5 වන පරිච්ඡේදය
සාක්ෂිකරුවන් තිදෙනෙකු සහ එම කෘතියම මොර්මන්ගේ පොතේ සත්‍යතාව පිළිබඳ සාක්ෂියක් ලෙස පවතිනු ඇත.
1 තවද දැන් මොරෝනායි වන, මම, මට අණ කරන ලද වචන, මාගේ මතකයට අනුව ලියා ඇත්තෙමි; තවද මා මුද්‍රා තැබූවාවු දේවල් මම නුඹට පවසා ඇත්තෙමි; එසේහෙයින් එනම් නුඹට පරිවර්තනය කිරීමට හැකි වන පිණිස ඒවා ස්පර්ශ නොකරන්න; මක්නිසාද එම දෙය නුඹට තහනම් කර ඇත, තවද එය දෙවියන්වහන්සේ තුළ ප්‍රඥාව තුළින් පමණක් වන සේක.
2 තවද බලව, මෙම කාර්යය ඉදිරියට ගෙන ඒමට උදව් කරන අයට එනම් නුඹට තහඩු පෙන්වීමට නුඹට වරප්‍රසාද ලැබිය හැක්කේය;
3 තවද තුන්දෙනෙකුට දෙවියන්වහන්සේගේ බලයෙන් ඒවා පෙන්වනු ලබන්නේය; එමනිසා මෙම දේවල් සත්‍ය බව ඔවුන් නිසැකවම දැනගනු ඇත්තේය.
4 තවද සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ මුඛයෙන් මෙම දේවල් පිහිටවුනු ලබන්නේය; තවද තිදෙනෙකුගේ සාක්ෂිය, සහ මෙම ක්‍රියාව, දෙවියන්වහන්සේගේ බලය, තවද පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ, එසේම උන්වහන්සේගේ වචනය සාක්ෂි දරන බවට පෙන්වනු ලබන්නේය – තවද මෙම සියල්ල අවසාන දවසේදී ලෝකයාට විරුද්ධව සාක්ෂියක් ලෙස පවතිනු ඇත්තේය.
5 තවද ඔවුන් පසුතැවිලි වී තවද ජේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නම්, ඔවුන්ව දෙවියන්වහන්සේගේ රාජ්‍යය වෙතට පිළිගනු ලබන්නේය.
6 තවද දැන්, මට මෙම දේවල් සඳහා අධිකාරී බලය නැත්නම්, නුඹලා විසින්ම විනිශ්චය කරන්නෙහිය; මක්නිසාද එනම් නුඹලා මා දකින්නාවු විට මට අධිකාරී බලය ඇති බව නුඹලා දැනගන්නෙහිය, තවද අප අවසාන දවසේදී දෙවියන්වහන්සේ අභිමුඛයෙහි සිටගන්නෙමු. ආමෙන්.