ශුද්ධලියවිලි
හීලමන් 13


ලේමන්වර සාමුවෙල්ගේ, නීෆායිවරුන්ට, පැවසූ අනාවැකිය

පරිච්ඡේද 13 සිට 15 දක්වා සමන්විත වේ.

13 වන පරිච්ඡේදය

නීෆායිවරුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන්ගේ විනාශය පිළිබඳ ලේමන්වර සාමුවෙල් අනාවැකි පළ කරයි – ඔවුන් සහ ඔවුන්ගේ ධනය ශාප කරනු ලබයි – ඔවුන් අනාගතවක්තෘවරුන් ප්‍රතික්ෂේප කර ගල් ගසති, යක්ෂයන් විසින් වට කරනු ලැබ, තවද අයුතුකම් කිරීමෙන් සතුට සොයති. ක්‍රි.පූ. 6 පමණ.

1 තවද දැන් එය මෙසේ සිදු විය, අසූ හයවන වසර තුළ, නීෆායිවරුන් තවදුරටත් දුෂ්ටකමේ, එසේය, මහත් දුෂ්ටකමේ රැඳී සිටිය අතර, ඒ අතරතුර මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, ලේමන්වරුන් දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට දැඩි ලෙස වගබලා ගත්තෝය.

2 තවද එය මෙසේ සිදු විය, එනම් මේ වසරේදී ලේමන්වර ජාතිකයෙක් වූ, සාමුවෙල් කෙනෙකු සරහෙම්ලා දේශයට තුළට පැමිණ ජනතාව හට දේශනා කිරීමට පටන් ගත්තේය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු බොහෝ දිනක්, ජනතාවට පසුතැවිලි වීම දේශනා කළ අතර, තවද ඔවුන් ඔහුව නෙරපා හැර දැමුවෝය, තවද ඔහු තම දේශයට ආපසු යාමට සූදානම් විය.

3 එහෙත් බලව, ස්වාමීන්වහන්සේගේ හඬ ඔහු වෙතට පැමිණියේය, එනම් ඔහු නැවත හැරී යා යුතු ලෙසත්, තවද ඔහුගේ හදවත තුළට එන ඕනෑම දෙයක් ජනතාවට අනාවැකි පැවසිය යුතු ලෙසත් කීවේය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුට නගරය තුළට ඇතුළු වීමට ඔවුන් ඉඩ නොදුන්නේය; එසේහෙයින් ඔහු ගොස් එහි තාප්පය මතට නැඟී, ඔහුගේ අත දිගු කර, තවද මහ හඬින් මොරගසා, තවද ස්වාමීන්වහන්සේ ඔහුගේ හදවත තුළට දැමුවාවු කුමක්නමුත් ජනතාවට අනාවැකි කීවේය.

5 තවද ඔහු ඔවුන්ට මෙසේ කීවේය; බලව, ලේමන්වරයෙක් වූ, සැමුවෙල් වන, මා, ස්වාමීන්වහන්සේ උන්වහන්සේ මාගේ හදවත තුළට ඇතුළත් කරන්නා වූ වචන කථා කරන්නේය; තවද බලව, යුක්තියේ කඩුව මේ ජනතාව පිට එල්ලා තිබෙන බව මෙම ජනතාවට පැවසීමට උන්වහන්සේ මාගේ හදවත තුළ තැබුවේය; තවද යුක්තිය නමැති කඩුව මේ ජනතාව පිටට නොවැටී වසර හාරසියයක් ගත නොවන්නේය.

6 එසේය, දරුණු විනාශයක් මේ ජනතාව බලා සිටින්නේය, තවද එය නිසැකවම මේ ජනතාවට පැමිණෙනු ඇත්තේය, තවද එය නිසැකවම ලෝකයට පැමිණෙන්නා වූ ද, තවද බොහෝ දේ දුක් විඳ තමන්වහන්සේගේ ජනතාව වෙනුවෙන් මරා දමනු ලබන ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පසුතැවීම සහ ඇදහිල්ල හැර, අන් කිසිවකට මෙම ජනතාව ගලවා ගත නොහැක්කේය.

7 තවද බලව, ස්වාමීන්වහන්සේගේ දේවදූතයෙක් මා හට එය ප්‍රකාශ කළේය, තවද ඔහු මාගේ ප්‍රාණයට ශුභාරංචිය ගෙන ආවේය. තවද බලව, නුඹලාට ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිසත්, එය එසේම නුඹලාට ප්‍රකාශ කරන පිණිසත් මා නුඹලා වෙත එවන ලද්දේය; එහෙත් බලව, නුඹලා මා පිළි නොගන්නේය.

8 එසේහෙයින්, ස්වාමීන්වහන්සේ මෙසේ වදාරන සේක: නීෆායිවරුන්ගේ ජනතාවගේ සිත්වල දැඩිකම නිසාවෙන්, ඔවුන් පසුතැවිලි නොවන්නේ නම්, මා ඔවුන්ගෙන් මාගේ වචනය ඉවත් කරගන්නෙමි, තවද මම ඔවුන්ගෙන් මාගේ ආත්මය ඉවත් කරගන්නෙමි, තවද මම ඔවුන්ව තවදුරටත් ඉවසන්නේ නොමැත, තවද මම ඔවුන්ගේ සහෝදරයන්ගේ හදවත් ඔවුන්ට විරුද්ධව හරවන්නෙමි.

9 තවද එනම් මා ඔවුන්ට පහර දීමට ඉඩ සැලසීමට පෙර වසර හාරසියයක් ගෙවී නොයන සේක; එසේය, මා කඩුවෙන් ද සාගතයෙන් ද තවද වසංගතයෙන් ද ඔවුන්ව බැහැ දකින්නෙමි.

10 එසේය, මා මාගේ දරුණු කෝපයෙන් ඔවුන්ව බැහැ දකින්නෙමි, තවද නුඹලාගේ සම්පූර්ණ විනාශය දැකීමට, නුඹලාගේ සතුරන්ගෙන් හතරවන පරම්පරාවේ අය ජීවත් වනු ඇත්තේය; තවද නුඹලා පසුතැවිලි නොවන්නේ නම්, මෙය නියත වශයෙන්ම පැමිණෙන්නේය, ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක; තවද හතරවන පරම්පරාවේ අය නුඹලාගේ විනාශය බැහැ දකින්නෝය.

11 එහෙත්, නුඹලා පසුතැවිලි වී නුඹලාගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී සිටින්නේනම්, මා මාගේ උදහස පහ කරන්නෙමි යයි, ස්වාමීන්වහන්සේ පවසන සේක; එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ වදාරන සේක, පසුතැවිලි වී මා වෙතට හැරෙන්නා වූ අය ආශීර්වාද ලද්දෝය, එහෙත් එනම් පසුතැවිලි නොවන්නාට දුක් වේ.

12 එසේය, මේ මහා නගරය වන සරහෙම්ලා වෙත දුක් වේ; මක්නිසාද බලව, එය ගැළවෙන්නේ ධර්මිෂ්ඨයන් වන්නා වූ අයවලුන් නිසාය; එසේය, මේ මහා නගරයට දුක් වේ, මක්නිසාද මට විරුද්ධව ඔවුන්ගේ සිත් දැඩි කරගන්නා බොහෝ දෙනෙකු සිටින බව ද, එසේය, මේ මහා නගරයේ වැඩි කොටසක් පවා ද සිටින බව ද ස්වාමීන්වහන්සේ වදාරන සේක.

13 එහෙත් පසුතැවිලි වන්නා වූ අය ආශීර්වාද ලද්දෝය, මක්නිසාද මා ඔවුන්ව ඉතිරි කරන්නෙමි. එහෙත් බලව, මේ මහා නගරයේ සිටින ධර්මිෂ්ඨයන් සඳහා නොවන්නට නම්, බලව, එනම් මා ස්වර්ගයෙන් පිටතට ගින්නක් බැස එය විනාශ වන ලෙසට ඉඩ සලසන්නෙමි.

14 එහෙත් බලව, එනම් එය ඉතිරි වන්නේ ධර්මිෂ්ඨයන් උදෙසාය. එහෙත් බලව, එනම් නුඹලා ධර්මිෂ්ඨයන් නුඹලා අතරෙන් නෙරපා හරින කල, නුඹලා විනාශයට සුදුසු කාලය පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක; එසේය, මක්නිසාද ඇය තුළ තිබෙන්නා වූ දුෂ්ඨකම් සහ පිළිකුල්කම් නිසාවේන්, මේ මහත් නගරයට දුක් වේ.

15 එසේය, තවද ඇය තුළ ඇති දුෂ්ටකම සහ පිළිකුල්කම් නිසා, ගිඩියොන්ගේ නුවරට දුක් වේ!

16 එසේය, මක්නිසාද ඒවායේ තිබෙන්නා වූ දුෂ්ටකම් සහ පිළිකුල්කම් නිසා, දේශයේ අවට තිබෙන්නාවු, තවද නීෆායිවරුන්ට අයත් වූ, සියලු නගරවලට දුක් වේ.

17 තවද බලව, මක්නිසාද දේශයේ සිටින ජනතාව උදෙසා, එසේය, මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම් සහ පිළිකුල්කම් නිසාවෙන් දේශයට ශාපයක් පැමිණෙනු ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ වදාරන සේක.

18 තවද එය මෙසේ සිදු වන්නේය, අපගේ ශ්‍රේෂ්ඨ සහ සැබෑ දෙවියන්වහන්සේ වූ, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ වදාරන සේක, එසේය, ඔහු ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු වී එය ස්වාමීන්වහන්සේට සඟවන්නේ නම් මිස, එනම් පොළොවේ වස්තු සඟවන්නාට, දේශයේ මහත් ශාපය නිසා, නැවත ඒවා හමු නොවන්නේය.

19 මක්නිසාද, ඔවුහු ඔවුන්ගේ වස්තු මා වෙත සඟවාගන්නවාට, මම කැමැත්තෙමියි, ස්වාමීන්වහන්සේ පවසන සේක; තවද ඔවුන්ගේ වස්තු මා වෙත සඟවා නොගන්නා අයට ශාප වේවා; මක්නිසාද ධර්මිෂ්ඨයා මිස කිසිවෙකු ඔවුන්ගේ වස්තු මා වෙත සඟවන්නේ නැත; තවද ඔහුගේ වස්තු මා වෙත සඟවා නොගන්නා ඔහුටත්, තවද එසේම වස්තුවටත්, ශාප වන්නේය, තවද දේශයේ ශාපය නිසා කිසිවෙක් එය මුදවා නොගන්නේය.

20 තවද ඔවුන් ඔවුන්ගේ හදවත් ධනය කෙරෙහි තබා ඇති හෙයින්, එනම් ඔවුන් ඔවුන්ගේ වස්තු සඟවන දවස පැමිණෙන්නේය; තවද ඔවුන් ඔවුන්ගේ හදවත් ධනය කෙරෙහි තබා ඇති නිසා, තවද ඔවුන් ඔවුන්ගේ සතුරන් ඉදිරියෙන් පලා යන විට ඔවුන්ගේ වස්තු සඟවනු ඇත්තේය; මක්නිසාද ඔවුන් ඒවා මා වෙත සඟවා නොගන්නා බැවින්, ඔවුන්ටත් එසේම ඔවුන්ගේ වස්තුවටත් ශාප වේවා; තවද එම දවසේදී ඔවුන් පහර ලබනු ඇතැයි ස්වාමීන්වහන්සේ, පවසන සේක.

21 නුඹලා බලව, මෙම බලවත් නගරයේ ජනතාවනි, තවද මාගේ වචනවලට ඇහුම්කම් දෙන්න; එසේය, ස්වාමීන්වහන්සේ පවසන වචනවලට ඇහුම්කම් දෙන්න; මක්නිසාද බලව, එනම් නුඹලා නුඹලාගේ ධනය නිසා ශාප ලත් බවත්, තවද එසේම නුඹලා නුඹලාගේ හදවත් ඒවා කෙරෙහි යොමු කර, තවද ඒවා නුඹලා හට ලබා දුන්නාවු තැනැත්තාගේ වචනවලට සවන් නොදුන් නිසා, නුඹලාගේ ධනය ද ශාප ලත් බව උන්වහන්සේ පවසන සේක.

22 නුඹලාගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ නුඹලාට ආශීර්වාද කළ දේවල් වලදී නුඹලා උන්වහන්සේව සිහි නොකරන්නේය, එහෙත් නුඹලා සැමවිටම නුඹලාගේ ධනය සිහි කරන්නේ, ඒවා සඳහා නුඹලාගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේ හට ස්තූති කිරීමට නොවන්නේය; එසේය, නුඹලාගේ හදවත් ස්වාමීන්වහන්සේ වෙතට ලංව නොමැත්තේය, එහෙත් ඒවා මහත් ආඩම්බරයෙන්, පුරසාරම් දෙඩීමට වන්නේය, තවද මහත්සේ පිම්ඹෙන්නේය, ඊර්ෂ්‍යාවන්ට, ආරවුල්වලට, ද්වේෂයන්ට, හිංසාව සහ මිනීමැරුම්වලට සහ සියලු ආකාරයේ අයුතුකම් වලින් පිරී යන්නේය.

23 මෙම කාරණය නිසාවෙන්, දෙවියන් වූ ස්වාමීන්වහන්සේ එනම් දේශය කෙරෙහිත්, තවද එසේම නුඹලාගේ ධනය කෙරෙහිත් ශාපයක් පැමිණීමට සැලැස්වූ සේක, තවද මෙය නුඹලාගේ අයුතුකම් නිසාවෙන්ය.

24 එසේය, මෙම ජනතාව හට දුක් වේ, මක්නිසාද පැමිණියා වූ මෙම කාලය නිසාවෙන්ය, එනම් නුඹලා අනාගතවක්තෘවරුන් පලවා හැර, තවද ඔවුන්ට සමච්චල් කර, තවද ඔවුන් වෙතට ගල් ගසා, පුරාණ කාලයේ ඔවුන් කළාක් මෙන්, තවද ඔවුන් මරා දමා, තවද ඔවුන් හට සියලු ආකාරයේ අයුතුකම් කරන්නේය.

25 තවද දැන් නුඹලා කථා කරන්නාවු විට; අපගේ දවස් පුරාණයේ අපගේ පියවරුන්ගේ දවස් වුයේ නම්, අප අනාගතවක්තෘවරුන්ව මරණයට පත් නොකරන්නේය; අප ඔවුන්ට ගල් ගසා, තවද ඔවුන්ව පලවා හරිනු නොලබන්නෝය කියා නුඹලා කියන්නෙහුය.

26 බලව නුඹලා ඔවුන්ට වඩා නරකය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජීවත්වන්නාක් සේම, අනාගතවක්තෘවරයෙක් නුඹලා අතරට පැමිණ තවද නුඹලාගේ පාප සහ අයුතුකම් පිළිබඳ සාක්ෂි දරන්නාවු, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹලා හට ප්‍රකාශ කළහොත්, නුඹලා ඔහු සමඟ කෝප වී, තවද ඔහුව පලවා හැර, තවද ඔහුව විනාශ කිරීමට සියලු ආකාරයේ ක්‍රම සොයන්නේය; එසේය, තවද එනම් ඔහු පව්කාරයෙක් බවත්, තවද යක්ෂයාගෙන් බවත්, ඔහු එනම් නුඹලාගේ ක්‍රියාවන් නපුරු යැයි සාක්ෂි දුන් නිසා, නුඹලා ඔහු බොරු අනාගතවක්තෘවරයෙක් යැයි පවසනු ඇත්තේය.

27 එහෙත් බලව, මනුෂ්‍යයෙකු නුඹලා අතරට පැමිණ තවද මෙසේ කියන්නේ නම්: මෙය කරන්න, තවද එහි කිසිදු අයුතුකමක් නැත්තේය; එය කරන්න, තවද නුඹලා විඳවනු නොලබන්නේය; එසේය, ඔහු මෙසේ කියනු ඇත්තේය: නුඹලාගේම හදවත්වල උඩඟුකම අනුව ගමන් කරන්න; එසේය, නුඹලාගේ ඇස්වල උඩඟුකම අනුව ගමන් කරන්න, තවද නුඹලාගේ හදවත ආශා කරන්නාවු කවරාකර දෙයක් කරන්න – තවද මනුෂ්‍යයෙක් නුඹලා අතරට පැමිණ මෙය කියන්නේ නම්, නුඹලා ඔහුව පිළිගෙන, තවද එනම් ඔහු අනාගතවක්තෘවරයෙකු යැයි කියන්නෙහුය.

28 එසේය, නුඹලා ඔහුව උසස් කරන්නෙහිය, තවද නුඹලාගේ වස්තුව ඔහු හට ලබාදෙන්නේය; නුඹලාගේ රත්රන් ද, තවද නුඹලාගේ රිදීද ඔහු හට ලබාදෙන්නේය, තවද නුඹලා ඔහුව අනර්ඝ ඇඳුමින් සරසවන්නේය; තවද ඔහු නුඹලා හට චාටු බස්, තවද එනම් ඔහු සියල්ල යහපත් යැයි පැවසු නිසා, එවිට නුඹලා ඔහු සම්බන්ධයෙන් වැරදි නොසොයන්නෙහුය.

29 අහෝ නුඹලා දුෂ්ඨ සහ හිතුවක්කාර පරම්පරාව නුඹලා; නුඹලා දැඩිවූ සහ නුඹලා මුරණ්ඩු මනුෂ්‍යයෙනි, එනම් ස්වාමීන්වහන්සේ කොපමණ කාලයක් නුඹලා කෙරෙහි ඉවසන්නේදැයි නුඹලා සිතන්නේද? එසේය, නුඹලා කොපමණ කාලයක් අනුවන සහ අන්ධ මඟ පෙන්වන්නන් විසින් නුඹලාට මඟ පෙන්වනු ලබන්නහුද? එසේය, නුඹලා කොපමණ කාලයක් ආලෝකය වෙනුවට අන්ධකාරය තෝරාගන්නහුද?

30 එසේය, බලව, ස්වාමීන්වහන්සේගේ කෝපය නුඹලාට විරුද්ධව දැනටමත් ඇවිළී ඇත්තේය; බලව, උන්වහන්සේ නුඹලාගේ අයුතුකම් නිසා දේශයට ශාප කර ඇත්තේය.

31 තවද බලව, එනම් උන්වහන්සේ නුඹලාගේ ධනයට ශාප කරන්නාවු කාලය පැමිණෙන්නේය, එනම් ඒවා ගිලිහියාමට පැමිණෙන අතර, එනම් නුඹලාට ඒවා අල්ලා ගත නොහැකි වන්නේය; තවද නුඹගේ දිළිඳුකමේ දවස්වලදී නුඹලාට ඒවා තබා ගැනීමට නොහැකි වන්නේය.

32 තවද නුඹලාගේ දිළිඳුකමේ දවස්වලදී නුඹලා ස්වාමීන්වහන්සේ හට මොරගසන්නේය; තවද නුඹලා නිෂ්ඵල ලෙස මොරගසන්නේය, මක්නිසාද නුඹලාගේ වියෝගය දැනටමත් නුඹලා මතට පැමිණ තිබෙන්නේය, තවද නුඹලාගේ විනාශය ස්ථිරව ඇත්තේය; තවද එවිට එම දවසේදී නුඹලා හඬා වැලපෙන්නේයැයි සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක. තවද එවිට නුඹලා විලාප දෙමින්, තවද මෙසේ කියන්නේය:

33 අහෝ එනම් මම පසුතැවිලි වී, තවද අනාගතවක්තෘවරුන් මරා දමා, තවද ඔවුන්ට ගල් ගසා, තවද ඔවුන්ව පලවා නොදැමුවා නම්. එසේය, එම දවසේදී නුඹලා මෙසේ කියනු ඇත්තේය: අහෝ එනම් උන්වහන්සේ අපගේ ධනය අපට දුන් දවසේදී එනම් අපගේ දෙවියන් වූ ස්වාමීන්වහන්සේව සිහි කළෙමු නම්, තවද එවිට ඒවා අපට අහිමි වන ලෙස ගිලිහී නොයනු ඇත්තේය; මක්නිසාද බලව, අපගේ ධනය අපගෙන් පහව ගොස් ඇත්තේය.

34 බලව, අප මෙහි ආයුධයක් තබන්නෙමු තවද පසුදා එය නැති වී යන්නේය; තවද බලව, අප සටන සඳහා අපගේ කඩු සොයන දවසේදී ඒවා අපගෙන් රැගෙන ඇත්තේය.

35 එසේය, අප අපගේ වස්තුන් සඟවා තැබුවෙමු, තවද ඒවා දේශයේ ශාපය නිසා අප කෙරෙන් ගිලිහී ගොස් ඇත්තේය.

36 අහෝ එනම් ස්වාමීන්වහන්සේගේ වචනය අප වෙත පැමිණියාවු දවසේදී අප පසුතැවිලි වූවා නම්; මක්නිසාද බලව දේශය ශාප කර ඇත්තේය, තවද සියලු දේවල් ගිලිගි යනු ඇත්තේය, තවද අපට ඒවා අල්ලා ගත නොහැකි වන්නේය.

37 බලව, අපව යක්ෂයන්ගෙන් වට වී ඇත්තේය, එසේය, අපගේ ප්‍රාණයන් විනාශ කිරීමට උත්සාහ කරන්නාවු තැනැත්තාගේ දූතයන් විසින් අපව වට කර ඇත්තෙමු. බලව, අපගේ අයුතුකම් මහත්ය. අහෝ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේගේ කෝපය අප කෙරෙන් ඉවතට හරවා ගැනීමට නොහැකි වන්නෙහුද? තවද එම දවස්වලදී මෙය නුඹලාගේ භාෂාව වනු ඇත්තේය.

38 එහෙත් බලව, නුඹලාගේ පරිවාසයේ දවස් පසුවි ඇත්තේය; නුඹලාගේ ගැලවීමේ දවස සදාකාලිකවම ප්‍රමාද වන තුරු නුඹලා කල් දමා ඇති අතර, තවද නුඹලාගේ විනාශය සහතික කොට ඇත්තේය; එසේය, මක්නිසාද එනම් නුඹලාට ලබා ගැනීමට නොහැකි දේ නුඹලා, නුඹලාගේ ජීවිතයේ සියලු දවස්වලදීම සෙව්වෝය; තවද නුඹලා අයුතුකම් කරමින් සතුට සෙව්වෝය, එය අපගේ ශ්‍රේෂ්ඨ සහ සදාකාලික ත්‍රීත්වයේ ඇති එම ධර්මිෂ්ඨකමේ ස්වභාවයට පටහැනි දෙයක් වන්නේය.

39 අහෝ දේශයේ ජනතාව වූ නුඹලා, එනම් නුඹලා මාගේ වචන ඇහුම්කම් දෙන්න! තවද එනම් ස්වාමීන්වහන්සේගේ කෝපය නුඹලා කෙරෙන් ඉවතට හැරී, තවද නුඹලා එනම් පසුතැවිලි වී ගැලවෙනු ඇතැයි මම යාච්ඤා කරන්නෙමි.