හීලමන්ගේ පුත්‍රයා වන නීෆායිගේ අනාවැකිය – දෙවියන්වහන්සේ නීෆායිගේ ජනතාවට, ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඔවුන් පසුතැවිලි නොවන්නේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ විනාශය තෙක් උන්වහන්සේ කෝපයෙන් ඔවුන්ව බැහැ දකින බවට තර්ජනය කරති. දෙවියන්වහන්සේ නීෆායිගේ ජනතාවට වසංගතයකින් පහර දෙන සේක; ඔවුහු පසුතැවිලි වී තවද උන්වහන්සේ වෙතට හැරී එයි. ලේමන්වරයෙකු වන සාමුවෙල්, නීෆායිවරුන්ට අනාවැකි කියයි.
7 සිට 16 දක්වා පරිච්ඡේද ඇතුළත් වේ.
7 වන පරිච්ඡේදය
නීෆායි උතුරෙදී ප්‍රතික්ෂේප කරනු ලැබ තවද සරහෙම්ලා වෙත නැවත පැමිණෙයි – ඔහු ඔහුගේ උද්‍යාන කුළුණේ ඉහළ සිට යාච්ඤා කරයි තවද ජනතාවට පසුතැවිලි වන ලෙසට නැතහොත් විනාශ වන ලෙසට අමතනු ලබයි. ක්‍රි.ව. 23–21 දී පමණ.
1 බලව, දැන් එය මෙසේ සිදු විය, නීෆායිවරුන්ගේ ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හැට නව වැනි වසරේදී, හීලමන්ගේ පුත්‍රයා වන, එම නීෆායි, උතුරුකරයේ දේශයෙන් සරහෙම්ලා දේශයට ආපසු පැමිණියේය.
2 මක්නිසාද ඔහු උතුරුකර දේශයේ සිටි ජනතාව අතරට ගොස් සිටියේය, තවද දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් හට දේශනා කෙරුවේය, තවද ඔවුන් හට බොහෝ දේ අනාවැකි කීවේය.
3 තවද ඔවුන් ඔහුගේ සියලු වචන ප්‍රතික්ෂේප කළෝය, කෙපමණක් ද නම් ඔහුට ඔවුන් අතර රැඳී සිටීමටද නොහැකි විය, එහෙත් ඔහුගේ උපන් දේශයට ඔහු නැවත පැමිණියේය.
4 තවද ජනතාව මෙවැනි භයානක දුෂ්ටකමකින් සහ එම ගැඩියන්ටන් කොල්ලකරුවන් විනිශ්චය ආසන පුරවන ආකාරයත් දුටුු කල – එනම් දේශයේ බලය සහ අධිකාරි බලය පැහැරගෙන; දෙවියන්වහන්සේගේ අණ පනත් ඉවත දමමින්, තවද උන්වහන්සේ ඉදිරියේ අල්පයකින් හෝ ඍජුව නොසිට; මනුෂ්‍ය දරුවන් හට කිසිඳු අයුරකින්වත් යුක්තිය ඉටු නොකළේය;
5 ධර්මිෂ්ඨයන්ව ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නිසා හෙළා දකිමින්; වැරදිකරුවන් හා දුෂ්ටයින් ඔවුන්ගේ මුදල් නිසාවෙන් දඬුවම් නොකරන්නටත්; තවද එපමණක් නොව රජයේ ප්‍රධානියා ලෙස තනතුරු දරමින්, ඔවුන්ගේ කැමැත්තට අනුව පාලනය කරමින් සහ වැඩ කරමින්, එනම් ඔවුන්ට ලෝකයේ ලාභය සහ මහිමය ලබා ගන්නා පිණිස, තවද, එපමණක් නොව, එනම් ඔවුන්ට වඩාත් පහසුවෙන් කාමමිථ්‍යාචාරය සිදු කිරීමටත්, තවද සොරකම් කිරීමටත්, තවද මිනීමැරීමටත්, තවද ඔවුන්ගේම කැමැත්තට අනුව ක්‍රියා කිරීමටත් ඉඩ හැරීය –
6 දැන් මෙම මහා අයුතුකම නීෆායිවරුන් මත පැමිණියේ, වැඩි වසර ගණනක කාලයක් මත්තෙන් නොවේය; තවද නීෆායි එය දුටු විට, ඔහුගේ ළය තුළ ඔහුගේ හදවත ශෝකයෙන් පිරෙන්නට විය; තවද ඔහු ඔහුගේ ප්‍රාණයේ වේදනාවෙන් කෑගැසුවේය:
7 අහෝ, එනම් මගේ පියාවූ නීෆායි මුලින්ම ජෙරුසලම් දේශයෙන් පිටතට පැමිණි දවස් හිදී මා ජීවත්ව සිටියේ නම්, එනම් පොරොන්දු වූ දේශයේදී මට ඔහු සමඟ ප්‍රීති වන්නට තිබුණි; එකල ඔහුගේ ජනතාවට කන්නලව් කිරීමට පහසු වීය, දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට ස්ථිර වීය, තවද අයුතුකම් කිරීමට නියමුවන්නට ප්‍රමාද වීය; තවද ඔවුහු ස්වාමීන්වහන්සේගේ වචනවලට සවන් දීමට ඉක්මන් වූහ –
8 එසේය, මාගේ කාලය එකල වූවා නම්, එවිට මගේ ආත්මය මාගේ සහෝදරයන්ගේ ධර්මිෂ්ඨකම පිළිබඳව ප්‍රීතිමත් වන්නට තිබුණි.
9 එහෙත් බලව, මෙම දවස් මාගේ බවට මට නියම වී ඇත්තේය, තවද එනම් මගේ සහෝදරයන්ගේ මේ දුෂ්ටකම නිසාවෙන් මාගේ ආත්මය ශෝකයෙන් පිරී යනු ඇත්තේය.
10 තවද බලව, දැන් එය මෙසේ සිදු විය එනම්, මෙය නීෆායිගේ උද්‍යානයේ තිබුණු කුළුනක විය, තවද එය සරහෙම්ලා නගරයේ තුළ, ප්‍රධාන වෙළඳපොළට යන මාර්ගයේ ආසන්නයේ තිබුණි; එසේහෙයින්, නීෆායි ඔහුගේ උද්‍යානයේ තිබුණු කුළුනක ඔහුගේ හිස නමා සිටියේය, තවද එසේම එම කුළුණ ප්‍රධාන මාර්ගයට යන උයන් දොරටුවට අසළින් පිහිටා තිබුණි.
11 තවද එය මෙසේ සිදු විය, එනම් ඇතැම් මනුෂ්‍යයින් ඒ අසලින් ගමන් කරමින් සිටියදී, නීෆායි කුළුණ මත දෙවියන්වහන්සේ හට තම ප්‍රාණය වගුරුවමින් සිටින ආකාරය දුටුවෝය; තවද ඔවුහු දුව ගොස් ඔවුන් දුටු දේ ජනතාවට පැවසූහ, තවද ජනතාවගේ දුෂ්ටකමට මෙතරම් මහත් ශෝක වන හේතුව දැනගන්නා පිණිස ජනතාව ජනසමූහයක් ලෙස එක්රැස් වූහ.
12 තවද දැන්, නීෆායි නැගිටි විට එකට රැස්ව උන් ජනසමූහය ඔහු දුටුවේය.
13 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු තම මුඛය විවර කර ඔවුන් හට පැවසුවේය; බලව, නුඹලා නුඹලාව එක්රැස්ව සිටින්නේ කුමක් නිසාද? මා නුඹලාගේ අයුතුකම් නුඹලා හට කියන පිණිසද?
14 එසේය, මක්නිසාද දෙවියන්වහන්සේට මාගේ ප්‍රාණය වැගිරවීමට මම මාගේ කුළුණට නැඟුනේ, මක්නිසාද නුඹලාගේ අයුතුකම් හේතුවෙනි, එනම් මාගේ හදවතේ ඇතිවූ අධික ශෝකය නිසාය!
15 තවද මාගේ වැලපීම සහ විලාපය නිසා නුඹලා නුඹලාව එක්රැස් කොට සිටින්නෙහුය, තවද පුදුම වන්නෙහුය; එසේය, තවද නුඹලාට පුදුම වීමට මහත් හේතු කාරණා ඇත්තෝය; එසේය, යක්ෂයාට නුඹලාගේ හදවත් මත මෙවැන් මහත් බලයක් තිබීමට නුඹලා යටත් වී සිටීම නිසාවෙන් නුඹලා පුදුම විය යුතුය.
16 එසේය, නුඹලාගේ ප්‍රාණයන් සදාකාලික දුක්ඛිතභාවයට සහ නිමක් නැති ඛේදයට ඇද දැමීමට සොයන්නාවු ඔහුට නුඹලාව පෙළඹවීමට කෙසේ යටත් වූයේද?
17 අහෝ නුඹලා පසුතැවිලි වෙයල්ලා, පසුතැවිලි වෙයල්ලා! නුඹලා මැරෙන්නේ ඇයිද? හැරෙන්න, නුඹලාගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. උන්වහන්සේ නුඹලාව අත්හැරියේ මන්ද?
18 ඒ නුඹලා නුඹලාගේ හදවත් දැඩි කරගත් නිසාය; එසේය, නුඹලා යහපත් එඬේරයාණන්ගේ හඬට සවන් නොදෙන නිසාය; එසේය, නුඹලාට විරුද්ධ වන්නට නුඹලා උන්වහන්සේව කෝපයට පොළඹවා ඇත්තේය.
19 තවද බලව, නුඹලාව එක්රැස් කරගැනීම වෙනුවට, නුඹලා පසුතැවිලි නොවන්නේ නම්, බලව, උන්වහන්සේ නුඹලාව විසුරුවා හරින සේක, එනම් නුඹලා සුනඛයන්ගේ සහ වන මෘගයන්ගේ මස් බවට පත් වන්නේය.
20 අහෝ, නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලාව ගලවාගත් දවසේදීම නුඹලා උන්වහන්සේ අමතක කළේ කෙසේද?
21 එහෙත් බලව, එය ලාභ ලැබීමටත්, මනුෂ්‍යයන්ගේ ප්‍රශංසාව ලැබීමටත්, එසේය, තවද එනම් නුඹලා රන් සහ රිදී ලබා ගන්නා පිණිසය. තවද නුඹලාගේ හදවත් නුඹලා මේ ලෝකයේ ධනය හා නිෂ්ඵල දේවල් කෙරෙහි යොමු කර ඇත්තේය, තවද ඒ වෙනුවෙන් නුඹලා මිනීමරන්නේය, තවද කොල්ලකන්නේය, තවද සොරා කන්නේය, තවද නුඹලාගේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි දරන්නේය, තවද සියළු ආකාරයේ අයුතුකම් කරන්නේය.
22 තවද මේ නිසාවෙන් නුඹලා පසුතැවිලි නොවන්නේ නම් නුඹලාට දුක් පැමිණෙන්නේය. මක්නිසාද නුඹලා පසුතැවිලි නොවන්නේ නම්, බලව, මෙම බලවත් නගරය ද, තවද එසේම ඒ අවට ඇති සියලුම බලවත් නගරයන්, අපගේ උරුම දේශයේ තිබෙන ඒවා ඉවතට රැගෙන යනු ලබන්නේය, එනම් ඒවා තුළ නුඹලාට කිසිදු ස්ථානයක් නොමැති වන්නේය, මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ මෙතෙක් කළාක් මෙන්, නුඹලාගේ සතුරන්ට විරුද්ධව නැගී සිටීමට උන්වහන්සේ නුඹලාට ශක්තිය ලබා නොදෙන සේක.
23 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: ඔවුන්ගේ පාපයන් ගැන පසුතැවිලි වන්නාවු සහ මාගේ වචනවලට ඇහුම්කන් දෙන්නාවු අයට මිස, දුෂ්ටයන් එකෙකුට වඩා අනෙකාට මාගේ ශක්තිය නොපෙන්වන්නෙමි. දැන් එසේහෙයින්, බලව මාගේ සහෝදරයෙනි, නුඹලා පසුතැවිලි වන්නේ නම් මිස, නුඹලාට වඩා ලේමන්වරුන්ට එය යහපත් වනු ඇතැයි නුඹලා දැකීම මම කැමැත්තෙමි.
24 මක්නිසාද බලව, ඔවුහු නුඹලාට වඩා ධර්මිෂ්ඨය, මක්නිසාද නුඹලා ලැබුවාවු එම බලවත් දැනුමට විරුද්ධව ඔවුන් පව් කර නැත්තේය; එසේහෙයින් ස්වාමීන්වහන්සේ ඔවුන් හට දයාවන්ත වන සේක; එසේය, උන්වහන්සේ ඔවුන්ගේ දවස් දීර්ඝ කර තවද ඔවුන්ගේ වංශය වැඩි කරන සේක, පසුතැවිලි වන්නේ නම් මිස නුඹව සම්පූර්ණයෙන්ම වූවත් විනාශ වන්නේය.
25 එසේය, නුඹලා හට දුක් වන්නේය, මක්නිසාද නුඹලා අතරට පැමිණ ඇත්තාවු එම මහත් පිළිකුල්කම නිසාය; තවද එනම් ගැඩියැන්ටන් විසින් පිහිටුවන ලැබූ එම රහස් කණ්ඩායමට, එසේය, නුඹලා එයට එක්සත් වී සිටින්නේය!
26 එසේය, නුඹලා හට දුක් පැමිණෙන්නේය මක්නිසාද උඩඟුකම නුඹලාගේ හදවත් තුළට ඇතුළු වීමට නුඹලා ඉඩ දී ඇති බැවින්, එය නුඹලාගේ අතිමහත් ධනය නිසා යහපත්කම අභිබවා නුඹලාව ඔසවා තබා ඇත්තේය!
27 එසේය, නුඹලාගේ නපුරුකම සහ පිළිකුල් සහගත ක්‍රියා නිසා නුඹලා හට දුක් වන්නේය!
28 තවද නුඹලා පසුතැවිලි වුවහොත් මිස නුඹලා විනාශ වන්නේය; එසේය, නුඹලාගේ දේශයන් වූවත් නුඹලා වෙතින් ගනු ලබන්නේය, තවද නුඹලා මෙම පොළෝ තලයෙන්ම විනාශ වන්නේය.
29 බලව දැන්, එනම් මෙම දේවල් මෙසේ වන්නේ මාගෙන්ම යැයි මා නොකියමි, මක්නිසාද එනම් මෙම දේවල් මා විසින්ම දැන සිටින ඒවා නොවේය; නමුත් බලව, මා මේවා සත්‍ය බවට දන සිටින්නේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ මා හට මේවා දැනුවත් කර ඇති බැවිනි, එසේහෙයින් මා මේවා සිදුවන බව සාක්ෂි දරමි.