ශුද්ධලියවිලි
හීලමන් 14


14 වන පරිච්ඡේදය

රාත්‍රියේදී ආලෝකය සහ ක්‍රිස්තුස්වහන්සේගේ උපතේදී නව තාරකාවක් පිළිබඳ සාමුවෙල් පුරෝකථනය කරයි – ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍යයන්ව ලෞකික සහ අධ්‍යාත්මික මරණයෙන් මුදවා ගන්නා සේක – උන්වහන්සේගේ මරණයේ සලකුණු අතරට දින තුනක අන්ධකාරය, පර්වත කැඩී යාම, සහ බලවත් ස්භාවික විශාල කැලඹීම් ඇතුළත් වේ. ක්‍රි.පූ. 6 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් ලේමන්වර, සාමුවෙල්, ලිවිය නොහැකි තවත් බොහෝ දේවල් අනාවැකි පළ කළේය.

2 තවද බලව, ඔහු ඔවුන් හට මෙසේ කීවේය: බලව, මම නුඹලා හට සළකුණක් දෙමි; මක්නිසාද තව පස් වසරක් පැමිණෙන්නේය, තවද බලව, එවිට දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නාවු එම සියල්ලන් මුදවා ගැනීමට පැමිණෙන සේක.

3 තවද බලව, මෙය උන්වහන්සේගේ පැමිණීමේ කාලයේදී සළකුණක් ලෙස මම නුඹලාට දෙන්නෙමි; මක්නිසාද බලව, එහි ස්වර්ගයේ මහත් ආලෝකයන් ඇති වන්නේය, එපමණකින් එනම් උන්වහන්සේ පැමිණීමට පෙර රාත්‍රියේදී එහි අන්ධකාරයක් නොවන්නේය, එපමණකින් එනම් මනුෂ්‍යයා හට එය දවාලක් මෙන් පෙනෙනු ඇත්තේය.

4 එසේහෙයින්, එහි එක් දවසක් සහ රාත්‍රියක් නොතිබුණාක් මෙන්, එක් දවසක් සහ රාත්‍රියක් සහ දවසක් ඇති වනු ඇත්තේය; තවද මෙය නුඹලා හට සළකුණක් වනු ඇත්තේය; මක්නිසාද එසේම නුඹලා හිරු නැඟීම සහ එහි බැසයාම ගැන දන්නෙහුය; එසේහෙයින් එනම් ඔවුන් නිසැකවම දින දෙකක් සහ රාත්‍රියක් ඇති බව දැන ගනු ඇත්තේය; එසේනමුත් රාත්‍රිය අඳුරු නොවනු ඇත්තේය; තවද එය උන්වහන්සේ ඉපදීමට පෙර රාත්‍රිය වනු ඇත්තේය.

5 තවද බලව, නුඹලා කිසිදා නොදුටු ආකාරයේ නව තාරකාවක් එහි නැඟී එනු ඇත්තේය; තවද මෙයද එසේම නුඹලා හට සළකුණක් වනු ඇත්තේය.

6 තවද බලව මෙය එපමණක් නොවේ, ස්වර්ගයෙහි බොහෝ සළකුණු සහ ආශ්චර්යයන් සිදුවනු ඇත්තේය.

7 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් නුඹලා සියල්ලන්ම විමතියට සහ පුදුමයට පත් වන්නෝය, එපමණකින් එනම් නුඹලා පොළොවට වැටෙනු ඇත්තෝය.

8 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි විශ්වාස කරන්නාවු කවරෙකුවුවද, එවැන්නාට සදාකාල ජීවනය ලැබෙන්නේය.

9 තවද බලව, මෙසේ ස්වාමීන්වහන්සේ, එනම් මා පැමිණ තවද මෙම දේවල නුඹලා හට පවසන ලෙසට, උන්වහන්සේගේ දේවදූතයා මඟින් මට අණ කර ඇත; එසේය, එනම් මම නුඹලාට මෙම දේවල් අනාවැකි කියන ලෙසට උන්වහන්සේ අණ කර ඇත; එසේය, උන්වහන්සේ මට මෙසේ පැවසු සේක: මෙම ජනතාවට මොරගසන්න, පසුතැවිලි වී තවද ස්වාමීන්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න.

10 තවද දැන්, මම ලේමන්වරයෙකු වන නිසාත්, තවද ස්වාමීන්වහන්සේ මට අණ කළාවු වචන නුඹලා හට කථා කළ නිසාත්, තවද එය නුඹලාට විරුද්ධව දැඩි වූ නිසාත්, නුඹලා මා සමඟ කෝප වී තවද මා විනාශ කිරීමට සොයන්නෙහුය, තවද නුඹලා අතරින් මා පිටතට නෙරපා දැමූවෝය.

11 තවද නුඹලා මාගේ වචන අසනු ඇත්තේය, මක්නිසාද, මෙම අරමුණ නිසාවෙන් මා මෙම නගරයේ තාප්පය මතට පැමිණ ඇත්තෙමි, එනම් නුඹලාගේ අයුතුකම් නිසා නුඹලා බලා සිටින දෙවියන්වහන්සේගේ විනිශ්චයන් නුඹලා අසා තවද දැනගන්නා පිණිසත්, තවද එසේම එනම් නුඹලා පසුතැවිල්ලේ කොන්දේසි දැනගන්නා පිණිසය;

12 තවද එසේම එනම් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන, ස්වර්ගයේ සහ පොළොවේ පියාණන් වන, පටන්ගැන්මේ සිටම සියල්ලේ මැවුම්කරුවාණන් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳව නුඹලා දැනගන්නා පිණිසත්; තවද එනම් නුඹලා උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන පිණිසත්, එනම් උන්වහන්සේගේ පැමිණීමේ සළකුණු පිළිබඳ නුඹලා දැනගන්නා පිණිසත්ය.

13 තවද නුඹලා උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නේ නම්, නුඹලා නුඹලාගේ සියලු පාපවලට පසුතැවිලි වනු ඇත්තේය, එනම් ඒ කරණකොටගෙන උන්වහන්සේගේ යහපත් ක්‍රියාවන් තුළින් නුඹලාට ඒවාට සමාව ලැබෙනු ඇත්තේය.

14 තවද බලව, නැවතත්, තවත් සළකුණක්, එසේය, උන්වහන්සේගේ මරණයේ සළකුණක් මම නුඹලා හට දෙන්නෙමි.

15 මක්නිසාද බලව, එනම් ගැලවීම පැමිණෙන පිණිස උන්වහන්සේ නිසැකවම මරණයට පත්විය යුතුය; එසේය, මරණයට පත්වූවන් උත්ථාන වීම උදෙසා, එනම් එමගින් මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ අභිමුඛය වෙතට ගෙන ඒමට, උන්වහන්සේ මරණයට පත්වීම උන්වහන්සේට සුදුසු වන අතර එය කළ යුතුවන්නේය.

16 එසේය, බලව, මෙම මරණය උත්ථාන ගෙන එන්නේය, තවද සියලු මනුෂ්‍ය වර්ගයාවම පළමු මරණය වෙතින් මුදවනු ලබන්නේය – එම ආත්මික මරණය; මක්නිසාද සියලු මනුෂ්‍ය වර්ගයාවම, ආදම්ගේ වැටීම මඟින් ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හැරීමෙන්, ලෞකික දේවල් සහ ආත්මික දේවල් යන දෙකෙන්ම මරණයට පත්වූවන් ලෙස සලකනු ලබන්නේය.

17 එහෙත් බලව, ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය මනුෂ්‍ය වර්ගයා මුදවා ගනු ලබන්නේය, එසේය, සියලු මනුෂ්‍ය වර්ගයාවුවද, තවද ඔවුන්ව ස්වාමීන්වහන්සේගේ අභිමුඛය තුළට නැවත ගෙන එන්නේය.

18 එසේය, තවද එය පසුතැවිලිවිමේ කොන්දේසිය ගෙන එන්නේය, එනම් පසුතැවිලි වන්නාවු කවරෙකුවුවද කපා දමා ගින්දර තුළට හෙළනු නොලබන්නේය; එහෙත් පසුතැවිලි නොවන්නාවු කවරෙකුවුවද කපා දමා ගින්දර තුළට හෙළනු ලබන්නේය; තවද ඔවුන් මත නැවතත් ආත්මික මරණයක් පැමිණේ, එසේය, දෙවන මරණය, මක්නිසාද ධර්මිෂ්ඨකමට අදාළ දේවල් සම්බන්ධයෙන් නැවත ඔවුන්ව කපා දමනු ලබන්නේය.

19 එසේහෙයින් නුඹලා පසුතැවිලි වෙයල්ලා, නුඹලා පසුතැවිලි වෙයල්ලා. මෙම දේවල් දැන තවද ඒවා නොකර සිටීමෙන් නුඹලා වරදට යටපත් වීමට ඉඩ දෙන්නෙහුය, තවද මෙම දෙවන මරණය මත පහතට නුඹලාව හෙළනු ලබන්නේය.

20 එහෙත් බලව, මම නුඹලාට වෙනත් සළකුණක් සම්බන්ධයෙන් පැවසූ පරිදි, උන්වහන්සේගේ මරණයේ සළකුණ, බලව, එනම් උන්වහන්සේ මරණය අත්විඳින එම දවසේදී ඉර අඳුරු වී තවද නුඹලාට හට ඔහුගේ ආලෝකය ලබා දීම ප්‍රතික්ෂේප කරනු ඇත්තේය; තවද එසේම සඳ සහ තාරකා; තවද එනම් උන්වහන්සේ මරණය අත්විඳිනා වූ මොහොතේ සිට, දින තුනක කාල පාරාසයක්, උන්වහන්සේ මළවුන්ගෙන් නැවත නැඟිටින කාලය දක්වා, මෙම දේශයේ තලය මත ආලෝකයක් නොතිබෙනු ඇත්තේය.

21 එසේය, එනම් උන්වහන්සේ ආත්මය අත්හරින එම අවස්ථාවේදී, බොහෝ පැය ගණනක් පුරාවටම ගිගුරුම් සහ විදුලිය කෙටීම් ඇති වනු ඇත්තේය, තවද පොළොව සෙලවී තවද වෙව්ලනු ඇත්තේය; තවද මෙම පොළොව මතුපිට ඇති, පොළොවට ඉහළින් සහ පහළින් ඇති, මෙම අවස්ථාවේදී ඝන බව නුඹලා දන්නාවු, නැතහොත් එහි වැඩි කොටසක් එක් ඝනයක් ලෙස තිබෙන්නා වූ, පර්වත කැඩී යනු ඇත්තේය;

22 එසේය, ඒවා ඉරී දෙකඩ යනු ඇත්තේය, තවද සදහටම පැලි සහ ඉරිතැලී, තවද මුළු පොළෝ තලය මතුපිටම, එසේය, තවද පොළොවට ඉහළින් සහ පහළින් දෙකෙහිම කැඩුණු කැබලි වලින් දක්නට ලැබෙනු ඇත්තේය.

23 තවද බලව, එහි බලවත් කුණාටු ඇති වන්නේය, තවද එහි මිටියාවතක් මෙන් බොහෝ කඳු පහතට හෙලනු ලබන්නේය, තවද දැන් එහි මිටියාවත් ලෙස හඳුන්වන බොහෝ ස්ථාන කඳු බවට පත් වන්නේය, ඒවායේ උස ඉතා විශාලය.

24 තවද බොහෝ මහාමාර්ග කැඩෙනු ඇත්තේය, තවද බොහෝ නගර පාළු බවට පත් වන්නේය.

25 තවද බොහෝ සොහොන් විවෘත කරනු ලබන අතර, තවද ඔවුන්ගේ මළවුන්ගෙන් බොහෝ දෙනෙකු භාර දෙනු ලබන්නේය; තවද බොහෝ ශුද්ධවන්තයන් බොහෝ දෙනෙකු හට දර්ශනය වනු ඇත්තේය.

26 තවද බලව, දේවදූතයා මා හට මෙසේ කථා කළේය; මක්නිසාද එනම් එහි බොහෝ පැය ගණනක් පුරාවටම ගිගුරුම් සහ විදුලිය කෙටීම් ඇති විය යුතු බව ඔහු මා හට පැවසුවේය.

27 තවද ඔහු මා හට මෙසේ කීවේය, එනම් ගිගුරුම සහ විදුලිය කෙටීම ද, තවද කුණාටුව පවතින අතරතුර, එනම් මෙම දේවල් සිදු වනු ඇත්තේය, තවද එනම් අන්ධකාරය දින තුනක කාල පරාසයක් පුරාවටම මුළු පොළෝ තලයම වසා ගන්නේය.

28 තවද දේවදූතයා මා හට මෙසේ කීවේය, එනම් බොහෝ දෙනෙකු මේවාට වඩා ශ්‍රේෂ්ඨ දේවල් දකිනු ඇත්තේය, එනම් මෙම සලකුණු සහ මෙම ආශ්චර්යයන් සියලු පොළොවේ තලය මත සිදුවන බව ඔවුන් විශ්වාස කිරීමේ අරමුණය, එනම් එහි මනුෂ්‍ය දරුවන් අතර අවිශ්වාසය සඳහා හේතුවක් නොතිබෙන අරමුණය –

29 තවද එනම් මෙය විශ්වාස කරන්නාවු කවරෙකුවුවද ගැළවීම සඳහාත්, තවද විශ්වාස නොකරන්නාවු කවරෙකුවුවද, ඔවුන් කෙරෙහි ධර්මිෂ්ඨ විනිශ්චයක් පැමිණිමේ අරමුණ උදෙසාය; තවද එසේම ඔවුන් වරදට පත් කරනු ලැබුවහොත් ඔවුන් තමන් මතටම හෙළා දැකීම පමුණුවා ගන්නෝය.

30 තවද දැන් සිහි කරන්න, සිහි කරන්න මාගේ සහෝදරයෙනි, එනම් නැසීයන්නා වූ කවරෙකුවුවද, තමා වෙතටම නැසී යන්නේය; තවද අයුතුකම් කරන්නාවු කවරෙකුවුවද එය තමාටම කරගන්නේය; මක්නිසාද බලව, නුඹලා නිදහස්ය; නුඹලාට නුඹලා වෙනුවෙන් ක්‍රියා කිරීමට අවසර ඇත්තේය; මක්නිසාද බලව, දෙවියන්වහන්සේ නුඹලා හට දැනුමක් ලබා දී තවද උන්වහන්සේ නුඹලාව නිදහස් කර ඇති සේක.

31 නුඹලා නපුරෙන් යහපත දැන ගැනීමට හැකි වන සේ උන්වහන්සේ නුඹලා හට ලබා දී ඇති අතර, තවද නුඹලා ජීවිතය හෝ මරණය තෝරා ගැනීමට හැකි වන සේ උන්වහන්සේ නුඹලා හට ලබා දී ඇත්තේය; තවද නුඹලාට යහපත කර තවද එනම් යහපත් දේට නැවත පිහිටුවිමට හෝ එනම් යහපත නුඹලා හට නැවත පිහිටුවා ගැනීමට හැකිය; නැතහොත් නුඹලා නපුර කර, තවද එනම් එම නපුර නුඹලා හට පිහිටුවාගැනීමට හැකිය.