හීලමන්ගේ පොත
නීෆායිවරුන්ගේ වාර්තාවකි. ඔවුන්ගේ යුද්ධ සහ ආරවුල් සහ ඔවුන්ගේ මතභේද. තවද එසේම හීලමන්ගේ පුත්‍රයා වූ, හීලමන්ගේ වාර්තාවලට අනුව, සහ ඔහුගේ පුත්‍රයන්ගේ ද වාර්තාවලට අනුව, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට පෙර, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම දක්වා පවා වූ, එසේම බොහෝ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ අනාවැකි. තවද එසේම ලේමන්වරුන් බොහෝ දෙනෙකු හැරෙන්නේය. ඔවුන්ගේ හැරීම පිළිබඳ වාර්තාවකි. හීලමන්ගේ සහ ඔහුගේ පුත්‍රයන්ගේ වාර්තාවට අනුව, ලේමන්වරුන්ගේ ධර්මිෂ්ඨකම සහ නීෆායිවරුන්ගේ දුෂ්ටකම් සහ පිළිකුල් සහගත ක්‍රියාවන් පිළිබඳ වාර්තාවකි, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම දක්වා පවා වූවකි, එය හීලමන්ගේ පොත ලෙස හඳුන්වනු ලබන අතර, එසේ යනාදී වශයෙන්ය.
1 වන පරිච්ඡේදය
දෙවැනි පහෝරන් ප්‍රධාන විනිසුරු බවට පත් වී කිෂ්කුමෙන් විසින් මරණයට පත් කරනු ලැබේ – පැකුමෙනි විනිශ්චයාසනය හොබවයි – කොරියැන්ටමර් ලේමන්වර හමුදාවට නායකත්වය දෙයි, සරහෙම්ලාව අල්ලාගෙන, පැකුමෙනි මරා දමයි – මොරොනිහා ලේමන්වරුන්ව පරාජය කර සරහෙම්ලාව නැවත අත්පත් කර ගනී, තවද කොරියැන්ටමර් මරා දමයි. ක්‍රි.පූ. 52–50 පමණ.
1 තවද දැන් බලව, එය මෙසේ සිදු විය, නීෆායි ජනයා කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ හතළිස් වන වසර ආරම්භයේ දී, එහි නීෆායිවරුන්ගේ ජනතාව අතර බරපතල දුෂ්කරතාවයක් ඇති වීමට පටන් ගත්තේය.
2 මක්නිසාද බලව, පහෝරන් මිය ගොස් තවද මුළු පොළොවේ ආකාරයට ගමන් කොට ඇත්තේය; එසේහෙයින් එහි පහෝරන්ගේ පුත්‍රයන් වූ, සහෝදරයන් අතර, විනිශ්ච-ආසනය හිමිවිය යුත්තේ කාටද යන්න පිළිබඳව බරපතල මතභේදයක් ඇති වීමට පටන් ගත්තේය.
3 දැන් විනිශ්ච-ආසනය සඳහා සටන් වැදූ අය, එසේම ජනතාවට සටන් කිරීමට හේතු වූ ඔවුන්ගේ නම් මේවා විය: පහෝරන්, පාන්චි සහ පැකුමෙනිය.
4 දැන් මෙම අය පහෝරන්ගේ සියලුම පුත්‍රයන් නොවීය (මක්නිසාද ඔහුට බොහෝදෙනෙකු සිටියෝය), එහෙත් විනිශ්ච-ආසනය සඳහා සටන් කළ අය මොවුන් විය; එසේහෙයින්, ඔවුන් ජනතාව අතර භේදයන් තුනක් ඇති කළෝය.
5 එසේනමුත්, එය මෙසේ සිදු විය, එනම් නීෆායිහි ජනතාව කෙරෙහි ප්‍රධාන විනිශ්චයකාරයෙකු සහ ආණ්ඩුකාරයෙකු වීමට ජනතාවගේ හඬින් පහෝරන්ව පත් කරන ලදී.
6 තවද එය මෙසේ සිදු විය, එනම් පැකුමෙනි, එනම් ඔහුට විනිශ්ච-ආසනය ලබා ගැනීමට නොහැකි බව ඔහු දුටු විට, ඔහු ජනතාවගේ හඬ සමඟ එක්සත් විය.
7 එහෙත් බලව, එනම් පාන්චි සහ ඔහු ඔවුන්ගේ ආණ්ඩුකාරයා වීමට ආශාවෙන් සිටි එම ජනතාවගෙන් කොටසක් අතිශයින් කෝපයට පත් විය; එසේහෙයින්, ඔහු ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව කැරලි ගැසීමට එම ජනයාව චාටු බස් වලින් රැවටීමට සූදානම්ව සිටියේය.
8 තවද එය මෙසේ සිදු විය, ඔහු මෙය කිරීමට සූදානම් වන විට, බලව, ඔහු අල්ලාගෙන, ජනතාවගේ හඬට අනුව පරීක්ෂා කර, මරණ දඬුවම නියම කරන ලදී; මක්නිසාද ඔහු කැරැල්ලක් ඇති කර ජනතාවගේ නිදහස නැති කිරීමට උත්සාහ කළේය.
9 දැන් එනම් ඔහු ඔවුන්ගේ ආණ්ඩුකාරයා වීමට ආශාවෙන් සිටියාවූ අය ඔහු මරණ දඬුවමට නියම වූ බව දුටුවෝය, එසේහෙයින් ඔවුන් කෝපයට පත් වූ අතර, තවද බලව, ඔවුන් එක් කිෂ්කුමෙන් කෙනෙකු පහෝරන්ගේ විනිශ්චයාසනයට පවා පිටත් කර යවා, තවද ඔහු විනිශ්චයාසනයේ වාඩි වී සිටියදී පහෝරන්ව මරා දැමුවෝය.
10 තවද ඔහුව පහෝරන්ගේ සේවකයෝ විසින් ලුහුබැන්දේය; එහෙත් බලව, කිෂ්කුමෙන්ගේ පලා යාම කොතරම් වේගවත්ද යත්, එනම් කිසිවෙකුට ඔහු අභිබවා යාමට නොහැකි විය.
11 තවද එනම් ඔහු ඔහුව එවූ අය වෙතට ගියේය, තවද ඔවුන් සියල්ලෝම ගිවිසුමකට එළඹුණි, එසේය, එනම් කිෂ්කුමෙන් පහෝරන්ව මරණයට පත් කල බව කිසිවෙකුට නොකියන බව, ඔවුන්ගේ සදාකාලික මැවුම්කරුවාණන්ගේ නාමයෙන් දිවුරුවෝය.
12 එසේහෙයින් කිෂ්කුමෙන් නීෆායිහි ජනතාව අතර ප්‍රසිද්ධ නොවීය, මක්නිසාද එනම් ඔහු පහෝරන් මරණයට පත්කල අවස්ථාවේ ඔහු වෙස්වලාගෙන සිටියේය. තවද ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගත් කිෂ්කුමෙන් සහ ඔහුගේ කණ්ඩායම, එනම් ඔවුන් සියල්ලන්ම සොයාගත නොහැකි වන පරිදි ඔවුන්වම ජනතාව අතරේ ගැවසුනේය; එහෙත් සොයාගනු ලැබූ බොහෝ දෙනෙකුව මරණයට පත් කළෝය.
13 තවද දැන් බලව, ජනතාවගේ හඬට අනුව, ප්‍රධාන විනිශ්චයකරුවෙකු සහ ජනතාව කෙරෙහි ආණ්ඩුකාරයෙකු ලෙස, ඔහුගේ සහෝදර පහෝරන් වෙනුවට රජ වීමට පැකුමෙනිව පත් කරනු ලැබුවේය; තවද එය ඔහුගේ අයිතියට අනුව වූවේය. තවද මේ සියල්ල සිදු වූයේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ හතළිස් වන වසරේදීය; තවද එයට අවසානයක් තිබුණේය.
14 තවද එය මෙසේ සිදු විය, විනිසුරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ හතළිස් එක්වන වසරේදී, එනම් ලේමන්වරුන් අසංඛ්‍යාත මනුෂ්‍යයන්ගෙන් යුත් සේනාවක් රැස් කොට, තවද ඔවුන්ව කඩු සමඟ ද, කිනිසි සමඟ ද, දුනු සමඟ ද, ඊතල සමඟ ද, හිස් තහඩු සමඟ ද, ළයවැස්මවල් සහ සියලු ආකාරයේ පලිහවලින් සන්නද්ධ කරවීය.
15 තවද ඔවුන් නීෆායිවරුන්ට විරුද්ධව සටන් කරන පිණිස නැවතත් පහතට බැස ගියෝය. තවද ඔවුන්ව කොරියැන්ටමර් නම් වූ මනුෂ්‍යයෙකු විසින් මෙහෙයවනු ලැබුවේය; තවද ඔහු සරහෙම්ලාගෙන් පැවත එන්නෙක් වූවේය; තවද ඔහු නීෆායිවරුන් අතර විරුද්ධ වූවෙක් විය; තවද ඔහු විශාල වූ සහ බලවත් මනුෂ්‍යයෙකු විය.
16 එසේහෙයින්, කොරියැන්ටමර් බලවත් මනුෂ්‍යයෙකු වූ බැවින්, ඔහුගේ ශක්තියෙන් සහ ඔහුගේ මහා ප්‍රඥාවෙන් නීෆායිවරුන්ට විරුද්ධව නැඟී සිටිය හැකියැයි, ඇමොරන්ගේ පුත් ටූබලොත් නම් වූ ලේමන්වරුන්ගේ රජු, ඔහු පිටත් කර හැරීමෙන් නීෆායිවරුන් කෙරෙහි බලය ලබා ගත යුතු බව සිතුවේය –
17 එසේහෙයින් ඔහු ඔවුන්ව කෝපයට කළඹවනු ලැබීය, තවද ඔහු, ඔහුගේ හමුදාවන් එක්රැස් කර, තවද ඔහු ඔවුන්ගේ නායකයා වීමට කොරියැන්ටමර් පත් කර, තවද එනම් නීෆායිවරුන්ට විරුද්ධව සටන් කිරීමට ඔවුන් සරහෙම්ලා දේශයට ගමන් කිරීමට සැලැස්වූවේය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් රාජ්‍යය තුළ ඇත්තාවූ බොහෝ මතභේද සහ බොහෝ දුෂ්කරතා නිසාවෙන්, එනම් ඔවුන් සරහෙම්ලා දේශය තුළ ප්‍රමාණවත් රැකවලුන් තබා නොතිබුණෝය; මක්නිසාද එනම් ලේමන්වරුන් ඔවුන්ගේ දේශයේ හදවත වූ එම බලවත් නගරය වන සරහෙම්ලාට පහර දීමට නිර්භීතව නොපැමිණෙනු ඇතැයි ඔවුන් සිතුවෝය.
19 එහෙත් එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර් ඔහුගේ අසීමිත සේනාවන්ගේ පෙරමුණෙන් ඉදිරියට ගමන් කෙරුවේය, තවද නගරයේ වැසියන් මතට පැමිණි අතර, තවද ඔවුන්ගේ ගමන ඉතා බෙහෙවින්වූ බලවත් වේගයකින් සිදු විය, එනම් එහි නීෆායිවරුන්ට ඔවුන්ගේ හමුදාවන් එක්රැස් කිරීමට කාලයක් නොතිබුණේය.
20 එසේහෙයින් කොරියැන්ටමර් නගරයේ දොරටුව අසල සිටියාවූ රැකවලුන්ව කපා දමා, තවද ඔහුගේ මුළු හමුදාව සමඟ නගරය තුළට පෙරට ගමන් කර, තවද ඔවුන්, ඔවුන් හට විරුද්ධ වූ සෑම කෙනෙකුම මරණයට පත්කර, එපමණකින් එනම් ඔවුන් මුළු නගරයම අත්පත් කරගත්තෝය.
21 තවද එය මෙසේ සිදු විය, එනම් ප්‍රධාන විනිශ්චයකාරයා වූ පැකුමෙනි, කොරියැන්ටමර් ඉදිරියෙන්, නගරයේ පවුරු දෙසට වුවද පලා ගියේය. තවද එය මෙසේ සිදු විය, එනම් කොරියැන්ටමර් පවුරට විරුද්ධව ඔහු තබා පහර දුන්නේය, එපමණකින් එනම් ඔහු මිය ගියේය. තවද මෙසේ පැකුමෙනිගේ දවස් අවසන් විය.
22 තවද දැන් එනම් කොරියැන්ටමර්, ඔහු සරහෙම්ලා නගරය අල්ලාගෙන සිටින බව දුටු විට, තවද එනම් නීෆායිවරුන් ඔවුන් ඉදිරියෙන් පලා ගිය බවත්, තවද මරා දැමූ බවත්, අල්ලාගෙන, තවද සිරගෙය තුළට දැමූ බවත්, තවද එනම් මුළු දේශයේම ශක්තිමත්ම බලකොටුව ඔහුට ලැබුණු බවත් දුටු විට, ඔහුගේ හදවත ධෛර්යය ලබාගෙන, එමපණකින් එනම් ඔහු සියලු දේශයට විරුද්ධව පෙරට යාමට ආසන්න විය.
23 තවද දැන් ඔහු සරහෙම්ලා දේශය තුළ නැවතී නොසිට, එහෙත් ඔහු විශාල හමුදාවක් සමඟ බෞන්ටිෆුල් නගරය දෙසට වුවද පෙරට ගමන් කළේය; මක්නිසාද එනම් ඔහු දේශයේ උතුරු කොටස් ලබාගන්නා පිණිස පිටත්ව ගොස්, කඩුව මඟින් කපා හැරීම ඔහුගේ අධිෂ්ඨානය විය.
24 තවද, එනම් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම ශක්තිය ඇත්තේ භූමිය මධ්‍යයේ යැයි සිතමින්, එසේහෙයින් කුඩා කණ්ඩායම් හැරනු විට, ඔවුන්ට එකට එක්රැස් වීමට කාලය නොදෙමින් ඔහු පෙරට ගමන් කළේය; තවද මේ ආකාරයෙන් ඔවුන් ඔවුන් මත වැටී තවද ඔවුන්ව පොළොව වෙතට කපා දමනු ලැබුවෝය.
25 එහෙත් බලව, මරා දමන ලද නීෆායිවරුන්ගේ සංඛ්‍යාවේ බලවත් බව නොතකා, එසේවුවද දේශය මධ්‍යයෙන් කොරියැන්ටමර්ගේ මෙම ගමන මොරෝනිහාට ඔවුන් මත වඩා බලවත් වාසියක් ලබා දුන්නේය.
26 මක්නිසාද බලව, එනම් ලේමන්වරුන් දේශය මධ්‍යය තුළට නිර්භිතව නොපැමිණ, එහෙත් ඔවුන් මෙතෙක් කළාක් මෙන් දේශ සීමාවන් අවට ඇති නගරවලට පහර දෙනු ඇතැයි මොරෝනිහා සිතුවේය; එසේහෙයින් මොරෝනිහා විසින් එනම් ඔවුන්ගේ ශක්තිමත් හමුදාවන් එම කොටස් දේශ සීමාවන් වටා පවත්වා ගැනීමට සැලැස්වූවේය.
27 එහෙත් බලව, ඔහුගේ කැමැත්තට අනුව ලේමන්වරුන් බිය නොවී, එහෙත් ඔවුන් දේශයේ මධ්‍යය තුළට පැමිණ, තවද සරහෙම්ලා නගරය නම් වූ ප්‍රධාන නුවර අල්ලාගෙන, තවද දේශයේ බොහෝ ප්‍රාධාන කොටස් හරහා ගමන් කරමින්, බොහෝ නගර සහ බොහෝ බලකොටු අත්පත් කර ගනිමින්, මනුෂ්‍යයන්, කාන්තාවන් දෙගොල්ලන්වම, සහ දරුවන් මහත් ඝාතනයකින් මරා දැමුවෝය.
28 එහෙත් මොරෝනිහා මෙය සොයාගත් විට, ඔවුන් අවටින් බෞන්ටිෆුල් දේශය වෙත පැමිණීමට පෙර ඔවුන්ව මුණගැසීම සඳහා ලීහායි සමඟ හමුදාවක් වහාම ඔහු පෙරට යැවීය.
29 තවද ඔහු මෙසේ කෙළේය; තවද ඔවුන් බෞන්ටිෆුල් දේශයට පැමිණීමට පෙර, ඔහු ඔවුන්ව මුණගැසී ඔවුන් හට සටනක් දුන්නේය, එපමණකින් එනම් ඔවුන් නැවතත් සරහෙම්ලා දේශය දෙසට පසුබැසීමට පටන් ගත්තෝය.
30 තවද එය මෙසේ සිදු විය, එනම් මොරොනිහා ඔවුන්ගේ පසුබැසීමේදී ඔවුන්ට ඉදිරියෙන් ඔවුන් හට සටනක් දුන්නේය, එපමණකින් එනම් එය බෙහෙවින් ලේ වැගිරුනු සටනක් විය; එසේය, බොහෝ දෙනෙකු මරා දමන ලද අතර, තවද එසේම මරා දැමූ සංඛ්‍යාව අතරේ කොරියැන්ටමර් ද හමු විය.
31 තවද දැන්, බලව, ලේමන්වරුන් හට එක පැත්තකින්වත්, උතුරෙන් ද, නැතහොත් දකුණෙන් ද, නැතහොත් නැගෙනහිරෙන් ද, නැතහොත් බටහිරෙන් ද, පසුබැසීමට නොහැකි විය, මක්නිසාද ඔවුන්ව සෑම අතකින්ම නීෆායිවරුන් විසින් වට කර තිබුණෝය.
32 තවද මෙසේ කොරියැන්ටමර් විසින් ලේමන්වරුන්ව නීෆායිවරුන් මධ්‍යයට ඇද දමන ලදී, එපමණකින් එනම් ඔවුන් නීෆායිවරුන්ගේ බලය තුළ වූහ, තවද ඔහුම මරණයට පත් විය, තවද ලේමන්වරුන් ඔවුන්වම නීෆායිවරුන්ගේ අත්වලට භාර කළෝය.
33 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනිහා නැවතත් සරහෙම්ලා නගරයේ අයිතිය ලබාගෙන, තවද එනම් සිරකරුවන් ලෙස අල්ලාගෙන සිටි ලේමන්වරුන්ව සාමයෙන් දේශයෙන් පිටතට පිටව යාමට සැලැස්වූයේය.
34 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ හතළිස් එක්වන වසර අවසන් විය.