11 වන පරිච්ඡේදය
යුද්ධය වෙනුවට සාගතයක් ඇති කරන ලෙස නීෆායි ස්වාමීන්වහන්සේට ඒත්තු ගන්වයි – බොහෝ ජනතාව විනාශ වේ – ඔවුන් පසුතැවිලි වෙති, තවද නීෆායි වර්ෂාව සඳහා ස්වාමීන්වහන්සේට කන්නලව් කරයි – නීෆායි සහ ලීහායි බොහෝ එළිදරව්වීම් ලබයිි – ගැඩියැන්ටන් කොල්ලකරුවන් දේශයේ මුල් බැස ගනී. ක්‍රි.පූ. 20–6 දී පමණ.
1 තවද දැන් එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ පාලන කාලයේ හැත්තෑ දෙවන වසරේදී මතභේදයන් වැඩිවිය, එපමණකින් එනම් නීෆායිගේ සියලු ජනතාව අතරේ මුළු දේශය පුරාම යුද්ධ ඇති විය.
2 තවද එය මෙම රහස් මංකොල්ලකරුවන්ගේ කණ්ඩායම විසින් මෙම විනාශයේ සහ දුෂ්ඨකමේ ක්‍රියාවන් කර ගෙන ගොස් තිබුණේය. තවද එම වසර පුරා යුද්ධය පැවතුනි; තවද හැත්තෑ තුන්වන වසරේදීත් එය එසේම පැවතුනි.
3 තවද එය මෙසේ සිදු විය, එනම් මේ වසරේදී නීෆායි මෙසේ පවසමින් ස්වාමීන්වහන්සේ හට මොරගැසූහ:
4 අහෝ ස්වාමීන්වහන්ස, මෙම ජනතාව කඩුවෙන් විනාශ වන්නට ඉඩ නොදෙනු මැනව; එහෙත් අහෝ ස්වාමීන්වහන්ස, ඒ වෙනුවට දේශයේ සාගතයක් ඇති කරනු මැනව, එනම් ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ සිහිකිරීම පිණිස ඔවුන් කළඹවන්නටය, තවද සමහරක් විට ඔවුන් පසුතැවිලි වී තවද ඔබවහන්සේ වෙතට හැරෙනු ඇත්තේය.
5 තවද නීෆායිගේ වචනවලට අනුව, එය එසේ සිදු විය. තවද නීෆායිගේ සියලු ජනතාව අතරේ, දේශයෙහි මහත් සාගතයක් ඇති විය. තවද මෙසේ හැත්තෑ හතරවන වසරේදී සාගතය දිගටම පැවතුනි, තවද කඩුවෙන් විනාශ කිරීමේ කාර්යය නතර වූවේය එහෙත් සාගතයෙන් මහත් සේ වේදනාවට පත් විය.
6 තවද එසේම මෙම විනාශකාරී ක්‍රියාව හැත්තෑ සහ පස්වන වසර තුළද දිගටම පැවතුනි. මක්නිසාද පොළොව පහර කෑවේය එනම් එය වියළී ගියහ, තවද ධාන්‍ය සමයෙහි ධාන්‍ය අස්වනු නොලැබුණේය; තවද මුළු පොළොවම, ලේමන්වරු අතර මෙන්ම නීෆායිවරුන් අතර පවා ද, පහර කෑවේය, එබැවින් එනම් ඔවුන් පහර කෑවේය එනම් ඔවුන් දේශයේ වඩාත් දුෂ්ට පැතිවල දහස් ගණනින් විනාශ වූහ.
7 තවද එය මෙසේ සිදු විය එනම් ඔවුන් සාගතයෙන් විනාශ වීමට ආසන්න බව ජනතාව දැක, තවද ඔවුන් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ සිහි කිරීමට පටන් ගත්තෝය; තවද ඔවුන් නීෆායිගේ වචන සිහි කිරීමට පටන් ගත්තෝය.
8 තවද ජනතාව ඔවුන්ගේ ප්‍රධාන විනිශ්චයකරුවන් සහ ඔවුන්ගේ නායකයන්ට ආයාචනා කරන්නට පටන් ගත්තෝය, එනම් ඔවුන් නීෆායිට මෙසේ පවසනු ඇත: බලව, නුඹ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකු බව අපි දනිමු, එබැවින් අපගේ විනාශය පිළිබඳව නුඹ පැවසූ සියලු වචන ඉටු නොවන පිණිස, මෙම සාගතය අපෙන් ඉවතට හරවන ලෙස අපගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ හට මොරගසන්න.
9 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකරුවන් නීෆායිට ආශා වූ වචන වලට අනුව කීවෝය. තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව පසුතැවිලි වී තවද ගෝනි වස්ත්‍රයන් තුළ නිහතමානීව සිටි බව නීෆායි දුටු විට, ඔහු නැවතත් ස්වාමීන්වහන්සේට මොරගසා, මෙසේ කීවේය:
10 අහෝ ස්වාමීන්වහන්ස, බලනු මැනව මෙම ජනතාව පසුතැවිලි වන්නෝය; තවද ඔවුන්ව ඔවුන් අතරින් නැති වී යන තරමට ඔවුන් ගැඩියැන්ටන්ගේ කණ්ඩායම ඔවුන් අතරින් අතුගා දමා ඇත, තවද ඔවුන් ඔවුන්ගේ රහස් සැලසුම් පොළොවේ සඟවා ඇත්තේය.
11 දැන්, අහෝ ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ මෙම නිහතමානීකම නිසා ඔබවහන්සේ ඔබවහන්සේගේ කෝපය ඉවතට හරවන සේක්ද, තවද ඔබවහන්සේගේ කෝපය ඔබවහන්සේ දැනටමත් විනාශ කර ඇති එම දුෂ්ට මනුෂ්‍යයන්ගේ විනාශයෙන් සංසිඳුවා ගත මැනව.
12 අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ඔබවහන්සේගේ කෝපය ඉවත් කරන සේක්ද, එසේය, ඔබවහන්සේගේ බලවත් කෝපය, තවද මෙම දේශයේ මෙම සාගතය නවත්වන්නට සලස්වන සේක්ද.
13 අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මා හට ඇහුම්කන් දෙන සේක්ද, තවද එනම් මාගේ වචනවලට අනුව එය සිදු වන ලෙස සලස්වා, තවද එනම් ඇය ඇයගේ ඵල, තවද ධාන්‍ය සමයේ ඇයගේ ධාන්‍ය ගෙන එනු ලබන පිණිස, පොළොව මතට වැසි එවන සේක්වා.
14 අහෝ ස්වාමීන්වහන්ස, එනම් කඩුවේ වසංගතය නතර වන පිණිස සාගතයක් ඇති වේවායි, මා පැවසූ විට ඔබවහන්සේ මාගේ වචනවලට ඇහුම්කන් දුන් සේක; තවද මෙම අවස්ථාවේ දී පවා, මම දන්නෙමි එනම් ඔබවහන්සේ, මාගේ වචනවලට ඇහුම්කන් දෙන බව, මක්නිසාද ඔබවහන්සේ මෙසේ පවසා ඇති සේක එනම්: මෙම ජනතාව පසුතැවිලිවන්නේ නම් මම ඔවුන් බේරා ගන්නෙමි.
15 එසේය, අහෝ ස්වාමීන්වහන්ස, ඔවුන් වෙත පැමිණී සාගතය සහ වසංගතය සහ විනාශය නිසා, තවද ඔවුන් පසුතැවිලි වුන බව ඔබවහන්සේ හට පෙනෙන සේක.
16 තවද දැන්, අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ඔබවහන්සේගේ කෝපය ඉවත් කර, තවද ඔවුන් ඔබවහන්සේ හට සේවය කරන්නේ දැයි නැවත උත්සහ කරන්නෙහිද? තවද එසේ නම්, අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ පවසන ලද ඔබවහන්සේගේ වචනවලට අනුව ඔබවහන්සේ හට ඔවුන්ව ආශිර්වාද කළ හැකි වන සේක.
17 තවද එය මෙසේ සිදු විය, එනම් හැත්තෑ හයවන වසරේදී ස්වාමීන්වහන්සේ ජනතාව වෙතින් උන්වහන්සේගේ කෝපය පහකර, තවද පොළොව මත වැසි වස්වන්නට සැලැස්වූ සේක, එමඟින් එහි ඵල දරන කාලයෙහි එහි ඵල හටගත්තේය. තවද එය ඇගේ ඵලය ගෙන එන සමයේ දී ඇගේ ඵලය ඉදිරියට ගෙන ආවෝය. තවද එය මෙසේ සිදු විය, එනම් එය ඇගේ ධාණ්‍ය ගෙන එන සමයේ දී ඇගේ ධාන්‍ය ගෙන ආවෝය.
18 තවද බලව, ජනතාව ප්‍රීති වී තවද දෙවියන්වහන්සේ මහිමයට පත් කළෝය, තවද මුළු දේශයේ තලයම ප්‍රීතියෙන් පිරී ගියේය; තවද ඔවුන් නීෆායිව විනාශ කිරීමට තවදුරටත් උත්සාහ නොකළෝය, එහෙත් බලවත් බලය හා අධිකාරි බලය දෙවියන්වහන්සේගෙන් ඔහු වෙතට ලැබ, ඔවුන් ඔහුට මහත් අනාගතවක්තෘවරයෙකු ලෙසත්, තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකු ලෙස ගෞරව කළෝය.
19 තවද බලව, ඔහුගේ සහෝදරයා වන, ලීහායි, ධර්මිෂ්ඨකමට අදාළ දේවල් සම්බන්ධයෙන් ඔහුට වඩා තරමක් වත් අඩු නොවීය.
20 තවද මෙලෙස එය මෙසේ සිදු විය, එනම් මේ අනුව නීෆායි ජනතාව නැවතත් දේශයේ සමෘද්ධිමත් වීමට පටන් ගත්තෝය, තවද ඔවුන්ගේ පාළු ස්ථාන ගොඩනැගීමට පටන් ගත්තෝය, තවද උතුරු දෙසින් සහ දකුණු දෙසින් යන දෙකෙහිම, මුහුදේ බටහිර සිට නැගෙනහිර මුහුද දක්වා, මුළු දේශයේ තලය මතම ආවරණය වන තෙක්, වැඩි වී පැතිරෙන්නට පටන් ගත්තෝය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් හැත්තෑ හයවන වසර සාමයෙන් අවසන් වූවේය. හැත්තෑ හත්වන වසර සාමයෙන් ආරම්භ විය; තවද සභාව මුළු දේශයේ තලය මත පැතිර ගියේය; තවද නීෆායිවරුන් සහ ලේමන්වරුන් යන දෙපිරිසගෙන්ම වැඩි කොටසක්, සභාවට අයත් වූහ; තවද දේශයෙහි බොහෝ සෙයින් මහත් සාමයක් තිබුණි; තවද මෙසේ හැත්තෑ හත්වන වසර අවසන් විය.
22 තවද මෙසේ අනාගතවක්තෘවරුන් විසින් ස්ථාපිත කරන ලද දහම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් මතභේද කිහිපයක් හැර, හැත්තෑ අටවන වසරේදී ඔවුන්ට සාමය තිබුණි.
23 තවද හැත්තෑ නවවන වසරේදී බොහෝ කෝලහාල ඇති වීමට පටන් ගත්තෝය. එහෙත් එය මෙසේ සිදු විය, එනම් නීෆායි සහ ලීහායි, තවද දහමේ සත්‍ය කරුණු දැන සිටිය ඔවුන්ගේ සහෝදරයන් බොහෝ දෙනෙක්, දිනපතා බොහෝ එළිදරව් කිරීම් ඇතිව, එසේහෙයින් ඔවුන් ජනතාවට දේශනා කළෝය, එපමණකින් එනම් එම වසරේදීම ඔවුන්ගේ කෝලහාලවලට අවසානයක් තැබූහ.
24 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ අසූවන වර්ෂයේදී, නීෆායි ජනතාවගෙන් විරුද්ධවාදීන් යම් සංඛ්‍යාවක් සිටියහ, ඔවුන් වසර කිහිපයකට පෙර ලේමන්වරුන් වෙත ගොස්, ලේමන්වරුන්ගේ නාමය තමන් වෙතට ගත්හ, එසේම ලේමන්වරුන්ගේ සැබෑ පරම්පරාවෙන් පැවත එන්නන් වූ යම් සංඛ්‍යාවක් සිටි අතර, ඔවුන් විසින් හෝ එම විරුද්ධවාදීන් විසින් කෝපයට පත් කරනු ලැබ, එසේහෙයින් ඔවුන් තම සහෝදරයන් සමඟ යුද්ධයක් ආරම්භ කළෝය.
25 තවද ඔවුහු මිනීමැරුම් සහ කොල්ලකෑම් කළෝය; තවද එවිට ඔවුන් කඳුකරයට, තවද වනාන්තරයට තුළට, තවද රහසිගත ස්ථානවලට පසුබැස්සෝය, තවද ඔවුන් ඔවුන්ව සොයා ගත නොහැකි වන පරිදි සැඟවී සිටියහ, ඔවුන් වෙතට ගිය විරුද්ධවාදීන් සිටි තරමටම, දිනපතා ඔවුන්ගේ සංඛ්‍යාවට අමතර එකතු කිරීම් ලැබුණි.
26 තවද මෙලෙස කාලයාගේ ඇවෑමෙන්, එසේය, අවුරුදු කිහිපයක් ඇතුළත පවා, ඔවුන් බොහෝ සෙයින් විශාල කොල්ලකරුවන් කණ්ඩායමක් බවට පත් විය; තවද ඔවුන් ගැඩියැන්ටන්ගේ සියලු රහස් සැලසුම් සොයන ලදි; තවද මෙසේ ඔවුන් ගැඩියැන්ටන්ගේ කොල්ලකරුවන් බවට පත් විය.
27 දැන් බලව, මේ කොල්ලකරුවන් බලවත් ව්‍යසනයක් සිදු කළෝය, එසේය, නීෆායිගේ ජනතාව අතර ද, තවද එසේම ලේමන්වරුන්ගේ ජනතාව අතර ද මහත් විනාශයක් පවා සිදු කළෝය.
28 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම විනාශකාරී කාර්යයට නැවතීමක් තිබිය යුතු බව යෝග්‍ය විය; එසේහෙයින් ඔවුන් මෙම කොල්ලකරුවන්ගේ කණ්ඩායම සෙවීමට, තවද ඔවුන් විනාශ කිරීමට, වනාන්තරයට සහ කඳුකරයට ශක්තිමත් මනුෂ්‍යයන් ගෙන් යුත් හමුදාවක් යැවීය.
29 එහෙත් බලව, එය මෙසේ සිදු විය, එනම් එම වසරේදීම ඔවුන්ව ඔවුන්ගේම දේශවලට පවා පලවා හරින ලදී. තවද මෙසේ නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ අසූවන වසර අවසන් විය.
30 තවද එය මෙසේ සිදු විය, අසූඑක්වන වසර ආරම්භයේදී ඔවුන් නැවතත් මේ කොල්ලකරුවන්ගේ කණ්ඩායමට එරෙහිව ඉදිරියට ගියෝය, තවද බොහෝ දෙනෙක් විනාශ කළෝය; තවද එසේම ඔවුන්ව බොහෝ විනාශයන් සමගින් බැහැ දකින ලදි.
31 තවද වනාන්තරයෙන් සහ කඳුකරයෙන් ඔවුන්ගේ දේශයන් වෙත නැවත යාමට ඔවුන්ට යළි බල කෙරුනි, මක්නිසාද කඳුකරය හා වනාන්තර ආක්‍රමණය කළ කොල්ලකරුවන්ගේ සංඛ්‍යාවේ අතිමහත් විශාලත්වය නිසාය.
32 තවද එය මෙසේ සිදු විය, එනම් එලෙස මෙම වසර අවසන් විය. තවද කොල්ලකරුවන් තවත් වැඩි වී ශක්තිමත් විය, එබැවින් ඔවුන් නීෆායිවරුන්ගේ ද, තවද එසේම ලේමන්වරුන්ගේ ද මුළු හමුදාවන්ට තර්ජනය කළෝය; තවද ඔවුන් මුළු දේශයේ තලය මත ජනතාව වෙතට මහත් භීතියක් පැමිණෙන්නට සැලැස්සුවෝය.
33 එසේය, මක්නිසාද ඔවුන් දේශයේ බොහෝ ප්‍රදේශවලට ගොස්, තවද ඔවුන් හට මහත් විනාශයක් කළෝය; එසේය, බොහෝ දෙනෙක් මරා දැමූහ, තවද වහල්කරුවන් ලෙස අනෙක් අය වනාන්තරය තුළට උසුලා ගෙන ගියහ, එසේය, තවද වඩා විශේෂයෙන් ඔවුන්ගේ කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් වූහ.
34 දැන් ඔවුන්ගේ අයුතුකම නිසා ජනතාව වෙත පැමිණි, මේ මහත් නපුර, ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේව සිහිකිරීම සඳහා නැවත ඔවුන්ව කළඹවන ලදි.
35 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ අසූඑක්වන වසර අවසන් විය.
36 තවද, අසූ දෙවන වසරේදී ඔවුන් නැවතත් ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේව අමතක කිරීමට පටන් ගත්හ. අසූ තුන්වන වසරේදී ඔවුන් අයුතුකම් දැඩි වීමට පටන් ගත්හ. තවද අසූහතරවන වසරේදී ඔවුන් ඔවුන්ගේ මාර්ග නිවැරදි කර නොගත්තෝය.
37 තවද අසූපස්වන වසරේදී ඔවුන් ඔවුන්ග් ශක්තිමත්ව වර්ධනය විය, තවද ඔවුන්ගේ මානයෙන් ද, තවද ඔවුන්ගේ දුෂ්ටකමෙන් ද ශක්තිමත් විය; තවද ඔවුන් නැවතත් විනාශය සඳහා පරිනත වෙමින් සිටියෝය.
38 තවද මෙසේ අසූපස් වන වසර අවසන් විය.