ප්‍රධාන සම්මන්ත්‍රණය
පූජකත්වය යෞවනයන්ට ආශිර්වාද කරන ආකාරය
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පූජකත්වය යෞවනයන්ට ආශිර්වාද කරන ආකාරය

පූජකත්වය තුළින්, අපව ඔසවා තැබිය හැකියි. පූජකවරය අපගේ ලෝකයට ආලෝකය ගෙන එයි.

මෙහි සිටීමට ලැබීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. අද දවසේ ඔබට කතාකිරීමට මට අවස්ථාව ඇතිබව මම මුලින්ම දැනගත් විට, මම ගොඩක් සතුටට පත්වුනා, ඒ වගේම ගොඩක් නිහතමානී වුනා. මට බෙදාගත හැකි දේ ගැන සිතීමට මම බොහෝ කාලයක් ගතකළ අතර, මාගේ පණිවිඩය තුළින් ආත්මයාණන් වහන්සේ ඔබට කෙලින්ම කථා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මෝර්මොන්ගේ පොතේ, ලෙහි මියයාමට පෙර තම සෑම පුත්‍රයෙකුටම ඔවුන්ගේ ශක්තීන් සහ සදාකාලික විභවයන් තේරුම්ගැනීමට උපකාර කළහැකි ආශිර්වාදයක් ලබාදුන්නා. මම දරුවන් අටදෙනෙකුගෙන්ම බාලයා වන අතර, පසුගිය වසරේ පළමු වරට මම නිවසේ සිටි එකම දරුවා වුනා. මාගේ සහෝදර සහෝදරියන් ළඟ නොසිටීම මෙන්ම කතාකිරීමට සෑම විටම කෙනෙකු ලඟ නොසිටීම මට තරමක් අපහසු වුනා. මට බොහෝ තනිකම දැනුණු රාත්‍රීන් තිබුණා. මට හැකි උපරිමයෙන්ම උපකාර කිරීමට උත්සහ කළ මාගේ දෙමාපියන්ට මම කෘතඥ වෙනවා. මෙයට උදාහරණයක් නම්, විශේෂ අභියෝගාත්මක කාලයකදී සැනසිලිදායක පූජකවර ආශිර්වාදයක් මාගේ පියා විසින් ලබාදීමයි. ඔහුගේ ආශිර්වාදයෙන් පසුව, සෑමදෙයක්ම එකවර වෙනස්වූයේ නැහැ, නමුත් මගේ ස්වර්ගයේ පියාණන්ගෙන් සහ මාගේ පියාගෙන් මට සාමය සහ ආදරය දැනෙන්නට හැකි වුනා. ලෙහි තම දරුවන්ට ආශිර්වාද කළ විට කළාක් මෙන්, මට අවශ්‍ය විටෙක පූජකවරයේ ආශිර්වාදය ලබාදිය හැකි සහ මගේ ශක්තීන් හා සදාකාලික හැකියාවන් දැකීමට මට උපකාර කරන වටිනා පියෙකු ලැබීම මම භාග්‍යයක් ලෙස සලකනවා.

ඔබගේ වාතාවරණය කුමක් වුවත්, ඔබට සැමවිටම පූජකවර ආශිර්වාද ලබාගත හැකියි. පවුලේ සාමාජිකයන්, යහළුවන්, දේවසේවයේ සහෝදරයන්, පූජකවර නායකයන්, සහ ඔබව කිසිවිටෙකත් අසමත් නොකරන ස්වර්ගික පියෙකු මඟින්, ඔබට පූජකවරයේ ආශිර්වාද ලබාගත හැකියි. වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් පැවසූ පරිදි: “දීමනාව මෙහෙයවීමට ඉල්ලා සිටින පුද්ගලයාට වඩා පූජකවරයේ ආශිර්වාද අපිරිමිත ලෙස විශාලය. … අප සුදුසු වනවිට, පූජකත්වයේ වත්පිළිවෙත් අපගේ ජීවිත සාරවත් කරනු ඇත.”1

ඔබට අමතර මගපෙන්වීම් අවශ්‍ය වන විට ආශිර්වාදයක් ඉල්ලා සිටීමට පසුබට නොවන්න. අපට වඩාත්ම උපකාර කිරීමට ආත්මයාණන්ව අවශ්‍ය වන්නේ අපගේ දුෂ්කර අවස්ථාවන්හිදීයි. අප කිසිකෙනෙකු පරිපූර්ණ නොවන අතර, අප සෑමකෙනෙකුම අමාරුකම් අත්විඳිනවා. අපෙන් සමහරෙක් කාංසාව, මානසික අවපීඩනය, ඇබ්බැහි වීම හෝ අපට ප්‍රමාණවත් නොවන හැඟීම් වලින් පීඩා විඳින්නට පුළුවන්. පූජකවර ආශිර්වාද මෙම අභියෝග ජයගැනීමට සහ අපි අනාගතය තුළ ඉදිරියට යන විට සමාදානය ලබාගැනීමට උපකාරී වෙනවා. මෙම ආශිර්වාද ලබාගැනීමට සුදුස්සන් ලෙස අපි ජීවත්වීමට උත්සහ දරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

පූජකවරය අපට ආශිර්වාද කරන තවත් ක්‍රමයක් නම් ආදිපීතෘ ආශිර්වාදයයි. මට දුකක් හෝ තනිකමක් දැනෙන සෑම අවස්ථාවකදීම මාගේ ආදිපීතෘ ආශිර්වාදය දෙසට හැරීමට මම ඉගෙනගෙන තිබෙනවා. මාගේ හැකියාවන් සහ මා වෙනුවෙන් දෙවියන්වහන්සේට ඇති විශේෂ සැලසුම් දැකීමට මාගේ ආශිර්වාදය මට උපකාරී වෙනවා. එය මට සැනසීම ලබාදෙන අතර මාගේ ලෞකික දෘශ්ඨිකෝණයෙන් ඔබ්බට දැකීමට මට උපකාරී වෙනවා. මම සුදුසු ලෙස ජීවත්වනවා නම් මාගේ දීමනාවන් සහ මට ලැබිය හැකි ආශිර්වාද එය මට මතක්කර දෙනවා. මට වැඩිපුරම අවශ්‍ය වන නියම මොහොතේදීම දෙවියන්වහන්සේ මට පිළිතුරු සපයන බව සහ මට දොරටු විවෘත කරනු ඇති බව මතකතබාගැනීමට සහ ඒ තුළ සමාදානයෙන් සිටීමට එය මට උපකාර කරනවා.

ආදීපීතෘ ආශිර්වාද අපගේ ස්වර්ගික පියාණන් සමග නැවත ජීවත්වීමට අපව සූදානම් කරන්නට උපකාර කරනවා. ආදීපීතෘ ආශිර්වාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බවට සහ අපගේ දුර්වලකම් ශක්තීන් බවට හැරවීමට එයට හැකි බව මම දන්නවා. මේවා සාස්තරකරුවන්ගෙන් ලැබෙන පණිවිඩ නොවේ; මෙම ආශිර්වාද අපට ඇසීමට අවශ්‍ය දේ පවසනවා. එය අප සෑම කෙනෙකුටම ලියහෝනාවක් වගෙයි. අපි දෙවියන්වහන්සේට පළමු තැන දී උන්වහන්සේ තුළ ඇදහිල්ලෙන් සිටින විට, උන්වහන්සේ අපව අපගේම කාන්තාරය හරහා මෙහෙයවනවා.

ශුභාරංචියේ ආශිර්වාද නැවත ලබාගත හැකිවනු පිණිස දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත්ට පූජකවරය තුළින් ආශිර්වාද කළාක් මෙන්, පූජකවරය තුළින් අපට අපගේ ජීවිතයේ ශුභාරංචියේ ආශිර්වාද ලබාගත හැකියි. සෑම සතියකම සක්‍රමේන්තුව ලබාගැනීමේ වරප්‍රසාදය සහ අවස්ථාව අපට ලබා දී තිබෙනවා. මෙම පූජකවර වත්පිළිවෙත තුළින්, අපව පිරිසිඳු සහ පාරිශුද්ධ කළහැකි ආත්මයාණන්වහන්සේව, සෑමවිටම අප සමග තබාගත හැකියි. ඔබගේ ජීවිතයෙන් යමක් ඉවත්කිරීමේ අවශ්‍යතාවය ඔබට දැනේ නම්, නිවැරදි මාවතකට යාමට ඔබට උදව් කළ හැකි විශ්වාසවන්ත නායකයෙකු වෙත යන්න. යේසුස් ක්‍රිතුස්වහන්සේගේ වන්දිගෙවීමේ සම්පූර්ණ බලයට ප්‍රවේශ වීමට ඔබේ නායකයන්ට ඔබට උපකාර කළ හැකියි.

පූජකවරයට ස්තූතිවන්ත වීමට, දේවමාළිගා වත්පිළිවෙත් වල ආශිර්වාද ද අපට ලබාගත හැකියි. මට දේවමාළිගාවට ඇතුලුවීමට හැකිවූ දා පටන්, නිතිපතා සහභාගී වීම මම ඉලක්කයක් හා ප්‍රමුඛතාවයක් බවට පත්කර ගත්තා. මාගේ ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ උන්වහන්සේට සමීප වීමට අවශ්‍ය කාලය වැය කිරීමෙන් සහ කැපකිරීම් කිරීමෙන්, මාගේ ජීවිත කාලය පුරාම මට සැබවින්ම උපකාරයක් වූ එළිදරව් සහ පෙළඹවීම් ලබගැනීමට මට ආශිර්වාද ලැබී තිබෙනවා.

පූජකත්වය තුළින්, අපව ඔසවා තැබිය හැකියි. පූජකවරය අපගේ ලෝකයට ආලෝකය ගෙන එයි. වැඩිහිටි රොබර්ට් ඩී. හේල්ස් පවසන පරිදි: “ පූජකවරයේ බලය නොමැතිව, ‘මුළු ලෝකයම මුළුමනින්ම නාස්ති අනු ඇත’ (බලන්න ද සහ ගි 2:1–3). එහි ආලෝකයක් නැත, බලාපොරොත්තුවක් නැත—අන්ධකාරය පමණි.”2

දෙවියන්වහන්සේ අපට ඔල්වරසන් දෙයි. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප නැවත උන්වහන්සේ ලඟට ඒමයි. උන්වහන්සේ අපව පෞද්ගලිකවම දනී. උන්වහන්සේ ඔබව දන්නාසේක. උන්වහන්සේ අපට ආදරය කරයි. උන්වහන්සේ සැමවිටම අප ගැන දන්නා අතර අපට ලැබිය යුතු නැතැයි කියා හැඟෙන විටදී පවා අපට ආශිර්වාද කරයි. අපට අවශ්‍ය කුමක්ද, අපට එය අවශ්‍ය කවදාද කියා උන්වහන්සේ දන්නා සේක.

“ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයාපල්ලා, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරපල්ලා, එවිට නුඹලාට දොර හරිනු ලැබේ:

“ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ” (මතෙව් 7:7–8).

ඔබට තවමත් පූජකවරය පිළිබඳව සාක්ශියක් නොමැති නම්, එහි බලය පිළිබඳව ඔබම දැනගන්නා පිණිස යාච්ඤා කර අසන මෙන්ද දෙවියන්වහන්සේගේ වචනය ඇසීමට ශුද්ධලියවිලි කියවන ලෙසටද මම ඔබව දිරිමත් කරනවා. අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ පූජකවර බලය අත්දැකීමට අප උත්සහ දරන විට, අපට ආශිර්වාද ලැබෙන බව මම දන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Neil L. Andersen, “Power in the Priesthood,” Liahona, Nov. 2013, 92.

  2. Robert D. Hales, “Blessings of the Priesthood,” Ensign, Nov. 1995, 32.