මට වඩා බලවත්ය, උන්වහන්සේගේ පාවහන්වල පටිය ලිහන්නටද මම නොවටින්නෙමි. තවද මෙම කාරණය ගැන මාගේ පියා බොහෝ දේ කීවේය.
9 තවද මාගේ පියා ජෝර්දානයෙන් එපිට බෙතබාරාහි බෞතීස්ම කළ යුතු බව කීවේය; ඔහු ජලයෙන් බෞතීස්ම කළ යුතු බව ද කීවේය; ඔහු මෙසියස්වහන්සේ මෙන් වූවත් ජලයෙන් බෞතීස්ම කළ යුතුය.
10 තවද ඔහු මෙසියස්වහන්සේව ජලයෙන් බෞතීස්ම කළ පසු, ඔහු එනම් ලෝකයේ පාපයන් දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් බෞතීස්ම කළ බව දැක සාක්ෂි දැරිය යුතුය.
11 තවද එය මෙසේ සිදු විය, මාගේ පියා මේ වචන කී පසු, ඔහු මාගේ සහෝදරයන් හට කතා කර යුදෙව්වන් අතර දේශනා කළ යුතු ශුභාරංචිය ගැනත්, යුදෙව්වන් අවිශ්වාසයෙන් පිරිහීම ගැනත් කීවේය. තවද, ඔවුන් පැමිණිය යුතු වූ මෙසියස්වහන්සේව නැසූ පසු, තවද උන්වහන්සේව නැසූ පසු, උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිට, ශුද්ධාත්මයාණන් තුළින්, අන්‍යජාතීන් හට උන්වහන්සේ ප්‍රකාශ වන සේක.
12 එසේය, මාගේ පියා පවා අන්‍යජාතිකයන් පිළිබඳවද, ඊශ්‍රායෙල් වංශය පිළිබඳවද, බොහෝ දේ පැවසුවේ, ඔවුන් ඔලීව ගසකට සමාන කළ යුතු බවත්, එහි අතු කඩා දමා මුළු පොළෝ තලය පුරා විසිරී යන මෙන්ය.
13 එබැවින්, ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස, අපව පොරොන්දු දේශයට අන්‍යෝන්‍ය එකඟතාවයකින් ගෙන යා යුතු බව, එනම් අප මුළු පොළෝ තලයෙහිම විසිරුවා හරින බව ඔහු පැවසීය.
14 තවද ඊශ්‍රායෙල් වංශය විසිරී ගිය පසු ඔවුන් නැවත රැස් කළ යුතුය; නොහොත්, කොටින්ම, අන්‍යජාතීන්ට ශුභාරංචියේ සම්පූර්ණත්වය ලැබුණු පසු, ඔලිව ගසේ ස්වාභාවික අතු හෝ ඊශ්‍රායෙල් වංශයේ ඉතිරි කොටස්, බද්ධ කළ යුතුය, නැතහොත් ඔවුන්ගේ සැබෑ මෙසියස්වහන්සේ වන, ස්වාමීන්වහන්සේ සහ ඔවුන්ගේ මිදුම්කරුවාණන්ගේ දැනුමට පැමිණිය යුතු වන්නේය.
15 තවද මේ ආකාරයේ භාෂාවෙන් පසුව, මාගේ පියා අනාවැකියෙන් මාගේ සහෝදරයන් සමඟ කතා කළ අතර, තවද මා මෙම පොතෙහි වාර්ථා නොකරන්නා වූ තවත් බොහෝ දේ ඇත; මක්නිසාද ඒවායින් මට යෝග්‍යය බොහෝමයක් මම මාගේ අනෙක් පොතෙහි ලියා ඇත්තෙමි.
16 තවද මා විසින් කතා කල මේ සියලු දේවල්, ලෙමුවෙල් නිම්නයේ, මාගේ පියා කූඩාරමක ජීවත්වූ විට කරන ලදී.
17 තවද එය මෙසේ සිදු විය, මම නීෆායි, මාගේ පියා දර්ශනයකින් දුටු දේ ගැනත්, තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද කතා කළ කී සියලු වචන අසා, එය දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ලෙන් ඔහුට ඒ බලය ලැබූ අතර – තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූයේ පැමිණිය යුතු මෙසියස්වහන්සේය – මම, නීෆායි, එසේම ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් මේ දේවල් දකිනු පිණිසද, අසනු පිණිසද, තවද දැන ගැනීම පිණිසද ආශාවෙන් සිටියෙමි, එය පුරාණ කාලයේ මෙන්ම මනුෂ්‍ය දරුවන්ට උන්වහන්සේව ප්‍රකාශ කළ යුතු කාලයක දී ද, උද්‍යෝගයෙන් උන්වහන්සේව සොයන්නාවූ සියල්ලන්ට දෙවියන්වහන්සේගේ දීමනාව එය වන්නේය.
18 මක්නිසාද උන්වහන්සේ ඊයේත්, අදත් සහ සදාකාලයටම ඒකාකාරය; ඔවුන් පසුතැවිලි වී උන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නම්, ලෝකයේ පටන්ගැන්මේ සිට සියලු මනුෂ්‍යයන්ට මාර්ගය පිළියෙල කර ඇත්තේය.
19 මක්නිසාද එනම් උද්‍යෝගයෙන් සොයන්නාට සම්බවන්නේය; තවද මේ කාලයේදී මෙන්ම පැරණි කාලයේදී ද, තවද පැරණි කාලයේදී මෙන්ම පැමිණෙන්නට තිබෙන්නාවු කාලයේදී ද, දෙවියන්වහන්සේගේ අභිරහස් ඔවුන් හට ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් එළිදරව් කරනු ලබන්නේය; එබැවින්, ස්වාමීන්වහන්සේගේ ගමන් මාර්ගය සදාකාලික එක චක්‍රයක් වනනේය.
20 එසේහෙයින් මතක තබා ගන්න, අහෝ මනුෂ්‍යයෙනි, මක්නිසාද නුඹලාගේ සියලු ක්‍රියා වලට නුඹලාව විනිශ්චයට පමුණුවනු ලබන්නෙහිය.
21 එබැවින්, නුඹලාගේ පරිවාස කාලයේදී, නුඹලා දුෂ්ට දේ කිරීමට උත්සාහ කර ඇත්තෙහු නම්, එවිට නුඹලා දෙවියන්වහන්සේගේ විනිශ්ච-ආසනය ඉදිරියෙහි අපවිත්‍ර යැයි සොයාගනු ලබන්නෙහිය; තවද කිසිඳු අපවිත්‍ර දේකට දෙවියන්වහන්සේ සමඟ වාසය කළ නොහැක; එබැවින්, නුඹලාව සදාකාලයටම නෙරපා හරිනු ලබන්නෝය.
22 තවද මේ දේවල් ප්‍රතික්ෂේප නොකර, මේ දේවල් කතා කරන පිණිස ශුද්ධාත්මයාණන් මා හට අධිකාරී බලය ලබා දෙන සේක.