ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ හදවතේ ගැඹුරේ
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ හදවතේ ගැඹුරේ

ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරින් ලබාගැනීමට ස්වාමින්වහන්සේ අපට—අප සියලුදෙනාටම—උපකාර කිරීමට උත්සාහ කරන අයුරු අපි දකිනවා.

සහෝදර සහෝදරියනි, අප ජීවත්වන්නේ මොනතරම් තේජාන්විත දවසකද. නැවත පිහිටුවීමේ ආරම්භය අප සමරන විට, අප අත්විඳින අඛණ්ඩ නැවත පිහිටුවීම සැමරීමද සුදුසුයි. මේ දවසේ ජීවත්වීමට ලැබීම ගැන මම ඔබ සමග සතුටු වෙනවා.1 ස්වාමින්වහන්සේ උන්වහන්සේව පිළිගැනීමට සූදානම් වීමට අපට උපකාර කිරීම සඳහා අවශ්‍ය සියල්ල දිගටම ක්‍රියාත්මක කරනවා.2

නව ළමා හා යෞවන මුලපිරීම, අවශ්‍ය වන ඒ දේවල් වලින් එකක්. අරමුණු තැබීම, අයත් නව ලාංඡන ලබාගැනීම, සහ යෞවනයන් සඳහා ශක්තිය සම්මන්ත්‍රණ, මෙම වැඩසටහනේ අවධාරණය කිරීම් බව ඔබ බොහෝදෙනෙක් දන්නවා ඇති. අපගේ දරුවන්ගේ හා තරුණයින්ගේ හදවත් තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැඹුරින් ලබාගැනීමට උපකාර කිරීම යන, මෙම වැඩසටහන ගොඩනගා ඇති මූලධර්ම සහ ඒවායේ අරමුණ පිළිබඳව අපගේ දෘෂ්ටිය වලාකුළු වලට වැසී යාමට ඉඩනොදිය යුතුයි.3

අපි මෙම මූලධර්ම තේරුම්ගන්නා විට, මෙය වයස අවුරුදු 8 සිට 18 දක්වා වූ සාමාජිකයින් සඳහා වූ වැඩසටහනකට වඩා වැඩි යමක් ලෙස අපි දකිනු ඇති බව මම විශ්වාස කරනවා. ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරින් ලබාගැනීමට ස්වාමින්වහන්සේ අපට—අප සියලුදෙනාටම—උපකාර කිරීමට උත්සාහ කරන අයුරු අපි දකිනවා. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට එකට එක්ව ඉගෙනගැනීමට උපකාර කරනු ඇතැයි මම යාච්ඤා කරනවා.

සබඳතා—“ඔවුන් සමග සිටින්න”4

සබඳතා යනු පළමු මූලධර්මයයි. මන්ද ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ස්වාභාවික කොටසක්, අපගේ අඛණ්ඩ හැරීම තුළ සබඳතා වල ඇති වැදගත්කම සමහර වෙලාවට අපට අමතක වෙලා යනවා. ගිවිසුම් මාර්ගය තනිවම සොයාගැනීමට හෝ ගමන්කිරීමට අපෙන් බලාපොරොත්තු වන්නේ නෑ. දෙමව්පියන්, අනෙකුත් පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ නායකයින්ගෙන් අපට ආදරය හා සහයෝගය අවශ්‍ය වෙනවා.

මේ ආකාරයේ සබඳතා සඳහා කාලය ගතවෙනවා. එකට ඉන්නා කාලය. එකට සිනහවීමට, සෙල්ලම් කිරීමට, ඉගෙනගැනීමට හා සේවය කිරීමට ගතවන කාලය. එකිනෙකාගේ අභිලාෂයන් සහ අභියෝග අගය කිරීමට ගතවන කාලය. අපි එකට එක්ව වඩා හොඳ වීමට උත්සාහ කරන විට එකිනෙකා සමග විවෘතව හා අවංකව කටයුතු කිරීමට කාලය. මෙම සබඳතා පවුල්, ගණපූර්ණය, පන්ති සහ සභා ලෙස එක්රැස් කිරීමේ මූලික අරමුණු වලින් එකකි. ඵලදායී දේවසේවයේ පදනම ඒවායි.5

වැඩිහිටි ඩාලේ ජී. රෙන්ලන්ඩ් මෙම සබඳතා වර්ධනය කරගැනීම සඳහා අපට යතුරක් ලබාදෙමින් මෙසේ කිව්වා: “සභාවේදී, අන් අයට ඵලදායී ලෙස සේවය කිරීම සඳහා අප ස්වර්ගික පියාණන්ගේ … දෑස් තුලින් ඔවුන්ව දැකගත යුතුය. ආත්මයක සැබෑ වටිනාකම වටහාගැනීමට අපට පටන්ගත හැක්කේ එවිට පමණි. ස්වර්ගික පියාණන්වහන්සේ සිය සියලු දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමය අපට දැනෙන්නේ එවිට පමණි.”6

දෙවියන්වහන්සේ දකිනවා මෙන් අන් අයව දැකීම තෑග්ගක්. මෙම තෑග්ග ලබාගැනීමට සෙවීමට මම සියලුදෙනාටම ආරාධනා කරනවා. අපගේ ඇස් දැකීමට විවෘතව ඇති හෙයින්,7 දෙවියන්වහන්සේ මෙන් තමන්ව දැකීමට අන් අයට උපකාර කිරීමටද අපට හැකිවෙනනවා.8 සභාපති හෙන්‍රි බී. අයිරින් මෙසේ කිව්වා: “වඩාත්ම වැදගත් දෙය නම් [යෞවනයන්] ඔවුන් සැබවින්ම කවුරුන්ද යන්න සහ ඔවුන්ට විය හැක්කේ කවුරුන්ද යන්න පිළිබඳව [ඔබෙන්] ඉගෙනගන්නා දෙයයි. මගේ අනුමානය නම් ඔවුන් දේශන වලින් එතරම් ඉගෙන නොගන්නා බවයි. ඔබ කවුරුන්ද, ඔවුන් කවුරුන්දැයි ඔබ සිතන ආකාරය, සහ ඔවුන්ට කවුරුන් වියහැකි යැයි ඔබ සිතනවාද යන හැඟීම් වලින්, ඔවුන් එය ලබාගන්නවා.”9 ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය සහ අරමුණ තේරුම්ගැනීමට අන් අයට උපකාර කිරීම අපට දිය හැකි උතුම්ම ත්‍යාගයක්.10 දෙවියන්වහන්සේ මෙන්ම අන් අයව හා අපව දැකීමෙන්, අපගේ හදවත් “එකමුතුකමින් හා ප්‍රේමයෙන්” බැඳී තිබෙයි.11

දිනෙන් දින වර්ධනය වන ලෞකික බලවේග අප වෙත ඇදී එත්ම, ප්‍රේමණීය සබඳතා වලින් ලැබෙන ශක්තිය අපට අවශ්‍ය වෙනවා. එබැවින් අපි ක්‍රියාකාරකම්, රැස්වීම් සහ වෙනත් එකතුවීම සැලසුම් කරන විට, මෙම රැස්වීම් වල ප්‍රධාන අරමුණ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ හදවත් තුල ගැඹුරින් ලබාගැනීමට උපකාර කිරීමට, ශක්තිමත් කිරීමට, එක්සත් වීමට, ආදරණීය සබඳතා ගොඩනගාගැනීමයි.12

එළිදරව්, තෝරාගැනීමේ නිදහස සහ පසුතැවීම—“ඔවුන්ව ස්වර්ගය හා සම්බන්ධ කරනවා”13

ඇත්තවශයෙන්ම, එකට බැඳී සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. විවිධ හේතූන් වටා සමගිය ඇති කරන බොහෝ කණ්ඩායම් සහ සංවිධාන තිබෙනවා. නමුත් අප සොයන එකමුතුකම නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්කෙනෙකු වීමට, උන්වහන්සේ සමග අපව සම්බන්ධ කිරීමයි.14 අපගේ හදවත් ස්වර්ගය හා සම්බන්ධ කිරීම සඳහා, අපට වැඩිහිටි ඇන්ඩර්සන් ඉතා පැහැදිලිව කථා කළ පරිදි, අපට තනි අධ්‍යාත්මික අත්දැකීම් අවශ්‍ය වෙනවා.15 ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචනය හා ප්‍රේමය අපගේ මනසට හා හදවතට ගෙනයන විට එම අත්දැකීම් පැමිණෙනවා.16

මෙම එළිදරව් ශුද්ධලියවිලි තුලින්, විශේෂයෙන් මොර්මොන්ගේ පොත තුලින්, ජීවමාන අනාගතවක්තෘවරුන්ගෙන් සහ වෙනත් විශ්වාසවන්ත ගෝලයන්ගෙන් ලැබෙන ආනුභාව ලත් වචන වලින් සහ නිහඬ සිහින් කටහඬ තුළින් අපට පැමිණෙනවා.17 මෙම වචන පිටුවක තීන්ත, අපේ කන්වල ශබ්ද තරංග, අපගේ මනසෙහි සහ හදවත් තුල ඇති සිතුවිලි හෝ, අපගේ හදවත් වල හැඟීම් වලට වඩා වැඩි දෙයක්. දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යාත්මික බලයයි.18 එය සත්‍යය හා ආලෝකයයි.19 ඒ අපිට උන්වහන්සේව ඇසෙන ආකාරයයි! එය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ආරම්භ කරන සහ වැඩි කරන අතර ගැලවුම්කරුවාණන් හා සමාන වීමට ඇති ආශාව අප තුල ඇති කරයි, එනම් පසුතැවිලි වී ගිවිසුම් මාවතේ ගමන් කිරීමයි.20

මෙම එළිදරව්මය ගමනේ පසුතැවිල්ලේ ප්‍රධාන කාර්යභාරය තේරුම්ගැනීමට සභාපති රසල් එම්. නෙල්සන් පසුගිය අප්‍රියෙල් මාසයේදී අපට උදව් කළා.21 ඔහු මෙසේ කිව්වා: “පසුතැවීමට අපි තෝරාගන්නා විට, වෙනස්වීමට අපි තෝරාගන්නවා! අපගේ හොඳම පිටපත වීමට අපව වෙනස් කරන්නට අපි ගැලවුම්කරුවාණන්ට ඉඩදෙනවා. … අපි වඩ වඩාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ වෙන්න තීරණය කරනවා!”22 දෙවියන්වහන්සේගේ වචන වලින් අනුබල දෙන, මෙම වෙනස් කිරීමේ ක්‍රියාවලිය අප ස්වර්ගය හා සම්බන්ධ වන ආකාරයයි.

පසුතැවිලි වීමට වූ සභාපති නෙල්සන්ගේ ආරාධනය තෝරාගැනීමේ නිදහසේ මූලධර්මයයි. අපි අප විසින්ම පසුතැවිල්ල තෝරාගත යුතුයි. ශුභාරංචිය අපගේ හදවතට බල කළ නොහැකියි. වැඩිහිටි රෙන්ලන්ඩ් මෙසේ කිව්වා, “අපගේ ස්වර්ගික පියාණන්ගේ දෙමව්පිය පරමාර්ථය නම්, උන්වහන්සේගේ දරුවන්ට හරි දේ කරවීම නොවේ; උන්වහන්සේගේ දරුවන් හරි දේ කිරීමට තෝරාගැනීමට සැලැස්වීමයි.”23

ළමා හා යෞවන වැඩසටහන මගින් ප්‍රතිස්ථාපනය කරන ලද වැඩසටහන් වලදී, විවිධ පිළිගැනීම් ලබාගැනීම සඳහා විවිධ අවශ්‍යතා 500 කට වඩා සම්පූර්ණ කරන්නට තිබෙනවා.24 අද, අත්‍යවශ්‍යයෙන්ම තිබෙන්නේ එකයි. එය ගැළවුම්කරුවාණන් මෙන් වීමට තෝරාගැනීමට ආරාධනයක්. අප මෙය කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වචනය ලැබීමෙන් හා අපව අපගේ හොඳම අනුවාදය බවට වෙනස් කිරීමට ක්‍රිස්තුස්වහන්සේට ඉඩදීමෙන්.

මෙය ඉලක්ක තැබීමේ හෝ ස්වයං-වැඩිදියුණු කිරීමේ ව්‍යායාමයකට වඩා වැඩි දෙයකි. එනම් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරින් පිළිගනිමින්—එළිදරව්, තෝරාගැනීමේ නිදහස සහ පසුතැවීම තුළින් ස්වර්ගය සමග සම්බන්ධ වීමට මෙය අවස්ථාවකි.

නියැලීම හා පරිත්‍යාග කිරීම—“ඔවුන්ට නායකත්වය ගැනීමට ඉඩදෙන්න”25

අවසාන වශයෙන්, එනම් අපගේ කාලය හා දක්ෂතා ඒ සඳහා ලබාදීමෙන්, ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන්—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ හදවත් තුල ගැඹුරින් ලබාගැනීම සඳහා අප එහි නිරත විය යුතුයි.26 අප සැමටම අර්ථවත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය වන අතර මෙය විශේෂයෙන් නැගී එන පරම්පරාව සම්බන්ධයෙන් සත්‍යයක්. ඔවුන් හේතුවක් සොයනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ලෝකයේ ශ්‍රේෂ්ඨතම හේතුවයි. සභාපති එස්‍රා ටෆ්ට් බෙන්සන් මෙසේ කිව්වා: “මෙම ශුභාරංචිය ලොවට ගෙන යන ලෙස දෙවියන්වහන්සේ අපට අණකර ඇත. අද අපව එක්සත් කළයුතු හේතුව එයයි. ලෝකය තමන්ගේම විනාශයේ විපත්තියෙන් ගලවාගන්නේ ශුභාරංචිය පමණි. සියලු වර්ගයන්ට හා ජාතීන්ට අයත් පිරිමින් සහ ස්ත්‍රීන් සාමයෙන් එක්සත් කරන්නේ ශුභාරංචිය පමණි. මිනිස් පවුලට ප්‍රීතිය, සතුට හා ගැලවීම ගෙන එන්නේ ශුභාරංචිය පමණි.”27

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ පොරොන්දු වුණා, “අපි තරුණයින්ට ආරාධනා කිරීමෙන් හා ක්‍රියා කිරීමට ඉඩදීමෙන් ඔවුන්ව සවිබල ගන්වන විට සභාව ආශ්චර්යමත් ආකාරයෙන් ඉදිරියට යනු ඇත.”28 ක්‍රිස්තුස්වහන්සේගේ මේ උතුම් අරමුණ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට අපි බොහෝවිට තරුණයන්ට ආරාධනා කර හෝ ඉඩදී නැත. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ නිරීක්ෂණය කළා, “[අපගේ] යෞවනයන් [දෙවියන්වහන්සේගේ කාර්යයන්ගෙන්] යටපත් වී ඇත්නම්, ඔවුන් ලෝකය නිසා යටපත් වීමට වැඩි ඉඩක් ඇත.”29

නව වැඩසටහන තරුණ තරුණියන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමුකරනවා. ඔවුන් තමන්ගේම ඉලක්ක තෝරාගන්නවා. ගණපූර්ණය සහ පන්ති සභාපතිත්වයන් ඔවුන්ගේ නිසි කාර්යභාරය තුළ තබා තිබෙනවා. කොට්ටාශ යෞවන මන්ත්‍රණ සභාව, කොට්ටාශයේ මන්ත්‍රණ සභාව මෙන්ම ගැලවීම හා උසස් කිරීමේ කටයුතු කෙරෙහි අවධානය යොමුකරනවා.30 ගණපූර්ණයන් සහ පන්ති ඔවුන්ගේ රැස්වීම් ආරම්භ කරන්නේ දෙවියන්වහන්සේ ඔවුන්ට දී ඇති කාර්යය කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදේශනයත් සමගයි.31

සභාපති නෙල්සන් සභාවේ යෞවනයන්ට මෙසේ කිව්වා: “ඔබ තෝරාගන්නේ නම්, ඔබට අවශ්‍ය නම්… ඔබට විශාල දෙයක, ශ්‍රේෂ්ඨ දෙයක, මහිමාන්විත දෙයක විශාල කොටසක් විය හැකිය! … ස්වාමින්වහන්සේ සදහටම මෙලොවට එවා ඇති හොඳම අය අතර ඔබත් සිටිනවා. වඩා බුද්ධිමත් හා ඥානවන්ත වීමට සහ පෙර කිසිඳු පරම්පරාවකට වඩා ලෝකයට වැඩි බලපෑමක් ඇති කරන්නට ඔබට හැකියාව තිබෙනවා!”32 තවත් අවස්ථාවක සභාපති නෙල්සන් යෞවනයින්ට මෙසේ පැවසුවා: “මට ඔබ ගැන පූර්ණ විශ්වාසයක් තිබෙනවා. මම ඔබට ආදරෙයි, එමෙන්ම ස්වාමින්වහන්සේත් එසේමයි. උන්වහන්සේගේ ශුද්ධවූ කාර්යයේ නියැලී සිටින අපි උන්වහන්සේගේ සෙනගයි.”33 යෞවනයෙනි, සභාපති නෙල්සන් ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය සහ මෙම කාර්යයට ඔබ කෙතරම් වැදගත්ද කියා ඔබට දැනෙනවාද?

දෙමාපියන් සහ වැඩිහිටි නායකයිනි, සභාපති නෙල්සන් මෙන් යෞවනයින් දැකීමට මම ඔබට ආරාධනා කරනවා. යෞවනයන්ට ඔබේ ආදරය හා විශ්වාසය දැනෙන විට, ඔබ ඔවුන්ට නායකත්වය ගන්නට දිරිමත් කර උගන්වන—පසුව ඔවුන්ගේ මාර්ගයෙන් ඉවත්වූ විට—ඔවුන්ගේ තීක්ෂ්ණ බුද්ධිය, හැකියාවන් සහ ශුභාරංචිය කෙරෙහි ඇති කැපවීම ගැන ඔවුන් ඔබව මවිතයට පත්කරයි.34 මෙම ශ්‍රේෂ්ඨ අරමුණ වෙනුවෙන් කැපවී පරිත්‍යාග කිරීමට තෝරාගැනීමෙන් ලැබෙන ප්‍රීතිය ඔවුන්ට දැනෙයි. ශුභාරංචිය ඔවුන්ගේ හදවත් වල ගැඹුරටම යන අතර, එම කාර්යය ආශ්චර්යමත් ආකාරයෙන් ඉදිරියටම යයි.

පොරොන්දුව සහ සාක්ශිය

සබඳතා, එළිදරව්, තෝරාගැනීමේ නිදහස, පසුතැවීම සහ මෙම ශ්‍රේෂ්ඨ අරමුණ වෙනුවෙන් පරිත්‍යාග කිරීම—යන මෙම මූලධර්ම කෙරෙහි අප අවධානය යොමුකරන විට—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරට ගිලෙනු ඇතැයි මම පොරොන්දු වෙනවා. නැවත පිහිටුවීම එහි අවසාන අරමුණ වන ඊශ්‍රායෙලයේ මිදීම සහ ක්‍රිස්තුස්වහන්සේ රජවරුන්ගේත් රජ ලෙස රජකම් කරන, සයොනය ස්ථාපිත කිරීම35 සඳහා ඉදිරියට යන බව අපට පෙනෙයි.

දෙවියන්වහන්සේ තම සෙනගව එදිනට සූදානම් කිරීම සඳහා අවශ්‍ය සියලු දේ දිගටම කරගෙන යන බවට මම සාක්ෂි දරනවා. “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ වීමට”36 අප සැවොම වෑයම් කරන විට, මෙම මහිමාන්විත කාර්යයේදී උන්වහන්සේගේ හස්තය අපට පෙනේවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. දහම සහ ගිවිසුම 45:12 බලන්න. සභාපති නෙල්සන් මෙසේ පැවසීය: “මේ සියල්ලේ උද්දීපනය හා හදිසිතාව ගැන සිතා බලන්න: ආදම් සමග ආරම්භ වී සෑම අනාගතවක්තෘවරයෙක්ම අපේ දවස දැක තිබේ. ඊශ්‍රායෙලය එක්රැස් වන අතර ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් වනු ඇත ලෙස, සෑම අනාගතවක්තෘවරයෙක්ම අපගේ දවස ගැන කතා කර ඇත. ඒ ගැන සිතන්න! පොළොවේ මෙතෙක් ජීවත් වූ සියලු මිනිසුන් අතරින්, මෙම අවසාන මහා රැස්වීමේ අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ අපටයි. එය කොතරම් සිත්ගන්නාසුළුද!” (“Hope of Israel” [worldwide youth devotional, June 3, 2018], HopeofIsrael.ChurchofJesusChrist.org).

    වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ ඉගැන්වූවේය:

    “ජීවතුන් අතර සිටීමට මොනතරම් භයානක කාලයක්ද!

    “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පොළොවේ හා ස්වර්ගයේ, මේ කාලයේ හා සදාකාලිකව, වඩාත්ම ස්ථිර, වඩාත්ම සුරක්‍ෂිත, විශ්වාසදායක හා වඩාත්ම අගනා ප්‍රථිඵල ලබාදෙන සත්‍යයයි. කිසිවක්—කිසිවක්ම, කිසිවෙකු, කිසිදු බලපෑමක්—මෙම සභාව සිය මෙහෙවර ඉටුකිරීමෙන් හා ලෝක අත්තිවාරමට පෙර සිටම ප්‍රකාශ කළ ඉරණම අවබෝධ කරගැනීමෙන් නොවළක්වනු ඇත. … අනාගතය ගැන බිය වීමට හෝ තාවකාලික වීමට අවශ්‍ය නැත.

    “අපට පෙර සිටි සෑම යුගයකම මෙන් නොව, මෙම කාලපරිච්ඡේදය තුල ඇදහිල්ලෙන් වැටීමක් සිදු නොවනු ඇත; එහි පූජකත්ව යතුරු නැතිවීමක් නොපෙනෙනු ඇත; එය සර්වබලධාරි දෙවියන්වහන්සේගේ හඬින් එළිදරව්ව අත්හිටුවන්නේ නැත. … ජීවත්වීමට මොනතරම් හොඳ දවසක්ද!

    “… ඔබ නොදැන සිටියා නම්, අවසාන දවස් ගැන මම ඉතා ධනාත්මකයි. … විශ්වාස කරන්න. නැගිට සිටින්න. ඇදහිලිවන්ත වන්න. අප ජීවත් වන අපූරු දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න!” (Facebook post, May 27, 2015; see also “Be Not Afraid, Only Believe” [address to Church Educational System religious educators, Feb. 6, 2015], broadcasts.ChurchofJesusChrist.org).

  2. යොහාන් 1:12 බලන්න.

  3. අපව තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය ලෙස කැඳවූ සැණින්, සභාපති හෙන්රි බී. අයිරින්ග් අද සභාවේ තරුණ තරුණියන් මුහුණදෙන සුවිශේෂී අභියෝග හා අවස්ථාවන් අප සමග සාකච්ඡා කළේය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඔවුන්ගේ හදවත් තුළ ගැඹුරට ගෙන ඒමට උපකාර වන දේවල් කෙරෙහි අවධානය යොමුකරන ලෙස ඔහු අපට උපදෙස් දුන්නේය. එම උපදේශය තරුණ පිරිමි ළමුන්ගේ සභාපතිත්වය ලෙස අපට ආලෝකයක් වී තිබේ.

  4. See “Be with Them,” ChurchofJesusChrist.org/callings/aaronic-priesthood-quorums/my-calling/leader-instruction/be-with-them.

  5. බලන්න මොසායා 18:25; මොරෝනි 6:5.

  6. Dale G. Renlund, “Through God’s Eyes,” Liahona, Nov. 2015, 94; මෝසෙස් 1:4–6 ද බලන්න.

    සභාපති තෝමස් එස්. මොන්සන් මෙලෙස ඉගැන්වූයේය: “පුද්ගලයන් ඔවුන් මෙන් නොව ඔවුන් විය හැකි ආකාරයට දැකීමට අපට වගකීමක් ඇත. ඔවුන් ගැන මේ ආකාරයෙන් සිතන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි” (“See Others as They May Become,” Liahona, Nov. 2012, 70).

    වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ ඉගැන්වූයේය: “බොහෝවිට, යෞවනයෙකු පිටතින් සභාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවීම, හෝ ඔහුගේ ගැටුම්කාරී ප්‍රශ්න හෝ ඔහුගේ ප්‍රකාශිත සැකයන් ඔහුව ඉක්මනින් ලේබල් කරයි. මෙම ප්‍රතිඵල දුර හා සමහරවිට විසන්ධි විය හැකිය. සැබෑ ආදරය ලේබල වලට කැමති නැත!” (“Unto the Rising Generation,” Ensign, Apr. 1985, 9).

  7. 2 රාජාවලිය 6:17 බලන්න.

  8. ස්ටෙඩන් එල්. රිචර්ඩ්ස්, පළමු සභාපතිත්වයේ සාමාජිකයෙකු ලෙස, මෙසේ කීවේය, “ඉහළම විචාර බුද්ධිය නම්, අන් අය තුළ අවබෝධයක් ලබාගැනීම සහ ඔවුන්ගේ වඩා හොඳ ස්වභාවය, ඔවුන් තුළ ඇති හොඳ ගුණාංග අනාවරණය කරගැනීමයි” (in Conference Report, Apr. 1950, 162; in David A. Bednar, “Quick to Observe,” Ensign, Dec. 2006, 35; Liahona, Dec. 2006, 19). 2 රාජාවලිය 6:17 බලන්න.

  9. Henry B. Eyring, “Teaching Is a Moral Act” (address at Brigham Young University, Aug. 27, 1991), 3, speeches.byu.edu; emphasis added; see also Henry B. Eyring, “Help Them Aim High,” Liahona, Nov. 2012, 60–67.

  10. මතෙව් 1:3-6 බලන්න.

  11. මොසායා 18:21; මෝසෙස් 7:18 ද බලන්න.

  12. ඔවුන්ගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමග සම්බන්ධතාවයක් ගොඩනගාගැනීමට උපකාරී වන, “ක්‍රියාශීලී [පසු-දවස්වල ශාන්තුවරයින්] පවුලක්, සම වයසේ මිතුරන් හා නායකයන් සමග ශක්තිමත්, ධනාත්මක සම්බන්ධතා ඇති තරුණ පිරිමි ළමුන්, ක්‍රියාශීලීව සිටීමට බොහෝ දුරට ඉඩ ඇත. ඉරිදා විෂයමාලාව, තරුණ පිරිමි ළමුන්ගේ ක්‍රියාකාරකම් වැඩසටහන, පුද්ගලික ජයග්‍රහණ අපේක්ෂාවන් වැනි නිශ්චිත වැඩසටහන් අංග එක එකක් ගත්කළ… එම සබඳතා වලින් ස්වාධීනව එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත. … වැදගත් ප්‍රශ්නය වන්නේ සම්පූර්ණයෙන්ම නිශ්චිත වැඩසටහන් අංග ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න නොව, [පසු-දවස්වල ශුද්ධවන්ත] තරුණයින්ගේ ආගමික අනන්‍යතාවය ශක්තිමත් කරන ධනාත්මක සම්බන්ධතා වලට ඒවා දායකවන්නේ කෙසේද යන්නයි” (“Be with Them,” ChurchofJesusChrist.org/callings/aaronic-priesthood-quorums/my-calling/leader-instruction/be-with-them).

  13. See “Connect Them with Heaven,” ChurchofJesusChrist.org/callings/aaronic-priesthood-quorums/my-calling/leader-instruction/connect-them-with-heaven.

  14. බලන්න යොහාන් 15:1–5; යොහාන් 17:11; පිලිප්පි 4:13; 1 යොහාන් 2:6; යාකොබ් 1:7; ඔම්නි 1:26; මොරෝනි 10:32.

  15. ශුද්ධලියවිලි මේ සඳහා උදාහරණ වලින් පිරී තිබේ; මෙන්න එයින් දෙකක් පමණක්: 1 නෙපි 2:16; ඊනොස් 1:1–4.

  16. බලන්න ලූක් 24:32; 2 නෙපි 33:1; යාකොබ් 3:2; මොරෝනි 8:26; දහම සහ ගිවිසුම 8:2–3.

  17. බලන්න 2 තිමොති 3:15–16; දහම සහ ගිවිසුම 68:3–4; 88:66; 113:10.

  18. බලන්න 1 තෙසලෝනික 1:5; 2 නෙපි 26:13–20; ඇල්මා 26:13; 31:5; හිලමන් 3:29; 5:17; දහම සහ ගිවිසුම 21:4–6; 42:61; 43:8–10; 50:17–22; 68:4.

  19. බලන්න යොහාන් 6:63; 17:17; ඇල්මා 5:7; දහම සහ ගිවිසුම 84:43–45; 88:66; 93:36.

  20. බලන්න යොහාන් 15:3; 1 පේත්‍රැස් 1:23; මොසායා 1:5; ඇල්මා 5:7, 11–13; 32:28, 41–42; 36:26; 62:45; හිලමන් 14:13.

  21. බලන්න 2 නෙපි 31:19–21; 32:3, 5.

  22. රසල් එම්. නෙල්සන්, “අපට හොඳින් කළ හැකිය හොඳ විය හැකිය,” ලියහෝනා, මැයි 2019, 67.

  23. ඩාලේ ජී. රෙන්ලන්ඩ්, “මේ දවසේ ඔබ තෝරාගෙන ඇත,” ලියහෝනා, 104 නොවැ. 2018.

  24. මෙම සංඛ්‍යාවට බාලදක්ෂ වැඩසටහන් වල අවශ්‍යතා ඇතුළත් වන අතර, මූලික වශයෙන් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ, එය මෑතක් වන තුරුම පිරිමි ළමුන් හා තරුණයින් සඳහා සභාවේ ක්‍රියාකාරකම් වැඩසටහනේ කොටසක් විය. බාලදක්ෂ කණ්ඩායම් වලට සහභාගී නොවූ ප්‍රදේශවල අවශ්‍යතා ගණන 200 ඉක්මවා තිබුණි. මීට අමතරව, පිරිමි ළමුන්, ගැහැණු ළමුන්, තරුණයින් සහ තරුණියන් සඳහා විවිධ ක්‍රියාකාරකම් වැඩසටහන් වෙනස් ආකාරයකින් ව්‍යුහගත කර ඇති අතර එමගින් මුළු අත්දැකීමම පවුල් සඳහා මිශ්‍රණයක් වේ.

  25. See “Let Them Lead,” ChurchofJesusChrist.org/callings/aaronic-priesthood-quorums/my-calling/leader-instruction/let-them-lead.

  26. බලන්න ඔම්නි 1:26; 3 නෙපි 9:20; 12:19; දහම සහ ගිවිසුම 64:34. “සෑම දෙයක්ම පරිත්‍යාග කිරීම අවශ්‍ය නොවන ආගමකට ජීවිතයට හා ගැලවීමට අවශ්‍ය ඇදහිල්ල බිහිකිරීමට තරම් බලයක් නැත” (Lectures on Faith [1985], 69).

  27. Ezra Taft Benson, The Teachings of Ezra Taft Benson (1988), 167; in Preach My Gospel: A Guide to Missionary Service (2019), 13; see also Russell M. Nelson, “Hope of Israel,” HopeofIsrael.ChurchofJesusChrist.org.

  28. Meeting with Elder David A. Bednar; see also “2020 Temple and Family History Leadership Instruction,” Feb. 27, 2020, ChurchofJesusChrist.org/family-history

  29. Neal A. Maxwell, “Unto the Rising Generation,” 11. වැඩිහිටි මැක්ස්වෙල් තවදුරටහ් මෙසේ කීවේය: “ක්‍රියාකාරීව, උපස්ථායකයන් හා ගුරුවරුන් ගණපූර්ණ සභාපතිවරුන් කී දෙනෙකුව හුදෙක් යාච්ඤාවක් ඉදිරිපත් කිරීමට හෝ සක්‍රමේන්තුව බෙදාගැනීමට පමණක්ම කැඳවනවාද? සහෝදරවරුනි, මේවා සැබවින්ම විශේෂ ආත්මයන් වන අතර, අවස්ථාවක් ලැබුණහොත් ඔවුන්ට මහත් දේ කළ හැකියි!”

  30. See General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 2.2, ChurchofJesusChrist.org.

  31. ගණපූර්ණ සහ පන්ති සභාපතිත්ව සම්පත්,” “එන්න මා අනුගමනය කරන්න—ආරෝනික පූජක ගණපූර්ණය සහ තරුණ කාන්තා පන්ති සඳහා” සහ “කොට්ටාශ හෝ ශාඛා කැඳවීම්” හි තරුණ කාන්තා පන්ති සඳහා සහ ආරෝනික පූජක ගණපූර්ණ සඳහා සම්පත් ඇතුලු, යෞවනයන්ට මගපෙන්වීම සඳහා ශුභාරංචි පුස්තකාලයේ සම්පත් කිහිපයක් තිබේ.

  32. Russell M. Nelson, “Hope of Israel,” HopeofIsrael.ChurchofJesusChrist.org. මෙම දේශනයේදීම, සභාපති නෙල්සන් මෙසේ කීවේය: “අපගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේගේ උතුම් ආත්මයන් බොහෝමයක් වෙන්කර ඇත—සමහරවිට, උන්වහන්සේගේ හොඳම කණ්ඩායම—මෙම අවසාන අදියර සඳහා. ඒ උතුම් ආත්මයන්—ඒ හොඳම ක්‍රීඩකයන්, ඒ වීරයන්—ඔබයි!”

  33. Russell M. Nelson, opening remarks in “Children and Youth: A Face to Face Event with Elder Gerrit W. Gong,” Nov. 17, 2019, broadcasts.ChurchofJesusChrist.org.

  34. සභාපති නෙල්සන් මෙසේ කීවේය: පන්ති හා ගණපූර්ණ සභාපතිත්වයන්හි සේවය කිරීම සඳහා විශේෂයෙන් කැඳවනු ලැබූ සහ වෙන්කර ඇති තරුණ තරුණියන්ට නායකත්වය දීමට අපි ඉඩදිය යුතුයි. පූජක අධිකාරිය ඔවුන්ට පවරාදෙනු ඇත. තම පන්තියට හෝ ගණපූර්ණයට නායකත්වය දීම සඳහා පෙළඹවීම් ලබාගන්නේ කෙසේදැයි ඔවුන් ඉගෙනගනු ඇත” (in “Children and Youth Introductory Video Presentation,” Sept. 29, 2019, ChurchofJesusChrist.org).

    වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් මෙසේ කීවේය, “යෞවනයන්ට තමන් වෙනුවෙන් කළ හැකි දේ දෙමාපියන් සහ නායකයින් විසින් භාර නොගෙන—තරුණ වයසේදී වඩා පෞද්ගලික වගකීමක් භාරගන්නා ලෙස අපේ තරුණයින්ගෙන් ඉල්ලා ඇත” (“Adjustments to Strengthen Youth,” Liahona, Nov. 2019, 40).

  35. සභාපහි ජෝර්ජ් කිව්. කැනොන් මෙසේ ඉගැන්වූවේය: “ලෝකයට, සහ දෘශ්‍යමාන හා නොපෙනෙන, නපුරු තැනැත්තාගේ සියලු බලයන්ට මුහුණදීමට ධෛර්යය හා අධිෂ්ඨානය ඇති, ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා සත්‍යය පවත්වා ගැනීමටත් අපගේ දෙවියන්වහන්සේගේ සයොනය ස්ථාපිත කිරීමටත් සියලු ප්‍රතිවිපාක ගැන බියෙන් තොරවූ දෙවියන්වහන්සේ විසින් ආත්මයන් වෙන්කර ඇත. සයොනය කිසිවිටෙකත් පෙරලා දැමිය යුතු නැති වීමට අත්තිවාරම දැමීමටත්, ධර්මිෂ්ඨ වන, එමෙන්ම දෙවියන්වහන්සේට ගෞරව කරන, එමෙන්ම උන්වහන්සේට අතිශයින්ම ගෞරව කරන බීජයක් ඇති කිරීම සඳහාත්, සියලු තත්වයන් යටතේ උන්වහන්සේට කීකරු වන්නටත්, මෙම පරම්පරාව තුළ මෙම ආත්මයන් උන්වහන්සේ විසින් එවා ඇත” (“Remarks,” Deseret News, May 31, 1866, 203); see also Teachings of Presidents of the Church: Joseph Smith (2007), 186.

  36. මොරෝනි 10:32.