ප්‍රධාන සම්මන්ත්‍රණය
ශ්‍රේෂ්ඨ සැලැස්ම
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ශ්‍රේෂ්ඨ සැලැස්ම

දෙවියන්වහන්සේගේ සැලැස්ම දන්නා සහ සහභාගී වීමට ගිවිසුම් ඇති අපට මෙම සත්‍යයන් ඉගැන්වීමට පැහැදිලි වගකීමක් ඇත.

අද්විතීය පීඩා හා අභියෝග මධ්‍යයේ වුවද, අපි සැබවින්ම ආශිර්වාද ලැබ තිබෙනවා! මෙම ප්‍රධාන සම්මන්ත්‍රණය අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේ දෝරේ ගලායන ධනය හා ප්‍රීතිය ලබාදී තිබෙනවා. නැවත පිහිටුවීම ආරම්භ කළ පියාණන්ගේ හා පුත්‍රයාණන්ගේ දර්ශනය ගැන අපි ප්‍රීති වෙනවා. මෝර්මොන්ගේ පොතේ ආශ්චර්යමත් එළිදැක්ම අපට මතක්කරදී ඇති අතර, එහි මූලික අරමුණ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ දහම පිළිබඳව සාක්ෂි දීමයි. අනාගතවක්තෘවරුන් සහ පෞද්ගලිකව අපට—එළිදරව් ලැබීමේ ප්‍රීතිමත් යථාර්ථය, සමග අපව අලුත් කර තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම සහ උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ වටිනා සාක්ෂි අප අසා තිබෙනවා. පියාණන් වන දෙවියන්වහන්සේ අලුතෙන් නම් කරන ලද අනාගතවක්තෘවරයාට “මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන්දෙන්න! ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු ජෝසෆ් ස්මිත්ට එළිදරව් කළ උන්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය පිළිබඳ වෙනත් සත්‍යයන් අපට උගන්වා තිබෙනවා.” (Joseph Smith—History 1:17).

පූජකත්වය නැවත පිහිටුවීම සහ එහි යතුරු අපගේ දැනුම අපට තහවුරු කර තිබෙනවා. ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව එහි නියම නාමය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව යන නාමයෙන්, දැනගැනීමට ඇති අධිෂ්ටානයෙන් අප අලුත් වී තිබෙනවා. ලොව පුරා විනාශකාරී වසංගතයක වර්තමාන හා අනාගත බලපෑම් අවම කිරීම සඳහා නිරාහාරව යාච්ඤාවට එක්වන ලෙස අපට ආරාධනාවක් ලැබුණා. අද උදෑසන අපට ආනුභාව ලත් ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා නැවත පිහිටුවීම පිළිබඳව ඓතිහාසික ප්‍රකාශයක් ඉදිරිපත් කළා. “නැවත පිහිටුවීම පිළිබඳ පණිවුඩය යාච්ඤාපූර්වකව අධ්‍යයනය කර ඇදහිල්ලෙන් ක්‍රියා කරන අයට එහි දේවත්වය පිළිබඳ සහ අපගේ ස්වාමින් හා ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දු වූ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමේ අරමුණ පිළිබඳ තමන්ගේම සාක්ෂියක් ලබාගැනීමට ආශිර්වාද ලැබෙනු ඇති” බවට වූ ප්‍රකාශය අපි සහතික කරනවා.1

සැලැස්ම

මේ සියල්ල දිව්‍ය සැලැස්මේ කොටසකි, එහි අරමුණ දෙවියන්වහන්සේගේ දරුවන් උසස් කොට උන්වහන්සේ හා සමාන වීමට ඉඩදීමයි. ශුද්ධලියවිල්ලෙහි “ශ්‍රේෂ්ඨ සතුටේ සැලැම”, “මිදවීමේ සැලැස්ම” සහ “ගැලවීමේ සැලැස්ම” (ඇල්මා 42:8, 11, 5) ලෙස සඳහන් කර ඇති අතර, එම සැලැස්ම—ස්වර්ගයේ මන්ත්‍රණ සභාවකින් ආරම්භ වී—නැවත පිහිටුවීමේදී හෙළිවුණා. ආත්මයන් වශයෙන්, අපගේ ස්වර්ගීය දෙමාපියන් භුක්තිවිඳින සදාකාල ජීවනය අත්කරගැනීමට අපට අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී අපි භෞතික ශරීරයක් හෝ ලෞකික අත්දැකීමකින් තොරව අපට හැකිතාක් දුරට ඉදිරියට ගියා. එම අත්දැකීම ලබාදීම සඳහා පියාණන් වන දෙවියන්වහන්සේ මේ පොළොව මැවීමට සැලසුම් කළා. සැලසුම් සහගත ලෞකික ජීවිතයේදී, අපගේ අධ්‍යාත්මික වර්ධනයට අවශ්‍ය විරුද්ධවාදිකම් වලට මුහුණදුන් විට, අප පාපයෙන් පීඩා විඳිනවා. අපි ශාරීරික මරණයටද ලක්වෙනවා. මරණයෙන් හා පාපයෙන් අපව මුදවාගැනීමට, අපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම ගැලවුම්කරුවෙකු සපයනවා. උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම සියල්ලන්ම මරණයෙන් මුදවාගනු ඇති අතර, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව අපගේ වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නියමකර ඇති කොන්දේසි මත පාපයෙන් පවිත්‍ර වීමට සියලුදෙනාටම අවශ්‍ය මිල ගෙවනු ලබනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙම වන්දිගෙවීම පියාණන්වහන්සේගේ සැලැස්මේ කේන්ද්‍රයයි.

ස්වර්ගයේ මන්ත්‍රණ සභාවේදී, එහි ලෞකික ප්‍රතිවිපාක සහ පීඩා, එහි ස්වර්ගීය උපකාර සහ මහිමාන්විත ඉරණම ඇතුළුව, දෙවියන්වහන්සේගේ සියලු ආත්මික දරුවන් පියාණන්ගේ සැලැස්මට හඳුන්වාදෙනු ලැබුවා. අපි මුල සිටම අවසානය දුටුවා. මේ මිහිපිට ඉපදුණු සියලු අසංඛ්‍යාත මනුෂ්‍යයන් පියාණන්ගේ සැලැස්ම තෝරාගෙන ඉන්පසු තිබූ ස්වර්ගීය තරඟයේදී ඒ සඳහා සටන් කළා. මේ ජීවිතයේ ඔවුන් කුමක් කරන්නේද කියා බොහෝදෙනා පියාණන්වහන්සේ සමග ගිවිසුම් ඇතිකරගෙන තිබෙනවා. එළිදරව් නොවූ ආකාර වලින්, ආත්ම ලෝකයේ අපගේ ක්‍රියාවන් අපගේ ලෞකික තත්වයන්ට බලපා තිබෙනවා.

ලෞකිකත්වය හා ආත්මික ලෝකය

පියාණන්ගේ සැලැස්මේ ප්‍රධාන අංග කිහිපයක් මම දැන් සාරාංශ කරන්නම්, මන්ද ඒවා අපගේ ලෞකික චාරිකා වලදී සහ ඊළඟ ආත්ම ලෝකයේ අපට බලපානවා.

ලෞකික ජීවිතයේ පරමාර්ථය සහ එය අනුගමනය කළ හැකි මරණයෙන් පසු වර්ධනය දෙවියන්වහන්සේගේ පරම්පරාවට උන්වහන්සේ මෙන් වීමටයි. මෙය ස්වර්ගික පියාණන්ට සියලු දරුවන් කෙරෙහි ඇති ආශාවයි. මෙම ප්‍රීතිමත් ඉරණම සාක්ෂාත් කරගැනීම සඳහා, සදාකාලික නීති මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අප පවිත්‍රවූ මනුෂ්‍යයන් බවට පත්විය යුතුයි, එවිට අපට පියාණන් හා පුත්‍රයාණන් ඉදිරියෙහි වාසය කළ හැකි අතර උසස් වීමේ ආශිර්වාද භුක්තිවිඳිය හැකියි. මොර්මොන්ගේ පොත උගන්වන ආකාරයට, “තවද උන්වහන්සේ සියලුදෙනාටම උන්වහන්සේගේ යහපත්කමෙහි සහභාගීවීමට උන්වහන්සේ වෙත කැඳවන සේක, තවද උන්වහන්සේ වෙතට එන කිසිවෙක් උන්වහන්සේ එපා නොකරන සේක. කළු සහ සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමියෙකු හෝ ගැහැණියෙකු, තවද උන්වහන්සේ මිත්‍යාදෘෂ්ඨිකයා මතක්කරන සේක; තවද සියල්ලෝම දෙවියන්වහන්සේට සමානය” (2 නෙපි 26:33; ඇල්මා 5:49 ද බලන්න).

දෙවියන්වහන්සේගේ ආඥාවන්ට හා උන්වහන්සේගේ සැලැස්මට පටහැනිව ක්‍රියා කිරීමට මනුෂ්‍යයන් පොළඹවන නපුරු විරුද්ධත්වය ප්‍රතික්ෂේප කිරීමට තෝරාගැනීමක් කිරීම සඳහා, අප වීමට තීරණය වී ඇති පුද්ගලයා බවට පත්වීම වන මෙම දිව්‍ය සැලැස්ම අවශ්‍ය වෙනවා. අන්‍යයන්ගේ පව් නිසා හෝ උපතේ යම් යම් අඩුපාඩුකම් වැනි, වෙනත් ලෞකික විරුද්ධවාදයන්ට අප යටත්විය යුතුවීමත් ඒ සඳහා අවශ්‍ය වෙනවා. සමහරවිට අපට අවශ්‍ය වර්ධනය සැනසිල්ල හා සන්සුන්භාවයට වඩා දුක් වේදනා හා විපත් වලින් ලබාගත හැකියි. දිව්‍යමය මැදිහත් වීමෙන් ලෞකිකත්වයේ සියලු අහිතකර ප්‍රතිවිපාක වලින් අපව නිදහස් කළහොත්, මේ ලෞකික විරුද්ධවාදිකම් කිසිවකට එහි සදාකාලික අරමුණ සාක්ෂාත් කරගත හැකිවන්නේ නෑ.

සදාකාලයේ අපගේ ඉරණම, ලෞකිකත්වයේ අපගේ ගමනේ අරමුණ සහ කොන්දේසි සහ අපට ලැබෙන ස්වර්ගීය උපකාර මෙම සැලැස්ම මගින් හෙළිකරනවා. භයානක අවස්ථාවන්ට නොයෑමට දෙවියන්වහන්සේගේ ආඥා අපට අනතුරු අඟවනවා. දේවානුභාවයෙන් යුත් නායකයින්ගේ ඉගැන්වීම් අපගේ මාවතට මගපෙන්වන අතර අපගේ සදාකාලික ගමන ප්‍රවර්ධනය කරන සහතිකය ලබාදෙනවා.

දෙවියන්වහන්සේගේ සැලැස්ම මගින් ලෞකිකත්වය හරහා අපගේ ගමනට සහාය වීම සඳහා විශාල අස්වැසුම් හතරක් ලබාදෙනවා. සියල්ල අපට ලබාදී ඇත්තේ සැලැස්මේ කේන්ද්‍රස්ථානය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමෙන්. පළමු දෙය අපට සහතිකවන්නේ උන්වහන්සේ විඳි දුක්වේදනා තුළින් අප පසුතැවිලි වන පාප උදෙසා එම පව් වලින් අපව පවිත්‍ර කළ හැකි බවයි. එවිට දයානුකම්පිත අවසාන විනිශ්චය “ඒවා තවදුරටත් සිහිනොකරනු ඇත” (දහම සහ ගිවිසුම 58:42).

දෙවනුව, අපගේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමෙහි කොටසක් ලෙස, උන්වහන්සේ අනෙක් සියලුම ලෞකික දුර්වලතා උන්වහන්සේ වෙතට ගත්තා. මේ මගින්, යුද්ධය සහ වසංගත වැනි, පුද්ගලික හා සාමාන්‍ය, ලෞකිකත්වයේ අනිවාර්ය බර දරාගැනීමට අපට දිව්‍යමය උපකාරය සහ ශක්තිය ලබාදීමට පුලුවන් වෙනවා. වන්දිගෙවීමේ මෙම අත්‍යවශ්‍ය බලය පිළිබඳ අපගේ පැහැදිලි ශුද්ධලියවිලි විස්තරය මෝර්මොන්ගේ පොත සපයනවා. ගැළවුම්කරුවාණන් “තම සෙනඟගේ සියලු වේදනාවද, ලෙඩ රෝගද [සහ පීඩාවන්ද] උන්වහන්සේ මත ගන්නා සේක. … තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලකම් තමන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය, එනම් මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට දැනගන්නා පිණිසය” (ඇල්මා 7:11–12).

තෙවනුව, ගැලවුම්කරුවාණන් සිය අසීමිත වන්දිගෙවීම තුළින් මරණයේ අවසානභාවය අවලංගු කරන අතර අප සියල්ලන්ම මරණයෙන් නැවත නැගිටුවනු ඇති බවට ප්‍රීතිමත් සහතිකයක් ලබාදෙනවා. මොර්මොන්ගේ පොත මෙසේ උගන්වනවා, “මෙම නැවත පිහිටුවීම සියල්ලන්ටම පැමිණෙන්නෝය, මහළු සහ තරුණ දෙගොල්ලන්ටම, බැඳුණු සහ නිදහස් දෙගොල්ලන්ටම, පුරුෂයන් සහ කාන්තාවන් දෙගොල්ලන්ටම, දුෂ්ඨයන් සහ ධර්මිෂ්ටයන් දෙගොල්ලන්ටම; තවද එහි ඔවුන්ගේ හිසෙහි කෙස්ගසක් වුවත් නැති නොවන්නේය; එහෙත් සියලු දේවල් පරිපූර්ණ ස්වභාවයට නැවත ගොඩනගනු ලබන්නේය” (ඇල්මා 11:44).

මෙම පාස්කු සමයේදී මරණයෙන් නැවත නැගිටීමේ යථාර්ථය අපි සමරනවා. අපි එකිනෙකා සහ අප ආදරය කරන අය මුහුණදෙන ලෞකික අභියෝග වන අප උපතේදී ලබාගන්නා හෝ අපගේ ලෞකික ජීවිතයේ අත්දකින ශාරීරික, මානසික හෝ චිත්තවේගීය ඌණතාවයන් විඳදරාගැනීමට ඉදිරිදර්ශනය සහ ශක්තිය මෙමගින් අපිට ලබාදෙනවා. මෙම මරණයෙන් නැවත නැගිටීම නිසා, මෙම ලෞකික ඌණතාවයන් තාවකාලික බව අපි දන්නවා!

නැවත පිහිටුවන ලද ශුභාරංචිය මගින් අපගේ පවුලේ සාමාජිකයන් වන ස්වාමිපුරුෂයා, භාර්යාව, දරුවන් සහ දෙමාපියන් සමග සිටීමට අවස්ථාව නැවත නැගිටීමට ඇතුළත් කළ හැකි බවට සහතික වෙනවා. ලෞකිකත්වයේදී අපගේ පවුලේ වගකීම් ඉටුකිරීමට මෙය අපට ප්‍රබල දිරිගැන්වීමක්. ඊළඟ ජීවිතයේ ප්‍රීතිමත් නැවත එක්වීම් සහ ආශ්‍රයන් අපේක්‍ෂාවෙන් මෙම ජීවිතයේ ආදරයෙන් එකට ජීවත් වීමට එය අපට උපකාරී වෙනවා.

සිව්වන හා අවසාන වශයෙන්, නූතන එළිදරව් අපට උගන්වන්නේ අපගේ ප්‍රගතිය මරණයේ අවසානය සමග අවසන් වියයුතු නැති බවයි. මෙම වැදගත් සහතිකය ගැන එතරම් තොරතුරු අනාවරණය වී නෑ. මෙම ජීවිතය දෙවියන්වහන්සේව මුණගැසීමට සූදානම් වන කාලය බවත් අපගේ පසුතැවිල්ල කල්දැමිය යුතු නැති බවත් අපට කියා තිබෙනවා (ඇල්මා 34:32–33 බලන්න). කෙසේවෙතත්, ආත්ම ලෝකයේ ශුභාරංචිය “සත්‍යය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයන්ට සහ අකීකරු අයටත්” (දහම සහ ගිවිසුම 138:29) දේශනා කරනු ලබන බව සහ එහි උගන්වන අයට අවසාන විනිශ්චයට පෙර පසුතැවිලි වීමට හැකියාවක් ඇති බවත් අපට උගන්වනු ලැබෙනවා (31–34, 57–59 පද බලන්න).

අපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්මේ තවත් මූලධර්ම කිහිපයක් මෙන්න:

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය නිර්මලකම, විවාහය සහ දරුවන් බිහිකිරීම යන විෂයයන් පිළිබඳ අද්විතීය ඉදිරිදර්ශනයක් අපට ලබාදෙනවා. දෙවියන්වහන්සේගේ සැලැස්මේ අරමුණ ඉටුකිරීම සඳහා, ලෞකික උපත සඳහා දිව්‍යමය වශයෙන් නියම කරන ලද පසුබිම සැපයීමට සහ පවුලේ සාමාජිකයන් සදාකාල ජීවනය සඳහා සූදානම් කිරීම සඳහා, දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුව විවාහය අත්‍යවශ්‍ය බව එය උගන්වනවා. ස්වාමින්වහන්සේ මෙසේ කිව්වා, “පොළොව එහි මැවීමේ අවසානයට පිළිතුරු දෙන පිණිස …” “විවාහය දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාට නියම කර ඇත” (දහම සහ ගිවිසුම 49:15–16). මෙහිදී, උන්වහන්සේගේ සැලැස්ම, නීතියේ සහ චාරිත්‍රයේ ප්‍රබල ලෞකික බලවේගයන්ට ප්‍රතිවිරුද්ධව දිවයනවා.

දෙවියන්වහන්සේ තම දරුවන්ට දී ඇති අතිශයින්ම උසස් බලය වන්නේ ලෞකික ජීවිතය නිර්මාණය කිරීමේ බලයයි. ආදම් සහ ඒවට දුන් පළමු ආඥාවේදී එය භාවිතා කිරීම අනිවාර්ය කරන ලද නමුත්, එය අනිසි ලෙස භාවිතා කිරීම තහනම් කිරීම සඳහා තවත් වැදගත් ආඥාවක් ලබාදුන්නා. විවාහයේ බන්ධනයට පිටින්, එක් හෝ තවත් මට්ටමකට ප්‍රජනන බලයේ සියලු භාවිතයන් පව්කාර පහත් කිරීමක් වන අතර පිරිමින්ගේ හා කාන්තාවන්ගේ වඩාත්ම දිව්‍යමය ගුණාංගය විකෘති කිරීමක්. දෙවියන්වහන්සේගේ සැලැස්ම ඉටුවීමේදී අපගේ ප්‍රජනන බලයේ අවශ්යතාවයේ අරමුණ නිසා නැවත පිහිටවූ ශුභාරංචිය මෙම පිරිසිඳුබවේ නීතිය අවධාරණය කර නැවත පිහිටුවා තිබෙනවා.

ඊළඟට කුමක්ද?

නැවත පිහිටුවීම ආරම්භ කළ පළමු දර්ශනයේ 200 වන සංවත්සරය අතරතුර, ස්වාමින්වහන්සේගේ සැලැස්ම අපි දන්නවා, එමෙන්ම උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව තුළින් සියවස් දෙකක ආශිර්වාද මගින් අපට දිරිගැන්වීමක් ලැබෙනවා. 2020 වර්ෂයේදී, ප්‍රසිද්ධ ලෙස කියන ලද අතීතයේ සිදුවීම් සඳහා 20/20 දැක්ම ලෙස හඳුන්වන දේ අප සතුව තිබෙනවා.

කෙසේවෙතත්, අප අනාගතය දෙස බලන විට, අපගේ දැක්ම ස්ථීරත්වයෙන් බොහෝ දුරස්වෙනවා. නැවත පිහිටුවීමෙන් සියවස් දෙකකට පසු, ආත්මික ලෝකයේ දැන් එහි සිදුවන දේශනා කිරීම සඳහා බොහෝ පළපුරුදු සේවකයින් ඇතුළත් කර ඇති බව අපි දන්නවා. මරණයේ තිරයෙන් දෙපස පසුතැවිලිවී ස්වාමින්වහන්සේගේ ශුභාරංචිය වැලඳගන්නා අයට සදාකාල වත්පිළිවෙත් ඉටුකිරීම සඳහා අපට තවත් බොහෝ දේවමාළිගා ඇති බවත් අපි දන්නවා. මේ සියල්ල අපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම තවදුරටත් ඉදිරියට ගෙනයනවා. දෙවියන්වහන්සේගේ ප්‍රේමය කෙතරම් ශ්‍රේෂ්ඨද යත්, හිතාමතාම විනාශයේ පුත්‍රයන් බවට පත්වන ස්වල්පදෙනා හැර, උන්වහන්සේ සිය සියලු දරුවන්ට මහිමයේ ඉරණමක් ලබාදී තිබෙනවා (බලන්න දහම සහ ගිවිසුම් 76:43).

ගැළවුම්කරුවාණන් නැවත පැමිණෙන බවත්, දෙවියන්වහන්සේගේ සැලැස්මේ ලෞකික කොටස ඔතාගැනීම සඳහා සහස්‍රයේ සාමකාමී පාලනයක් ඇති බවත් අපි දන්නවා. සෑම පුද්ගලයෙකුගේම අවසාන විනිශ්චය සමග සෑමවිටම ඔහුගේ හෝ ඇයගේ නැවත නැගිටීම අනුගමනය වෙමින්, ධර්මිෂ්ට සහ අධර්මිෂ්ටයන්ගේ, වෙනස්වූ නැවත නැගිටීම් සිදුවන බවත් අපි දන්නවා.

අපගේ ක්‍රියාවන්, අපගේ හදවතේ ආශාවන් සහ අප කෙබඳු පුද්ගලයෙක් බවට පත්වී ඇත්ද යන්න අනුව අපව විනිශ්චය කරනු ලැබෙනවා. දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ඔවුන්ගේ කීකරුකම අනුව ඔවුන් සුදුසුකම් ලබා ඇති මහිමාන්විත රාජ්‍යයක් කරා ගමන් කරවීම මෙම විනිශ්චය මගින් සිදුවන අතර එහි ඔවුන් සුවපහසු වෙනවා. සියල්ලන්ගේ විනිශ්චයකරු වන්නේ අපගේ ගැලවුම්කරුවාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි (බලන්න යොහාන් 5:22; 2 නෙපි 9:41). පසුතැවිලි නොවූ හෝ වෙනස් නොවූ සහ පසුතැවිලිවූ හෝ ධර්මිෂ්ට අය පිළිබඳ, උන්වහන්සේගේ සර්වඥතාඥානය අපගේ සියලු ක්‍රියා සහ ආශාවන් පිළිබඳව පරිපූර්ණ දැනුමක් උන්වහන්සේට ලබාදෙනවා. එමනිසා, උන්වහන්සේගේ විනිශ්චයෙන් පසු අප සියල්ලන්ම “උන්වහන්සේගේ විනිශ්චයන් යුක්තිසහගත” බව පාපොච්චාරණය කරයි (මොසායා 16:1).

අවසාන වශයෙන්, නම ඉවත් කිරීම හෝ ඇදහිල්ල අත්හැර යෑමෙන් පසු සභාවට නැවත පැමිණෙන්නට අවසර ඉල්ලා කරන බොහෝ ඉල්ලීම් සමාලෝචනය කිරීමෙන්, බොහෝ ලිපි මගින්, මා වෙත පැමිණ ඇති විශ්වාසය මම බෙදාගන්නම්. අපගේ ගැලවීමේ සැලැස්ම අපගේ බොහෝ සාමාජිකයින්ට සම්පූර්ණයෙන්ම නොතේරෙන අතර, එය නැවත පිහිටුවන ලද සභාවේ මූලධර්ම හා දේවානුභාවයෙන් යුත් ප්‍රතිපත්ති පිළිබඳ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා. දෙවියන්වහන්සේගේ සැලැස්ම දන්නා සහ සහභාගී වීමට ගිවිසුමක් ඇති අපට, මෙම සත්‍යයන් ඉගැන්වීමට පැහැදිලි වගකීමක් ඇති අතර ඒවා අන් අය වෙනුවෙන් සහ අපගේම තත්වයන් තුළ ලෞකිකත්වය සඳහා ඉදිරියට ගෙනයාමට අපට හැකි සෑමදෙයක්ම කරනවා. ඒ සියල්ල කළ හැකි දේවල් බවට පත්කරන, අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පරිපූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකය සඳහා ද්විශතවාර්ෂික ප්‍රකාශය,” රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා, මැයි 2020, 91.