16 වන පරිච්ඡේදය
දුෂ්ටයන් සත්‍යය දුෂ්කර ලෙස සලකති – ලීහායිගේ පුත්‍රයෝ ඉෂ්මායෙල්ගේ දූවරුන් හා විවාහ වෙති – ලියහෝනාව මගින් ඔවුන්ට වනාන්තරයේ ගමන් මග පෙන්වයි – ස්වාමීන්වහන්සේගේ පණිවුඩ ලියහෝනාව මත විටින් විට ලියනු ලබයි – ඉෂ්මායෙල් මරණයට පත් වෙයි; පීඩාවන් නිසා ඔහුගේ පවුලේ අය මැසිවිලි නඟති. ක්‍රි.පූ. 600–592 පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, මාගේ සහෝදරයන්ට කථා කළාට පසුව, බලව මා හට ඔවුහු මෙසේ කීහ: නුඹ අපට දරා ගැනීමට නොහැකි, අමාරු දේ ප්‍රකාශ කර ඇත්තෙහිය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් මා සත්‍යයට අනුව, නපුරන්ට විරුද්ධව තදින් දේවල් කථාකර ඇති බව මා දන්නා බව ඔවුන්ට මම කීවෙමි; තවද මම ධර්මිෂ්ඨයන්ව නිදොස් කළෙමි, තවද ඔවුන් අවසාන දවසේදී ඔසවනු ලැබිය යුතු බවට සාක්ෂි දරා ඇත්තෙමි; එබැවින් වරදකරුවෝ සත්‍යය දුෂ්කර ලෙස සලකති, මක්නිසාද එය ඔවුන්ව මධ්‍යයටම කපනු ඇත්තේය.
3 තවද දැන් මාගේ සහෝදරයිනි, නුඹලා ධර්මිෂ්ඨ නම් සත්‍යය ඇසීමට කැමති නම්, තවද එයට ඇහුම්කම් දෙන්නේ නම්, එනම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සෘජුව ගමන් කරන්නාහුය, එවිට නුඹලා සත්‍යය නිසා මැසිවිලි නගන්නේවත්, තවද නුඹ අපට විරුද්ධව දුෂ්කර දේවල් කියන්නේය කියා නුඹලා පවසන්නේවත් නොමැත්තේය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, සියලු උද්යෝගයෙන්, ස්වාමීන්වහන්සේගේ අණ පනත් පිළිපදින මෙන් මාගේ සහෝදරයන්ව දිරිමත් කළෙමි.
5 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු ස්වමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්වම නිහතමානී කරගත්තේය; එපමණකින්ම එනම්, ඔවුන් ධර්මිෂ්ඨකමේ මාවත්වල ගමන් කරනු ඇතැයි මා තුළ ඔවුන් කෙරෙහි ප්‍රීතියක් සහ බලවත් බලපොරොත්තු ඇති විය.
6 දැන්, මෙම සියලු දේවල් කියන ලද්දේ සහ කරන ලද්දේ, මාගේ පියා ලෙමුවෙල් යයි ඔහු නම් කරන ලද නිම්නයේ කූඩාරම තුළ සිටියදීය.
7 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, ඉෂ්මායෙල්ගේ දූවරුන්ගෙන් කෙනෙකු භාර්යාව කොට ගතිමි; තවද එසේම, මාගේ සහෝදරයෝද ඉෂ්මායෙල්ගේ දූවරුන්ව භාර්යාවන් කොට ගත්හ; තවද එසේම සෝරාම්, ඉෂ්මායෙල්ගේ වැඩිමහල්ම දුව භාර්යාව කරගත්තේය.
8 තවද මෙසේ මාගේ පියා ස්වාමීන්වහන්සේ විසින් ඔහුට දී තිබූ සියලුම අණපනත් සම්පූර්ණ කර සිටියේය. තවද එසේම මම, නීෆායි, ස්වාමීන්වහන්සේගෙන් ආශිර්වාද බෙහෙවින් ලැබ සිටියෙමි.
9 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේගේ හඬ රාත්‍රියේ දී මාගේ පියා හට කථා කර, තවද ඊළඟ දවසේදී ඔහු ඔහුගේ ගමන වනාන්තරය තුළට ගෙන යා යුතු බවට අණ කළේය.
10 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ පියා උදෑසන නැඟිට, කූඩාරමේ දොර වෙත ගිය විට, ඔහුගේ බලවත් විස්මයට පුදුමාකාර ශිල්ප නිමාවකින් යුක්ත වූ රවුම් ගෝලාකාර වූ බෝලයක් පොළොව මත තිබෙනවා ඔහු දුටුවේය; තවද එය සියුම් පිත්තලින් යුක්ත විය. තවද බෝලය මත කූරු දෙකක් විය; තවද එකක් අප වනාන්තරයට යා යුතු මාර්ගය පෙන්නුම් කළේය.
11 තවද එය මෙසේ සිදු විය, එනම් වනාන්තරය තුළට අප ගෙන යා යුතු දේවල්ද, තවද ස්වාමීන්වහන්සේ අප හට දී තිබුනු අපගේ ආහාර වලින් ඉතුරුවූ සියල්ල අපි එක් රැස් කළෙමු; තවද වනාන්තරය තුළට අපට ගෙනයාම පිණිස සෑම වර්ගයකම බීජ අපි ගත්තෙමු.
12 තවද එය මෙසේ සිදු විය, එනම් අපි අපගේ කූඩාරම් ද රැගෙන, ලේමන් ගඟ හරහා වනාන්තරය තුළට පිටත්වුනෙමු.
13 තවද එය මෙසේ සිදූ විය, එනම් අපි දවස් හතරක කාලයක්, දකුණු ගිනිකොණ දිශාවට කිට්ටුවෙන් ගමන් කර, තවද අපි නැවත කූඩාරම් ගැසුවෙමු; තවද අපි එම ස්ථානය ෂාසර් යයි නම් කළෙමු.
14 තවද එය මෙසේ සිදු විය, එනම් අප අපගේ දුනු හා අපගේ ඊතල රැගෙන අපගේ පවුල් සඳහා ආහාර දඩයම් කිරීමට වනාන්තරය තුළට ගියෙමු; තවද අප අපගේ පවුල් සඳහා ආහාර දඩයම් කළාට පසුව, අපි නැවත වනාන්තරයෙහි ෂාසර් නම් ස්ථානයේ අපගේ පවුල් වෙතට ගියෙමු. තවද පෙර ගිය දිශාවම අනුගමනය කරමින්, අප රතු මුහුද අසල වූ මායිම් වල, වනාන්තරයේ ඉතාමත් සශ්‍රීක කොටස් වල යමින් වනාන්තරයෙහි නැවතත් ඉදිරියට ගියෙමු.
15 තවද එය මෙසේ සිදු විය, එනම් අපගේ දුනු වලින් සහ ඊතල වලින්ද, අපගේ ගල් වලින් සහ අපගේ ගල් පටි වලින්ද, ගමන් මාර්ගයේදී ආහාර දඩයම් කරමින් අප බොහෝ දවස් ගමන් කළෙමු.
16 තවද අප බෝලයේ ගමන් මඟ අනුගමනය කෙළෙමු, එය අපට වනාන්තරයේ වඩා සශ්‍රීක කොටස් වලට මඟ පෙන්වුයේය.
17 තවද බොහෝ දවස්වල කාලයක් අප ගමන් කර තිබුනාට පසු, අප ගිමන් නිවාගැනීමට සහ අපගේ පවුල්වලට ආහාර ලබා ගැනීමට බොහෝ දවසක කාල පරාසයක් පුරාවට අපගේ කූඩාරම් ගැසුවෙමු.
18 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, ආහාර දඩයම් කිරීමට ඉදිරියට ගිය විට, බලව, සියුම් වානේ වලින් සාදන ලද මාගේ දුන්න මාගේ අතින් කැඩුණි; තවද මා අතින් මාගේ දුන්න කැඩුණු පසු, බලන්න මාගේ දුන්න නැතිවීම නිසා අපට ආහාර නොලැබෙන නිසා මාගේ සහෝදරයින් මා සමග කෝප විය.
19 තවද එය මෙසේ සිදු විය, එනම් අපි ආහාර නොමැතිව අපගේ පවුල් වෙත ආපසු ආවෙමු, තවද ඔවුන් ගමන් කිරීම නිසා වූ වෙහෙස නිසාද, කෑම නොමැතිකම නිසාද ඔවුන් බොහෝ සෙයින් වේදනා වින්දේය.
20 තවද එය මෙසේ සිදු විය, එනම් වනාන්තරයෙහි ඔවුන්ගේ දුක් පීඩාවන් නිසාවෙන් ලේමන් ද ලෙමුවෙල් ද, තවද ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ද බෙහෙවින් මැසිවිලි නැගීමට පටන් ගත්තේය; තවද මාගේ පියා ද, ස්වාමීන් වූ ඔහුගේ දෙවියන්වහන්සේට විරුද්ධව මැසිවිලි නැගීමට පටන් ගත්තේය; එසේය, තවද ඔවුන් සියල්ලෝම අතිශයින් දොම්නස්ව, ස්වාමීන්වහන්සේට පවා විරුද්ධව මැසිවිලි නැගුවෝය.
21 දැන් එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, මාගේ දුන්න නැතිවීම නිසා මාගේ සහෝදරයන් විසින් පීඩාවට පත් කරනු ලදුව, ඔවුන්ගේ දුනුවල විදින සුළු ගතිය නැතිවීම නිසා, එය බෙහෙවින් දුෂ්කර වීමට පටන් ගත්තේය, එසේය, එපමණකින් එනම් අපට ආහාර ලබා ගැනීමට පවා නොහැකි විය.
22 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, මාගේ සහෝදරයන්ට බොහෝ සෙයින් කථා කළෙමි, මක්නිසාදයත් ඔවුහු ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට පවා විරුද්ධව පැමිණිලි කරන්නට තරම් ඔවුන්ගේ හදවත් දැඩිකර ගෙන සිටියෝය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, දැවයෙන් දුන්නක්ද කෙලින් ලීයකින් ඊතලයක්ද සෑදුවෙමි, එබැවින් මම දුන්නක් සහ ඊතලයකින් ද, ගල් පටියකින් සහ ගල් වලින්ද සන්නද්ධ වූවෙමි. තවද මම මාගේ පියාට මෙසේ කීවෙමි: ආහාර ලබා ගැනීමට මා යා යුත්තේ කොතනට ද?
24 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ස්වාමීන්වහන්සේගෙන් විමසුවේය, මක්නිසාදයත් ඔවුන් මාගේ වචන නිසා ඔවුන්වම යටහත් කර ගත්තෝය; මක්නිසාද මම මාගේ ප්‍රාණයේ ශක්තියෙන් බොහෝ දේවල් ඔවුන් හට කීවෙමි.
25 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේගේ හඬ මාගේ පියා වෙත පැමිණියේය; තවද ඔහුගේ ස්වාමීන්වහන්සේට විරුද්ධව මැසිවිලි නැගීම නිසා ඔහුව සත්‍යය වශයෙන්ම හික්මවනු ලැබීය, එපමණකින් එනම් ඔහු ශෝකයේ ගැඹුරටම පත් කරනු ලැබීය.
26 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේගේ හඬ ඔහු හට මෙසේ කීවේය: බෝලය දෙස බලන්න, තවද ලියා ඇති දේවල් දෙස බලන්න.
27 තවද එය මෙසේ සිදු විය, එනම් මාගේ පියා බෝලය මත ලියන ලද දේවල් දුටුවිට, ඔහුද එසේම මාගේ සහෝදරයෝද, ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝද, තවද අපගේ භාර්යාවෝද බිය වී, තවද බෙහෙවින් වෙව්ලුවෝය.
28 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, බෝලයේ වූ දර්ශක, ඒවා වෙත අප දුන් ඇදහිල්ල ද උද්‍යෝගය සහ සැලකිල්ලද අනුව ක්‍රියා කළ බව දුටුවෙමි.
29 තවද එහි මත එය කියවීමට පහසු වූ, ස්වාමීන්වහන්සේගේ මාර්ග පිලිබඳ අපට අවබෝධයක් ලබා දුන්, අලුත් ලියවිල්ලක් ලියා තිබුණේය; තවද අප එයට දුන් ඇදහිල්ල සහ උද්‍යෝගයට අනුකූලව, කාලයෙන් කාලයට එහි ලියා තිබූ දේ වෙනස් වූවේය. තවද කුඩා දේවල් වලින් ස්වාමීන්වහන්සේට බලවත් දේවල් කළ හැකි බව මෙසේ අප දකින්නෙමු.
30 තවද එය මෙසේ සිදු විය, එනම් මම, නීෆායි, බෝලය මත දෙන ලද උපදෙස් අනුව කන්දේ මුදුනට ගියෙමි.
31 තවද එය මෙසේ සිදු විය, එනම් මම කැලෑ සතුන් දඩයම් කළෙමි, එපමණකින් එනම්, මම අපගේ පවුල් උදෙසා ආහාර ලබා ගත්තෙමි.
32 තවද එය මෙසේ සිදු විය, එනම් මම මරණ ලද සතුන් ඔසවාගෙන, මා අපගේ කූඩාරම් වෙත හැරී ගියෙමි; තවද මා ආහාර ලබාගෙන තිබුනු බව ඔවුන් දුටු විට, ඔවුන්ගේ ප්‍රීතිය කෙතරම් බලවත් වීද! තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්වම යටහත් පහත් කරගත්හ, තවද උන්වහන්සේට ස්තූති පුද කළහ.
33 තවද එය මෙසේ සිදු විය, එනම් අප පටන්ගැන්මේදී ගමන් ගත් මාර්ගයෙහි අප නැවත ගමන් කළෙමු; තවද අප බොහෝ දවස් ගණනක කාල පරාසයක් පුරාවට ගමන් කිරීමෙන් පසු, එනම් අප කාල පරාසයක් පුරාවට නැවතීම සඳහා නැවත අප අපගේ කූඩාරම් ගැසුවෙමු.
34 තවද එය මෙසේ සිදු විය, එනම් ඉෂ්මායෙල් මිය ගියේය, තවද ඔහුව නාහොම් යයි නම් කරනු ලැබූ ස්ථානයෙහි භූමදානය කරනු ලැබීය.
35 තවද එය මෙසේ සිදු විය, එනම් ඉෂ්මායෙල්ගේ දූවරු ඔවුන්ගේ පියාගේ වියෝවීම නිසාද, වනාන්තරයෙහි ඔවුන්ගේ පීඩාවන් නිසාද, අතිශයින් ශෝකවූහ; තවද ඔවුන් මාගේ පියාට විරුද්ධව මෙසේ කියමින් මැසිවිලි නැගුවේය, මක්නිසාද ඔහු ඔවුන්ව ජෙරුසෙලම් දේශයෙන් පිටතට රැගෙන ආ නිසාය; අපගේ පියා මරණයට පත්ව ඇත, එසේය, තවද අප වනාන්තරයෙහි බොහෝ සේ ගමන්කර ඇත්තෙමු, තවද අප බොහෝ පීඩාවන්, කුසගින්න, පිපාසය සහ තෙහෙට්ටුව ද විඳ ඇත්තෙමු; තවද මෙම සියලු දුක් විඳීම්වලට පසු අප වනාන්තරයෙහි කුසගින්නෙන් නැසිය යුත්තෙමු.
36 තවද මෙසේ ඔවුහු මාගේ පියාට විරුද්ධවද, එසේම මට ද විරුද්ධව මැසිවිලි නැගුවේය; තවද ඔවුහු ජෙරුසෙලම් දේශයට ආපසු යෑමට කැමති වූහ.
37 තවද ලේමන්, ලෙමුවෙල්ට ද, එසේම ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ට ද මෙසේ කීවේය: බලන්න, අපි අපගේ පියා මෙන්ම, අපගේ සහෝදරයා වන නීෆායිව ද මරා දමමු, මන්ද අප ඔහුගේ වැඩිමහල් සහෝදරයන්ව සිටියදීත්, අපගේ පාලකයා සහ ගුරුවරයා වීමට ඔහුවම පත් කර ගෙන ඇති නිසාය.
38 දැන්, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ කථා කර ඇති බවත්, තවද දේවදූතයන් ද ඔහු හට උපස්ථාන කර ඇති බවත් ඔහු කියන්නේය. එහෙත් බලන්න, ඔහු අපට බොරු කියන බව අප දනිමු; ඔහු අපගේ ඇස් මුළා කරමින්, සමහරවිට එනම් ඔහු අපව යම් නුපුරුදු වනාන්තරයකට මඟ පෙන්වීමට සිතමින්, තවද ඔහු අපට මෙම දේවල් කියන්නේය, තවද ඔහු කපටි උපක්‍රම වලින් බොහෝ ක්‍රියාවන් කරන්නේය; තවද ඔහු අපව පිටතට මඟ පෙන්වූ පසු, ඔහු ඔහුවම අප මත රජෙකු ලෙස සහ පාලකයෙකු ලෙස පත් කර, එනම් ඔහුගේ කැමැත්තට සහ අශාවට අනුව අප මත ක්‍රියා කිරීමට සිතා ඇත්තේය. තවද මෙම ආකාරයෙන් මාගේ සහෝදරයා ලේමන් ඔවුන්ගේ හදවත් කෝපයට කැළඹුවේය.
39 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ අප සමග වූවේය, එසේය, ස්වාමීන්වහන්සේගේ හඬ පවා පැමිණ බොහෝ වචන ඔවුන්ට කථා කළේය, තවද ඔවුන්ව බෙහෙවින් හික්මවනු ලැබුවේය; තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ හඬින් හික්මවනු ලැබුවාට පසුව ඔවුහු ඔවුන්ගේ කෝපය ඉවත් කර, ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වූහ, එපමණකින් එනම් අප විනාශ නොවන පිණිස, ස්වාමීන්වහන්සේ නැවත අපට ආහාර වලින් ආශිර්වාද කළ සේක.