15 වන පරිච්ඡේදය
උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කළ නිසාවෙන් ස්වාමීන්වහන්සේ නීෆායිවරුන්ව හික්මවනු ලබයි – හැරුණාවූ ලේමන්වරු ඇදහිල්ලෙහි ස්ථිරව හා අචලව සිටිති – ස්වාමීන්වහන්සේ අවසාන කාලයේ දී ලේමන්වරුන්ට දයාවන්ත වන සේක. ක්‍රි.පූ. 6 දී පමණ.
1 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරවරුනි, බලව, නුඹලා පසුතැවිලිවුනොත් මිස නුඹලාගේ නිවෙස් නුඹලාට පාළුකොට අත්හරින බව මම නුඹලාට ප්‍රකාශ කරමි.
2 එසේය, නුඹලා පසුතැවිලිවනවා මිස, නුඹලාගේ කාන්තාවන්ට ඔවුන් කිරි දෙන කල ශෝකවන්නට බොහෝ කාරණා තිබෙනු ඇත; මක්නිසාද නුඹලා පලා යාමට උත්සහ කරන්නහුය තවද රැකවරණය සඳහා කිසිදු ස්ථානයක් නොමැත; එසේය, තවද දරුවකු ලැබීමට සිටිනා ඔවුන් හට දුක් වේ, මක්නිසාද ඔවුන් බරින් යුක්ත වන්නේය තවද පලා යා නොහැක්කේය; එසේහෙයින්, ඔවුන්ව පාගා දමනු ලැබ තවද විනාශ වීමට අත්හරිනු ලබන්නේය.
3 එසේය, ඔවුන්ට පෙන්වන්නා වූ සියලු ලකුණු සහ ආශ්චර්යයන් ඔවුන් දකින කල, නීෆායිගේ ජනතාව ලෙස හඳුන්වනු ලබන මෙම ජනතාවට ඔවුන් පසුතැවිලිවනවා නම් මිස දුක් වේ; මක්නිසාද බලව, ඔවුන් ස්වාමීන්වහන්සේගේ තෝරාගත් ජනතාවක් වී සිටියෝය; එසේය, උන්වහන්සේ නීෆායිගේ ජනතාවට ප්‍රේම කළ සේක, තවද එසේම උන්වහන්සේ ඔවුන්ව හික්මවනු ලැබූ සේක; එසේය, ඔවුන්ගේ අයුතුකම් කාලයේ දී උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කළ බැවින් ඔවුන්ව හික්මවනු ලැබූ සේක.
4 එහෙත් බලව මාගේ සහෝදරයෙනි, ලේමන්වරුට උන්වහන්සේ වෛර කළ සේක මක්නිසාද ඔවුන්ගේ ක්‍රියාවන් නිරන්තරයෙන්ම නපුරු වූ බැවින්ය, තවද මෙය ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායේ අයුතුකම නිසාවෙනි. එහෙත් බලව, නීෆායිවරුන්ගේ දේශනා කිරීම් තුළින් ඔවුන් හට ගැලවීම පැමිණ ඇත්තේය; තවද මෙම අභිප්‍රාය නිසා ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ දවස් දීර්ඝ කළ සේක.
5 තවද එනම් ඔවුන්ගෙන් වැඩි කොටසක් ඔවුන්ගේ වගකීමේ මාර්ගයේ සිටින බව, තවද ඔවුන් දෙවියන්වහන්සේ අභියස පරික්ෂාකාරීව ගමන් කරන බවත්, තවද ඔවුන් මෝසෙස්ගේ නීතියට අනුව උන්වහන්සේගේ අණ පනත් සහ උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් සහ උන්වහන්සේගේ විනිශ්චයන් පිළිපැදීමට උත්සහ කරන බව එනම් නුඹලා දකින්නේ නම් මම කැමැත්තෙමි.
6 එසේය, එනම් ඔවුන්ගෙන් වැඩි කොටසක් මෙය කරන බවත්, තවද ඔවුන් ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඉතිරිවූවන් සත්‍යය පිළිබඳ දැනුමට ගෙන එන පිණිස ඔවුන් විඩා නැතිව උද්‍යෝගයෙන් උත්සහ කරන බවත්, මම නුඹලාට කියමි; එසේහෙයින් දිනපතා ඔවුන්ගේ සංඛ්‍යවට එකතු වන්නන් බොහෝ දෙනෙක් වූවෝය.
7 තවද බලව, නුඹලා නුඹලා ගැන ම දන්නහුය, මක්නිසාද නුඹලා එය සාක්ෂි දුටුවෙහුය, එනම් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සත්‍ය පිළිබඳ දැනුමට, තවද ඔවුන්ගේ පියවරුන්ගේ දුෂ්ට සහ පිළිකුල් සහගත සම්ප්‍රදායන් පිළිබඳව දැන ගැනීමට, තවද ශුද්ධ ලියවිලි පිළිගැනීමට මඟ පෙන්වන ලද්දන්, එසේය, ලියන ලද්දා වූ, ශුද්ධ වූ අනාගතවාක්තෘවරුන්ගේ අනාවැකි, ඒවා ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට, තවද පසුතැවිල්ලට, ඔවුන්ව යොමු කරන අතර, එම ඇදහිල්ල සහ පසුතැවිල්ල ඔවුන් වෙත හදවතේ වෙනසක් ගෙන එන්නේය –
8 එසේහෙයින්, මෙය කරා පැමිණෙන එපමණින් ද, නුඹලා නුඹලා ගැනම දන්නා පරිදි ඇදහිල්ල තුළ නිසල සහ ස්ථිර වන්නෙහුය, තවද ඒ දෙය තුළ ඔවුන් නිදහස් කරන ලදි.
9 තවද, ඔවුන් ඔවුන්ගේ යුද්ධායුධ වළලා ඇති බව ද නුඹලා දන්නහුය, තවද කිසිදු ආකාරයකින් ඔවුන් පවක් සිදු කරන ලෙසට ඒවා උඩට ගැනීමට ඔවුහු බිය වුවෝය; එසේය, ඔවුන් පව් කරන්න බිය වන බව නුඹට පෙනෙනු ඇත – මක්නිසාද බලව ඔවුන් ඔවුන්ගේ සතුරන් විසින් පාගා දමා මරා දමන්නට ඉඩ දෙනු ඇත, තවද ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ කඩු ඔසවන්නේ නැත, තවද මෙය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔවුන්ගේ ඇදහිල්ල නිසාවෙනි.
10 තවද දැන්, ඔවුන් විශ්වාස කරන එම දෙය කෙරෙහි විශ්වාස කරන විට ඔවුන්ගේ ස්ථීරභාවය නිසා, මක්නිසාද ඔවුන්ව වරක් අවබෝධ කළ විට ඔවුන්ගේ ස්ථීරභාවය නිසා, බලව, ස්වාමීන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කර තවද ඔවුන්ගේ අයුතුකම නොතකා, ඔවුන්ගේ දවස් දිගු කරන සේක –
11 එසේය, ඔවුන් අවිශ්වාසයෙන් පිරිහී ගියත් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ දවස් දීර්ඝ කරන සේක, අපගේ පියවරුන් විසින්, තවද එසේම අනාගතවක්තෘ සීනොස් විසින්, තවද එසේම බොහෝ අනාගතවක්තෘවරුන් විසින් කතා කරන ලද කාලය පැමිණෙන තෙක්, අපගේ සහෝදරයන්ගේ නැවත පිහිටුවීම ගැන, එනම් ලේමන්වරුන්, නැවතත් සත්‍ය පිළිබඳ දැනුමට පත් කිරීම ගැනය –
12 එසේය, මම නුඹට කියමි, එනම් අවසාන කාලයේ දී ස්වාමීන්වහන්සේගේ පොරොන්දු අපගේ සහෝදරයන් වන, ලේමන්වරුන් හට දිගු කර ඇත්තේය; තවද ඔවුන්ට වන බොහෝ පීඩාවන් කෙසේවුවද, තවද ඔවුන් පොළෝ තලය මත ඔබ මොබ පලවා හරිනු ලැබීම, තවද දඩයම් කරනු ලැබීම, තවද රැකවරණයට ඉඩක් නොමැතිව, තවද බලවත් සේ පීඩිතව තවද විදේශයන්හී විසිරුවා දමනු ලැබීම නොතකා, ස්වාමීන්වහන්සේ ඔවුන් හට දයාවන්ත වන සේක.
13 තවද මෙය අනාවැකියට අනුවය, තවද ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ හා සැබෑ එඬේරාගේ, එනම් ඔවුන්ගේ මිදුම්කරුවාණන්ගේ දැනුම වන, සැබෑ දැනුමට ඔවුන්ව නැවත ගෙන එන අතර, තවද උන්වහන්සේගේ බැටළුවන් අතර ගණනය කරනු ලබන්නේය.
14 එසේහෙයින් මම නුඹලාට කියමි, නුඹලා පසුතැවිලි වනවා මිස නුඹලාට වඩා ඔවුන්ට යහපතක් වන්නේය.
15 මක්නිසාද බලව, නුඹලාට පෙන්වන ලද බලවත් ක්‍රියාවන් ඔවුන්ට පෙන්වූයේ නම්, එසේය, ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් නිසා අවිශ්වාසයෙන් පිරිහී යන අය කරා, ඔවුන් නැවත කිසි දිනක අවිශ්වාසයෙන් පිරිහී නොයන බවට නුඹලාට නුඹලා වෙනුවෙන්ම දැක ගත හැක්කේය.
16 එසේහෙයින්, ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක: මම ඔවුන්ව සම්පූර්ණයෙන් විනාශ නොකරන්නෙමි, එහෙත් එනම් මාගේ ප්‍රඥාවේ දවසේ දී ඔවුන් නැවත මා වෙතට පැමිණෙන්නට මම සලස්වන්නෙමි, ස්වාමීන්වහන්සේ කී සේක.
17 තවද දැන් බලව, නීෆායිවරුන්ගේ ජනතාව සම්බන්ධයෙන්, ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක: ඔවුන් පසුතැවිලි නොවන්නේ නම්, තවද මාගේ කැමැත්ත ඉටු කිරීමට උත්සහ නොකරන්නේ නම්, මම ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නෙමි, ස්වාමීන්වහන්සේ වදාළ සේක, මක්නිසාද මා ඔවුන් අතරේ කළ බොහෝ බලවත් ක්‍රියාවන් නොතකා ඔවුන්ගේ අවිශ්වාසය නිසාවෙන්ය; තවද සැබැවින්ම ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවක් සේම මේ දේවල් ද වනු ඇත, ස්වාමීන්වහන්සේ වදාළ සේක.