12 වන පරිච්ඡේදය
නීෆායි පොරොන්දු දේශය දර්ශනයකින් දකියි; එහි වැසියන්ගේ ධර්මිෂ්ඨකම්, අයුතුකම් සහ වැටී යාම; දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් ඔවුන් අතරට පැමිණීම; ගෝලයන් දොළොස්දෙනා සහ ප්‍රේරිතයන් දොළොස්දෙනා ඊශ්‍රායලය විනිශ්චය කරන්නා වූ ආකාරය; තවද විශ්වාසයෙන් පිරිහෙන අයගේ පිළිකුල් සහගත හා අපවිත්‍ර ස්වභාවය. ක්‍රි.පූ. 600–592 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් දේවදූතයා මට මෙසේ කීවේය: බලව, තවද නුඹගේ වංශය සහ නුඹගේ සහෝදරයන්ගේ වංශය ද බලන්න. තවද මම බැලුවෙමි, තවද පොරොන්දු දේශය දුටුවෙමි; තවද මා ජනසමූහයක් දුටුවෙමි, එසේය, එය මුහුදේ වැලි මෙන් වූ බොහෝ සංඛ්‍යාවක් විය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් එකිනෙකාට විරුද්ධව, සටන් කිරීම සඳහා ජනසමූහයක් එක් රැස්ව සිටිනවා මම දුටුවෙමි; තවද මාගේ ජනතාව අතරේ යුද්ධ සහ යුද්ධ පිළිබඳ කටකතා සහ කඩුවෙන් සිදු වන්නා වූ බලවත් නැසීයාම් ද මා දුටුවෙමි.
3 තවද එය මෙසේ සිදු විය, එනම් දේශයේ පැවති මෙම ආකාර යුද්ධ සහ මතභේද වලින් පසුව, බොහෝ පරම්පරාවන් පහව යනවා මා දුටුවෙමි; තවද මා බොහෝ නගරයන් දුටුවෙමි, එසේය, ඒවා මා ගණන්වත් නොකළේය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් අන්ධකාරයේ මීදුමක් පොරොන්දු දේශයේ මතුපිට තිබෙනවා මම දුටුවෙමි; තවද මා අකුණු දුටුවෙමි, තවද ගිගුරැම් හඬද, භූමිකම්පා සහ සියලු ආකාරයේ උද්ඝෝෂාකාර ශබ්ද ද මට ඇසුනේය; තවද මා පොළොව සහ පර්වතයන් දුටුවෙමි, එනම් ඒවා පැලුනේය; තවද මා කඳු කැබලි වලට කඩා වැටෙනවා දුටුවෙමි; තවද මම පොළොවේ තැනිතලා දුටිමි, එනම් ඒවා කැඩී තිබුණේය; තවද මා බොහෝ නගර දුටුවෙමි, එනම් ඒවා ගිලී තිබුණේය; තවද මම බොහෝ ඒවා ගින්නෙන් දැවී තිබෙනවා දුටුවෙමි; තවද එනම් බොහෝ ඒවා එහි වූ කම්පනය හේතුවෙන් පොළොවට කඩා වැටෙනවා දුටුවෙමි.
5 තවද එය මෙසේ සිදු විය, මා මෙම දේවල් දුටුවාට පසු, අන්ධකාරයේ මීදුමක් දුටුවෙමි, තවද එය පොළොව මතුපිටින් ඉවත් විය; තවද බලව, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ බලවත් වූ භයානක විනිශ්චය නිසා නොවැටුනු ජනසමූහයක් මා දුටුවෙමි.
6 තවද මම ස්වර්ගය විවරව, තවද දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් ස්වර්ගයෙන් බසිනවා දුටුවෙමි; තවද උන්වහන්සේ පහතට පැමිණ ඔවුන් හට තමන්වහන්සේව පෙන්වූ සේක.
7 තවද ශුද්ධාත්මයාණන්වහන්සේ තවත් දොළොස් දෙනෙකු මත වගුරවනු ලැබූ බව මා දැක සාක්ෂි දරමි; තවද ඔවුන් දෙවියන්වහන්සේගෙන් නියම වී, තෝරා ගන්නා ලද්දේය.
8 තවද දේවදූතයා මා හට කතා කොට: නුඹගේ වංශයට උපස්ථාන කිරීමට තෝරාගත් බැටළුපැටවාණන්ගේ ගෝලයන් දොළොස් දෙනා දෙස බලන්න යැයි කීවේය.
9 තවද ඔහු මා හට මෙසේ කීවේය: නුඹට බැටළුපැටවාණන්ගේ ප්‍රේරීතවරයන් දොළොස්දෙනා සිහිවන්නේද? බලව එනම් ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළහ විනිශ්චය කරනු ලබන්නා වූ අය ඔවුන් වන්නේය; එබැවින් නුඹගේ වංශයේ උපස්ථායකයින් දොළොස් දෙනා විනිශ්චය කරනුයේ ද ඔවුන් විසින්ය; මක්නිසාද නුඹලා ඊශ්‍රායෙල් වංශයේ වන්නේය.
10 තවද නුඹ දුටු මෙම උපස්ථායකයින් දොළොස් දෙනා නුඹගේ වංශය විනිශ්චය කරනු ඇත්තේය. තවද බලව, ඔවුහු සදාකල්හිම ධර්මිෂ්ඨ වන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් කෙරෙහි ඔවුන්ගේ ඇති ඇදහිල්ල නිසාවෙන් ඔවුන්ගේ වස්ත්‍ර උන්වහන්සේගේ රුධිරයේ සුදු කර ඇත්තේය.
11 තවද දේවදූතයා මා හට මෙසේ කීවේය: බලන්න! තවද මම බැලුවෙමි, තවද පරම්පරාවල් තුනක් ධර්මිෂ්ඨභාවයේ පහව යනවා දුටුවෙමි; තවද ඔවුන්ගේ වස්ත්‍ර දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ මෙන් සුදු බව දුටුවෙමි. තවද දේවදූතයා මා හට කථා කොට: බැටළුපැටවාණන් තුළ ඔවුන්ගේ වූ ඇදහිල්ල නිසාවෙන්, උන්වහන්සේගේ රුධිරයෙන් මේවා සුදු කර ඇති බව කීවේය.
12 තවද මම නීෆායි, ධර්මිෂ්ඨකමින් මිය ගිය සතරවන පරම්පරාවේ බොහෝ අයවලුන් ද දුටුවෙමි.
13 තවද එය මෙසේ සිදු විය, එනම් පොළොවේ සමූහයක් රැස්ව සිටිනවා මම දුටුවෙමි.
14 තවද දේවදූතයා මට කථා කොට: බලව, නුඹගේ වංශය සහ නුඹගේ සහෝදරයන්ගේ ද වංශය දෙස බලන්න යැයි කීවේය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් මම බැලූ විට මාගේ වංශයේ ජනතාව සමූහයන් ලෙස එක් රැස්වී මගේ සහෝදරයන්ගේ වංශයට විරුද්ධව සිටිනු දුටුවෙමි; තවද ඔවුන් සටන් කිරීමට රැස්ව සිටියෝය.
16 තවද දේවදූතයා මට කථාකොට: නුඹගේ පියා දුටු අපවිත්‍ර ජලය ඇති උල්පත ද; එසේය, ඔහු කථා කළ ගංගාව පවා ද බලන්න; තවද එහි ගැඹුර නිරයේ ගැඹුර වන්නේ යැයි කීවේය.
17 තවද අන්ධකාරයේ මීදුම වනුයේ යක්ෂයාගේ පරීක්ෂාවන්ය, එය ඇස් අන්ධ කර, තවද මනුෂ්‍ය දරුවන්ගේ හදවත් දැඩි කරන්නේය, තවද ඔවුන්ව පළල් මාර්ග වලින් ඉවතට මග පෙන්වන්නේය, එනම් ඔවුන්ව නැසී නැති වන පිණිසය.
18 තවද නුඹගේ පියා දුටු, එම මහත් සහ විශාල ගොඩනැගිල්ල, මනුෂ්‍ය දරුවන්ගේ නිෂ්ඵල සිතිවිලි සහ උඩඟුකමය. එසේය, සදාකාලික දෙවියන්වහන්සේ සාධාරණ වූ වචනය ද, තවද ශුද්ධාත්මයාණන් ලෝකයේ පටන්ගැන්මේ සිට මේ කාලය දක්වා ද, තවද මෙම කාලයේ පටන් සදාකාලයටම, සාක්ෂි දරන්නා වූ දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් වූ මෙසියස්වහන්සේ පවා, තවද ඔවුන්ව වෙන් කරන්නා වූ විශාල සහ භයානක ආඝාදයක් වන්නේය.
19 තවද දේවදූතයා මෙම වචන කථා කරන අතරතුර, දේවදූතයාගේ වචන වලට අනුකූලව, එනම් මාගේ සහෝදරයන්ගේ වංශය මාගේ වංශයට විරුද්ධව සටන් කරනවා මා දුටුවෙමි; තවද මාගේ වංශයේ උඩඟුකම සහ යක්ෂයාගේ පරීක්ෂාවන් හේතුකොට ගෙන, එනම් මාගේ සහෝදරයන්ගේ වංශය මාගේ වංශයේ ජනතාව යටත් කර ගන්නවා මා දුටුවෙමි.
20 තවද එය මෙසේ සිදු විය, එනම් මම බැලූ විට, එනම් මාගේ සහෝදරයන්ගේ වංශයේ ජනතාව මාගේ වංශය යටත් කර ගන්නවා දුටුවෙමි; තවද ඔවුන් සමූහ වශයෙන් දේශය මත ඉදිරියට ගියෝය.
21 තවද ඔවුන් සමූහයන් වශයෙන් එක් රැස්ව සිටිනවා මම දුටුවෙමි; තවද මා ඔවුන් අතර වූ යුද්ධ සහ යුද්ධ පිළිබද කටකතා දුටුවෙමි; තවද යුද්ධ සහ යුද්ධ පිළිබද කටකතා වලදී බොහෝ පරම්පරාවන් පහව යනවා මා දුටිමි.
22 තවද දේවදූතයා මට මෙසේ කීවේය: බලව, මොවුන් විශ්වාසයෙන් පිරිහෙන්නේය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් විශ්වාසයෙන් පිරිහිනු පසු ඔවුන් කළු වූ, ඉතා අප්‍රසන්න වූ සහ කම්මැලි කමින් සහ සියලු ආකාර පිළිකුල්කමින් පිරුනු ජනතාවක් බවට පත්වුනු බව මා දුටුවෙමි.