ශුද්ධලියවිලි
හීලමන් 8


8 වන පරිච්ඡේදය

දූෂිත විනිශ්චයකාරවරු නීෆායිට විරුද්ධව ජනතාව උසිගැන්වීමට උත්සාහ කරති – ආබ්‍රහම්, මෝසෙස්, සීනොස්, සීනොක්, ඊසියස්, යෙසායා, ජෙරෙමියා, ලීහායි, සහ නීෆායි යන සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දැරුවෝය – දිව්‍යඥානය විසින් නීෆායි ප්‍රධාන විනිශ්චයකරුගේ ඝාතනය නිවේදනය කරයි. ක්‍රි.පූ. 23–21 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, එනම් නීෆායි මෙම වචන පැවසූ විට, බලව, විනිශ්චයකරුවන් වූ මනුෂ්‍යයන් එහි සිටියහ, එසේම ඔවුන් ගැඩියැන්ටන්ගේ රහස් කණ්ඩායමට අයත් වූවන්ය, තවද ඔවුන් කෝපවී, තවද ජනතාවට මෙසේ පවසමින්, ඔහුට විරුද්ධව මොරගැසූවේය; ඔහු කළ අපරාදවලට අනුව ඔහුව හෙළා දකින පිණිස, නුඹලා මෙම මනුෂ්‍යයා අල්ලාගෙන ඉදිරියට නොගෙනෙන්නේ මන්ද?

2 නුඹලා මේ මනුෂ්‍යයා දකින්නේ මන්ද? තවද ඔහු මෙම ජනතාවට විරුද්ධව සහ අපේ නීතියට විරුද්ධව කරන අපහාසයන්ට සවන් දෙන්නේ ඇයි?

3 මක්නිසාද බලව, නීෆායි ඔවුන්ගේ නීතියේ දූෂිතභාවය ගැන ඔවුන්ට කතා කළේය; එසේය, ලිවිය නොහැකි බොහෝ දේ නීෆායි කතා කළේය; තවද දෙවියන්වහන්සේගේ අණ පනත්වලට පටහැනි කිසිවක් ඔහු කතා නොකළේය.

4 තවද එම විනිශ්චයකරුවන් ඔහු සමඟ කෝප වූයේ ඔහු ඔවුන් හට ඔවුන්ගේ රහසිගත අන්ධකාරයේ ක්‍රියා ගැන විවෘතව කතා කළ නිසාය; කෙසේනමුත්, ඔවුහු ඔවුන්ගේ දෑත් ඔහු මත තබන්නට එඩිතර නොවූහ, මක්නිසාද ඔවුන්ට එරෙහිව ජනතාව මොර ගසනු ඇතැයි ඔවුහු බිය වූහ.

5 එසේහෙයින්, ඔවුන් ජනතාව හට මෙසේ පවසමින් මොරගැසූහ: අපට විරුද්ධව අපහාස කිරීමට මේ මනුෂ්‍යයාට නුඹ ඉඩ දෙන්නේ මන්ද? මක්නිසාද බලව ඔහු මේ සියලු ජනතාවා හෙළා දකින්නේය, විනාශය දක්වා පවා වන්නේය; එසේය, තවද එසේම අපගේ මෙම මහා නගර අපෙන් උදුරා ගනු ලබන බවත්, එනම් ඒවායේ අපට ස්ථානයක් නොමැති වනු බවටත්ය.

6 තවද එය කළ නොහැකි බව දැන් අපි දනිමු, මක්නිසාද බලව, අපි බලවත් වෙමුු, තවද අපගේ නගර ශ්‍රේෂ්ඨය, එසේහෙයින් අපගේ සතුරන්ට අප කෙරෙහි බලයක් තිබිය නොහැක.

7 තවද එය මෙසේ සිදු විය, එනම් මෙසේ ඔවුන් නීෆායිට විරුද්ධව කෝප ගැන්වීමට ජනතාව උසිගැන්වූවේය, තවද ඔවුන් අතර මතභේද ඇති කළේය; මක්නිසාද මෙලෙස මොර ගැසූ කිහිපදෙනෙක් විය: මේ මනුෂ්‍යයාට සිටීමට ඉඩ හරින්න, මක්නිසාද ඔහු යහපත් මනුෂ්‍යයෙකි, තවද ඔහු පැවසූ එම දේවල් අප පසුතැවිලිවනවා මිස නිසැකවම සිදු වීමට පමුණුවනු ඇත;

8 එසේය, බලව, ඔහු අපට සාක්ෂි දැරූ සියලු විනිශ්චයන් අප වෙතට පැමිණෙනු ඇත; මක්නිසාද ඔහු නිවැරදිව අපගේ අයුතුකම් ගැන අපට සාක්ෂි දැරූ බව අපි දනිමු. තවද බලව ඒවා බොහෝමයක් ඇත, තවද ඔහු අපගේ අයුතුකම් ගැන ඔහු දන්නා පරිදි අපට සිදුවන සියලු දේ ද ඔහු දන්නේය;

9 එසේය, තවද බලව, ඔහු අනාගතවක්තෘවරයෙකු නොවූයේ නම් ඔහුට එම දේවල් ගැන සාක්ෂි දැරිය නොහැක.

10 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි විනාශ කිරීමට උත්සහ කළ ජනතාව ඔවුන්ගේ බිය නිසා පොළඹවන ලදි, එනම් ඔවුහු ඔවුන්ගේ අත් ඔහු මත නොතැබූහ; එසේහෙයින් ඔහු නැවත ඔවුන්ට කතා කරන්න පටන්ගත්තේය, ඔහු කිහිපදෙනෙකුගේ දෑස් තුළ පිළිගැනීම ලබා ඇති බව දැක, කොපමණකින් ද ඔවුන්ගෙන් ඉතිරි වූ පිරිස බිය විය.

11 එසේහෙයින් මෙසේ පවසමින් ඔහුට ඔවුන් හට තව දුරටත් කතා කරන්නට බල කෙරුනි: බලව, මාගේ සහෝදරවරුනි, දෙවියන්වහන්සේ එක් මනුෂ්‍යයෙක්ට බලය දුන් බව, එනම් මෝසෙස්ට, රතු මුහුදේ ජලයන්ට පහර දී, තවද ඒවා මෙතැනින් සහ එතැනින් වෙන් කරන්නට, කොපමණකින් ද අපගේ පියවරුන් වූ, ඊශ්‍රායෙල්වරුන්, වියළි පොළව මත යාමට හැකිවිය, තවද ජලයන් මිසරවරුන්ගේ හමුදාවන් මත වසා දමා තවද ඔවුන්ව ගිල දැමූ බව නුඹලා කියවා නැති ද?

12 තවද දැන් බලව, දෙවියන්වහන්සේ මේ මනුෂ්‍යයා හට එවැනි බලයක් ලබා දුන්නේ නම්, එවිට නුඹලා එකිනෙකා අතර වාද විවාද කරන්නේ මන්ද, තවද නුඹ පසුතැවිලි වීම හැර නුඹ කෙරෙහි පැමිණෙන විනිශ්චයන් ගැන මා දැනගන්නා ලෙසට උන්වහන්සේ මා හට බලයක් දී නැතැයි පවසන්නේ ඇයි?

13 එහෙත්, බලව, නුඹලා මාගේ වචන ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, එහෙත් නුඹලා අපගේ පියවරුන් විසින් පවසන ලද වචන සියල්ල ද, තවද එසේම ඔහු හට මහා බලයක් ලබා දී තිබූ මෙම මනුෂ්‍යයා, මෝසෙස්, කී වචන ද, එසේය, මෙසියස්වහන්සේගේ පැමිණීම ගැන ඔහු පැවසූ වචන ද ප්‍රතික්ෂේප කරන්නෙහුය.

14 එසේය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පැමිණෙන බවට ඔහු වාර්තා නොකළේ ද? තවද ඔහු වනාන්තරයේ දී පිත්තල සර්පයා ඔසවා තැබුවාක් මෙන්, පැමිණිය යුතු තැනැන්වහන්සේව ද ඔසවනු ඇත.

15 තවද සර්පයා දෙස බලන අයවලුන් ජීවත්වනවා සේම, එසේම ඇදහිල්ලෙන්, තැළුණු ආත්මයක් ඇතිව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි බලන අයවලුන් හට, සදාකාලික වූ එම ජීවිතය කරා පවා, ජීවත් විය හැකි වන්නේය.

16 තවද දැන් බලව, මෝසෙස් මේ දේවල් ගැන පමණක් නොව, එහෙත් ඔහුගේ කාලයේ සිට ආබ්‍රහම්ගේ කාලය දක්වා වූ, සියලු ශුද්ධ අනාගතවකෘවරුන් තුළ සාක්ෂි දැරුවේය.

17 එසේය, තවද බලව, ආබ්‍රහම් උන්වහන්සේගේ පැමිණීම දැක, තවද ප්‍රීතියෙන් පුරවනු ලැබ තවද සන්තෝෂ වූවේය.

18 එසේය, තවද බලව මම නුඹට කියමි, එනම් ආබ්‍රහම් පමණක් මේ දේවල් ගැන දැන සිටියා නොව, එහෙත් ආබ්‍රහම්ගේ කාලයට පෙර දෙවියන්වහන්සේගේ සංවිධානයෙන් කැඳවන ලද බොහෝදෙනෙක් විය; එසේය, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ සංවිධානයට අනුව; තවද මෙය එනම් එය ජනතාව හට පෙන්වන පිණිස, උන්වහන්සේගේ පැමිණීමට වසර දහස් ගණනකට බොහෝ පෙර, එනම් සැබවින්ම මුදවාගැනීම ඔවුන් කරා පැමිණෙනු ඇති බවටය.

19 තවද දැන්, එනම් ආබ්‍රහම්ගේ කාලයේ පටන් ම මේ දේවල් වලට සාක්ෂි දැරුව බොහෝ අනාගතවාක්තෘවරුන් සිටි බව, නුඹලා දැන ගන්නවා නම් මම කැමැත්තෙමි; එසේය, බලව, අනාගතවක්තෘ සීනොස් නිර්භීතව සාක්ෂි දැරුවේය; එය වෙනුවෙන් ඔහුව මරන ලදි.

20 තවද බලව, එසේම සීනොක්, තවද එසේම ඊසියස්, තවද එසේම යෙසායා, තවද ජෙරෙමියා, (ජෙරෙමියා ජෙරුසලමේ විනාශය ගැන සාක්ෂි දැරූ එම අනාගතවක්තෘවරයාම වේ) තවද දැන් අපි ජෙරෙමියාගේ වචන අනුව ජෙරුසලම විනාශ වූ බව දනිමු. අහෝ එසේ නම් ඔහුගේ අනාවැකියට අනුව, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිණීම නොවන්නේ ඇයි?

21 තවද දැන් නුඹලා ජෙරුසලම විනාශ කළා යැයි වාද විවාද කරන්නෙහු ද? මියුලේක් හැර, ශෙදෙකියාගේ පුතුන් සියල්ල මැරුවේ නැති බව නුඹලා කියන්නෙහු ද? එසේය, තවද ශෙදෙකියාගේ වංශය අප සමඟ සිටින බව නුඹලා නොදකින්නේ ද, තවද ඔවුන්ව ජෙරුසලම් දේශයෙන් පිටතට පලවා හරින ලද බවත්? එහෙත් බලව, මේ සියල්ලක් නොවේ –

22 අපගේ පියා වන ලීහායි ව ජෙරුසලමෙන් පිටතට පලවා හරිනු ලැබුවේ ඔහු මේ දේවල් ගැන සාක්ෂි දුන් නිසාය. එසේම නීෆායි ද, තවද එසේම අපගේ පියවරුන්ගෙන් සියල්ලන්ම පාහේ, මෙම කාලය පැමිණෙන තුරුම, මේ දේවල් ගැන සාක්ෂි දැරුවේය; එසේය, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන සාක්ෂි දරා, තවද බලාපොරොත්තුවෙන් සිටියේය, තවද පැමිණෙන්නට ඇත්තා වූ උන්වහන්සේගේ දිනය ගැන ප්‍රීතිමත් වූවේය.

23 තවද බලව, උන්වහන්සේ දෙවියන්වහන්සේ වන සේක, තවද උන්වහන්සේ ඔවුන් සමඟ වන සේක, තවද උන්වහන්සේ ඔවුන් හට තමන්වහන්සේව ප්‍රකාශිත කළ සේක, එනම් උන්වහන්සේ විසින් ඔවුන්ව මුදවාගත් සේක; තවද ඔවුන් උන්වහන්සේ හට මහිමය දුන්නේය, මක්නිසාද පැමිණෙන්නට තිබෙන්නා වූ එම දෙය නිසාය.

24 තවද දැන්, නුඹලා මේ දේවල් දන්නා බව දැක නුඹලා බොරු කියනු හැර ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකිය, එසේහෙයින් නුඹලා මේ තුළ පව් කර ඇත, මක්නිසාද නුඹලා මේ සියලු දේ ප්‍රතික්ෂේප කර ඇත, නුඹලා ලැබූ සාක්ෂි ගණනාව ද නොතකා; එසේය, ස්වර්ගයේ දේවල් ද, තවද පොළවේ ඇති සියලු දේවල් ද, ඒවා සත්‍ය වන බව සාක්ෂියක් ලෙසට, නිසැකව නුඹලා සියල්ල ලබා ඇත.

25 එහෙත් බලව, නුඹලා සත්‍යය ප්‍රතික්ෂේප කොට, තවද නුඹලාගේ ශුද්ධ වූ දෙවියන්වහන්සේ හට විරුද්ධව කැරලි ගැසූහුය; තවද මේ කාලයේ දී පවා, තමන් වෙනුවෙන් ස්වර්ගයේ නිධාන තබනවා වෙනුවට, එනම් කිසිවක් දූෂිත නොවන, තවද අපවිත්‍ර කිසිවකට පැමිණිය නොහැකි එහි, නුඹලා තමන් වෙනුවෙන් විනිශ්චය දවසට විරුද්ධව නුඹලාම උදහස රැස්කර ගන්නෙහුය.

26 එසේය, සදාකාල විනාශය උදෙසා, නුඹලාගේ මිනීමැරුම් සහ නුඹලාගේ වේශ්‍යාකම් සහ දුෂ්ටකම් නිසා, මේ කාලයේ දී ද නුඹලා සූදානමේ යෙදී සිටින්නහුය; එසේය, තවද නුඹලා පසුතැවිලිවනවා මිස එය ඉක්මනින් නුඹලා වෙත පැමිණෙනු ඇත.

27 එසේය, බලව එය දැන් නුඹලාගේ දොරවල් අසල පවා ඇත; එසේය, නුඹලා විනිශ්චය – ආසනය වෙත ගොස්, තවද සොයන්න; තවද බලව, නුඹේ විනිශ්චයකාරයා මරා දමා ඇත, තවද ඔහු ඔහුගේ රුධිරයේ වැතිර සිටින්නේය; තවද විනිශ්චය – ආසනයේ වාඩි වීමට උත්සහ කරන, ඔහුගේ සහෝදරයා විසින් ඔහුව මරණයට පත්කර ඇත.

28 තවද බලව, ඔවුන් දෙදෙනාම නුඹලාගේ රහස් කණ්ඩායමට අයත් වන්නේය, එහි කතුවරයා ගැඩියැන්ටන් සහ මනුෂ්‍යයින්ගේ ආත්මය විනාශ කිරීමට උත්සහ කරන නපුරු තැනැත්තාය.