5 වන පරිච්ඡේදය
නීෆායි සහ ලීහායි දේශනා කිරීමට ඔවුන්ම කැප වෙති – ඔවුන්ගේ නම් ඔවුන්ගේ මුතුන් මිත්තන්ට අනුව ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට ඔවුන්ට ආරාධනා කරයි – ක්‍රිස්තුස්වහන්සේ පසුතැවිලි වන අයව මුදවා ගන්නා සේක – නීෆායි සහ ලීහායි බොහෝ අය හරවා ගනිති, තවද සිරගත කරන අතර ගින්න ඔවුන් වටකරයි – අන්ධකාරයේ වලාකුළක් මනුෂ්‍යයන් තුන්සියයක් වසා ගනියි – පොළොව කම්පා වේ, හඬක් මනුෂ්‍යයන්ට පසුතැවිලි වන ලෙස අණ කරයි – නීෆායි සහ ලීහායි දේවදූතයන් සමඟ කතා කරති, තවද සමූහයා ගින්නෙන් වට කරනු ලබයි. ක්‍රි.පූ. 30 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් එම වසරේදීම, බලව, නීෆායි විනිශ්ච-ආසනය සීසෝරොම් නම් මනුෂ්‍යයෙකුට භාර දුන්නේය.
2 මක්නිසාද ඔවුන්ගේ නීති සහ ඔවුන්ගේ ආණ්ඩු ජනතාවගේ හඬින් ස්ථාපිත වූ අතර, තවද යහපත තෝරා ගත්තාවූ අයට වඩා අයහපත තෝරා ගත්තාවූ අය ඉතා බොහෝමයක් විය, මක්නිසාද නීති දූෂිත වී ඇති නිසා, එසේහෙයින් ඔවුන් විනාශය සඳහා මෝරමින් සිටියෝය.
3 එසේය, තවද මේ සියල්ල නොවන්නේය; ඔවුන් දරදඬු ජනතාවක් වූ අතර, එපමණකින් එනම් නීතියෙන් හෝ යුක්තියෙන් ඔවුන්ව පාලනය කළ නොහැකි වූ අතර, එය ඔවුන්ගේ විනාශයට හේතු විය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ අයුතුකම් නිසා නීෆායි වෙහෙසට පත් විය; තවද ඔහු විනිශ්ච-ආසනය අත්හැර, ඔහුගේ ඉතිරි කාලය මුළුල්ලෙහිම, තවද ඔහුගේ සහෝදරයා වූ ලීහායි ද, ඔහුගේ ඉතිරි කාලය මුළුල්ලෙහිම, දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට එය ඔහු මතට ගත්තේය.
5 මක්නිසාද ඔවුන්ගේ පියා වූ හීලමන් ඔවුන්ට පැවසූ වචන ඔවුන්ට සිහි විය. තවද ඔහු පැවසූ වචන මේවා විය;
6 බලව, මාගේ පුත්‍රයෙනි, එනම් නුඹලා දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට මතක තබාගන්නවාට මම ආශා වන්නෙමි; තවද නුඹලා මේ වචන ජනතාවට ප්‍රකාශ කරනවාට මම කැමති වන්නෙමි. බලව, ජෙරුසලම් දේශයෙන් පිටතට පැමිණි අපගේ මුල් දෙමාපියන්ගේ නම් මම නුඹලාට දුන්නෙමි; තවද එනම් මා මෙය කෙළේ නුඹලා නුඹලාගේ නම් සිහි කරන විට නුඹලාට ඔවුන්ව සිහි වන පිණිසය; තවද නුඹලා ඔවුන්ව සිහි කරන විට ඔවුන්ගේ ක්‍රියා නුඹලාට සිහි වන්නේය; නුඹලා ඔවුන්ගේ ක්‍රියා සිහි කරන විට, ඒවා යහපත් බව පැවසෙන ආකාරය, සහ එසේම ලියා ඇති ආකාරය නුඹලාට දැනගත හැකිය.
7 එසේහෙයින්, මාගේ පුත්‍රයෙනි, ඔවුන් ගැන ලියා ඇති පරිදිත්, කියා ඇති පරිදිත්, නුඹලා ගැන කියනු ලබන පිණිසත්, තවද එසේම ලියනු ලබන පිණිසත්, එනම් නුඹලා යහපත් දේ කළ යුතු ලෙසට මම කැමති වන්නෙමි.
8 තවද දැන් මාගේ පුත්‍රයෙනි, බලව, මට නුඹලා පිළිබද තව ස්වල්ප වූ ආශාවක් ඇත, එනම් නුඹලා පුරසාරම් දෙඩීමට මෙම දේවල් නොකරන පිණිස, එහෙත් එනම් නුඹලා මෙම දේවල් ස්වර්ගයේ සදාකාලික, නොමැකෙන නිධානයක්, රැස් කර ගැනීමට කරනු පිණිසය; එසේය, අපගේ පියවරුන්ට දී ඇතැ යි අපට සිතීමට හේතු ඇති, එනම් සදාකාල ජීවනය නමැති අනර්ඝ තෑග්ග නුඹලාට ලැබෙනු පිණිසය.
9 අහෝ මාගේ පුත්‍රයෙනි, බෙන්ජමින් රජු ඔහුගේ ජනතාවට පැවසූ වචන සිහි කරන්න, සිහි කරන්න; එසේය, එනම් මනුෂ්‍යයාට ගැලවීම ලැබිය හැකි වෙනත් මාර්ගයක් හෝ ක්‍රමයක් නොමැති බවත්, පැමිණෙන්නා වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය තුළින් පමණක් බවත් මතක තබාගන්න; එසේය, එනම් උන්වහන්සේ ලෝකය මුදවා ගැනීමට පැමිණෙන බව මතක තබාගන්න.
10 තවද එසේම ඇමෝනිහා නුවරදී, ඇමියුලෙක් සීස්රොම් හට පැවසූ වචන ද මතක තබාගන්න; මක්නිසාද එනම් ස්වාමීන්වහන්සේ නිසැකවම තමන්වහන්සේගේ ජනතාව මුදවා ගැනීමට පැමිණෙන බවත්, එහෙත් උන්වහන්සේ පැමිණෙන්නේ ඔවුන්ගේ පාප තුළින් ඔවුන්ව මුදවා ගැනීමට නොව, ඔවුන්ගේ පාපවලින් ඔවුන්ව මුදවා ගැනීමට බවත් ඔහු ඔහු හට පැවසුවේය.
11 තවද පසුතැවිලි වීම නිසා ඔවුන්ගේ පාපවලින් ඔවුන්ව මුදවා ගැනීමට උන්වහන්සේ හට පියාණන්වහන්සේගෙන් උන්වහන්සේට බලය දී ඇත්තේය; එසේහෙයින් උන්වහන්සේ තමන්වහන්සේගේ දූතයන් එවා ඇත්තේ මිදුම්කරුවාණන්ගේ බලය තුළට, ඔවුන්ගේ ප්‍රාණයන්ගේ ගැලවීම උදෙසා ගෙන එන පසුතැවිල්ලේ කොන්දේසි පිළිබඳ පුවත් ප්‍රකාශ කිරීමටය.
12 තවද දැන්, මාගේ පුත්‍රයෙනි, මතක තබාගන්න, එනම් නුඹලාගේ අත්තිවාරම ගොඩනඟා ගත යුත්තේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුන්වහන්සේ වන අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මත බව මතක තබාගන්න; එනම් යක්ෂයා තම බලවත් සුළඟ එවන විට, එසේය, ඔහුගේ සුළි සුළගේ විදුලි අකුණු එවන විට, එසේය, ඔහුගේ සියලු හිම කැට වර්ෂාව සහ ඔහුගේ බලවත් කුණාටුව නුඹලා මතට පහර දෙන විට, ස්ථීර පදනමක් වන, මනුෂ්‍යයා ගොඩනැගුව හොත් ඔවුන්ට වැටීමට නොහැකි පදනමක් වන, නුඹලා ගොඩනඟා ඇති පදනම නිසා, දුක්ඛිත සහ නිමක් නැති ආගාධය වෙත නුඹලාව ඇද දැමීමට එයට නුඹලා කෙරෙහි බලයක් නොමැත්තේය.
13 තවද එය මෙසේ සිදු විය, එනම් හීලමන් තම පුත්‍රයන්ට ඉගැන්වූ වචන මේවා විය; එසේය, ලියා නැති බොහෝ දේ ද, එසේම ලියා ඇති බොහෝ දේ ද ඔහු ඔවුන්ට ඉගැන්වූවේය.
14 තවද ඔවුන් ඔහුගේ වචන සිහිකළෝය; තවද එසේහෙයින් ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් රක්ෂා කරමින්, බෞන්ටිෆුල් නගරයෙන් ආරම්භ කරමින්, නීෆායිහි සියලු ජනතාව අතරේ දෙවියන්වහන්සේගේ වචනය උගන්වන පිණිස පිටත්ව ගියෝය.
15 තවද එතැන් පටන් ගිඩ් නගරයට ද; තවද ගිඩ් නගරයේ සිට මියුලෙක් නගරය දක්වා ද විය;
16 තවද ඔවුන් දකුණු දෙසින් දේශයේ සිටි නීෆායිහි සියලු ජනතාව අතරට යන තුරු, එක් නගරයකින් තවත් නගරයකට පවා ද; තවද එතැන් සිට ලේමන්වරුන් අතරේ වූ සරහෙම්ලා දේශය තුළට ගියෝය.
17 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් මහත් බලයෙන් දේශනා කළෝය, එපමණකින්ම එනම් ඔවුන් නීෆායිවරුන්ගෙන් පිටතට ගිය බොහෝ විරුද්ධවාදීන් ව්‍යාකූල කළෝය, එපමණකින්ම එනම් ඔවුන් පිටතට පැමිණ ඔවුන්ගේ පාපයන් පාපොච්චාරණය කර පසුතැවිලි වීමට බෞතිස්ම වූ අතර, තවද ඔවුන් කළ වැරදි නැවත සකස් කිරීමට උත්සාහ කිරීම සඳහා වහාම නීෆායිවරුන් වෙත ආපසු හැරී ගියෝය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි සහ ලීහායි ලේමන්වරුන් වෙතට ඉතා විශාල බලයකින් සහ අධිකාරී බලයකින් දේශනා කළෝය, මක්නිසාද එනම් ඔවුන්ට කතා කිරීම පිණිස බලය සහ අධිකාරීත්වය ලබා දී තිබූ අතර, තවද එසේම ඔවුන්ට කතා කළ යුතු දේ ද ඔවුන්ට දී තිබුණෝය.
19 එසේහෙයින් ඔවුන් ලේමන්වරුන්ගේ මහත් විස්මයට කරුණක් ලෙස කතා කළ අතර, ඔවුන්ව ඒත්තු ගන්වා, එපමණකින් එනම් සරහෙම්ලා දේශයේ සහ අවට සිටි ලේමන්වරුන්ගේ අටදහසක් පමණ පසුතැවිලි වීමට බෞතිස්ම වූ අතර ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන්හි දුෂ්ටකම ගැන ද ඒත්තු ගැන්වූවේය.
20 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි සහ ලීහායි එතැන් සිට නීෆායි දේශයට ගියෝය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගේ හමුදාවක් විසින් ඔවුන්ව අල්ලා ගෙන ගොස් සිරගෙය තුළට දැමුවෝය; එසේය, එය එනම් ඇමන් සහ ඔහුගේ සහෝදරයන් ලිම්හායිගේ සේවකයන් විසින් හෙළනු ලැබූ එම සිරගෙදරම පවා විය.
22 තවද ඔවුන් බොහෝ දිනක් ආහාර නොමැතිව සිරගෙය තුළට දැමූ පසු, බලව, එනම් ඔවුන් ඔවුන්ව මරා දමන පිණිස ඔවුන්ව රැගෙන යෑමට ඔවුන් සිරගෙදරට ගියෝය.
23 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි සහ ලීහායි ගින්නෙන් වට වී සිටින්නාක් මෙන් වට වී සිටි අතර, එමනිසාම ඔවුන් පුළුස්සා දමනු ලැබේ යැයි බියෙන් ඔවුන් පිට අත තැබීමට නිර්භීත නොවුණේය. එසේනමුත්, නීෆායි සහ ලීහායි නොදැවී සිටියෝය; තවද ඔවුන් ගින්නක් මැද සිටගෙන සිටින්නාක් මෙන් වූ අතර නොදැවී සිටියෝය.
24 තවද එනම් ඔවුන් ගිනි කණුවකින් වට වී සිටින බවත්, තවද එනම් එය ඔවුන්ව නොදැවී සිටින බවත් දුටු විට, ඔවුන්ගේ සිත් ධෛර්යමත් විය.
25 මක්නිසාද එනම් ලේමන්වරුන් තමන් පිට අත් තැබීමට තරම් ධෛර්යමත් නොමැති බව ඔවුන් දුටුවෝය; නැතහොත් ඔවුන්, ඔවුන් අසලට පැමිණීමට එඩිතර නොවීය, එහෙත් ඔවුන් විස්මයෙන් ගොළු වූවාක් මෙන් සිටගෙන සිටියෝය.
26 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි සහ ලීහායි නැඟී සිටිමින් ඔවුන් හට මෙසේ කියමින්, කථා කිරීමට පටන් ගත්තෝය: බිය නොවන්න, මක්නිසාද බලව, එනම් අප මරා දැමීමට නුඹලාට අත තැබිය නොහැකි බව නුඹලා හට පෙන්වා දී ඇති මේ ආශ්චර්යමත් දෙය එනම් නුඹලාට පෙන්වා දෙනු ලැබුවේ දෙවියන්වහන්සේ විසින්ය.
27 තවද බලව, ඔවුන් මෙම වචන පැවසූ විට, පොළොව අතිශයින් සෙලවුණේය, තවද සිරගෙදර බිත්ති පොළොවට කඩා වැටිමට ආසන්නව මෙන් සෙලවුණේය; එහෙත් බලව, ඒවා වැටුණේ නැත. තවද බලව, එනම් සිරගෙදර සිටියාවූ අය ලේමන්වරුන්ගේ සහ නීෆායිවරුන්ගේ විරුද්ධවාදීන් විය.
28 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ව අන්ධකාර වලාකුළකින් වසාගනු ලැබුවේය, තවද ඔවුන් මත භයංකර දරුණු බියක් පැමිණියේය.
29 තවද එය මෙසේ සිදු විය, එනම් අන්ධකාරයේ වලාකුළට ඉහළින් මෙන්, මෙසේ කියමින් හඬක් පැමිණියේය: නුඹලා පසුතැවිලි වෙනු, නුඹලා පසුතැවිලි වෙනු, තවද ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා විසින් නුඹලා වෙතට එවූ මාගේ සේවකයන් විනාශ කිරීමට තවදුරටත් උත්සාහ නොකරනු.
30 තවද එය මෙසේ සිදු විය, ඔවුන් මෙම හඬ ඇසූ විට, තවද එනම් එය ගිගුරුම් හඬක් නොවන බවත්, නැතහොත් එය මහත් කැළඹිලි සහිත ශබ්දයක හඬක් නොවන බවත් දුටුවේය, එහෙත් බලව, එය පරිපූර්ණ මෘදු නිශ්චල හඬක් බවත්, එය කෙඳිරීමක් මෙන්, තවද එය ප්‍රාණයේ තුළටම පවා ද කාවැදුණේය –
31 තවද එසේවුවත් හඬෙහි මෘදු බව තිබියදීත්, බලව පොළොව අතිශයින් සෙලවුණේය, තවද සිරගෙදර බිත්ති, එය පොළොවට කඩා වැටෙන්නට ආසන්න වූවාක් මෙන් නැවතත් සෙලවෙන්නට විය; තවද බලව ඔවුන්ව වසාගත්තාවූ එම අන්ධකාරයේ වලාකුළ, ඉවත් නොවීය –
32 තවද බලව හඬ, මෙසේ පවසමින් නැවත පැමිණියේය: නුඹලා පසුතැවිලි වෙනු, නුඹලා පසුතැවිලි වෙනු, මක්නිසාද ස්වර්ග රාජ්‍යය අත ළඟය; තවද මාගේ සේවකයන් විනාශ කිරීමට තවදුරටත් නොසොයනු. තවද එය මෙසේ සිදු විය, එනම් නැවතත් පොළොව සෙලවුනු අතර, තවද බිත්ති වෙව්ලන්නට විය.
33 තවද එසේම තුන්වන වතාවටත් නැවත හඬ පැමිණියේය, තවද මනුෂ්‍යයෙකු විසින් ප්‍රකාශ කළ නොහැකි පුදුමාකාර වචන ඔවුන් හට කථා කළේය; තවද බිත්ති නැවත වෙව්ලන්නට විය, තවද පොළොව බෙදීමට ආසන්නව මෙන් එය සෙලවුණේය.
34 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ට ඔවුන්ව වසාගත් අන්ධකාරයේ වලාකුළ නිසා පලා යාමට නොහැකි විය; එසේය, තවද එසේම ඔවුන් මතට පැමිණි බිය නිසාවෙන් ඔවුන් නොසැලී සිටියෝය.
35 දැන් එහි ඔවුන් අතර උපතින්ම නීෆායිවරයෙකු වූ කෙනෙකු සිටියේය, ඔහු වරක් දෙවියන්වහන්සේගේ සභාවට අයත්ව සිට එහෙත් ඔවුන්ගෙන් විරුද්ධකරුවෙකු විය.
36 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු විසින්ම ඔහුව හරවා ගත්තේය, තවද බලව, ඔහු අන්ධකාරයේ වලාකුළ තුළින් නීෆායිගේ සහ ලීහායිගේ මුහුණු දුටුවේය; තවද බලව, ඔවුන් දේවදූතයන්ගේ මුහුණු මෙන් අතිශයින් බැබළුණේය. තවද ඔවුන් ඔවුන්ගේ ඇස් ස්වර්ගය වෙත ඔසවා ඇති බව ඔහු දුටුවේය; තවද ඔවුන් දුටු යම් තැනැත්තෙකුට කථා කරන්නාක් මෙන් හෝ ඔවුන්ගේ හඬ ඔසවන්නාවූ ආකාරයෙන් සිටියෝය.
37 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම මනුෂ්‍යයා ජන සමූහයා වෙත, එනම් ඔවුන් හැරී බලන ලෙසට මොරගැසුවේය. තවද බලව, එහි එනම් ඔවුන් හැරී බැලීම සඳහා ඔවුන්ට බලය ලබා දී තිබුණි; තවද ඔවුන් නීෆායිගේ සහ ලීහායිගේ මුහුණු දුටුවේය.
38 තවද ඔවුන් එම මනුෂ්‍යයාට කථාකොට: බලව, මෙම සියල්ලෙහි තේරුම කුමක්ද? තවද මෙම මනුෂ්‍යයන් කවුරුන් සමඟ කථා කරන්නේද?
39 තවද එම මනුෂ්‍යයාගේ නම අමිනාදාබ් විය. තවද අමිනාදාබ් ඔවුන් හට මෙසේ කීවේය: ඔවුන් දෙවියන්වහන්සේගේ දේවදූතයන් සමඟ කථා කරන්නෝය.
40 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔහුට මෙසේ කීවේය: මෙම අන්ධකාරයේ වලාකුළ එනම් අපව වසා ගැනීමෙන් ඉවත් කරනු ලබන පිණිස, අප කුමක් කරන්නෙමුද?
41 තවද අමිනාදාබ් ඔවුන් හට මෙසේ කීවේය: තවද නුඹලා පසුතැවිලි වී, ඇල්මා, ඇමියුලෙක් සහ සීසෝරොම් විසින් නුඹලා හට උගන්වන ලද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති වන තුරු පවා, හඬට මොර ගසනු; තවද නුඹ මෙය කරන විට, අන්ධකාරයේ වලාකුළ නුඹලාව වසා ගැනීමෙන් ඉවත් කරනු ලබන්නේය.
42 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියල්ලෝම පොළොව සොලවනු ලැබුවාවූ උන්වහන්සේගේ හඬට මොරගැසීමට පටන් ගත්තෝය; එසේය, අන්ධකාරයේ වලාකුළ ඉවත්ව යන තුරු පවා ඔවුන් මොරගැසුවෝය.
43 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ගේ ඇස් අවට යොමු කළ විට, තවද එනම් අන්ධකාරයේ වලාකුළ ඔවුන්ව වසා ගැනීමෙන් ඉවත්ව ගිය බව දුටුවෝය, බලව, එනම් ගිනි ටැඹකින් ඔවුන්ව, එසේය සියලු ප්‍රාණයක්ම, වට වී ඇති බව ඔවුන් දුටුවෝය.
44 තවද නීෆායි සහ ලීහයි ඔවුන් මධ්‍යයේ සිටියෝය; එසේය, ඔවුන් අවට වටකර තිබුණෝය; එසේය, ඔවුන් දැල්වෙන ගින්නක් මධ්‍යයේ මෙන් සිටියෝය, එහෙත් එය ඔවුන්ට හානියක් නොකළේය, නැතහොත් එය සිරගෙදර බිත්ති මත ද නොරැඳුනේය; තවද ඔවුන් කිව නොහැකි සහ මහිමයෙන් පිරුණු එම ප්‍රීතියෙන් පිරී සිටියෝය.
45 තවද බලව, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් ස්වර්ගයෙන් පහතට පැමිණ, තවද ඔවුන්ගේ හදවත් තුළට ඇතුළු වූ සේක, තවද ඔවුන් ගින්නෙන් මෙන් පරිපූර්ණ විය, තවද ඔවුන්ට පුදුමාකාර වචන ප්‍රකාශ කිරීමට හැකි විය.
46 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් වෙතට, මෙසේ පවසමින් හඬක් පැමිණියේ, එසේය, එය කෙඳිරීම මෙන්, මිහිරි හඬක් විය:
47 ලෝකයේ පටන්ගැන්මේ සිටම මාගේ යහපත් ප්‍රියාදරයාණන් කෙරෙහි නුඹලාගේ ඇදහිල්ල නිසා, නුඹලාට සාමය, සාමය වේවා.
48 තවද දැන්, ඔවුන් මෙය ඇසුනු විට, හඬ පැමිණියේ කොහෙන්දැයි බැලීමට මෙන් ඔවුන් ඔවුන්ගේ ඇස් ඉහළට ඔසවා ගත්තෝය; තවද බලව, ස්වර්ගයන් විවෘත වී ඇති බව ඔවුන් දුටුවෝය; තවද දේවදූතයන් ස්වර්ගයෙන් පහතට පැමිණ ඔවුන් හට උපස්ථාන කළෝය.
49 තවද එහි මෙම දේවල් දුටුවාවූ සහ ඇසූවාවූ ප්‍රාණයන් තුන්සියයක් පමණ සිටියෝය; තවද ඔවුන්ට ඉදිරියට ගොස් පුදුම නොවීමටත්, නැතහොත් ඔවුන් සැක නොකිරීමටත් අණ කරනු ලැබීය.
50 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පිටතට ගොස්, තවද ජනතාව හට උපස්ථාන කරමින්, ඔවුන් ඇසූවාවූ සහ දුටුවාවූ සියලු දේවල් අවට ඇති සියලු ප්‍රදේශ පුරා ප්‍රකාශ කළෝය, එපමණකින් එනම් ඔවුන්ට ලැබුණාවූ සාක්ෂිවල ශ්‍රේෂ්ඨත්වය නිසා, ලේමන්වරුන්ගෙන් වැඩි කොටසක් ඒවා පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තෝය.
51 තවද අවබෝධයක් ඇති කරගත්තාවූ බොහෝ දෙනෙකු ඔවුන්ගේ යුද ආයුධ, තවද එසේම ඔවුන්ගේ වෛරය සහ ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් ද අත්හැර දැමුවෝය.
52 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔවුන්ගේ දේශයේ අයිතිය නීෆායිවරුන් හට භාර දුන්නෝය.