ශුද්ධලියවිලි
හීලමන් 2


2 වන පරිච්ඡේදය

හීලමන්ගේ පුත්, හීලමන් ප්‍රධාන විනිශ්චයකරු බවට පත් වෙයි – ගැඩියැන්ටන් කිෂ්කුමෙන්ගේ කණ්ඩායමට නායකත්වය දෙයි – හීලමන්ගේ සේවකයා කිෂ්කුමෙන්ව මරා දමයි, තවද ගැඩියැන්ටන් කණ්ඩායම වනාන්තරයට පලා යයි. ක්‍රි.පූ. 50–49 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, මොරෝනිහා නීෆායිවරුන් සහ ලේමන්වරුන් අතර යළි සාමය ඇති කළ පසු, විනිශ්චයකාරවරුන්ගේ පාලන සමයේ හතළිස් දෙවෙනි වසරෙහිදී, බලව විනිශ්ච-ආසනය පිරවීමට එහි කිසිවෙක් නොසිටියේය; එසේහෙයින් විනිශ්ච-ආසනය පුරවන්නේ කවුරුන්ද පිළිබඳව නැවතත් ජනතාව අතර මතභේදයක් ඇති වීමට පටන් ගත්තේය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් ජනතාවගේ හඬින්, විනිශ්ච-ආසනය පිරවීමට, හීලමන්ගේ පුත්‍රයා වූ, හීලමන්ව පත් කරන ලදී.

3 එහෙත් බලව, පහෝරන් මරණයට පත් කළ කිෂ්කුමෙන්, හීලමන් ද එසේම විනාශ කිරීමට බලා සිටියේය; තවද ඔහුගේ දුෂ්ටකම කිසිවෙක් නොදැන සිටිය යුතු බවට ගිවිසුමකට එළඹුණු, ඔහුගේ කණ්ඩායම විසින් ඔහුව ආරක්ෂා කරන ලදී.

4 මක්නිසාද මිනීමැරුම් සහ මංකොල්ලකෑමේ රහසිගත කාර්යය කරගෙන යාමට, බොහෝ වචනවල මෙන්ම, ඔහුගේ ශිල්පයෙහිද, අතිශයින් ප්‍රවීණ වූ ගැඩියැන්ටන් නම් කෙනෙකු සිටියේය; එසේහෙයින් ඔහු කිෂ්කුමෙන් කණ්ඩායමේ නායකයා බටව පත් විය.

5 එසේහෙයින් ඔහු ඔවුන්ටත්, එසේම කිෂ්කුමෙන්ටත් චාටු බස් කථා කළේය, එනම් ඔවුන් ඔහුව විනිශ්ච-ආසනයේ තබන්නේ නම්, ඔහු තම කණ්ඩායමට අයත් අයවලුන්ව ජනතාව අතර බලයට සහ අධිකාරී බලයට තුළ පත් කරන බව ඔහු ප්‍රකාශ කළේය; එසේහෙයින් කිෂ්කුමෙන් හීලමන්ව විනාශ කිරීමට උත්සාහ කළේය.

6 තවද එය මෙසේ සිදු විය, ඔහු හීලමන්ව විනාශ කිරීමට විනිශ්ච-ආසනය දෙස යන විට, බලව හීලමන්ගේ සේවකයන්ගෙන් කෙනෙකු, රාත්‍රියේ එළිමහනේ සිට, තවද වෙස්වළා ගෙන, හීලමන්ව විනාශ කිරීමට මෙම කණ්ඩායම විසින් සකස් කරන ලද සැලසුම් පිළිබඳව දැනුමක් ලබා ගෙන –

7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුට කිෂ්කුමෙන් හමුවූ අතර, තවද ඔහු ඔහුට ලකුණක් දුන්නේය; එසේහෙයින් කිෂ්කුමෙන් තමාගේ ආශාවේ පරමාර්ථය ඔහුට දන්වා, එනම් ඔහු හීලමන්ව ඝාතනය කිරීම සඳහා ඔහුව විනිශ්ච-ආසනය වෙතට ගෙන යන ලෙස ආශා කළේය.

8 තවද හීලමන්ගේ සේවකයා කිෂ්කුමෙන්ගේ හදවතෙහි සියල්ල, තවද එනම් ඔහුගේ එම අරමුණ මිනීමැරීමටද, තවද එසේම එනම් ඔහුගේ කණ්ඩායමට අයත් සියල්ලන්ගේම අරමුණ මිනීමැරීමද, සොරකමද, තවද බලය ලබා ගැනීමද බව දැනගත් විට, (තවද මෙය ඔවුන්ගේ රහසිගත සැලැස්ම සහ ඔවුන්ගේ සම්බන්ධතාවය විය) හීලමන්ගේ සේවකයා කිෂ්කුමෙන් හට මෙසේ කීවේය: අපි විනිශ්ච-ආසනය වෙත යමු.

9 දැන් මෙය කිෂ්කුමෙන් අතිශයින් සතුටු කළේය, මක්නිසාද එනම් ඔහු තමන්ගේ අරමුණ සම්පුර්ණ කිරීමට හැකිවේ යැයි ඔහු සිතුවේය; එහෙත් බලව, හීලමන්ගේ සේවකයා, ඔවුන් විනිශ්ච-ආසනය වෙත පෙරට ගමන් කරමින් සිටියදී, කිෂ්කුමෙන්ගේ හදවතටම වුවද ඇන්නේය, එනම් ඔහු කෙඳිරීමක් නොමැතිව මරණයට පත් විය. තවද ඔහු දිව ගොස් තවද ඔහු දුටු, සහ ඇසුවාවූ, සහ කළාවූ සියලු දේවල් හීලමන්ට පැවසුවේය.

10 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම සොරුන් කණ්ඩායම සහ රහසිගත මිනීමරුවන් අල්ලාගෙන, එනම් නීතියට අනුව ඔවුන්ව මරා දමන පිණිස හීලමන් පෙරට යැවුවේය.

11 එහෙත් බලව, එනම් කිෂ්කුමෙන් ආපසු නොපැමිණි බව ගැඩියැන්ටන් සොයාගත් විට, එනම් ඔහු විනාශ වේ යැයි බිය විය; එසේහෙයින් එනම් ඔහුගේ කණ්ඩායම ඔහු පසුපස පැමිණෙන ලෙසට ඔහු සැලැස්වූවේය. තවද ඔවුන් රහසිගත මාර්ගයකින්, දේශයෙන් පලා ගොස්, වනාන්තරය වෙතට ගියෝය; තවද මෙසේ හීලමන් ඔවුන්ව අල්ලා ගැනීමට යැවූ විට, ඔවුන් කොතැනකවත් සොයා ගැනීමට නොහැකි විය.

12 තවද මෙම ගැඩියැන්ටන් පිළිබඳව වඩාත් මෙයින් පසුව කථා කරනු ඇත්තේය. තවද මෙසේ නීෆායි ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හතළිස් දෙවන වසර අවසන් විය.

13 තවද බලව, එනම් මෙම ගැඩියැන්ටන් නීෆායි ජනයාගේ මුළු විනාශයටම පවා වූ, එසේය, එම පෙරලා දැමීම ඔප්පු කර ඇති බව, මෙම පොතෙහි අවසානයේදී නුඹලා දකින්නෙහිය.

14 බලව මම අදහස් කරන්නේ හීලමන්ගේ පොතේ අවසානය නොවේ, එහෙත් මා අදහස් කරන්නේ මා ලියන ලද සියලුම විස්තර ලබාගත්තාවූ නීෆායිගේ පොතේ අවසානයයි.