16 වන පරිච්ඡේදය
සාමුවෙල්ව විශ්වාස කරන්නා වූ නීෆායිවරුන්ව නීෆායි විසින් බෞතීස්ම කරනු ලබයි – සාමුවෙල්ව පසුතැවිලි නොවූ නීෆායිවරුන්ගේ ඊතල සහ ගල්වලින් මරා දැමිය නොහැකි වෙයි – සමහරෙක් ඔවුන්ගේ හදවත් දැඩි කරගනිති, තවත් අය දේවදූතයන් දකිති – නොඇදහිලිවන්තයන් ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේ ජෙරුසලමට පැමිණීම පිළිබඳ විශ්වාස කිරීම සාධාරණ නොවන බව පවසයි. ක්‍රි.පූ. 6–1 පමණ.
1 තවද දැන්, එය මෙසේ සිදු විය, එනම් සාමුවෙල් නම් ලේමන්වරයාගේ, ඔහු නුවර පවුරු මත කථාකරන ලද වචන ඇසූ බොහෝ දෙනෙක් එහි සිටියහ. තවද ඔහුගේ වචනය විශ්වාස කළ බොහෝ දෙනෙක් පිටත්ව ගොස් නීෆායිව සෙව්වෝය; තවද ඔවුහු පිටතට අවුත්, ඔහු හමු වූ විට, ඔවුහු තමන්ගේ පව් ඔහුට පාපොච්චාරණය කළ අතර, එනම් ඔවුන්ව ස්වාමීන්වහන්සේ උදෙසා බෞතීස්ම කිරීම ලබනු කැමැත්තෙන්, ප්‍රතික්ෂේප නොකළෝය.
2 එහෙත් ඔහු සමඟ කෝප වී සිටින්නා වූ, සාමුවෙල්ගේ වචන විශ්වාස නොකළ බොහෝ දෙනෙක් එහි සිටියහ; තවද ඔවුහු පවුර මත ඔහුට ගල් ගැසූහ, තවද එසේම ඔහු පවුර මත සිටගනිමින් සිටියදී බොහෝ වූ ඊතල වලින් ඔහුට පහර දුන්නේය; එහෙත් ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු සමඟ වූ බැවින්, එපමණකින්ම ඔවුන්ට එනම් ඔවුන්ගේ ගල්වලින් වත් ඊතලවලින් වත් ඔහුට පහර දීමට නොහැකි විය.
3 දැන් එනම් ඔහුට පහර දිය නොහැකි බව ඔවුන් දුටු විට, ඔහුගේ වචන විශ්වාස කළ තවත් බොහෝ දෙනෙක් සිටි බැවින්, එපමණකින්ම ඔවුන් එනම් බෞතීස්ම වීමට නීෆායි වෙත ඉවතට ගියහ.
4 මක්නිසාද බලව, නීෆායි බෞතීස්ම කරමින්, අනාවැකි කියමින්, දේශනා කරමින්, මනුෂ්‍යයන් හට පසුතැවිල්ල මොරගසමින්, සළකුණු සහ ආශ්චර්යයන් පෙන්වමින්, ක්‍රිස්තුස්වහන්සේ ඉක්මනින් පැමිණෙන බව ඔවුන් දැන ගන්නා පිණිස, මනුෂ්‍යයන් අතර හාස්කම් කරමින් සිටියේය –
5 නුදුරේදීම සිදු විය යුතු දේවල් පිළිබඳව ඔවුන්ට පවසා, එනම් ඔවුන් විශ්වාස කරනු ඇතැයි අදහසින්, එනම් ඒවා පැමිණෙන කාලයේ ඔවුන්ට ඒවා පෙර දන්වා ඇති බව ඔවුන් දැන ගැනීමට සහ මතක තබා ගැනීම පිණිසය; එසේහෙයින් සාමුවෙල්ගේ වචන විශ්වාස කළ බොහෝ දෙනෙක් බෞතීස්ම වීමට ඔහු වෙතට ගියහ, මක්නිසාද ඔවුන් පසුතැවිලි වෙමින් සහ ඔවුන්ගේ පාපයන් පාපොච්චාරණය කරමින් පැමිණිය බැවින්ය.
6 එහෙත් ඔවුන්ගෙන් වැඩි කොටසක් සාමුවෙල්ගේ වචන තුළ විශ්වාස නොකළේය; එසේහෙයින් ඔවුන්ට ඔවුන්ගේ ගල්වලින් සහ ඔවුන්ගේ ඊතලවලින් ඔහුට පහර දිය නොහැකි බව ඔවුන් දුටු විට ඔවුහු තම ප්‍රධානීන්ට මොරගසමින්, මෙසේ පැවසීය: මොහු ගෙන ගොස් බැඳ දමන්න, මක්නිසාද ඔහුට යක්ෂයෙක් සිටින්නේය; තවද ඔහු තුළ සිටින යක්ෂයාගේ බලය නිසා අපට අපගේ ගල්වලින් සහ අපගේ ඊතලවලින් ඔහුට පහර දිය නොහැක; එසේහෙයින් ඔහුව ගෙන ගොස් බැඳ, ඔහුව ඉවත් කරන්න.
7 තවද ඔවුන් ඔහු මත ඔවුන්ගේ අත් තැබීමට පෙරට ගිය විට, බලව, ඔහු පවුරෙන් තමන්වම බිමට හෙළා, තවද ඔවුන්ගේ දේශවලින් පිටතට, එසේය, තමන්ගේ රටට පවා පලා ගොස්, තවද තමන්ගේම ජනතාව අතරේ දේශනා කිරීමටත් අනාවැකි කියන්නටත් පටන්ගත්තේය.
8 තවද බලව, නීෆායිවරුන් අතර ඔහු ගැන තවත් කිසිදා අසන්නට නොලැබුණි; තවද ජනතාවගේ කටයුතු මෙසේ වූවේය.
9 තවද මෙසේ නීෆායි ජනයා කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලන සමයේ අසූ හයවන වසර අවසන් විය.
10 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ අසූවෙනි සහ හත්වන වසරද එසේම අවසන් විය, ජනතාවගෙන් වැඩි කොටස ඔවුන්ගේ උඩඟුකමේ සහ දුෂ්ටකමේ රැඳී සිටි අතර, තවද අඩු කොටස දෙවියන්වහන්සේ අභිමුඛයෙහි වඩාත් සිහිපරීක්ෂාවෙන් ගමන් කළහ.
11 තවද එසේම විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ අසූ අටවන වසරේදී වූ කොන්දේසි මේවා විය.
12 තවද විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ අසූ නවවන වසර තුළ, ජනතාව අයුතුකම් වල දැඩි වීමට පටන් ගැනීමත්, තවද දෙවියන්වහන්සේගේ අණ පනත්වලට පටහැනි දේ වඩ වඩාත් කිරීමත් මිස, ජනතාවගේ කටයුතුවල සුළු වෙනසක් සිදු වූවේය.
13 එහෙත් එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලන සමයේ අනූවන වසරේදී, එහි ජනතාව වෙත මහත් සළකුණු, සහ ආශ්චර්යයන් දෙන ලදී; තවද අනාගතවක්තෘවරුන්ගේ වචන සම්පුර්ණ වීමට පටන් ගත්තේය.
14 තවද දේවදූතයන් මනුෂ්‍යයන්ට, ප්‍රඥාවන්තයන්ට දර්ශනය වී, තවද මහත් ප්‍රීතියෙන් යුත් ශුභාරංචිය ඔවුන් හට ප්‍රකාශ කළෝය; මෙසේ මෙම වසරේ ශුද්ධ ලියවිලි සම්පූර්ණ වීමට පටන් ගත්තේය.
15 එසේවුවද, නීෆායිවරුන් සහ එසේම ලේමන්වරුන් යන දෙපිරිසගෙන්ම වඩාත්ම විශ්වාස කරන කොටස මිස, ජනතාව ඔවුන්ගේ හදවත් දැඩි කර ගැනීමට පටන් ගත්හ, තවද මෙසේ කියමින්, ඔවුන්ගේම ශක්තිය සහ ඔවුන්ගේම ප්‍රඥාව මත රඳා පැවතීමට පටන් ගත්තෝය:
16 බොහෝ කාරණා අතර, සමහර දේවල් ඔවුන් නිවැරදිව අනුමාන කළා විය හැකිය; එහෙත් බලව, එනම් කථාකරන ලද, මෙම සියලු විශිෂ්ඨ සහ ආශ්චර්යමත් ක්‍රියා සිදු විය නොහැකි බව අප දන්නෙමු.
17 තවද ඔවුහූ ඔවුන් අතරේම මෙසේ කියමින්, තර්ක කිරීමට සහ විවාද කිරීමට පටන් ගත්තෝය.
18 එනම් එම ක්‍රිස්තුස්වහන්සේ වැනි කෙනෙකු පැමිණීම සාධාරණ නොවන්නේය; එසේ වන්නේ නම්, තවද එය පවසා ඇති පරිදි, උන්වහන්සේ ස්වර්ගයේ සහ පොළොවේ පියාණන් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නම්, උන්වහන්සේ ජෙරුසෙලමේ සිටින්නාවු අයට මෙන් අපටත් තමන්වහන්සේමව නොපෙන්වන්නේ මන්ද?
19 එසේය, උන්වහන්සේ ජෙරුසෙලම් දේශය තුළ මෙන්ම මෙම දේශය තුළ තමන්වහන්සේවම පෙනී නොසිටින්නේ මන්ද?
20 එහෙත් බලව, එනම් මෙය දුෂ්ඨ සම්ප්‍රදායක් බව අප දන්නෙමු, එය අපගේ පියවරුන් විසින් අප හට භාර දී ඇත්තේය, එනම් සිදුවීමට නියමිත යම් විශිෂ්ඨ සහ ආශ්චර්යමත් දෙයක් කෙරෙහි අපව විශ්වාස කිරීමට සැලැස්වීමටය, එහෙත් අප අතර නොවන්නේය, එහෙත් බොහෝ දුරින් පිහිටියාවු දේශයක් තුළ, අප නොදන්නා දේශයක් වන්නේය; එසේහෙයින් ඔවුන් අපව නොදැනුවත්කම තුළ තබා ගත හැක්කේය, මක්නිසාද ඒවා සත්‍යය බව අපට අපගේම ඇස්වලින් දැක සාක්ෂි දිය නොහැකි බැවින්ය.
21 තවද ඔවුන්, නපුරු තැනැත්තාගේ කපටි සහ අභිරහස් ශිල්ප මඟින්, අපට තේරුම් ගත නොහැකි යම් මහත් අභිරහස් ක්‍රියාවකින්, එය අපව ඔවුන්ගේ වචනවලට සේවකයින්, තවද එසේම ඔවුන් හට සේවකයින් වීමටත් තබා ගනු ඇත්තේය, මන්ද අප වචනය ඉගැන්වීම පිණිස ඔවුන් මත රඳා සිටින්නෙමු; තවද මෙසේ අපගේ ජීවිතයේ සියලු දවස් වලදී අප ඔවුන් හට යටත් වුවහොත්, ඔවුන් අපව නොදැනුවත්කමේ තබා ගනු ඇත්තෝය.
22 තවද ජනතාව අනුවන සහ නිෂ්ඵල වූ තවත් බොහෝ දේවල් ඔවුන්ගේ හදවත් තුළ මවා ගත්තෝය; තවද ඔවුන් බොහෝ සෙයින් කැළඹී සිටියහ, මක්නිසාද සාතන් ඔවුන්ව නිරන්තරයෙන් අයුතුකම් කිරීමට පෙළඹවූවේය; එසේය, යහපත් දේට සහ පැමිණීමට නියමිත දේට එරෙහිව එනම් ජනතාවගේ හදවත් දැඩි කිරීමට ඔහු මුළු දේශය මත කටකතා සහ ආරවුල් විසුරවමින් ගියෝය.
23 තවද ස්වාමීන්වහන්සේගේ ජනතාව අතර සිදු කරන ලද සළකුණු සහ ආශ්චර්යයන්, තවද ඔවුන් කළාවු බොහෝ ආශ්චර්යයන් තිබියදීත්, සාතන් මුළු පොළොව මත ජනතාවගේ හදවත් කෙරෙහි බලවත් ලෙස අල්ලා ගත්තේය.
24 තවද මෙසේ නීෆායිගේ ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලන සමයේ අනූවන වසර අවසන් විය.
25 තවද හීලමන්ගේ සහ ඔහුගේ පුත්‍රයන්ගේ වාර්තාවට අනුව, හීලමන්ගේ පොත මෙසේ අවසන් විය.