ප්‍රධාන සම්මන්ත්‍රණය
පැමිණ අයිතිවන්න
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පැමිණ අයිතිවන්න

ලොව පුරා සිටින දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට මෙම මහා පරිශ්‍රමයට අප හා එක්වන ලෙස අපි ආරාධනා කරනවා.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මාගේ ආදරණීය මිතුරනි, සෑම සතියකම, ලොව පුරා විසිරී සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් විශ්වයේ දෙවියන් හා රජු වන, අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේට, සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කරනවා. මෙතෙක් ජීවත්වූ එකම පව් රහිත ආත්මය වන දෙවියන්වහන්සේගේ පිරිසිඳු බැටළු පැටවාණන් වන—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් ගැන අපි මෙනෙහි කරනවා. අපට හැකි සෑමවිටම, උන්වහන්සේගේ පරිත්‍යාගය සිහිපත් කිරීම සඳහා අපි සක්‍රමේන්තුවට සහභාගී වන අතර අපගේ ජීවිතයේ කේන්ද්‍රය උන්වහන්සේ බව හඳුනාගන්නවා.

අපි උන්වහන්සේට ප්‍රේම කරන අතර අපි උන්වහන්සේට ගෞරව කරනවා. උන්වහන්සේගේ ගැඹුරු හා සදාකාලික ප්‍රේමය නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සහ මා වෙනුවෙන් දුක්විඳ මියගියා. උන්වහන්සේ මරණයේ දොරටු විවර කර, මිතුරන් හා ආදරණීයයන් වෙන්කළ බාධක බිඳ දැමූ අතර,1 බලාපොරොත්තු රහිත අයට බලාපොරොත්තුවක් ගෙනදුන්නා, රෝගීන්ට සුවය ලබාදුන්නා, සහ වහලුන්ට ගැලවීම ලබාදුන්නා.2

උන්වහන්සේට අපි අපගේ හදවත්, අපගේ ජීවිත සහ අපගේ දෛනික භක්තිය කැපකරනවා. මේ හේතුව නිසා, “තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කථාකරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීතිවන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු … එනම් අපගේ දරුවන් ඔවුන්ගේ පව් වලට පව් කමාව ලබාගැනීමට කුමන උල්පත දෙස රැඳීමට දැනගැනීම පිණිසය.”3

අනුගාමිකත්වය පුහුණුවීම

කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කිරීම හා දේශනා කිරීමට වඩා වැඩි යමක්. ගැළවුම්කරුවාණන් උන්වහන්සේගේ සභාව උන්වහන්සේ විසින්ම නැවත පිහිටෙව්වේ උන්වහන්සේ හා සමාන වීමට ඇති මාර්ගය සඳහා අපට සහයවීම සඳහායි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ව්‍යුහගත වී ඇත්තේ අනුගාමිකයෙකු වීමේ මූලධර්ම පිළිපැදීමට අවස්ථාව ලබාදීම සඳහායි. සභාවට අපගේ සහභාගීත්වය තුළින්, ශුද්ධාත්මයාණන්ගේ ඉල්ලීම් හඳුනාගෙන ක්‍රියාකිරීමට අපි ඉගෙනගන්නවා. අන් අයට අනුකම්පාව සහ කරුණාව දැක්වීමේ නැඹුරුව අප වර්ධනය කරගන්නවා.

මෙය ජීවිත කාලය පුරාම දරන උත්සාහයක් වන අතර, එයට පුහුණුවීම් අවශ්‍යයි.

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ක්‍රීඩාවන්හි මූලධර්ම ප්‍රගුණ කිරීම සඳහා ගණන් කළ නොහැකි පැය ගණන් ගතකරනවා. හෙදියන්, ජාලකරුවන්, න්‍යෂ්ටික ඉංජිනේරුවන් සහ මම පවා හැරියට්ගේ මුළුතැන්ගෙයෙහි තරඟකාරී විනෝදාංශයක් ලෙස හැකියාව ඇති හා දක්ෂ බවට පත්වන්නේ අප අපගේ ශිල්පය උනන්දුවෙන් පුහුණු කරන විට පමණයි.

ගුවන්යානා කපිතාන්වරයෙකු ලෙස පියාසැරි සිමියුලේටරයක් භාවිතා කරමින් මම බොහෝවිට ගුවන් නියමුවන් පුහුණු කළා—එය පියාසර අත්දැකීම් අනුකරණය කරන නවීන යන්ත්‍රයක්. සිමියුලේටරය ගුවන් නියමුවන්ට පියාසර කිරීමේ මූලධර්ම ඉගෙනගැනීමට පමණක් නොව; සැබෑ ගුවන් යානයේ අණදෙන විට ඔවුන්ට සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීම් අත්විඳීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමටද එය ඔවුන්ට ඉගෙනගැනීමට උපකාරී වූවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සඳහාද එම මූලධර්ම අදාළ වෙනවා.

ජීවිතයේ වෙනස්වන තත්වයන්, ඒවා කුමක් වුවත් ඒවා කෙතරම් බරපතල වුවත් වඩා හොඳින් සූදානම් වීමට, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට ක්‍රියාකාරීව සහභාගී වීමට එහි ඇති විවිධාකාර අවස්ථාවන් අපට උපකාරී වෙනවා. සභාවේ සාමාජිකයන් වශයෙන්, පුරාණ හා නූතන, අනාගතවක්තෘවරුන් තුළින් දෙවියන්වහන්සේගේ වචන වල ගිලී සිටීමට අපව දිරිමත් කරනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට අවංක හා නිහතමානී යාච්ඤාවක් තුළින් ශුද්ධාත්මයාණන්ගේ හඬ හඳුනාගැනීමට අපි ඉගෙනගන්නවා. සේවය කිරීම, ඉගැන්වීම, සැලසුම් කිරීම, දේවසේවය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා වන කැඳවීම් අපි පිළිගන්නවා. මෙම අවස්ථාවන් අපට ආත්මයෙන්, මනසින් හා චරිතය තුළින් වර්ධනය වීමට ඉඩ සලසනවා.

මේ ජීවිතයේදී සහ ඉදිරි ජීවිතයේදී අපට ආශිර්වාද කරන පරිශුද්ධ ගිවිසුම් ඇතිකර ගැනීමට සහ ඒවා තබාගැනීමට ඒවා අපට උපකාර කරනවා.

එන්න, අප හා එක්වන්න!

ලොව පුරා සිටින දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට මෙම මහා පරිශ්‍රමයට අප හා එක්වන ලෙස අපි ආරාධනා කරනවා. පැමිණ බලන්න! COVID-19 මෙම අභියෝගාත්මක කාලය තුළ පවා අප සමග අන්තර්ජාලය හරහා හමුවන්න. අපගේ ධර්මදූතයින් සමග අන්තර්ජාලයෙන් හමුවන්න. මෙම සභාව කුමක්දැයි ඔබම ඔබ වෙනුවෙන් සොයා බලන්න! මෙම දුෂ්කර කාලය ගෙවීගිය පසු, අපගේ නිවෙස්වල සහ අපගේ නමස්කාර ස්ථාන වලදී අපව හමුවන්න!

පැමිණ උදව් කිරීමට අපි ඔබට ආරාධනා කරනවා! දෙවියන්වහන්සේගේ දරුවන්ට දේවසේවය කිරීමට, ගැලවුම්කරුවාණන්ගේ අඩිපාරේ යමින් මේ ලෝකය වඩා හොඳ තැනක් බවට පත්කිරීමට, පැමිණ අප සමග සේවය කරන්න.

පැමිණ අයිතිවන්න! ඔබ අපව ශක්තිමත් කරයි. ඔබ වඩා හොඳ, කාරුණික හා ප්‍රීතිමත්ද වෙයි. ඔබේ ඇදහිල්ල ගැඹුරු වන අතර වඩාත් ඔරොත්තුදීමේ හැකියාවකින් වර්ධනය වෙයි—ජීවිතයේ කැළඹිලි සහ අනපේක්ෂිත පීඩා වලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි වෙයි.

අපි ආරම්භ කරන්නේ කොහොමද? එය කළ හැකි බොහෝ ක්‍රම තිබෙනවා.

මෝර්මොන්ගේ පොත කියවීමට අපි ඔබට ආරාධනා කරනවා. පිටපතක් ඔබ සතුව නොමැති නම්, ඔබට ChurchofJesusChrist.org4 හි එය කියවීමට හෝ මෝර්මොන්ගේ පොතේ යෙදුම බාගත කරගත හැකියි. මෝර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් වන අතර පැරණි හා අලුත් ගිවිසුම් සඳහා සහකරුවෙක්. අපි මේ ශුද්ධලියවිලි සියල්ලටම ආදරය කරන අතර ඒවායින් ඉගෙනගන්නවා.

සභාවේ සාමාජිකයන් උගන්වන හා විශ්වාස කරන දේ සොයාගැනීමට ComeuntoChrist.org හි යම් කාලයක් ගතකරන ලෙස අපි ඔබට ආරාධනා කරනවා.

අන්තර්ජාලය හරහා හෝ හැකි ස්ථාන වල පුද්ගලිකව ඔබේ නිවසට ධර්මදූතයින්ට ආරාධනා කරන්නට ඔබට පුලුවන්—ඔවුන්ට බලාපොරොත්තුව සහ සුවය පිළිබඳ පණිවිඩයක් තිබෙනවා. මෙම ධර්මදූතයින් අපගේ වටිනා පුතුන් හා දියණියන් වන අතර ඔවුන් ඔවුන්ගේ කාලය හා මුදල් මත ලොව පුරා බොහෝ ස්ථාන වල සේවය කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ, ඔබට වඩා වෙනස් නොවන පුද්ගලයින්ගෙන් යුත් පවුලක් ඔබට හමුවෙයි. ඔබගේ උදව් අවශ්‍ය පුද්ගලයන් සහ දෙවියන්වහන්සේ මැවූ ඔබ වියයුතු පුද්ගලයා බවට පත්වීමට—ඔබ ඔබගේ හොඳම අනුවාදය බවට පත්වීමට උත්සාහ කරන විට ඔබට උදව් කිරීමට අවශ්‍ය පුද්ගලයින්ව ඔබ සොයාගනී.

ගැළවුම්කරුවාණන්ගේ වැලඳගැනීම සියල්ලන්ටම විහිදෙනවා

ඔබ මෙහෙම හිතනවා වෙන්න පුලුවන්, “මම මගේ ජීවිතයේ වැරදි කර තිබෙනවා. මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට අයත් යැයි මට කවදාවත් දැනෙනු ඇතැයි මට විශ්වාස නෑ. දෙවියන්වහන්සේ මා වැනි කෙනෙකු ගැන උනන්දු වනවා විය නොහැකියි.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “රජවරුන්ගේ රජ”5 වුවද ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන මෙසියස්වහන්සේ වුවද,6 දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකු ගැනම ගැඹුරින් සැලකිලිමත් වෙනවා. කොතරම් දුප්පත් හෝ ධනවත් වුවත්, යමෙකු අසම්පූර්ණ හෝ ප්‍රත්‍යක්ෂ කර ඇති අයෙක් වුවත්—පුද්ගලයෙකුගේ තත්වය කුමක් වුවත් උන්වහන්සේ සැලකිලිමත් වෙනවා. ප්‍රීතිමත් හා නිපුණ අයටත්, බිඳුණු හා නැතිවූ අයට සහ බලාපොරොත්තුවක් නැති අයටත්, ගැලවුම්කරුවාණන් සිය ලෞකික ජීවිතය තුළ සැමට සේවය කළා. බොහෝවිට, උන්වහන්සේ සේවය කළ හා දේවසේවය කළ පුද්ගලයන් ප්‍රසිද්ධ, අලංකාර හෝ ධනවත් පුද්ගලයන් වුනේ නෑ. බොහෝවිට, උන්වහන්සේ ඔසවා තැබූ මිනිසුන්ට ඊට පෙරලා දීමට එතරම් දෙයක් නොතිබුණද කෘතඥතාව, නිහතමානී හදවතක් සහ ඇදහිල්ලක් තිබීමට ඇති ආශාව යන දේවල් තිබුණා.

යේසුස්වහන්සේ තම ලෞකික ජීවිතය ගත කළේ “කුඩා කෙනෙකුට නුමුත්”7 සේවය කිරීමට නම්, අද උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන්නේ නැද්ද? දෙවියන්වහන්සේගේ සියලු දරුවන් සඳහා උන්වහන්සේගේ සභාවේ ස්ථානයක් නැද්ද? නුසුදුසු, අමතක වූ හෝ තනිවම සිටිනවා යැයි හැඟෙන අයට පවා?

දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය සඳහා සුදුසුකම් ලැබීමට ඔබ ළඟාවිය යුතු පරිපූර්ණත්වයේ එළිපත්තක් නෑ. ස්වර්ගයට ළඟාවීම සඳහා ඔබේ යාච්ඤා ඝෝෂාකාරී හෝ වාචික හෝ ව්‍යාකරණ නිවැරදි විය යුතු නෑ.

ඇත්තවශයෙන්ම, දෙවියන්වහන්සේ අනිසි පක්ෂපාතීත්වයක් දක්වන්නේ නෑ8—එනම් ලෝකය අගය කරන දේවල් උන්වහන්සේට කිසි තේරුමක් නැති දේවල්. උන්වහන්සේ ඔබේ හදවත දන්නා අතර, ඔබගේ තත්වය, මූල්‍ය ශුද්ධ වටිනාකම හෝ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් ගණන නොසලකා උන්වහන්සේ ඔබට ආදරය කරනවා.

අප අපගේ හදවත් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙතට නැඹුරු කර උන්වහන්සේ වෙතට ළංවන විට, උන්වහන්සේ අප වෙතට ළංවන බව අපට දැනෙයි.9

අපි උන්වහන්සේගේ ආදරණීය දරුවන්.

උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන අය පවා.

මුරණ්ඩු, නොහික්මුණු දරුවෙකු මෙන්, දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ සභාව සමග කෝපයට පත්වන අය පවා, ඔවුන්ගේ බෑග් ඇසුරුම් කර, දොරෙන් එළියට පැන, ඔවුන් පලායන බවත් කිසිදිනෙක ආපසු නොඑන බවත් ප්‍රකාශ කරන ඔවුන්ටත් පවා.

දරුවෙකු නිවසින් පැනයන විට, ජනේලයෙන් එබී කරදරයෙන් බලාසිටින දෙමව්පියන්ව ඔහු හෝ ඇය දකින්නේ නෑ. මෙම හදවත දෙදරන අත්දැකීමෙන් ඔවුන්ගේ වටිනා දරුවා යමක් ඉගෙනගනු ඇතැයි සහ සමහරවිට නව ඇස් වලින් ජීවිතය දකිනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්—එමෙන්ම නැවත නිවසට පැමිණෙයි යන බලාපොරොත්තුවෙන්—මුදු මොළොක් හදවතින්, ඔවුන් තම පුතා හෝ දියණිය යන ආකාරය බලා සිටිනවා.

ඉතින් අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්ටද එය එසේමයි. උන්වහන්සේ අපේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔබගේ ගැලවුම්කරුවාණන්, උන්වහන්සේගේ ඇස්වල ප්‍රේමයේ සහ අනුකම්පාවේ කඳුළු, ඔබ නැවත පැමිණෙන තෙක් බලා සිටිනවා. ඔබ දෙවියන්වහන්සේගෙන් දුරස්ව සිටින බවක් දැනුනත්, උන්වහන්සේ ඔබව දකිනවා; උන්වහන්සේ ඔබ කෙරෙහි අනුකම්පා කොට ඔබව වැලඳගැනීමට දුවගෙන එනවා.10

පැමිණ අයිතිවන්න.

අපගේ වැරදි වලින් ඉගෙනගැනීමට දෙවියන්වහන්සේ අපට ඉඩදෙනවා

අපි අර්ථය සහ අවසාන සත්‍යය සෙවීමේ මහත් සෙවුමක ලෞකික මාවතේ ගමන් කරන බැතිමතුන්. බොහෝවිට, අප දකින සියල්ල කෙලින්ම ඉදිරි මාවතයි—මාර්ගයේ නැමීම් කොතැනට ගෙන යනු ඇත්දැයි අපට පෙනෙන්නේ නෑ. අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ අපට සෑම පිළිතුරක්ම ලබාදී නෑ. අප සඳහා බොහෝ දේවල් අපටම සොයාගනී යැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. කිරීමට අපහසු අවස්ථාවන්හිදී වුවද—අපි විශ්වාස කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.

අපගේ උරහිස් කෙළින් කර ටිකක් විසඳීමක් වර්ධනය කරගනු ඇතැයි—කොන්ද ටිකක් කෙලින් කරගෙන—ඉදිරියට තවත් අඩියක් ගනු ඇතැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.

අප ඉගෙනගෙන වර්ධනය වන ආකාරය එයයි.

සෑමදෙයක්ම සෑම විස්තරයකින්ම ඔබට කියාදීමට ඔබට අවංකවම අවශ්‍යද? සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබීමට ඔබට අවංකවම අවශ්‍යද? සෑම ගමනාන්තයක්ම සිතියම් ගතකර තිබෙනවාද?

අපගෙන් බොහෝදෙනෙක් මේ ආකාරයේ ස්වර්ගීය ක්ෂුද්‍ර කළමනාකරණයකින් ඉතා ඉක්මනින් වෙහෙසට පත්වනු ඇති බව මම විශ්වාස කරනවා. අපි ජීවිතයේ වැදගත් පාඩම් ඉගෙනගන්නේ අත්දැකීම් තුළින්. අපගේ වැරදි වලින් ඉගෙනීම තුළින්. අධර්මිෂ්ටකම කිසිවිටෙකත් සතුටක් නොවන බව වටහා ගැනීම තුළින් සහ පසුතැවිලිවීම තුළින්.11

දෙවියන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මියගියේ අපගේ වැරදි අපව හෙළාදකිමින් අපගේ දියුණුව සදහටම නතර කිරීම නොවීමටයි. උන්වහන්සේ නිසා, අපට පසුතැවිලි විය හැකි අතර, අපගේ වැරදි වඩාත් මහිමයට පියවරක් විය හැකියි.

ඔබට මෙම මාර්ගයේ තනිව ගමන් කිරීමට අවශ්‍ය නෑ. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපව අන්ධකාරයේ සැරිසැරීමට අතහැරියේ නෑ.

1820 වසන්තයේදී උන්වහන්සේ තම පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමග ජෝසෆ් ස්මිත් නම් තරුණයෙකුට පෙනීසිටියේ මේ නිසායි.

ඒ ගැන මොහොතකට සිතන්න! විශ්වයේ දෙවියන් මිනිසාට දර්ශනය වුණා!

දෙවියන්වහන්සේ හා වෙනත් ස්වර්ගික ජීවීන් සමග ජෝසෆ් මුණගැසුණු අවස්ථා බොහෝමයකින් පළමු අවස්ථාව මෙයයි. මෙම දිව්‍යමය ජීවීන් ඔහුට පැවසූ බොහෝ වචන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ශුද්ධලියවිලි වල සටහන් වී තිබෙනවා. ඒවාට පහසුවෙන් ප්‍රවේශ විය හැකියි. අපේ කාලයේ දෙවියන්වහන්සේ අපට දී ඇති පණිවිඩය ඕනෑම කෙනෙකුට කියවා තමන් විසින්ම ඉගෙනගත හැකියි.

ඒවා ඔබම අධ්‍යයනය කරන ලෙස අපි ඔබට ආරාධනා කරනවා.

මෙම එළිදරව් කිරීම් ලැබෙන විට ජෝසෆ් ස්මිත් තරමක් තරුණයි. ඒවාගෙන් බොහෝමයක් පැමිණියේ ඔහුට වයස අවුරුදු 30 ට පෙරයි.12 ඔහුට අත්දැකීම් අවම වුණු අතර සමහර අයට ඔහු ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා වීමට නුසුදුසු යැයි පෙනෙන්නට තිබුණා.

එහෙත් ශුද්ධලියවිලි පුරාම අපට හමුවන රටාවක් අනුගමනය කරමින්—ස්වාමින්වහන්සේ කෙසේ හෝ ඔහුව කැඳවූවා.

උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමට පරිපූර්ණ පුද්ගලයෙකු සොයාගැනීමට දෙවියන්වහන්සේ බලාසිටියේ නෑ.

උන්වහන්සේ එසේ සිටියා නම්, උන්වහන්සේ තවමත් බලා සිටිනවා.

ජෝසෆ් ගොඩක් ඔබත් මමත් වගේ කෙනෙක්. ජෝසෆ් වැරදි කළත්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ උතුම් අරමුණු ඉටුකරගැනීම සඳහා ඔහුව යොදාගත්තා.

සභාපති තෝමස් එස්. මොන්සන් බොහෝවිට මෙම උපදෙස් නැවත නැවත ප්‍රකාශ කළා: “ස්වාමින්වහන්සේ කැඳවන තැනැත්තා ස්වාමින්වහන්සේ විසින් සුදුසුකම් ලබයි.”13

ප්‍රේරිත පාවුල් කොරින්තියේ සාන්තුවරයන් සමග මෙසේ තර්ක කළා: “ සහෝදර සහෝදරියනි, නුඹලාගේ කැඳවීම, එනම් මාංසය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත්, බලවන්ත බොහෝ දෙනෙක්වත්, වංශවත් බොහෝ දෙනෙක්වත්, කැඳවනු නොලැබූ බව බලාපල්ලා.”14

දෙවියන්වහන්සේ තම අරමුණු ඉටුකරගැනීම සඳහා දුර්වල හා සරල අයව භාවිතා කරනවා. මෙම සත්‍යය නැගීසිටින්නේ පොළොවේ උන්වහන්සේගේ කාර්යය ඉටුවන්නේ දෙවියන්වහන්සේගේ බලයෙන් මිස මිනිසාගේ බලයෙන් නොවන බවට සාක්ෂියක් වශයෙනුයි.15

උන්වහන්සේට සවන්දෙන්න, උන්වහන්සේව අනුගමනය කරන්න

දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත්ට දර්ශනය වූ විට, උන්වහන්සේ තම පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හඳුන්වාදී, “ඔහුට සවන්දෙන්න!”16 කියා පැවසුවා.

ජෝසෆ් තම ජීවිත කාලය පුරාම උන්වහන්සේට සවන්දෙමින් උන්වහන්සේව අනුගමනය කළා.

ජෝසෆ් මෙන්ම අපගේ අනුගාමිකත්වයද ආරම්භ වන්නේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සවන්දීමට සහ අනුගමනය කිරීමට ගත් අපගේ තීරණයෙන්.

ඔබ උන්වහන්සේව අනුගමනය කිරීමට කැමති නම්, ඔබේ ඇදහිල්ල එක්රැස් කර උන්වහන්සේගේ කුරුසිය ඔබ මත ගන්න.

ඔබ උන්වහන්සේගේ සභාවට අයත් බව ඔබට පෙනීයනු ඇත—එය අනුගාමිකත්වය හා ප්‍රීතිය උදෙසා මහත් පරිශ්‍රමයක් දැරීමට ඔබට සම්බන්ධ වියහැකි උණුසුම් හා පිළිගැනීමේ ස්ථානයක්.

පළමුවන දර්ශනයේ මෙම ද්විශතවාර්ෂික වර්ෂයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීම ගැන අප කල්පනා කර ඉගෙනගන්නා විට, එය හුදු ඓතිහාසික සිදුවීමක් නොවන බව අපට වැටහෙයි. මෙම ශ්‍රේෂ්ඨ අඛණ්ඩ කතාවේ ඔබ සහ මම තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනවා.

එහෙනම්, ඔබේ සහ මගේ කොටස කුමක්ද?

ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගැනීමයි. උන්වහන්සේගේ වචන අධ්‍යනය කිරීමයි. මෙම ශ්‍රේෂ්ඨ කාර්යයට ක්‍රියාකාරීව සහභාගී වීමෙන් උන්වහන්සේට සවන්දීම සහ උන්වහන්සේව අනුගමනය කිරීමයි. පැමිණ අයත්වීමට මම ඔබට ආරාධනා කරනවා!

ඔබ පරිපූර්ණ වීම එයට අවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය වන්නේ ඔබේ ඇදහිල්ල වර්ධනය කරගැනීමටත්, සෑමදිනකම උන්වහන්සේ වෙතට ළංවීමටත් පමණයි.

අපගේ කොටස නම් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම හා සේවය කිරීම සහ දෙවියන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කිරීම හා සේවය කිරීමයි.

ඔබ එසේ කරන විට, ඉතා බැරෑරුම් තත්වයන් යටතේ සහ ඉන් ඔබ්බට වුවත්, උන්වහන්සේගේ ප්‍රේමය, ප්‍රීතිය හා මෙම ජීවිතයේ නිශ්චිත මගපෙන්වීම් වලින් දෙවියන්වහන්සේ ඔබව වට කරනු ලබයි.

මේ ගැන මම සාක්ෂි දරන අතර, ඔබ එකිනෙකා කෙරෙහි ගැඹුරු කෘතඥතාවයෙන් හා ප්‍රේමයෙන් මාගේ ආශිර්වාදය ඔබට තබන්නේ, අපගේ ගැලවුම්කරුවාණන්ගේ, අපගේ ස්වාමියාගේ ශුද්ධ වූ නාමයෙන්—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.