ශුද්ධලියවිලි
හීලමන් 4


4 වන පරිච්ඡේදය

නීෆායි විරුද්ධවාදීන් සහ ලේමන්වරු සේනා එකතු වී සරහෙම්ලා දේශය අත්පත් කර ගනිති – නීෆායිවරුන්ගේ පරාජයන් සිදුවන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාය – සභාව ක්‍රමයෙන් අඩු වන අතර, තවද ජනතාව ලේමන්වරුන් මෙන් දුර්වල වෙති. ක්‍රි.පූ. 38–30 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, පනස් හතර වන වසරේදී සභාව තුළ බොහෝ මතභේද ඇති විය, තවද එසේම ජනතාව අතර විවාදයක් ද ඇති විය, එපමණින් එනම් එහි බොහෝ ලේ වැගිරීම් සිදු විය.

2 තවද කැරලිකාර කොටස මරා දමා තවද දේශයෙන් පිටතට පලවා හරිනු ලැබු අතර, තවද ඔවුන් ලේමන්වරුන්ගේ රජු වෙතට ගියෝය.

3 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් නීෆායිවරුන්ට විරුද්ධව යුද්ධයක් සඳහා ලේමන්වරුන් පෙළඹවීමට උත්සාහ කළෝය; එහෙත් බලව, ලේමන්වරුන් අතිශයින් බියට පත් වූ අතර, එමනිසාවෙන් විරුද්ධවාදීන්ගේ වචනවලට ඔවුන් සවන් නොදුන්නෝය.

4 එහෙත් එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ පනස් හය වන වසරේදී, නීෆායිවරුන්ගෙන් ලේමන්වරුන් වෙතට ගිය විරුද්ධවාදීන් එහි සිටියෝය; තවද නීෆායිවරුන්ට විරුද්ධව ඔවුන්ව කෝපයට පත් කිරීමෙන් ඔවුන් අනෙක් අය සමඟ සාර්ථක විය; තවද ඔවුන් එම වසර මුළුල්ලෙහිම යුද්ධයට සූදානම් වෙමින් සිටියෝය.

5 තවද පනස් හත් වන වසරෙදී ඔවුන් නීෆායිවරුන්ට විරුද්ධව සටනට පැමිණියහ, තවද ඔවුන් මරණයේ කාර්යය ආරම්භ කළෝය; එසේය, එපමණකින් එනම් විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ පනස් අටවන වසරෙදී ඔවුන් සරහෙම්ලා දේශය යටත් කර ගැනීමට සමත් විය; එසේය, තවද එසේම සියලු දේශයන් ද, බෞන්ටිෆුල් දේශය අසල තිබූ දේශය දක්වා පවා ද විය.

6 තවද නීෆායිවරුන් සහ මොරෝනිහාගේ හමුදාවන් බෞන්ටිෆුල් දේශය තුළට පවා පලවා හරිනු ලැබුවෝය;

7 තවද එහිදී ඔවුන් ලේමන්වරුන්ට විරුද්ධව බටහිර මුහුදේ සිට, නැගෙනහිර දක්වා පවා, ශක්තිමත් විය; ඔවුන් තම උතුරු රට ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ හමුදාවන් ස්ථානගත කර ශක්තිමත් කළ මාර්ගය, එය නීෆායිවරයෙකුට දිනක ගමනක් වූවේය.

8 තවද මෙසේ නීෆායිවරුන්ගේ විරුද්ධවාදීන්, ලේමන්වරුන්ගේ බොහෝ හමුදාවක උපකාරය සමඟින්, දකුණු දෙසින් පිහිටි නීෆායිවරුන්ගේ සියලු දේපළ ලබා ගත්තෝය. තවද මෙම සියල්ල විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ පනස් අටවන සහ නවවන වසරවලදී සිදු කරනු ලැබුවේය.

9 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හැටවන වසරෙහිදී, මොරෝනිහා ඔහුගේ හමුදාවන් සමඟ දේශයේ බොහෝ කොටස් ලබා ගැනීමට සමත් විය; එසේය, ලේමන්වරුන්ගේ දෑතට පත් වූ බොහෝ නගර ඔවුන් නැවත ලබා ගත්තෝය.

10 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකාරවරුන්ගේ රාජ්‍යය පාලන සමයේ හැට එක්වන වසරෙදී ඔවුන්ගේ සියලු දේපළවලින් අඩක් පවා නැවත ලබා ගැනීමට ඔවුන් සමත් විය.

11 දැන් ඔවුන්ගේ දුෂ්ටකම සහ ඔවුන් අතර තිබූ ඔවුන්ගේ පිළිකුල්කම නොවන්නට නීෆායිවරුන්ගේ මෙම මහත් නැතිවීම සහ ඔවුන් අතරේ සිදු වූ මහත් ඝාතනය සිදු නොවන්නට ඉඩ තිබුණේය; එසේය, තවද එය එසේම දෙවියන්වහන්සේගේ සභාවට අයත් යැයි ප්‍රකාශ කළ අය අතරද විය.

12 තවද එය ඔවුන්ගේ හදවත්වල උඩඟුකම නිසා විය, ඔවුන්ගේ අධික ධනය නිසා විය, එසේය, එය ඔවුන්ගේ දුප්පතුන්ට පීඩා කිරීම නිසා විය, කුසගින්නෙන් පෙළෙන අයට ඔවුන්ගේ ආහාර ලබා නොදීම, නිරුවත් අයට ඔවුන්ගේ ඇඳුම් ලබා නොදීම සහ ඔවුන්ගේ නිහතමානී සහෝදරයන්ගේ කම්මුලට පහර දීම, ඒ පරිශුද්ධ දේට සමච්චල් කිරීම, අනාවැකියේ සහ එළිදරව්වේ ආත්මය ප්‍රතික්ෂේප කිරීම, මිනීමැරීම, කොල්ලකෑම, බොරු කීම, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය කිරීම, මහත් ආරවුල් වලින් නැඟිටීම, සහ ලේමන්වරුන් අතර, නීෆායි දේශය තුළට ද්‍රෝහිව පලා යාම නිසා විය –

13 තවද ඔවුන්ගේ මේ මහත් දුෂ්ටකම නිසාත්, තවද ඔවුන්, ඔවුන්ගේම ශක්තිය තුළ පාරට්ටු කළ නිසාත්, ඔවුන් ඔවුන්ගේම ශක්තිය තුළ ඉතිරි වූවෝය; එසේහෙයින් ඔවුන් සමෘද්ධිමත් නොවීය, එහෙත් පීඩාවට පත්ව සහ පහර දෙනු ලැබ, තවද ඔවුන්ගේ සියලු දේශයන්හි අයිතිය ඔවුන්ට නැතිවන තෙක්, ලේමන්වරුන් ඉදිරියෙහි පලවා හරිනු ලැබුවෝය.

14 එහෙත් බලව, මොරෝනිහා ඔවුන්ගේ අයුතුකම් නිසා ජනතාව වෙත බොහෝ දේවල් දේශනා කළේය, තවද හීලමන්ගේ පුත්‍රයන් වූ නීෆායි සහ ලීහායි, ජනතාව වෙත බොහෝ දේවල් දේශනා කළෝය, එසේය, තවද ඔවුන්ගේ අයුතුකම් සහ ඔවුන්ගේ පාප පිළිබඳ පසුතැවිලි නොවන්නේ නම්, තවද ඔවුන් හට සිදු විය යුතු දේ ගැන ඔවුන්ට බොහෝ දේවල් අනාවැකි පැවසුවෝය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පසුතැවිලි විය, තවද එපමණකින් ඔවුන් පසුතැවිලි වූ තරමටම ඔවුන් සමෘද්ධිමත් වීමට පටන් ගත්තෝය.

16 මක්නිසාද මොරෝනිහා එනම් ඔවුන් පසුතැවිලි වූ බව දුටු විට, ඔවුන්ගේ දේපල වලින් එක අඩක් සහ ඔවුන්ගේ සියලු දේශයන් වලින් එක අඩක් නැවත ලබා ගන්නා තෙක්, ඔවුන්ව තැනින් තැනට, තවද නගරයෙන් නගරයට මඟපෙන්වීමට ඔහු නිර්භීත විය.

17 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හැට එක්වන වසර අවසන් විය.

18 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හැට දෙවන වසර තුළදී, එනම් මොරෝනිහාට ලේමන්වරුන් මත තවදුරටත් අයිතිය ලබා ගැනීමට නොහැකි විය.

19 එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ ඉතිරිවු දේශයන් ලබා ගැනීමේ සැලැස්ම අත්හැර දැමුවෝය, මක්නිසාද ලේමන්වරුන් අසීමත වූ අතර, එනම් නීෆායිවරුන් හට ඔවුන් කෙරෙහි වැඩි බලයක් ලබා ගැනීමට අපහසු විය; එසේහෙයින් මොරෝනිහා ඔහු ලබා ගත්තාවු එම කොටස් පවත්වා ගැනීම සඳහා ඔහුගේ සියලු හමුදාවන් යෙදවීය.

20 තවද එය මෙසේ සිදු විය, ලේමන්වරුන්ගේ සංඛ්‍යාවේ බලවත්කම නිසා, නීෆායිවරුන්ව පරාජය කරනු ලැබ, පාගා දමනු ලැබ, මරා දමනු ලැබ, විනාශ කරනු ලැබෙනු ඇතැයි යන බියෙන් ඔවුන් සිටියෝය.

21 එසේය, ඔවුන්ට ඇල්මාගේ අනාවැකි සහ එසේම මොසායාගේ වචන සිහි වීමට පටන් ගත්තෝය; තවද එනම් ඔවුන් මුරණ්ඩු ජනතාවක්ව සිට, තවද එනම් ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් නොසලකා හැර ඇති බව දුටුවෝය;

22 තවද එනම් ඔවුන් මොසායාගේ නීතීන්, නැතහොත් ජනතාව වෙත දීමට ස්වාමීන්වහන්සේ ඔහුට අණ කළාවූ දේ වෙනස් කර තවද ඔවුන්ගේ පාද යට පාගා දැමුවෝය; තවද එනම් ඔවුන්ගේ නීතීන් දූෂිත වී ඇති බවත්, තවද එපමණකින් ඔවුන් ලේමන්වරුන් මෙන් දුෂ්ට වන තරමට වුවද, දුෂ්ට ජනතාවක් බවට පත්ව ඇති බව ඔවුන් දුටුවෝය.

23 තවද ඔවුන්ගේ අයුතුකම නිසා සභාව පිරිහීමට පටන්ගෙන තිබුණේය; තවද ඔවුන් අනාවැකියේ ආත්මය සහ එළිදරව් කිරීමේ ආත්මය කෙරෙහි අවිශ්වාස කිරීමට පටන් ගත්තෝය; තවද දෙවියන්වහන්සේගේ විනිශ්චයන් ඔවුන්ගේ මුහුණ දෙස බලා සිටින සේක.

24 තවද එනම් ඔවුන්ගේ සහෝදරයන් වන ලේමන්වරුන් මෙන් ඔවුන් දුර්වල වී ඇති බවත්, තවද එනම් ස්වාමීන්වහන්සේගේ ආත්මය තවදුරටත් ඔවුන්ව ආරක්ෂා නොකරන බවත් ඔවුන් දුටුවෝය; එසේය, ස්වාමීන්වහන්සේගේ ආත්මය අශුද්ධ දේවමාළිගාවල වාසය නොකරන්නාවූ නිසාවෙන් ආත්මයාණන් ඔවුන් කෙරෙන් ඉවත් වුණ සේක –

25 එසේහෙයින් මක්නිසාද ඔවුන් අවිශ්වාසයේ සහ භයානක දුෂ්ටකමෙහි තත්වයක් තුළට වැටී සිටි හෙයින්, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ හාස්කමේ සහ අසමසම බලයෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම නැවැත්වූ සේක; තවද එනම් ඔවුන්ට වඩා බොහෝසෙයින් ලේමන්වරුන් සිටින බවද, තවද ඔවුන් ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ හට ඇලුම්ව නොසිටියහොත් වැලැක්විය නොහැකි ලෙස විනාශ වන්නේ යැයි ඔවුන් දුටුවෝය.

26 මක්නිසාද බලව, එනම් ලේමන්වරුන්ගේ ශක්තිය ඔවුන්ගේ ශක්තිය මෙන්, මනුෂ්‍යයාට මනුෂ්‍යයෙකු පවා, විශාල බව ඔවුන් දුටුවේය. තවද මෙසේ ඔවුන් මෙම මහත් පාපය තුළට වැටුණෝය; එසේය, මෙසේ අඩු වසර ගණනාවක කාල පරිච්ඡේදයක් ඇතුළතදී, ඔවුන්ගේ වරද නිසා, ඔවුන් දුර්වල වූවෝය.