ශුද්ධලියවිලි
හීලමන් 12


12 වන පරිච්ඡේදය

මනුෂ්‍යන් අස්ථිර සහ අනුවණය, තවද නපුර කිරීමට ඉක්මන් වෙයි – ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව හික්මවයි – මනුෂ්‍යයන්ගේ ශුන්‍යතාවය දෙවියන්වහන්සේගේ බලය සමඟ සසඳයි – විනිශ්චය දවසේදී, මනුෂ්‍යයන් සදාකාලික ජීවිතය හෝ සදාකාලික විනාශය ලබා ගනු ඇත්තේය. ක්‍රි.පූ. 6 පමණ.

1 තවද එසේම මනුෂ්‍ය දරුවන්ගේ හදවත් වල අස්ථාවරත්වය සහ කෙතරම් අසත්‍යය ද යන්න අපට මෙසේ දැකගත හැක්කේය; එසේය, එනම් ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ මහත් අසීමිත යහපත්කමෙන්, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අයට ආශිර්වාද කර තවද සමෘද්ධිමත් වන බව අපට දැකගත හැකි වන්නේය.

2 එසේය, තවද උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාවට සමෘද්ධිමත් කරන්නාවු එම සෑම අවස්ථාවේදීම, එසේය, ඔවුන්ගේ කෙත්වල වැඩිවීම, ඔවුන්ගේ බැටළු රැළවල් සහ ඔවුන්ගේ ගව පට්ටි, තවද රන් ද, තවද රිදී ද, තවද සියලු ආකාරයේ වර්ගවල වටිනා දේවල් සහ ශිල්පවලින් ද; ඔවුන්ගේ ජීවිත ඉතිරි කර, තවද ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් ඔවුන්ව මුදා ගෙන; ඔවුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ නොකරන ලෙස ඔවුන්ගේ සතුරන්ගේ හදවත් මෘදු කොට; එසේය, තවද කෙටියෙන්, උන්වහන්සේගේ ජනතාවගේ සුභසාධනය සහ සතුට සඳහා සියලු දේ කරන සේක; එසේය, එවිට ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩි කර, තවද ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ අමතක කර, තවද ශුද්ධවූ තැනැන්වහන්සේ ඔවුන්ගේ පාද යට පාගා දැමීමට කාලය වන්නේය – එසේය, මෙය ඔවුන්ගේ පහසුව සහ ඔවුන්ගේ අතිශයින් මහත් සමෘද්ධිය නිසා වන්නෙහුය.

3 තවද එනම් ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාවට බොහෝ දුක් වේදනාවලින් හික්මවීම් නොකළහොත්, එසේය, උන්වහන්සේ ඔවුන්ට මරණයෙන් සහ භීතියෙන්, සාගතයෙන් සහ සියලු ආකාරයේ වසංගතයෙන් බැහැ දැකීම නොකළහොත්, ඔවුන් උන්වහන්සේව මතක තබා නොගන්නා බව අපට මෙසේ පෙනෙන්නේය.

4 අහෝ, මනුෂ්‍ය දරුවන්, කෙතරම් අනුවණද, තවද කොතරම් නිෂ්ඵලද, තවද කොතරම් නපුරුද, තවද යක්ෂාකාරද, තවද අයුතුකම් කිරීමට කොතරම් ඉක්මන්ද, තවද යහපත කිරීමට කොතරම් ප්‍රමාද වන්නෙහුද; එසේය, නපුරු තැනැත්තාගේ වචනවලට සවන් දීමටත්, තවද ලෝකයේ නිෂ්ඵල දේවල් කෙරෙහි ඔවුන්ගේ හදවත් යොමු කිරීමටත් කෙතරම් ඉක්මන්ද!

5 එසේය, උඩඟුකමින් උසස් වීමට කෙතරම් ඉක්මන්ද; එසේය, පුරසාරම් දෙඩීමට කොතරම් ඉක්මන්ද, තවද එනම් සියලු ආකාරයේ අයුතුකම් කරන්නේද; තවද ඔවුන් ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේව සිහි කිරීමට කොතරම් ප්‍රමාද වන්නෙහුද, තවද උන්වහන්සේගේ උපදෙස් වලට සවන් දීමටත්, එසේය, ප්‍රඥාවේ මාර්ගවල ගමන් කිරීමටත් කොතරම් ප්‍රමාද වන්නෙහුද!

6 බලව, එනම් ඔවුන්ව මවනු ලැබුවාවු, ඔවුන්ගේ දෙවියන් වන ස්වාමීන්වහන්සේ ඔවුන් කෙරෙහි පාලනය කර රජකම් කරනවාට ඔවුන් ආශා නොවන්නෝය; උන්වහන්සේගේ මහත් යහපත්කම සහ ඔවුන් කෙරෙහි උන්වහන්සේගේ දයාව තිබියදීත්, ඔවුන් උන්වහන්සේගේ උපදෙස් නොසලකා හරින්නාවු අතර, තවද උන්වහන්සේ ඔවුන්ගේ මඟ පෙන්වන්නා වීමට ඔවුන් කැමති නොවන්නෝය.

7 අහෝ මනුෂ්‍ය දරුවන්ගේ හිස්කම කෙතරම් මහත් වන්නෙහුද; එසේය, ඔවුන් පොළොවේ දූවිල්ලට වඩා පවා කුඩා වන්නෝය.

8 මක්නිසාද බලව, අපගේ ශ්‍රේෂ්ඨ සහ සදාකාලික දෙවියන්වහන්සේගේ අණ පරිදි, පොළොවේ දූවිලි බෙදුම්කරු වෙතට, එහාටත් මෙහාටත් ගමන් කරන්නේය.

9 එසේය, බලව, උන්වහන්සේගේ හඬට කඳු සහ කඳුවැටි වෙව්ලමින් තවද සෙලවෙන්නේය.

10 තවද උන්වහන්සේගේ හඬෙහි බලයෙන් ඒවා කැඩී ගොස්, එසේය, මිටියාවතක් මෙන් සිනිඳු වන්නේය.

11 එසේය, උන්වහන්සේගේ හඬේහි බලයෙන් මුළු පොළොවම කම්පා වන්නේය;

12 එසේය, උන්වහන්සේගේ හඬේ බලයෙන්, අත්තිවාරම් මැද දක්වාම, සෙලවෙන්නේය.

13 එසේය, තවද උන්වහන්සේ පොළොවට – සෙලවන්නැයි – පවසන්නේ නම් එය සෙලවෙන්නේය.

14 එසේය, උන්වහ්නසේ පොළොවට – නුඹ ආපසු යන්න, එනම් එය බොහෝ පැය ගණනකින් දවස දිගු කරයි කියා පැවසුවහොත් – එය සිදුවන්නේය;

15 තවද මෙසේ, උන්වහන්සේගේ වචනයට අනුව පොළොව ආපසු යන්නේය, තවද එය එනම් මනුෂ්‍යයා හට සූර්යයා නිශ්චලව සිටින්නාවු බව පෙනෙන්නේය; එසේය, තවද බලව, මෙය එසේය; තවද සූර්යයා නොව, මක්නිසාද එනම් පොළොව නියත වශයෙන්ම චලනය වන්නේය.

16 තවද බලව, එසේම, උන්වහන්සේ මහා ගැඹුරේ වූ ජලයන්ට – නුඹ වියළී යන්නැයි පැවසුවහොත් – එය සිදුවන්නේය.

17 බලව, උන්වහන්සේ මෙම කන්ද වෙත – නුඹ ඉහළට නැඟී, එනම් එය වැලලි යනු පිණිස, තවද එම නගරය මත පැමිණෙන්නැයි පැවසුවහොත් – බලව එය සිදුවන්නේය.

18 තවද බලව, මනුෂ්‍යයෙකු පොළොව තුළ වස්තුව සඟවා තබන්නේ නම්, තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක – එය සඟවා තැබූවාවු තැනැත්තාගේ අයුතුකම නිසා, එයට ශාප වේවා – බලව, එයට ශාප වන්නේය.

19 තවද ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක් නම් – එනම් මෙතැන් සිට තවද සදහටම කිසිම මනුෂ්‍යයෙකුට නුඹව සොයා ගැනීමට නොහැකි වන ලෙස, එනම් නුඹට ශාප ලද්දෙක් වේවා – බලව, කිසිම මනුෂ්‍යයෙකුට මෙතැන් සිට සදාකාලයටම එය නොලැබෙනු ඇත්තේය.

20 තවද බලව, ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකු හට නුඹගේ අයුතුකම් නිසා – නුඹ සදාකාලයටම ශාප ලද්දෙක් වන්නෙයැයි පවසන සේක් නම් – එය සිදුවන්නේය.

21 තවද ස්වාමීන්වහන්සේ නුඹගේ අයුතුකම් නිසා – නුඹ මාගේ අභිමුඛයෙන් කපා දමනු ලබන්නෙහි යැයි කියන සේක් නම් – එය එසේ වීමට උන්වහන්සේ සලස්වන්නේය.

22 තවද උන්වහන්සේ මෙය පවසන්නාවු තැනැත්තා හට දුක් වේ, මක්නිසාද එනම් එම අයුතුකම් කරන තැනැත්තා හට සිදුවනු ඇත, තවද ඔහුට ගැලවීම ලැබිය නොහැක; එසේහෙයින්, මෙම කාරණාව නිසා, එනම් මනුෂ්‍යයන් ගලවනු ලබන පිණිස, පසුතැවීම ප්‍රකාශ කර ඇත්තේය.

23 එසේහෙයින්, පසුතැවිලි වී තවද ඔවුන්ගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කම් දෙන්නාවු අය ආශිර්වාද ලද්දෝය; මක්නිසාද එනම් ගැලවීම ලබන්නේ මොවුන්ය.

24 තවද දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ මහත් වූ පූර්ණත්වයෙන්, එනම් මනුෂ්‍යයන් පසුතැවිල්ලට සහ යහපත් ක්‍රියාවලට ගෙන ඒමට, එනම් ඔවුන්ගේ ක්‍රියාවන් අනුව, එනම් කරුණාව සඳහා කරුණාවට නැවත පැමිණීමට ඉඩ සලසන සේක්වා.

25 තවද සියලු මනුෂ්‍යයන් ගැලවීම ලබා ගන්නවාට මම කැමැත්තෙමි. එහෙත් එනම් අප කියවා ඇත්තේ බලවත් සහ අවසාන දවසේදී සමහරෙක්ව පිටතට දමනු ලබන බවයි, එසේය, ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් ඔවුන්ව නෙරපා හරිනු ලබන්නෝය;

26 එසේය, මෙසේ පවසන වචන සම්පුර්ණ කරමින්, නිමක් නැති වන්නාවු දුක්ඛිත තත්වයකට ඇද දමනු ලබන්නේ කවුරුන්ද: එනම් යහපත කළ අයට සදාකාලික ජීවනය ලැබෙනු ඇත්තේය; තවද එනම් නපුර කළාවු අයට සදාකාලික විනාශය ලැබෙනු ඇත්තේය. තවද එය එසේය. ආමෙන්.