9 වන පරිච්ඡේදය
ප්‍රධාන විනිශ්චයකාරවරයා විනිශ්චයාසනයේදී මිය ගොස් සිටින බව පණිවිඩකරුවන් සොයා ගනී – ඔවුන් සිරගත කර පසුව නිදහස් කරනු ලබයි – මිනීමරුවා සියැන්ටම් ලෙස නීෆායි දිව්‍යඥානයෙන් හඳුනා ගනී – නීෆායි අනාගතවක්තෘවරයෙකු ලෙස සමහරෙක් පිළිගනී. ක්‍රි.පූ. 23–21 පමණ.
1 බලව, දැන් එය මෙසේ සිදු විය, එනම් නීෆායි මේ වචන පැවසු විට, ඔවුන් අතර සිටි මනුෂ්‍යයන් සමහරෙක් විනිශ්චයාසනය වෙත දිව ගියෝය; එසේය, එහි ගොස් සිටින පස් දෙනෙකු පවා විය, තවද ඔවුන් යන විට, ඔවුන් ඔවුනොවුන් අතර මෙසේ කීහ:
2 බලව, මේ මනුෂ්‍යයා අනාගතවක්තෘවරයෙක්ද කියාත්, මෙවන් ආශ්චර්යවත් දේවල් අපට ප්‍රකාශ කරන ලෙස දෙවියන්වහන්සේ ඔහුට අණකර තිබේද යන්න පිලිබඳ දැන් අප සහතිකව දැනගනිමු. බලව, එනම් එය ඔහු සතු බව අප විශ්වාස නොකරන්නෙමු; එසේය, ඔහු අනාගතවක්තෘවරයෙකු බව අප විශ්වාස නොකරන්නෙමු; එසේනමුත්, ඔහු ප්‍රධාන විනිශ්චයකාරවරයා සම්බන්ධයෙන් එනම් ඔහු මිය ගිය බව පැවසූ මේ දෙය සත්‍ය නම්, එවිට ඔහු පැවසූ අනෙක් වචන සත්‍ය යැයි අප විශ්වාස කරමු.
3 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ගේ බලවත් ශක්තියෙන් දුව ගොස්, තවද විනිශ්චයාසනය තුළට ඇතුළු වූහ; තවද බලව, එවිට ප්‍රධාන විනිශ්චයකාරයා බිම වැටී, තවද ඔහුගේ ලේ මත වැතිර සිටියේය.
4 තවද දැන් බලව, ඔවුහු මෙය දුටු විට ඔවුන් අතිශයින් මවිතයට පත් වූහ, එපමණකින්ම එනම් ඔවුන් ඔවුන් පොළොවට වැටුණෝය; මක්නිසාද ප්‍රධාන විනිශ්චයකරු පිළිබඳ නීෆායි පැවසූ වචන ඔවුන් විශ්වාස නොකළ බැවින්ය.
5 එහෙත් දැන්, ඔවුන් දුටු විට ඔවුහු විශ්වාස කළහ, තවද නීෆායි පැවසූ සියලු විනිශ්චයන් ජනතාව මත පැමිණෙන්නේ දැයි බියක් ඔවුන් කෙරෙහි පැමිණියෝය; එසේහෙයින් ඔවුහු කම්පා වී, තවද පොළොවට වැටුණෝය.
6 දැන්, විනිශ්චයකාරවරයා ඝාතනය කළ වහාම – ඔහුගේ සොහොයුරා විසින් රහසිගත ඇඳුමකින් සැරසී ඔහුට පිහියෙන් ඇන, තවද ඔහු පලා ගියේය, තවද ඔවුන් අතර මිනීමැරුමක හඬ නඟා, සේවකයෝ දුවගොස් ජනතාවට පැවසූහ;
7 තවද බලව ජනතාව විනිශ්චයාසනය තිබෙන ස්ථානයට ඔවුන්වම එක්රැස් කරගත්තෝය – තවද බලව, ඔවුන්ගේ පුදුමයට, පොළොවට වැටී සිටින්නා වූ මනුෂ්‍යයන් පස්දෙනා දුටුවෝය.
8 තවද දැන් බලව, නීෆායි උයනට එක්රැස්ව සිටින්නාවූ සමූහයා ගැන ජනතාව කිසිවක් දැන සිටියේ නොමැත; එසේහෙයින් ඔවුන් ඔවුනොවුන් අතර මෙසේ කියා ගත්හ: මෙම මනුෂ්‍යයන් විනිශ්චයකරු මරණයට පත් කලාවූ අය විය, තවද එනම් දෙවියන්වහන්සේ ඔවුන්ට අප වෙතින් පලා යාමට නොහැකි වන ලෙස පහර දුන් සේක.
9 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු ඔවුන් අල්ලාගෙන, තවද ඔවුන් බැඳ, ඔවුන්ව සිරගෙය තුළට දැමූහ. තවද විනිශ්චයකාරවරයාව මරා දැමූ බවත්, තවද එනම් මිනීමරුවන් රැගෙන ගොස් සිරගත කළ බවත් පිටතට යවන ලද ප්‍රකාශයක් එහි විය.
10 තවද එය මෙසේ සිදු විය, එනම් පසුදා, මරා දැමුණු ලද ශ්‍රේෂ්ඨ ප්‍රධාන විනිශ්චයකාරවරයාගේ දේහය භූමදානය කරන අවස්ථාවේ, ශෝක වීමටත්, තවද උපවාස කිරීමටත් ජනතාව ඔවුන්වම එක්රැස් කර ගත්තෝය.
11 තවද එසේම මෙසේ නීෆායිගේ උයනේ සිටි විනිශ්චයකාරයෝද, තවද ඔහුගේ වචන අසා, එසේම සොහොන් බිමෙහි එක් රැස්වූවෝය.
12 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු ජනතාව අතරේ මෙසේ කියමින්, විමසූහ: ප්‍රධාන විනිශ්චයකාරවරයා මැරුණාද කියා විමසීමට යවන ලද පස්දෙනා කොහේද? තවද ඔවුහු පිළිතුරු දෙමින් මෙසේ කීහ: නුඹලා එවූ බව නුඹලා කියන මේ පස්දෙනා ගැන අප නොදනිමු; එහෙත් අප සිරගත කොට සිටින්නා වූ, මිනීමරුවන් පස් දෙනෙකු එහි සිටින්නේය.
13 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ගෙන එන ලෙස විනිශ්චයකාරයෝ අශා වූහ; තවද ඔවුන්ව රැගෙන ආවෝය, තවද එවන ලද පස් දෙනා ඔවුන් විය; තවද බලව විනිශ්චයකාරවරුන් මේ කාරණය පිළිබඳ ඔවුන්ගෙන් විමසූ අතර, තවද ඔවුන් මෙසේ කියමින්, ඔවුන් කළාවු සියල්ල ඔවුන්ට පැවසූහ;
14 අප දුවගෙන ගොස් විනිශ්චයාසනය තිබෙන ස්ථානයට පැමිණ, තවද නීෆායි සාක්ෂි දුන් පරිදි සියල්ල දුටු විට, එපමණකින් අප පොළොවට වැටීමට පාවා එය ගැන අපහසු විශ්මයට පත් වූයෙමු; තවද අප අපගේ විස්මයෙන් මිදුණු විට, බලව ඔවුන් අපව සිරගත කොට ඇති බව දුටුවේය.
15 දැන්, මේ මනුෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන්, එය කළේ කවුදැයි අප නොදනිමු; තවද අප මෙපණක් දනිමු, අප දුව ගොස් නුඹලා කැමති පරිදි පැමිණියෙමු, තවද බලව, නීෆායිගේ වචනවලට අනුව, ඔහු මිය ගොස් සිටියේය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකරුන් ජනතාව හට මෙම කාරණය පැහැදිලි කර, තවද නීෆායිට විරුද්ධව කෑගසමින් මෙසේ කීවේය: බලව, එනම් මෙම නීෆායි යමෙකු සමඟ විනිශ්චයකරු මරා දැමීමට එකඟ වී ඇති බව බව අප දනිමු, තවද පසුව ඔහු එය අපට ප්‍රකාශ කොට, එනම් ඔහු අපව ඔහුගේ ඇදහිල්ලට හරවා, එනම් ඔහු දෙවියන්වහන්සේ විසින් තෝරාගත්තා වූ, ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු සහ අනාගතවක්තෘවරයෙකු බවට පත්කර ගනු ඇත්තේය.
17 තවද දැන් බලව, අප මෙම මනුෂ්‍යයා හඳුනා ගන්නෙමු, තවද ඔහු ඔහුගේ වරද පිළිගෙන, තවද මෙම විනිශ්චයකරුගේ සැබෑ මිනීමරුවා අපට දන්වනු ඇත්තේය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් එම පස්දෙනා භූමිදාන දවසේදී නිදහස් වූවේය. එසේනමුත්, ඔවුන් නීෆායිට විරුද්ධව කථා කළාවු වචන තුළ විනිශ්චයකරුවන්ට චෝදනා කළ අතර, එපමණකින්ම ඔවුන් ඔවුන්ව ව්‍යාකූල කරවන තරමට, තවද ඔවුන් සමඟ එකින් එකා තර්ක කළෝය.
19 එසේනමුත්, ඔවුන් එනම් නීෆායිව ගෙන ගොස් බැඳ, තවද සමූහයා ඉදිරියට ගෙන ඒමට සැලැස්වූ අතර, තවද එනම් ඔවුහු ඔහුට මරණීය දණ්ඩනය පමුණුවන පිණස, ඔහු තරණය කරන පිණිස, එනම් නොයෙක් ආකාරවලින් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.
20 ඔහුට මෙසේ කීවේය: ගිවිසගත්තා වූ ඔබ; මේ මිනීමැරුම සිදු කළ මේ පුද්ගලයා කවුද? දැන් අපට පවසා, තවද නුඹගේ වරද පිළිගන්න; මෙසේ කියමින්, බලව, මෙම මුදල ගෙන; තවද, නුඹ අපට පවසා, තවද නුඹ ඔහු සමඟ ඇති කරගත් ගිවිසුම පිළිගන්නේ නම්, තවද එසේම අප නුඹගේ ජීවිතය නුඹට දෙන්නෙමු.
21 එහෙත් නීෆායි ඔවුන් හට මෙසේ කීවේය: අහෝ අඥාණවන්තයෝ වූ නුඹලා, අචර්මඡේදිත සිත් ඇත්තාවු නුඹලා, අන්ධයන් වූ නුඹලා, තවද මුරණ්ඩු ජනතාවක් වූ නුඹලා, එනම් නුඹලා නුඹලාගේ මෙම පාපයේ මාර්ගයෙහි ගමන් කිරීම තුළ නුඹලාගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ නුඹලාව කොපමණ කලක් ඉවසන්නේ ඇත්දැයි නුඹලා දන්නෙහුද?
22 අහෝ නුඹලා පසුතැවිලි නොවන්නේ නම්, මෙම කාලයේ දී නුඹලා බලා සිටින බලවත්වු විනාශය නිසා, නුඹලා වැලපීමට සහ ශෝකවීමට පටන් ගත යුතුවන්නෝය.
23 බලව, එනම් අපගේ ප්‍රධාන විනිශ්චයකරුවා සීසෝරම්ව මරාදැමීමට මම මනුෂ්‍යයෙකු සමඟ එකඟ වූ බව නුඹලා කියන්නේය. එහෙත් බලව, මම නුඹලාට කියන්නෙමි, මක්නිසාද එනම් මේ කාරණය පිළිබඳ නුඹලා දැනගනු පිණිස මා නුඹලා හට සාක්ෂි දුන් බැවින්ය; එසේය, එනම් නුඹලා අතරෙහි තිබෙන්නාවු දුෂ්ටකම සහ පිළිකුල මා දැන සිටි බව, නුඹලාට සාක්ෂියක් පවා වන්නෝය.
24 තවද මා මෙය කළ නිසා, එනම් මේ දේ කිරීමට එනම් මා මනුෂ්‍යයෙකු සමඟ එකඟ වූ බව නුඹලා කියන්නේය; එසේය, මා නුඹලාට මෙම සළකුණ පෙන්වූ නිසා නුඹලා මා සමඟ කෝප වී, තවද මාගේ ජීවිතය විනාශ කිරීමට සොයන්නෝය.
25 තවද දැන් බලව, මම නුඹලා හට තවත් සළකුණක් පෙන්වන්නෙමි, තවද නුඹලා මේ කාරණයෙන් මා විනාශ කිරීමට සොයන්නහු දැයි බලන්නෙමි.
26 බලව මම නුඹලා හට කියන්නෙමි: සීසෝරම්ගේ සහෝදරයා වන, සියැන්ටම්ගේ නිවසට ගොස්, තවද ඔහුට මෙසේ කියන්න –
27 මෙම ජනතාව සම්බන්ධයෙන් මෙතරම් නපුරු අනාවැකි පැවසු, අනාගතවක්තෘවරයෙකු යැයි පෙනී සිටි නීෆායි, නුඹ සමඟ එකඟ වී, නුඹගේ සහෝදරයා වන සීසෝරම්ව නුඹලා මරණය පත් කෙරුවේද?
28 තවද බලව, ඔහු නුඹලා හට කියනු ඇත්තේය, නැත.
29 තවද නුඹලා ඔහු හට කියන්නෙහුය: නුඹගේ සහෝදරයාව නුඹලා මැරුවෙහිද?
30 තවද කුමක් කිව යුතු දැයි නොදැන, තවද ඔහු බියෙන් සිටිගනු ඇත්තේය. තවද බලව, ඔහු නුඹලා හට ප්‍රතික්ෂේප කරන්නේය; තවද ඔහු පුදුමයට පත්වුවාක් මෙන් වනු ඇත්තේය; එසේනමුත්, එනම් ඔහු නිර්දෝෂී බව ඔහු නුඹලා හට ප්‍රකාශ කරන්නේය.
31 එහෙත් බලව, නුඹලා ඔහුව පරීක්ෂා කරපල්ලා, තවද ඔහුගේ කබායේ වාටිය මත ලේ තිබෙනු නුඹලා සොයාගන්නෙහුය.
32 තවද නුඹලා මෙය දුටු විට, නුඹලා මෙසේ පවසන්න: මේ ලේ පැමිණියේ කොහෙන්ද? එනම් එය නුඹගේ සහෝදරයාගේ ලේ බව අප නොදන්නෙමුද?
33 තවද එවිට ඔහු වෙව්ලනු ඇත්තේය, තවද මරණය ඔහු මත වූවාක් මෙන්, පෙනිම සුදුමැලි වන්නේය.
34 තවද එවිට නුඹලා කියනු ඇත්තේය: නුඹගේ මුහුණ මත පැමිණි මෙම බිය සහ මෙම සුදුමැලි බව නිසා, බලව, නුඹ වැරදිකරු බව අප දන්නෙමු.
35 තවද එවිට ඔහු කෙරෙහි මහත් බියක් පැමිණෙන්නේය; තවද එවිට ඔහු නුඹලා හට පාපොච්චාරණය කර, තවද එනම් ඔහු මෙම මිනීමැරුම කළ බව තවදුරටත් ප්‍රතික්ෂේප නොකරන්නේය.
36 තවද එවිට ඔහු නුඹලාට මෙසේ කියන්නෙහුය, එනම් මම, නීෆායි, දෙවියන්වහන්සේගේ බලය විසින් මා හට දෙනු ලැබු එය සම්බන්ධයෙන් හැර කිසිවක් නොදන්නෙමි. තවද එවිට මා අවංක මනුෂ්‍යයෙකු බවත්, තවද එනම් දෙවියන්වහන්සේ විසින් මා නුඹලා වෙත එවන ලද බවත් නුඹලා දැනගන්නෝය.
37 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ගොස් නීෆායි ඔවුන් හට පැවසු ආකාරයට පවා කළෝය. තවද බලව, ඔහු පැවසුවාවු එම වචන සත්‍ය විය; මක්නිසාද වචනවලට අනුව ඔහු ප්‍රතික්ෂේප කළේය; තවද එසේම වචනවලට අනුව ඔහු පාපොච්චාරණය කළේය.
38 තවද ඔහු එනම් සත්‍ය මිනීමරුවා බව ඔප්පු කිරීමට ඔහුව ගෙනඑනු ලැබුවේය, එපමණකින් එම පස්දෙනා, සහ එසේම නීෆායිද නිදහස් කරනු ලැබීය.
39 තවද එහි නීෆායිගේ වචන කෙරෙහි විශ්වාස කළාවු නීෆායිවරුන්ගෙන් සමහරෙක් සිටියෝය; තවද එසේම පස්දෙනාගේ සාක්ෂිය නිසාවෙන් විශ්වාස කළ සමහරෙක්ද සිටියෝය, මක්නිසාද ඔවුන් සිරගතව සිටියදී ඔවුන් හැරුණ බැවින්ය.
40 තවද දැන් නීෆායි අනාගතවක්තෘවරයෙක් යැයි පැවසු, සමහරෙක් එහි ජනතාව අතරේ සිටියෝය.
41 තවද එහි මෙසේ පැවසු වෙනත් අය සිටියෝය: බලව, ඔහු දෙවි කෙනෙක්ය, මක්නිසාද ඔහු දෙවි කෙනෙකු නොවන්නට ඔහුට සියලු දේවල් දැන ගැනීමට නොහැක්කේය. මක්නිසාද බලව, ඔහු අපගේ හදවත් වල සිතිවිලි අපට පැවසුවේය, තවද එසේම අපට දේවල්ද පැවසුවේය; තවද ඔහු අපගේ ප්‍රධාන විනිශ්චයකාරවරයාගේ සැබෑ මිනීමරුවා පවා අපගේ දැනීමට ගෙනඑනු ලැබුවේය.