ශුද්ධලියවිලි
හීලමන් 10


10 වන පරිච්ඡේදය

ස්වාමීන්වහන්සේ නීෆායි හට මුද්‍රා තැබීමේ බලය දෙන සේක – ඔහුට පොළොවෙහි සහ ස්වර්ගයෙහි දී බැඳීමට සහ ලිහීමට බලය දෙන ලදි – ඔහු ජනතාවට පසුතැවිලිවන්නට හෝ විනාශ වීමට ආඥා කරයි – ආත්මයාණන් ඔහුව ජන සමූහයෙන් ජන සමූහයකට රැගෙන යන සේක. ක්‍රි.පූ. 21–20 දී පමණ.

1 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාව අතර බෙදීමක් පැන නැඟුනි, කොපමණකින් ද යත් එනම් ඔවුන් මෙහාටත් සහ එහාටත් බෙදී වෙන්වී, ඔවුන් මධ්‍යයේ ඔහු සිටගෙන සිටනා විට, නීෆායි තනිකර දමා තමන්ගේ ගමනේ යන්නට ගියේය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ විසින් ඔහුට පෙන්වා දුන් දේවල් ගැන මෙනෙහි කරමින්, නීෆායි ඔහුගේ ගමනේ ඔහුගේ නිවසට ගියේය.

3 තවද එය මෙසේ සිදු විය, මෙසේ ඔහු මෙලෙස මෙනෙහි කරන විට – නීෆායිවර ජනතාවගේ දුෂ්ටකම් නිසා, ඔවුන්ගේ රහසිගත අන්ධකාරයේ ක්‍රියාවන්, තවද ඔවුන්ගේ මිනීමැරුම්, තවද ඔවුන්ගේ කොල්ලකෑම්, තවද සියලු ආකාරයේ අයුතුකම් නිසා බොහෝ දුකට පත්ව සිට – තවද එය මෙසේ සිදු විය, මෙලෙස ඔහු තම හදවතේ මෙනෙහි කරන විට, බලව, කටහඬක් ඔහු වෙත පැමිණියේය, පවසමින්:

4 නීෆායි, නුඹ ආශිර්වාද ලද්දහුය, මක්නිසාද නුඹ කළ ඒ දේවල් නිසාවෙන්; මක්නිසාද මා විසින් නුඹට, මෙම ජනතාව වෙත, දුන්නා වූ, වචනය නුඹ විඩා නැතිව ප්‍රකාශ කළ ආකාරය මම දුටුවෙමි. තවද නුඹ ඔවුන්ට බිය නොවී, තවද තම ජීවිතය රැක ගැනීමට උත්සහ නොකරමින්, එහෙත් මාගේ කැමැත්ත, තවද මාගේ අණ පනත් තැබීමට උත්සහ කර ඇත.

5 තවද දැන්, මක්නිසාද නුඹ මෙතරම් විඩා නැතිව නුඹ මේ දේවල් කළ බැවින්, බලව, මම සදාකාලිකව නුඹට ආශිර්වාද කරන්නෙමි; තවද මම නුඹව වචනය සහ ක්‍රියාව තුළ, ඇදහිල්ල සහ කාර්යය තුළ බලසම්පන්න කරන්නෙමි; එසේය, සැබවින්ම සියලු දේවල් නුඹේ වචනයට අනුව සිදු වන ලෙසට, මක්නිසාද නුඹ මාගේ කැමැත්තට පටහැනි දේ නොඅසනු ඇත.

6 බලව, නුඹ නීෆායි වන්නේය, තවද මම දෙවියන්වහන්සේ වෙමි. බලව, මාගේ දේවදූතයන් අබියස මම නුඹට එය ප්‍රකාශ කරමි, එනම් නුඹ මේ ජනතාව කෙරෙහි බලය ලබන පිණිසය, තවද මෙම ජනතාවගේ දුෂ්ටකම අනුව, තවද සාගතයෙන්, තවද වසංගතයෙන්, තවද විනාශයෙන් පොළොවට පහරදෙනු ලබන්නේය.

7 බලව, මම නුඹට බලය දෙන්නෙමි, එනම් නුඹ පොළොවෙහිදී යමක් මුද්‍රා තබන්නෙහිද එය ස්වර්ගයෙහිදී මුද්‍රා තබනු ලබන්නේය; තවද නුඹ පොළොවෙහි යමක් ලිහන්නේ ද එය ස්වර්ගයෙහිදී ලිහනු ලබන්නේය; තවද මෙසේ මෙම ජනතාව අතර බලය නුඹ ලබන්නෙහිය.

8 තවද මෙලෙස, නුඹ මෙම දේවමාළිගාවට කියන්නෙහි නම් එය දෙකඩව පැළෙනු ලබන්නේ යැයි කියා, එය සිදු වෙනු ලබන්නේය.

9 තවද නුඹ මෙම කන්දට කියන්නෙහි නම්, නුඹ පහළට වැටී තවද මෘදු බවට පත්වෙන්න කියා, එය සිදු වෙනු ලබන්නේය.

10 තවද බලව, නුඹ කියන්නෙහි නම් දෙවියන්වහන්සේ මෙම ජනතාවට පහර දෙනු ඇත කියා, එය සිදු වනු ලබන්නේය.

11 තවද දැන් බලව, මම නුඹට ආඥා කරමි, එනම් නුඹ ගොස් තවද මෙම ජනතාවට ප්‍රකාශ කරන ලෙසට, එනම් සර්වබලධාරී වූ, දෙවියන් වූ ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: නුඹලා පසුතැවිලි වූවොත් මිස, විනාශයට පවා වූවත්, නුඹලාට පහරදෙනු ලබන්නේය.

12 තවද බලව, දැන් එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ නීෆායිට මෙම වචන වදාළ විට, ඔහු නතරව තවද තම නිවස කරා නොගොස්, එහෙත් ඔහු දේශයේ මත විසිරී සිටි සමූහයන් වෙත ආපසු ගොස්, තවද ඔවුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන්ගේ විනාශය පිළිබඳව, ඔහුට පවසන ලද ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන් හට ප්‍රකාශ කරන්නට පටන් ගත්හ.

13 දැන් බලව, ප්‍රධාන විනිශ්චයකාරයාගේ මරණය ගැන නීෆායි ඔවුන්ට පැවසිමෙන් කළ එම මහා හාස්කම නොතකා, ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩි කර තවද ස්වාමීන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් නොදුන්නේය.

14 එසේහෙයින් නීෆායි ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කළේය, පවසමින්: ස්වාමින්වහන්සේ මෙසේ කී සේක, නුඹලා පසුතැවිලි වූවොත් මිස, විනාශයට පවා නුඹලාට පහර දෙනු ලබන්නේය.

15 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි ඔවුන්ට වචනය ප්‍රකාශ කළ විට, බලව, ඔවුහු තවමත් ඔවුන්ගේ හදවත් දැඩි කර තවද ඔහුගේ වචනවලට ඇහුම්කන් නොදුන්හ; එසේහෙයින් ඔවුන් ඔහුට එරෙහිව අපහාස කළේය, තවද ඔහුව සිරගෙට දමනු පිණිස ඔවුන්ගේ දෑත් ඔහු මත තැබීමට ඔවුහු උත්සහ කළෝය.

16 එහෙත් බලව, දෙවියන්වහන්සේගේ බලය ඔහු සමඟ විය, තවද ඔවුන්ට ඔහුව සිරගෙට දමනු පිණිස ඔහුව අල්ලා ගැනීමට නොහැකි විය, මක්නිසාද ඔහුව ආත්මයාණන් විසින් රැගෙන තවද ඔවුන් මධ්‍යයෙන් ඉවතට ගෙන යන ලදි.

17 තවද එය මෙසේ සිදු විය, ජන සමූහයාගෙන් ජන සමූහයා කරා, දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින්, ඔහු ඔවුන් සියල්ලන්ට එය ඔහු ප්‍රකාශ කරන තුරු, නැතහොත් එය ජනතාවන් සියල්ල අතර පෙරට යවන පවා වූවත්, එනම් මෙසේ ඔහු ආත්මයාණන් තුළින් ඉදිරියට ගියේය.

18 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ඔහුගේ වචනවලට ඇහුම්කන් දෙනු නොලැබුවේය; තවද මතභේද ඇතිවන්නට පටන්ගත්තේය, කොපමණකින් ද යත් එනම් ඔවුන් ඔවුන්ට ම විරුද්ධව බෙදී තවද කඩුවෙන් එකිනෙකා මරා දමන්න පටන් ගත්තේය.

19 තවද මෙසේ නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකාරවරුන්ගේ පාලන සමයේ හැත්තෑව සහ පළමු වසර අවසන් විය.