ප්‍රධාන සම්මන්ත්‍රණය
විශේෂයෙන්ම උතුම් ඇමතුමක්
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


විශේෂයෙන්ම උතුම් ඇමතුමක්

ඇදහිලිවන්ත කාන්තාවන් වශයෙන්, අපගේම එළිදරව්ව ලබාගැනීම සඳහා ප්‍රඥාව සපයන ජෝසෆ් අනාගතවක්තෘවරයාගේ අත්දැකීම් වලින් අපට සත්‍යයේ මූලධර්ම ලබාගත හැකියි.

අද මගේ ප්‍රකාශය නැවත පිහිටුවීමේ කාන්තාවන්ගේ අඛණ්ඩ භූමිකාවන් පිළිබඳව යොමුකිරීම ගැන මම සතුටු වෙනවා. ඉතිහාසය පුරාම කාන්තාවන් අපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්මේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇති බව පැහැදිලියි. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “භාර්යාවන්, මව්වරුන් සහ ආච්චිලා ලෙස; සහෝදරියන් සහ නැන්දලා ලෙස; ගුරුවරුන් සහ නායිකාවන් ලෙස; විශේෂයෙන්ම ආදර්ශයේ සහ ඇදහිල්ලේ භක්තිමත් ආරක්ෂකයින් ලෙස; කාන්තාවන්ට පවුල් වලට පමණක් නොව ස්වාමින්වහන්සේගේ සභාවටද ඇති බලපෑම මැනිය නොහැකියි.” 1

මීට වසර 178 කට පෙර නාවූ හි මුල් සහන සමිතියේදී ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සහෝදරියන්ට “[ඔවුන්ගේ] වරප්‍රසාදයට අනුව ජීවත්වන්න” කියමින් උපදෙස් දුන්නා. 2 ඔවුන්ගේ ආදර්ශය අද අපට උගන්වනවා. ඔවුන් එක්සත්ව අනාගතවක්තෘවරයෙකුගේ හඬ අනුගමනය කළ අතර, අප දැන් සිටගෙන සිටින අඩිතාලම දැමීමට ඔවුන් උපකාර කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ස්ථිර විශ්වාසයකින් යුතුව ජීවත්වුණා. සහෝදරියනි, මේ අපේ වාරයයි. අපට ස්වාමින්වහන්සේගෙන් දිව්‍යමය කාර්යයක් ඇති අතර අපගේ විශ්වාසවන්ත, අද්විතීය දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා.

සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් මෙසේ පැහැදිලි කළා: “අපගේ ගැළවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමට පෙර, මේ පොළොවේ නිමාකිරීමේ අවස්ථාවේදී ධර්මිෂ්ට කාන්තාවක් වීම විශේෂයෙන් උතුම් කැඳවීමකි. අද ධර්මිෂ්ඨ ස්ත්‍රියගේ ශක්තිය හා බලපෑම වඩාත් සන්සුන් කාල වලදී මෙන් දස ගුණයකින් වැඩිවිය හැකියි.” 3

සභාපති නෙල්සන්ද එලෙසම ඉල්ලා තිබෙනවා: “මම සභාවේ මගේ සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා… ඉදිරියට යන්න! වෙන කවරදාකටත් වඩා ඔබේ නිවසේ, ඔබේ ප්‍රජාවේ සහ දේවරාජ්‍යයේ ඔබේ නියම හා අත්‍යවශ්‍ය ස්ථානය ගන්න.” 4

මෑතකදී, ප්‍රාථමික දරුවන් කණ්ඩායමක් සමග, සභාපති රසල් එම්. නෙල්සන් සමග නිව්යෝක්හ පැල්මයිරා හි පිහිටි ස්මිත් පවුලේ නිවසෙහි අනුරුවක් බැලීමට මට වරප්‍රසාද ලැබුණා. දරුවන්ට ඉදිරියට යාමට ඔවුන්ට කළ හැකි දේ අපේ ආදරණීය අනාගතවක්තෘවරයා දරුවන්ට ඉගැන්වූ ආකාරයට සවන්දෙන්න.

ජෝන්ස් සහෝදරිය: ඔයාලට සභාපති නෙල්සන්ගෙන් ඇසීමට කැමති ප්‍රශ්නයක් ඇත්දැයි දැනගැනීමට මට කුතුහලයක් තිබෙනවා. ඔයාලා මෙතන අනාගතවක්තෘවරයා සමග වාඩිවී සිටිනවා. ඔයාලට සැමවිටම අනාගතවක්තෘවරයෙකුගෙන් විමසීමට අවශ්‍ය වූ යමක් තිබෙනවාද? ඔව්, පර්ල්.”

පර්ල්: “අනාගතවක්තෘවරයෙකු වී සිටීම අපහසුද? ඔබ හරියට කාර්යබහුලද?”

සභාපති නෙල්සන්: “ඇත්තෙන්ම ඔව් එය අමාරුයි. ගැළවුම්කරුවාණන් මෙන් වීම සඳහා කළ යුතු සියල්ල දුෂ්කරයි. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේට දස පණත මෝසෙස්ට දීමට අවශ්‍ය වූ විට, මෝසෙස්ට යන්න කියා කීවේ කොහේද? කන්දක් උඩ මුදුනටම, සීනයි කන්ද මුදුනට. ඉතින් දස පණත ලබාගැනීම සඳහා මෝසෙස්ට එම කන්ද මුදුන දක්වා ගමන් කිරීමට සිදුවුණා. දැන් බලන්න, ‘මෝසෙස්, ඔබ ඔතනින් පටන්ගන්න, මම මෙතනින් පටන්ගන්නම්, මම ඔබව මගදී හමුවෙන්නම්’ කියා ස්වර්ගික පියාණන්ට කියන්න තිබුණා.” නෑ, ස්වාමින්වහන්සේ උත්සාහයට ප්‍රිය කරනවා, මොකද උත්සහය නොමැතිව පැමිණිය නොහැකි විපාක එයින් ලැබෙනවා. උදාහරණයක් ලෙස, ඔබ කවදා හෝ පියානෝ පාඩම් ඉගෙනගෙන තියෙනවාද?”

දරුවන්: “ඔව්.”

පර්ල්: “මම වයලින් වාදනය කරනවා.”

සභාපති නෙල්සන්: “ඔයාලා පුහුණු වෙනවද?”

දරුවන්: “ඔව්.”

සභාපති නෙල්සන්: “ඔයාල පුහුණු වුනේ නැත්නම් මොකද වෙන්නෙ?”

පර්ල්: “අමතක වෙනවා.”

සභාපති නෙල්සන්: “ඔව්, ඔයා දියුණුවක් ලබන්නේ නැහැ නේද? ඉතින් පර්ල්, උත්තර තමයි ඔව්. ඒ සඳහා වෑයමක්, වෙහෙස මහන්සිවී වැඩ කිරීම, විශාල අධ්‍යයනයක් කිරීම අවශ්‍ය වෙනවා ඒවගේම කිසිවිටෙකත් අවසානයක් නෑ. ඒක හොඳයි! ඒක හොඳයි, මොකද අපි සැමවිටම දියුණු වෙමින් සිටිනවා. ඊළඟ ජීවිතයේදී පවා අපි දියුණුවක් ලබනවා.”

මෙම වටිනා දරුවන්ට සභාපති නෙල්සන් දක්වන ප්‍රතිචාරය අප සෑම කෙනෙකුටම විහිදෙනවා. ස්වාමින්වහන්සේ උත්සහයන්ට ප්‍රිය කරන අතර උත්සාහයන් විපාක ගෙනදෙනවා. අපි දිගටම පුහුණුවීම් කරනවා. ස්වාමින්වහන්සේව අනුගමනය කිරීමට අප උත්සාහ කරන තාක්කල් අපි සෑමවිටම වර්ධනය වෙනවා. 5 උන්වහන්සේ අද පරිපූර්ණත්වය අපේක්ෂා කරන්නේ නෑ. අපි දිගටම අපේ පුද්ගලික සීනයි කන්ද තරණය කරනවා. අතීතයේදී මෙන්, අපගේ ගමනට ඇත්තවශයෙන්ම උත්සාහය, වෙහෙස මහන්සිවී වැඩ කිරීම හා අධ්‍යයනය කිරීම අවශ්‍ය වන නමුත් ප්‍රගතිය සඳහා අපගේ කැපවීම සදාකාලික විපාක ගෙන දෙනවා. 6

උත්සාහය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ අධ්‍යයනය කිරීම පිළිබඳව ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගෙන් සහ පළමු දැක්මෙන් අප තව ඉගෙනගන්නා දේවල් මොනවාද? පළමු දැක්ම අපගේ අද්විතීය, අඛණ්ඩ භූමිකාවන්ට මගපෙන්වනවා. ඇදහිලිවන්ත කාන්තාවන් වශයෙන්, අපගේම එළිදරව්ව ලබාගැනීම සඳහා ප්‍රඥාව සපයන ජෝසෆ් අනාගතවක්තෘවරයාගේ අත්දැකීම් වලින් අපට සත්‍යයේ මූලධර්ම ලබාගත හැකියි. උදාහරණයක් ලෙස:

  • අපි අමාරුකම් මැද්දේ වැඩ කරනවා.

  • ක්‍රියා කිරීමට ප්‍රඥාව ලබාගැනීම සඳහා අපි ශුද්ධලියවිලි වෙත හැරෙනවා.

  • අපි දෙවියන්වහන්සේ තුල අපගේ ඇදහිල්ල හා විශ්වාසය ඔප්පු කරනවා.

  • සතුරාගේ බලපෑම මැඩපැවැත්වීමට අපට උපකාර කිරීම සඳහා දෙවියන්වහන්සේගෙන් අයැදීමට අපගේ බලය අපි භාවිතා කරනවා.

  • අපි අපේ හදවතේ ආශාවන් දෙවියන්වහන්සේට පූජා කරනවා.

  • උන්වහන්සේගේ ආලෝකය අපගේ ජීවන තේරීම් වලට මගපෙන්වීම සහ අප උන්වහන්සේ වෙත හැරෙන විට අප මත රැඳීසිටීම කෙරෙහි අවධානය යොමුකරනවා.

  • උන්වහන්සේ අප එක් එක්කෙනාව නමින් දන්නා බවත් අපට ඉටුකළ හැකි තනි භූමිකාවන් ඇති බවත් අපි තේරුම්ගන්නවා. 7

ඊට අමතරව, ජෝසෆ් ස්මිත් අපට දිව්‍යමය හැකියාවන් සහ සදාකාලික වටිනාකමක් ඇති බවේ දැනුම නැවත පිහිටෙව්වා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමග ඇති එම සම්බන්ධතාවය නිසා, අපි උන්වහන්සේගෙන් එළිදරව්වක් ලබාගනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කරන බව මම විශ්වාස කරනවා.

“ශුද්ධාත්මයාණන් ලබාගන්න”, බොහෝ දේ ඉගෙනගන්න, “මේ ලෝකයේ දේවල් පසෙකට දමන්න, වඩා හොඳ දේ සොයන්න” සහ “[ඇගේ] ගිවිසුම් වලට දෙවියන්වහන්සේ සමග බැඳී සිටින්න” යනුවෙන් ස්වාමින්වහන්සේ එමා ස්මිත්ට උපදෙස් දුන්නා. 8 ඉගෙනීම ප්‍රගතියට අත්‍යවශ්‍ය වෙනවා, විශේෂයෙන් අපගේ අවධානය වෙනතකට යොමුකරන හෝ අපගේ ප්‍රගතිය ප්‍රමාද කරන—අප සෑම කෙනෙකුම පසෙකට දැමිය යුතු දේ ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර මිත්‍රත්වය මගින් අපට උගන්වනවා.

සභාපති නෙල්සන් මෙහෙම කිව්වා, “එළිදරව් ලැබීමට ඔබේ අධ්‍යාත්මික හැකියාව වැඩි කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.” 9 කාන්තාවන්ට ඉදිරියට යාමට ඇති හැකියාව ගැන මා කල්පනා කරන විට අපගේ අනාගතවක්තෘවරයාගේ වචන මා සමග නිරන්තරයෙන් පවතිනවා. ප්‍රමුඛතාවය දක්වමින්, ඔහු අපෙන් අයැද සිටිනවා. එළිදරව් ලැබීමෙන් හා ක්‍රියා කිරීමෙන් පාප රෝගී ලෝකයක අධ්‍යාත්මිකව ජීවත්විය හැකි ආකාරය ඔහු අපට උගන්වනවා. 10 ස්වාමින්වහන්සේගේ ආඥා වලට ගරු කිරීමෙන් හා ජීවත්වීමෙන්, අප එසේ කරන විට, එමා ස්මිත්ට මෙන් “ධර්මිෂ්ඨකමේ ඔටුන්නක්” අපටද පොරොන්දු වෙනවා. 11 මේ ජීවිත කාලය තුළ අප අනුගමනය කරන මාර්ගය දෙවියන්වහන්සේ විසින් අනුමත කර ඇති බව දැනගැනීමේ වැදගත්කම ජෝසෆ් අනාගතවක්තෘවරයා ඉගැන්වූවා. එම දැනුම නොමැතිව අපි “අපගේ මනසෙහි වෙහෙසට පත්ව, ක්ලාන්ත වන්නෙමු.” 12

මෙම සම්මන්ත්‍රණයේදී, අපගේ ජීවිත වෙනස් කිරීමට, වැඩිදියුණු කිරීමට සහ පවිත්‍ර කිරීමට අපව පොළඹවන සත්‍යයන් අපට අසන්නට ලැබෙයි. පුද්ගලික හෙළිදරව්වෙන්, අපි දැන් ඒ සියල්ලම එකවර කිරීමට එසේ අධිෂ්ටාන කර නොසිටින විට—සමහරුන් “ප්‍රධාන සම්මන්ත්‍රණ යටපත්වීම” ලෙස හඳුන්වන දේ වළක්වා ගත හැකියි. කාන්තාවන් බොහෝ තොප්පි පැළඳ සිටියද ඒවා සියල්ලම එකවර පැළඳීම කළ නොහැකි හා එසේ කිරීම අනවශ්‍යයි. අද දින අවධානය යොමුකළ යුතු කාර්යය තීරණය කිරීමට ආත්මයාණන්වහන්සේ අපට උපකාර කරයි. 13

ශුද්ධාත්මයාණන් තුළින් ස්වාමින්වහන්සේගේ ප්‍රේමණීය බලපෑම අපගේ දියුණුව සඳහා උන්වහන්සේගේ ප්‍රමුඛතාවය දැනගැනීමට අපට උපකාරී වෙනවා. පුද්ගලික එළිදරව්වට අවනත වීම පුද්ගලික දියුණුවට හේතුවෙනවා. 14 අපි සවන්දී ක්‍රියාකරනවා. 15 ස්වාමින්වහන්සේ මෙසේ කිව්වා, “නුඹලාට ලැබෙන්නේ යැයි විශ්වාස කරමින්, ඇදහිල්ල සහිතව, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්න, තවද මනුෂ්‍ය දරුවන් හට අවශ්‍ය වූ සියලු දේවල් ප්‍රකාශ කරන, ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට ලැබෙන්නේය.” 16 අපගේ අඛණ්ඩ කාර්යභාරය වන්නේ අඛණ්ඩ එළිදරව්වක් ලබාගැනීමයි.

එසේ කිරීමෙන් අප වැඩි ප්‍රවීණතාවයක් අත්කර ගන්නාවිට, ගැලවීම හා උසස්වීම උදෙසා දේවසේවය කිරීම හා ඉටුකිරීම සඳහා අපගේ පුද්ගලික භූමිකාවන්ට වැඩි බලයක් ලබාගත හැකියි—සැබවින්ම “මේ ලෝකයේ දේවල් පසෙකට දමා, වඩා හොඳ දේවල් සෙවීමට හැකියි.” 17 අපගේ නැගී එන පරම්පරාවද එසේ කිරීමට අපට වඩාත් ඵලදායී ලෙස පෙළඹවිය හැකියි.

සහෝදර සහෝදරියනි, අපි සියල්ලෝම අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ බලය සොයනවා. 18 අද දින දෙවියන්වහන්සේගේ කාර්යය ඉටුකිරීමේදී කාන්තාවන් සහ පිරිමින් අතර සුන්දර සමගියක් පවතිනවා. පළමුව බව්තීස්ම ජලයේත් ඉන්පසුව දේවමාළිගාවේ බිත්ති අතරත්, ගිවිසුම් මගින් අපි පූජකත්වයේ බලයට ප්‍රවේශය ලබාගන්නවා. 19 සභාපති නෙල්සන් අපට මෙසේ ඉගැන්වූවා: “දෙවියන්වහන්සේ සමග ගිවිසුම් ඇති කරගෙන එම ගිවිසුම් පවත්වාගෙන යන සහ පූජක වත්පිළිවෙත් වලට සුදුසු ලෙස සහභාගී වන සෑම කාන්තාවකටම සහ පුරුෂයෙකුටම දෙවියන්වහන්සේගේ බලයට සෘජු ප්‍රවේශයක් ඇත.” 20

අද මගේ පෞද්ගලික පිළිගැනීම නම්, කාන්තාවක් වශයෙන්, මගේ ගිවිසුම් හරහා, මට පූජකත්වයේ බලයට ප්‍රවේශ විය හැකි බව මගේ ජීවිතයේ මුලදී මම දැනසිටියේ නෑ. 21 සහෝදරියනි, අපි “අපේ ගිවිසුම් වලට ඇලී සිටින විට,” 22 ශුද්ධලියවිලි වල සත්‍යයන් වැළඳගන්නා විට, සහ අපගේ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන වලට අවනත වන විට, පූජකත්වයේ බලය හඳුනාගෙන එය ආදරයෙන් රැකබලාගන්නා ලෙස මම යාච්ඤා කරනවා.

“ගැලවීමට බලවත් වූ තැනැන්වහන්සේගේ ක්‍රියාවන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසයද, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සමග උන්වහන්සේ කෙරෙහි අචල ඇදහිල්ලෙන්” 23 අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා අපගේ ගැළවුම්කරුවාණන් කෙරෙහි අපගේ භක්තිය නිර්භීතව ප්‍රකාශ කරමු. අපගේ ඉහළම අධ්‍යාත්මික ශක්‍යතාව කරා යන ගමන සතුටින් කරගෙන යමු එමෙන්ම ප්‍රේමය, සේවය, නායකත්වය, සහ අනුකම්පාව තුළින් අප අවට සිටින අයටද එය කිරීමට උපකාර කරමු.

වැඩිහිටි ජේම්ස් ඊ. තල්මගේ සියුම්ව අපට මෙසේ මතක් කළා, “ලෝකයේ ස්ත්‍රියගේ හා ස්ත්‍රීත්වයේ ශ්‍රේෂ්ඨතම ශූරයා වන්නේ යේසුස් ක්‍රිස්තුසවහන්සේයි.” 24 නැවත පිහිටුවීමේ කාන්තාවන්ගේ අඛණ්ඩ භූමිකාවන් පිළිබඳ අවසාන විශ්ලේෂණයේදී සහ අප සැමට ප්‍රමුඛ කාර්යභාරය කුමක්ද? උන්වහන්සේට ඇහුම්කන්දීම, 25 උන්වහන්සේව අනුගමනය කිරීම, 26 උන්වහන්සේව විශ්වාස කිරීම, 27 සහ උන්වහන්සේගේ ප්‍රේමයේ දිගුවක් බවට පත්වීම 28 බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ජීවමාන බව මම දන්නවා. 29 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Russell M. Nelson, “A Plea to My Sisters,” Liahona, Nov. 2015, 95–96.

  2. Joseph Smith, in “Nauvoo Relief Society Minute Book,” 38, josephsmithpapers.org.

  3. Teachings of Presidents of the Church: Spencer W. Kimball (2006), 217.

  4. Russell M. Nelson, “A Plea to My Sisters,” 97.

  5. දහම සහ ගිවිසුම 58:26–28 බලන්න.

  6. දහම සහ ගිවිසුම 6:33 බලන්න.

  7. බලන්න Joseph Smith—History 1:11–17.

  8. දහම සහ ගිවිසුම25:8, 10, 13.

  9. රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහොනා මැයි 2018, 96.

  10. බලන්න 2 නෙපි 9:39.

  11. දහම සහ ගිවිසුම 25:15.

  12. Lectures on Faith (1985), 68.

  13. දහම සහ ගිවිසුම 42:61 බලන්න.

  14. සභාපති හෙන්‍රි බී. අයිරින් මෙසේ කිව්වා:

    “දැන්, ඔබත් මමත් තනිවම හමුවනවා නම් (අපිට එසේ වන්නට හැකිනම් මම කැමතියි), ඔබට ඉල්ලීමට අවශ්‍ය ඕනෑම දෙයක් ඇසීමට ඔබට නිදහස තිබේ නම්, ඔබ මේ වගේ දෙයක් පැවසීම මට සිතාගත හැකියි: ‘අනේ සහෝදර අයිරින්, මට ටිකක් දැනුණා ඔබ විස්තර කර ඇති දේවල්. ශුද්ධාත්මයාණන් වරින් වර මගේ හදවත හා මනස ස්පර්ශ කර තිබෙනවා. නමුත් මා ජයගැනීමට හෝ රැවටීමට ලක්නොවන්නට නම් මට එය නිරන්තරයෙන් අවශ්‍ය වෙනවා. එය කළ හැක්කක්ද? එය කළ හැකිද, එසේ නම්, එම ආශිර්වාදය ලැබීමට අවශ්‍ය වන්නේ මොනවාද?’

    “හොඳයි, ඔබගේ ප්‍රශ්නයේ පළමු කොටසින් අපි පටන්ගනිමු. ඔව්, එය කරන්න පුළුවන්. මට ඒ සහතිකය අවශ්‍ය වූ විටත්—වරින් වර මට එය අවශ්‍ය වූ විටත්—මට සහෝදරයන් දෙදෙනෙක් මතක්වෙනවා. නෙපි සහ ලෙහි, සහ දැඩි විරුද්ධවාදිකම් වලට මුහුණදුන්, ඔවුන් සමග වැඩ කළ ස්වාමින්වහන්සේගේ අනෙක් සේවකයින්. ඔවුන් වැඩි වැඩියෙන් දුෂ්ට වෙමින් පවතින ලෝකයක සේවය කරමින් සිටියා. ඔවුන්ට දරුණු රැවටීම් වලට මුහුණදීමට සිදුවුණා. ඒ නිසා හිලමන්ගේ මේ එක් පදයෙන්—ධෛර්යය ගන්න—ඔබට පුළුවන්. ලේඛකයාට එය පුදුමයක් නොවෙනවා වගේ, වසරක් තුළ සිදු වූ සියල්ල පිළිබඳ සහතිකය සහතික කර ඇත. සවන්දෙන්න:

    “තවද හැත්තෑ නවවන වසරේ එහි බලවත් විවාදයක් පටන්ගැනීම සිදුවිය. එනම් නෙපි සහ ලෙහි, ඔවුන්ගේ බොහෝ සහෝදරයන් සත්‍ය ධර්මයේ කරුණු සම්බන්ධව දැන බොහෝ එළිදරව් දිනපතා ලැබ, එසේහෙයින් ඔවුන් ජනතාව හට දේශනා කළේය, එපමණකින් එනම් ඔවුන් ඔවුන්ගේ විවාද වලට අවසානයක් එම වසරේදීම තැබූහ.’ [හිලමන් 11:23]

    “ඔවුන්ට ‘දිනපතා බොහෝ එළිදරව් කිරීම්’ තිබුණි. ඉතින්, ඔබ සහ මා වෙනුවෙන්, එය ඔබගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු සපයනවා. ඔව්, ශුද්ධාත්මයාණන්ගේ මිත්‍රත්වය දිනපතා බොහෝ එළිදරව් කිරීම් සඳහා ලබාගන්නට හැකියි. එය පහසු වන්නේ නෑ. නමුත් එය කළ හැකියි. අපගේ ජීවිතයේ අද්විතීය අත්දැකීම් සමූහයේ අප සිටින තැනින් පටන්ගන්නා නිසා ඒ සඳහා අවශ්‍ය දේ එක් එක් පුද්ගලයාට වෙනස් වෙනවා.” (“Gifts of the Spirit for Hard Times” [Brigham Young University fireside, Sept. 10, 2006], 3–4, speeches.byu.edu).

  15. 2 නෙපි 2:16 බලන්න.

  16. දහම සහ ගිවිසුම 18:18.

  17. දහම සහ ගිවිසුම 25:10.

  18. දහම සහ ගිවිසුම 121:26, 33, 41, 45–46 බලන්න.

  19. දහම සහ ගිවිසුම 84:19–21 බලන්න.

  20. රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික වස්තූන්,” ලියහෝනා, නොවැ. 2019, 77.

  21. බලන්න Russell M. Nelson, “Spiritual Treasures,” 76–79; Dallin H. Oaks, “The Keys and Authority of the Priesthood,” Liahona, May 2014, 49–52; Henry B. Eyring, “Women and Gospel Learning in the Home,” Liahona, Nov. 2018, 58–60.

  22. දහම සහ ගිවිසුම 25:13.

  23. 2 නෙපි 31:19.

  24. James E. Talmage, Jesus the Christ, 3rd ed. (1916), 475.

  25. බලන්න Joseph Smith—History 1:17.

  26. මතෙව් 4:19–20 බලන්න.

  27. හිතෝපදේශ 3:5–6; දහම සහ ගිවිසුම 11:12 බලන්න.

  28. යොහාන් 13:34; මොරෝනි 7:47 බලන්න.

  29. 2 නෙපි 33:6; දහම සහ ගිවිසුම 76:22 බලන්න.