6 වන පරිච්ඡේදය
ධර්මිෂ්ඨ වූ ලේමන්වරුන් දුෂ්ට නීෆායිවරුන් හට දේශනා කරති – සාමයෙන් සහ බහුලත්වයෙන් සපිරි සමයක ජනතා දෙගොල්ලන්ම සමෘද්ධිමත් වන්නෝය – පාපයේ කර්තෘ වන, ලුසිෆර්, දුෂ්ටයන්ගේ සහ ගැඩියැන්ටන් සොරුන්ගේ සිත් ඝාතනය සහ දුෂ්ටභාවය කෙරෙහි පොළොඹවන ලදී – සොරුන් නීෆායිවරුන්ගේ ආණ්ඩුව අත් පත් කර ගනී. ක්‍රි.පූ. 29–23 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හැට දෙවැනි වසර අවසන් වූ විට, මේ සියළු දේ සිදු වූ විට තවද ලේමන්වරුන්, ඔවුන්ගේ වැඩි පිරිසක් වූ, ධර්මිෂ්ඨ වූ ජනතාවක්, බවට පත් විය, එනම් එපමණින් ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නීෆායිවරුන් ඉක්මවා ගියේය, ඒ ඔවුන්ගේ ඇදහිල්ල තුළ ඔවුන්ගේ ස්ථිරභාවය සහ ඔවුන්ගේ තැන්පත්භාවය කරණකොටගෙනය.
2 මක්නිසාද බලව, බරපතළ ලෙස දුෂ්ට වූ සහ දැඩි සහ මුරණ්ඩු වූ නීෆායිවරුන් බොහෝදෙනෙකු සිටියෝය, එනම් එපමණින් ඔවුන් අතර පැමිණි දෙවියන්වහන්සේගේ වචනය ද තවද සියළු දේශනාවන් සහ අනාවැකියන් ද ඔවුන් ප්‍රතික්ෂේප කළෝය.
3 එසේනමුත්, ලේමන්වරුන්ගේ හැරවීම නිසාවෙන් සභාවේ ජනතාව මහත් සේ ප්‍රීතිමත් වුණෝය, එසේය, ඔවුන් අතර පිහිටුවන ලද්දාවූ, දෙවියන්වහන්සේගේ සභාව නිසාවෙන්ය. තවද ඔවුන් එකිනෙකා සමඟ මිත්‍රත්ව ඇති කර, තවද එකිනෙකා සමඟ ප්‍රීතිමත් වී, තවද මහත් ප්‍රීතියෙන් සිටියෝය.
4 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් බොහෝදෙනෙකු සරහෙම්ලා දේශය තුළට පැමිණි අතර, තවද ඔවුන්ගේ හැරවීම පිළිබඳ අන්දම ද නීෆායි ජනතාවට ප්‍රකාශ කර, තවද ඇදහිල්ල සහ පසුතැවිලි වීමට දිරිමත් කළෝය.
5 එසේය, නිහතමානීත්වයේ ගැඹුරටම වෙත ඔවුන්ගෙන් බොහෝදෙනෙකු ගෙන එන ලෙස, දෙවියන්වහන්සේගේ සහ බැටළු පැටවාණන්ගේ නිහතමානී අනුගාමිකයන් වන ලෙස, තවද බොහෝදෙනෙකු අතිශයින් මහත් වූ බලයෙන් සහ අධිකාරී බලයෙන් දේශනා කළෝය.
6 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්ගෙන් බොහෝදෙනෙකු දේශයේ උතුරු දෙසට ගමන් ගත්තෝය; තවද නීෆායි ද ලීහායි ද, ජනතාව හට දේශනා කිරීම පිණිස, දේශයේ උතුරු දෙසට ගමන් ගත්තෝය. තවද එසේම හැට තුන්වැනි වසර අවසන් විය.
7 තවද බලව, දේශය පුරාවටම සාමය තිබුණි, එනම් නීෆායිවරුන් අතර ද ලේමන්වරුන් අතර ද වූවත්, ඔවුන්ට හැකි පමණින් දේශයේ කුමක්නමුත් ප්‍රදේශයකට නීෆායිවරුන් ගියෝය.
8 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන් අතර ද ලේමන්වරුන් අතර ද වූවත්, ලේමන්වරුන් ද ඔවුන්ට හැකි පමණින් දේශයේ කොතැන වුවද ප්‍රදේශයකට ගියෝය; තවද එසේම ඔවුන්ගේ ආශාවට අනුව, ඔවුන් එකිනෙකා සමඟ නිදහස් වෙළඳාම් ඇති කරගත්තෝය, මිල දී ගැනීමට ද විකිණීමට ද, තවද ලාබ ගැනීමටය.
9 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන් ද ලේමන්වරුන් ද යන දෙගොල්ලන්ම, ඔවුන් අතිශයින් ධනවත් විය; තවද දේශයේ දකුණු දෙසින් සහ දේශයේ උතුරු දෙසින් යන දෙකෙහිම, අධික ලෙස රන් බහුලව ද, තවද රිදී ද, තවද සියළු ආකාරයේ අගනා ලෝහ ද ඔවුන්ට තිබුණේය.
10 දැන් දේශයේ දකුණ ලීහායි යන නමින් විය, තවද දේශයේ උතුර මියුලෙක් යන නමින් විය, එනම් සෙඩකියාගේ පුත්ගේ නමින් ය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මියුලෙක්ව දේශයේ උතුරට ද, ලීහායි දේශයේ දකුණට ද රැගෙන ආ සේක.
11 තවද බලව, මේ දේශයන් දෙකෙහිම සියළු ආකාරයේ රන් ද, රිදී ද, තවද සියළු වර්ගයේ අගනා ලෝ පස් ද තිබුණේය; තවද සියළු වර්ගයේ ලෝ පස් නිර්මාණය කර එය පිරිසිඳු කරන්නාවූ, කුතුහලයෙන් යුත් කම්කරුවන් ද සිටියෝය; තවද එසේම ඔවුන් ධනවත් විය.
12 උතුරෙන් සහ දකුණෙන් යන දෙකෙහිම, ඔවුන් බහුලත්වයෙන් ධාන්‍ය බෝ කළෝය; තවද උතුරෙන් සහ දකුණෙන් යන දෙකෙහිම, ඔවුන් අතිශයින් වැජඹුනේය. තවද ඔවුන් බෝ වී තවද දේශයේ මහත් සේ ශක්තිමත්ව වර්ධනය වූවෝය. තවද ඔවුන් බොහෝ සේ සතුන් රැළවල් සහ රංචු ද, එසේය, මරන්නට සුදුසු කුඩා සතුන් ද බෝ කළෝය.
13 බලව සිහින් ලෙස කඨින ලද හණ රෙදි ද සියළු වර්ගයේ රෙදි ද, ඔවුන්ගේ නග්නභාවය වස්ත්‍රයෙන් ආවරණය කිරීමට, ඔවුන්ගේ ගැහැණුන් වෙභෙස වී වැඩ කරමින් සහ කපු කටිමින් ද, තවද සියළු ආකාරයේ වස්ත්‍ර සෑදුවෝය. තවද එසේම සාමයෙන් හැට හතරවැනි වසර අවසන් විය.
14 තවද හැට පස්වැනි වසරෙහි ද ඔවුන් මහත් ප්‍රීතියෙන් සහ සාමයෙන් සිටියෝය, එසේය, පැමිණෙන්නට තිබුනාවූ දේ පිළිබඳව බොහෝ දේශනාවන් සහ බොහෝ අනාවැකියන් ද තිබුනේය. තවද එසේම හැට පස්වැනි වසර අවසන් විය.
15 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හැට හය වැනි වසරෙහි, බලව, විනිශ්ච-ආසනයේ හිඳගත් විට නාඳුනන දෑතකින් සීසෝරොම්ව ඝාතනය කරන ලදී. තවද එය මෙසේ සිදු විය, එනම් එම වසරෙහිම, ජනතාව විසින් ඔහුගේ ස්ථානයට නියම වූ, ඔහුගේ පුත්‍රයා ද, ඝාතනය කරන ලදී. තවද හැට හයවැනි වසර අවසන් විය.
16 තවද හැට හත්වැනි වසර ආරම්භ වූ විට ජනතාව නැවතත් අතිශයින් දුෂ්ටව වැඩීමට පටන් ගත්තෝය.
17 මක්නිසාද බලව, එනම් යුද්ධවලට, නොහොත් ලේ වැගිරීමට ද, ඔවුන් කෝපයෙන් නොකැළඹී සිටි අතර, දෙවියන්වහන්සේ ඔවුන්ට දිගු කලක් ලෝකයේ වස්තූන් සමඟ ආශිර්වාද කළ සේක; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ වස්තූන් මත තබන්නට පටන් ගත්තෝය; එසේය, එනම් ඔවුන් අනෙකාට වඩා උසස් බවට පමුණුවන සේ ලාබ ලබාගැනීමට සෙව්වෝය; එසේහෙයින් එනම් ඔවුන් ලාබ ලබාගැනීමට, ඔවුන් රහස්‍ය ඝාතන ද, තවද සොරකම් කිරීමට සහ කොල්ලකෑමට ද පටන් ගත්තෝය.
18 තවද දැන් බලව, ඒ මිනීමරුවන් ද මංකොල්ලකරුවන් ද කිශ්කුමෙන් සහ ගැඩියැන්ටන් විසින් සාදන ලද සමූහයක් විය. තවද දැන් එය මෙසේ සිදු විය, එනම් නීෆායිවරුන් අතර පවා ද, ගැඩියැන්ටන් ගේ සමූහයේ, බොහෝදෙනෙකු සිටියෝය. එහෙත් බලව, ලේමන්වරුන් අතර තවත් බහුලව දුෂ්ට කොටසක් සිටියෝය. තවද ඔවුන් ගැඩියටන්ගේ සොරුන් සහ මිනීමරුවන් ලෙස හැඳින්වනු ලැබුවෝය.
19 තවද ඔහු ඔහුගේ විනිශ්ච-ආසනයේ සිටි අතරතුර, සීසෝරොම් යන ප්‍රධාන විනිශ්චයකරු ද, ඔහුගේ පුත්‍රයා ද, ඝාතනය කළේ ඔවුන්ය; තවද බලව, ඔවුන්ව සොයා නොගත්තේය.
20 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් අතර සොරුන් සිටින බවට ලේමන්වරුන් සොයාගත් විට ඔවුන් අතිශයින් ශෝක වූවෝය; තවද ඔවුන්ව පොළෝ තලයෙන් විනාශ කර දැමීමට ඔවුන්ගේ බලයේ සෑම උපක්‍රමයක්ම ඔවුන් භාවිතා කළෝය.
21 එහෙත් බලව, නීෆායිවරුන්ගේ වැඩි පිරිසකගේ හදවත් සාතන් කැළඹුවේය, එනම් ඔවුන්ට නියම වන ලද කුමක්නමුත් දුෂ්කර අවස්ථාවන් හි ඔවුන් එකිනෙකාව ආරක්ෂා කර රැක බලාගන්නා මෙන්, එනම් ඔවුන් ඔවුන්ගේ ඝාතන ද, තවද ඔවුන්ගේ කොල්ලකෑම් ද, තවද ඔවුන්ගේ සොරකම්කිරීම් ද නිසාවෙන් ඔවුන් දුක් නොවිඳිය යුතු බවත්, එනම් එපමණින් ඔවුන් ඒ සොරුන්ගේ සමූහයන් සමඟ එක්සත් වී, තවද ඔවුන්ගේ ගිවිසුම් සහ ඔවුන්ගේ දිවුරුම් තුළට ඇතුළත් විය.
22 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ට ඔවුන්ගේ සංකේත තිබුනේය, එසේය, ඔවුන්ගේ රහස්‍ය සංකේත, සහ ඔවුන්ගේ රහස්‍ය වචන; තවද එනම් මෙය වූයේ, මෙම ගිවිසුමට ඇතුළත් වූ සහෝදරයෙකු ඔවුන් පැහැදිලිව වටහා ගන්නා ලෙස, එනම් ඔහුගේ සහෝදරයා කිසියම් හෝ දුෂ්ටභාවයක් කරන්නේනම් ඔහු ඔහුගේ සහෝදරයාගෙන් තුවාල නොලබන සේ, නැතහොත් මෙම ගිවිසුම ගත් තැනැත්තෙකු වුවද, ඔහුගේ සමූහයට අයත් වූ අයටය.
23 තවද එසේම ඔවුන්ගේ රටේ නීතිවලට ද ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ නීතිවලට ද පටහැනිව, ඝාතනය කිරීමට ද, කොල්ලකෑමට ද, සොරකම් කිරීමට ද, වේශ්‍යාකම්හි බැඳීමට ද සහ සියළු ආකාරයේ දුෂ්ටභාවයන් කිරීමට, ඔවුන්ට හැකි වන්නේය.
24 තවද ඔවුන්ගේ සමූහයට අයත් වූ අයගෙන් ඔවුන්ගේ දුෂ්ටභාවයන් සහ පිළිකුල් සහගත දේවල් ලෝකය හට හෙළි කරන කවුරුන්වුවද, දඬුවම් ලැබිය යුතුය, ඔවුන්ගේ රටේ නීතිවලට අනුව නොව, එහෙත් ගැඩියැන්ටන් සහ කිශ්කුමෙන් විසින් ලබා දී ඇති, ඔවුන්ගේ දුෂ්ටභාවයන්හි නීතිවලට අනුව ය.
25 දැන් බලව, ජනතාව විනාශය කරා හෙළ දැමීමට උපක්‍රමයක් වීමට හැර, ලෝකය වෙත නොයන පිණිස ඇල්මා ඔහුගේ පුත්‍රයාට අණ කළ රහස්‍ය දිවුරුම් සහ ගිවිසුම් මේවාය.
26 දැන් බලව, හීලමන් වෙත බාර දුන්නාවූ වාර්තාවලින් එම රහස්‍ය දිවුරුම් සහ ගිවිසුම් ගැඩියැන්ටන් වෙත ආවේ නැත; එහෙත් බලව, තහනම් ඵලය අනුභව කිරීමට අපගේ පළමු දෙමාපියන් පොළඹවූ ඒ එකම තැනත්තා ගැඩියැන්ටන්ගේ හදවත තුළට ද ඒ දේවල් දැමුවේය.
27 එසේය, එනම් ඔහු ඔහුගේ සහෝදර වූ ආබෙල් මරා දමන්නේනම්, එය ලෝකය වෙත නොදන්වන සේ, කායින් සමඟ කුමන්ත්‍රණය කළ එම එකම තැනැත්තා ය. තවද එතැන් සිට ඔහු කායින් සහ ඔහුගේ අනුගාමිකයන් සමඟ කුමන්ත්‍රණ කළේය.
28 තවද ස්වර්ගයට යන්නට හැකි වන මෙන් උසින් ප්‍රමාණවත් වූ කුළුණක් ගොඩනැඟීමට ජනතාවගේ හදවත් තුළට එය දැමූ එම එකම තැනැත්තාය. තවද එනම් ඒ කුළුණෙන් මෙම දේශය තුළට පැමිණි ජනතාවට මඟ පෙන්වූයේ එම එකම තැනැත්තාය; සම්පූර්ණ විනාශයක් කරා ඔහු ජනතාව ඇදගෙන ගොස්, සදාතනික නිරයකට යන තෙක්, මුළු දේශය පුරාවටම අන්ධකාරයේ ක්‍රියා සහ පිළිකුල් සහගත ක්‍රියා පැතිරුවේය.
29 එසේය, එනම් අන්ධකාරයේ, සහ රහස්‍ය ඝාතනයේ ක්‍රියාව ද, තවදුරටත් උසුලාගෙන යාමට ගැඩියැන්ටන්ගේ හදවත තුළට දැමූ ඒ එකම තැනැත්තා ය; තවද ඔහු එය මනුෂ්‍යයාගේ පටන්ගැන්මේ සිට මෙම කාලය වනතෙක් පවා ද ගෙන ඇත්තේය.
30 තවද බලව, සියළු පාපයන්හි කතෲ ඔහු වන්නේය. තවද බලව, ඔහු ඔහුගේ අන්ධකාරයේ ක්‍රියාවන් සහ රහස්‍ය ඝාතන කරගෙන යන අතර, තවද ඒවායේ කුමන්ත්‍රණ, සහ ඒවායේ දිවුරුම්, සහ ඒවායේ ගිවිසුම්, සහ ඒවායේ භයානක දුෂ්ටභාවයේ සැලසුම් ද, මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මත ධාරණය කරගැනීම අනුව පරම්පරාවෙන් පරම්පරාවට භාර කරන්නේය.
31 තවද දැන් බලව, ඔහු නීෆායිවරුන්ගේ හදවත් වෙත මහත් ධාරණයක් ලබාගත්තේය; එසේය, එනම් එපමණින් ඔවුන් අතිශයින් දුෂ්ට විය; එසේය, ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ධර්මිෂ්ඨකමේ මාර්ගයෙන් හැරී ගොස්, තවද දෙවියන්වහන්සේගේ අණ පනත් ඔවුන්ගේ පාද යට පාගා, තවද ඔවුන්ගේම මාරග වෙත හැරී, තවද ඔවුන්ගේ රන් සහ ඔවුන්ගේ රිදීවලින් ඔවුන් වෙත දේව රූපයන් තැනුවෝය.
32 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම සියළු අයුතුකම් වැඩි කාල පරාසයක් පුරාවට නොවීය, එනම් එපමණින් එයින් වැඩි කොටසක් නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හැට හත්වැනි වසරෙහි ඔවුන් වෙත ආවේය.
33 තවද ධර්මිෂ්ඨවූවන්ගේ මහත් ශෝකයට සහ විලාපයන් කරා, හැට අටවැනි වසරෙහි ද ඔවුන් ඔවුන්ගේ අයුතුකම්වල වැඩි විය.
34 තවද එසේම නීෆායිවරුන් දුෂ්ටභාවයෙන් සහ පිළිකුල් සහගත ක්‍රියාවල වැඩි වී, විශ්වාසයෙන් පිරිහෙන්නට පටන් ගත් අතර, ලේමන්වරුන් ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ දැනුමෙහි අතිශයින් වැඩි වන්නට පටන් ගත් බව අපි දකින්නෙමු; එසේය, ඔවුන් උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් සහ අණපනත් පිළිපැදීමට ද, උන්වහන්සේ ඉදිරියෙහි සත්‍යයෙහි සහ අවංකභාවයෙන් ගමන්ගැනීමට පටන් ගත්තෝය.
35 තවද එසේම ඔවුන්ගේ දුෂ්ටභාවය සහ ඔවුන්ගේ හදවත්හි දැඩිකම නිසාවෙන්, ස්වාමීන්වහන්සේගේ ආත්මය නීෆායිවරුන්ගෙන් පසුබසින්නට පටන් ගත් සේක.
36 තවද එසේම උන්වහන්සේගේ වචන විශ්වාස කිරීමට තිබූ ඔවුන්ගේ පහසුකම සහ කැමැත්ත නිසාවෙන්, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය ඔවුන් මත වැගිරීමට පටන්ගත් බව අපි දකින්නෙමු.
37 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ගැඩියැන්ටන්ගේ සොරුන් සමූහය දඩයම් කළෝය; තවද එනම් ලේමන්වරුන් අතරින් මෙම සොරුන් සමූහය මුළුමනින්ම විනාශ වූ පමණින්, ඔවුන්ගේ දුෂ්ට වූ වැඩි පිරිසකට ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය දේශනා කළෝය.
38 තවද අනෙක් අතින් එය මෙසේ සිදු විය, එනම් ඔවුන්ගේ දුෂ්ට වූ වැඩි පිරිස සිට පටන්, නීෆායිවරුන් ඔවුන්ව ගොඩනඟා තවද ඔවුන්ට උපකාර කළෝය, ඔවුන් නීෆායිවරුන්ගේ දේශය පුරාවටම අධිකව පැතිර ගොස්, තවද ඔවුන් ධර්මිෂ්ඨවූවන්ගේ වැඩි පිරිසක් නොමඟ යවා, ඔවුන්ගේ ක්‍රියාවන්වල විශ්වාස කරමින් ද ඔවුන්ගේ නාස්ති කිරීම්වල සහභාගී වීමට ද, තවද ඔවුන් සමඟ ඔවුන්ගේ රහස්‍ය ඝාතන සහ සංයෝගයවලට එකතු වූ තෙක්ය.
39 තවද එසේම ඔවුන් ආණ්ඩුවේ තනි කළමනාකාරිත්වය ලබගත්තෝය, එනම් දෙවියන්වහන්සේගේ නිහතමානී අනුගාමිකයන් ද, දුප්පත් සහ යටහත් පහත් අයට ඔවුන්ගේ පිට හරවා ඔවුන්ගේ පාද යට පාගා දමා ද පහර දී තවද උදුරා ඉරා දැමුවෝය.
40 තවද එසේම එනම් ඔවුන් භයානක තත්වයක සිටි බවට ද, සදාතනික විනාශයකට පැසෙණ බව අපි දකින්නෙමු.
41 තවද එය මෙසේ සිදු විය, එනම් නීෆායි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හැට අටවැනි වසර එසේ අවසන් විය.