ප්‍රධාන සම්මන්ත්‍රණය
බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක්
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක්

දෙවියන්වහන්සේ මෙලොව කාර්යය කරන බවට පදනම් සත්‍යය නැවත පිහිටුවීම මගින් නැවත තහවුරු කර ඇති හෙයින්, වඩාත්ම ජයගත නොහැකි ගැටලු වලට මුහුණදෙන විට පවා අපට බලාපොරොත්තු විය හැකිය, අප බලාපොරොත්තු විය යුතුය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේදී දෙවියන්වහන්සේගේ මහිමය දැකීමට, අප එක් එක්කෙනා අපේම ආකාරයෙන් ආපසු හැරී බලමින්, 2020 අප්‍රියෙල් මාසයේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා බලාසිටීමට, පසුගිය ඔක්තෝම්බර් මාසයේ සභාපති රසල් එම්. නෙල්සන් අපට ආරාධනා කළා. හොලන්ඩ් සහෝදරිය සහ මම ඒ අනාවැකිමය ආරාධනය බැරෑරුම් ලෙස සැලකුවා. ඒ දවසේ ආගමික විශ්වාසයන් දෙස බලමින්, 1800 ගණන්වල මුල් භාගයේ අප ජීවත් වූවානම් කෙසේදැයි අපි මවාගත්තා. එම පරිකල්පනීය පසුබිම තුළ, අපි අපෙන්ම මෙසේ අසා ගත්තා, “මෙහි නැතිවී ඇත්තේ කුමක්ද? අපිට කුමක් තිබුණා නම් හොඳයැයි අපි ප්‍රාර්ථනා කරන්නේද? අපගේ අධ්‍යාත්මික ආශාවට ප්‍රතිචාර වශයෙන් දෙවියන්වහන්සේ සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නේ මොනවාද?”

එක දෙයක් නම්, ශතවර්ෂ ගණනාවක වැරදි සහ වරදවා වටහාගැනීම් පිටුපස බොහෝවිට උන්වහන්සේ සිටින බව සැඟවුණු ලෙස එදා පෙනෙන්නට තිබුණු බොහොමයක් දේවල් වලට වඩා, දෙවියන්වහන්සේ පිළිබඳ සත්‍ය සංකල්පයක් නැවත පිහිටුවීම ගැන ශතවර්ෂ දෙකකට පෙර අපි ආදරණීය ලෙස අපේක්ෂා කරන්නට ඇති බව වටහාගත්තා. එවකට සිටි ප්‍රමුඛ ආගමික චරිතයක් වූ විලියම් එලරි චැනින්ගෙන් ලබාගත් වාක්‍ය ඛණ්ඩයක් අනූව, “ක්‍රිස්තියානි දහමේ පළමු ශ්‍රේෂ්ඨ මූලධර්මය” ලෙස චැනින් සැලකූ “දෙවියන්වහන්සේගේ දෙමාපිය ස්වභාවය” ගැන අපි සොයාබලන්නට ඇති.1 එවැනි මූලධර්මයකට දෙවියන්, දැඩි යුක්තිය පසිඳලන කටුක විනිසුරුවරයෙකු හෝ වරෙක ලෞකික කටයුතු වල නියැලී සිටි නමුත් දැන් විශ්වයේ වෙනත් තැනක වාඩිවී සිටින ඉඩම් හිමියෙකු ලෙස නොව, සැලකිලිමත් ස්වර්ගයේ පියෙකු ලෙස පිළිගැනීමට ඉඩතිබුණා.

ඔව්, දෙවියන්වහන්සේ අතීතයේදී කළාක් මෙන්, සැබෑ පියෙක් ලෙස, එම වචනයේ වඩාත් ආදරණීය අර්ථයෙන්, වර්තමානයේදී විවෘතව කථා කිරීම හා මගපෙන්වීම ලබාදීම, 1820 දී අපගේ අපේක්ෂාවන් වන්නට ඇති. උන්වහන්සේ නිසැකවම ගැලවීම සඳහා තෝරාගත් කිහිපදෙනෙකු කලින් නියම කර පසුව මිනිස් පවුලේ සෙසු අයව විනාශ වීමට ඉඩහරින, සීතල හා අත්තනෝමතික ඒකාධිපතියෙකු නොවන්නට ඇත. නැත, උන්වහන්සේ දිව්‍ය ප්‍රකාශය මගින් කරන සෑම ක්‍රියාවක්ම “ලෝකයේ යහපත උදෙසා;” කරන කෙනෙකු වනු ඇත, ඒ “උන්වහන්සේ ලෝකයට ප්‍රේම කරන නිසා”2 එමෙන්ම එහි වෙසෙන සෑම වැසියෙක්ටම ප්‍රේම කරන නිසා. උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පොළොවට යැවීමට, එම ප්‍රේමය උන්වහන්සේගේ පරම හේතුව වන්නට පුළුවන්.3

යේසුස්වහන්සේ ගැන කථා කිරීමේදී, අපි 19 වන සියවසේ මුල් වසර වල ජීවත්වූවා නම්, ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ යථාර්ථය හා නැවත නැගිටීම පිළිබඳ සැකයන් ක්‍රිස්තියානි ලෝකය තුළ සැලකිය යුතු ලෙස අල්ලාගැනීමට පටන්ගෙන ඇති බව අපට මහත් අනතුරු ඇඟවීමක් සමග තේරුම්යන්නට තිබුණා. එමනිසා, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත්, ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයේ ශ්‍රේෂ්ඨ හා එකම මිදුම්කරුවාණන් සහ ගැලවුම්කරුවාණන් බවත් බයිබලානුකුල සාක්ෂිය සනාථ කරන සාක්ෂි මුළු ලෝකයටම පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙන්නට තිබුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් සාක්ෂියක් විය හැකි, වෙනත් ශුද්ධලියවිලිමය සාක්ෂි ඉදිරියට ගෙන ඒමට, උන්වහන්සේගේ ආශ්චර්යමත් උපත, පුදුමාකාර දේවසේවය, වන්දිගෙවීමේ පරිත්‍යාගය සහ මහිමාන්විත නැවත නැගිටීම පිළිබඳ අපගේ දැනුම පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම අපගේ ආදරණීය අපේක්ෂාවන් අතර වන්නට තිබුණා. සැබවින්ම මේ එවැනි ලියවිල්ලකි “ධර්මිෂ්ඨකම… ස්වර්ගයෙන් පහළට [යවන] ලදි; එමෙන්ම සත්‍යය … පොළොවෙන් පිටතට [යවන] ලදි.”4

එදින ක්‍රිස්තියානි ලෝකය නිරීක්ෂණය කිරීමෙන්, අපව බව්තීස්ම කිරීමට, ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලබාදීමට සහ උසස් කිරීම සඳහා අවශ්‍ය සියලු ශුභාරංචි වත්පිළිවෙත් ලබාදිය හැකි සැබෑ පූජකත්වර අධිකාරියක් ඇති දෙවියන්වහන්සේ විසින් බලය පවරනු ලැබූ අයෙකු සොයාගැනීමට අපි බලාපොරොත්තු වන්නට ඉඩ තිබුණා. 1820 දී, ස්වාමින්වහන්සේගේ මහිමාන්විත නිවස නැවත පැමිණීම පිළිබඳව යෙසායා, මීකා සහ වෙනත් පුරාණ අනාගතවක්තෘවරුන්ගේ ප්‍රබල පොරොන්දු ඉටුවේ යැයි අපි බලාපොරොත්තු වන්නට තිබුණා.5 ආත්මයාණන්, වත්පිළිවෙත්, බලය, සහ සදාකාලික සත්‍යයන් ඉගැන්වීමට අධිකාරීත්වය, පුද්ගලික තුවාල සුව කිරීමට, සහ පවුල් සදහටම එකට බැඳීමට බලය ඇති, ශුද්ධවූ දේවමාළිගාවල තේජස යළිත් වරක් පිහිටුවනු දැකීම සතුටට කරුණක් වන්නට තිබුණා. “මරණය දක්වා ඔබ එකට සිටී” යන ලුහුබැඳ යන ශාපය අප මත පනවනවා කෙදිනවත් නොඅසා, එවැනි පසුබිමක මේ කාලයටත් සදාකාලයටත් අපි එකට මුද්‍රා තබන බව අපගේ විවාහයේදී අධිකාරිත්වය ඇති අයෙකු විසින් මටත් මගේ ආදරණීය පැට්‍රීශියාටත් කිවහැකි කෙනෙක් කොහේ හෝ හැමතැනම මම සොයන්නට ඉඩ තිබුණා. “[අපේ] පියාණන්ගේ නිවසේ බොහෝ මන්දිර ඇති බව”6 මම දනිමි, එහෙත්, පුද්ගලිකව කථා කරනවානම්, ඒවාගෙන් එකක් උරුම කරගැනීමට තරම් මා වාසනාවන්ත නම්, පැට් සහ අපේ දරුවන් එම උරුමය බෙදාගැනීමට මා සමග නොසිටින්නේ නම් එය මා හට දිරාපත් වන කූඩාරමකට වඩා වැඩි දෙයක් නොවෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය පවා නොඇසූ ජීවත්ව මියගිය අපගේ මුතුන් මිත්තන් සඳහා, ජීවත්ව සිටින අය ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් ගැලවීමේ වත්පිළිවෙත් ඉදිරිපත් කරන—පුරාණ කාලයේ බයිබලානුකුල සංකල්පයන් වඩාත් සාධාරණ හා දයානුකම්පිත ලෙස නැවත පිහිටුවනු ලබනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නට ඉඩ තිබුණා.7 දෙවියන්වහන්සේගේ සෑම ලෞකික දරුවෙකුම ජීවත්ව සිටිය හෝ ඔවුන් මියගිය ස්ථානය කුමක් වුවත්, ප්‍රේමණීය දෙවියන්වහන්සේගේ සැලකිල්ල වඩාත් උත්කර්ෂවත් ලෙස පෙන්වනු ඇති වෙනත් කිසිඳු ක්‍රියාකාරකමක් මට සිතාගත නොහැකියි.

හොඳයි, අපගේ 1820 බලාපොරොත්තු ලැයිස්තුවට ඉදිරියට යා හැකියි, නමුත් සමහරවිට ‍නැවත පිහිටුවීමේ වැදගත්ම පණිවිඩය නම් එවැනි බලාපොරොත්තු නිෂ්ඵල නොවනු ඇති බවයි. පූජනීය වනයේ සිට අද දක්වාම, මෙම ආශාවන් යතාර්ථය තුළට ඇදගැනීමට පටන්ගත් අතර, ප්‍රේරිත පාවුල් සහ වෙනත් අය ඉගැන්වූ පරිදි, ඒවා ස්ථිර හා නොසෙල්වෙන, ප්‍රාණයට සැබෑ නැංගුරම් වෙයි.8 කලක් බලාපොරොත්තු වූ දේ දැන් ඉතිහාසය බවට පත්ව තිබෙනවා.

මෙසේ ලෝකයට දෙවියන්වහන්සේගේ යහපත්කම දෙස, වසර 200 ක ආපසු හැරී බැලීමයි. නමුත් අපේ ඉදිරි දැක්ම ගැන කුමක් කිවහැකිද? තවමත් ඉටුනොවූ බලාපොරොත්තු අපට තිබෙනවා. අප කතා කරන විට පවා, වැලි ඇටයකටත්10 1,000 ගුණයක් කුඩා වෛරසයකට9 සමස්ත ජනගහනය සහ ගෝලීය ආර්ථිකයන් ඔවුන්ගේ දණහිසට ගෙන ඒමට හැකි බව සිහිගන්වන, COVID-19 සමග අපි “සියලු දෑත් මත” යුද්ධයක් කරමින් සිටිනවා. මෙම නවීන වසංගතයෙන් ආදරණීයයන් අහිමි වූවන් වෙනුවෙන් මෙන්ම දැනට ආසාදනය වී ඇති හෝ අවදානමට ලක්ව සිටින අය වෙනුවෙන් අපි යාච්ඤා කරනවා. මෙවන් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබාදෙන අය වෙනුවෙන් අපි නිසැකවම යාච්ඤා කරනවා. අප එය ජයගන්නවා—අප මෙය ජයගත් විට, ලෝකය සාගින්නෙන් නිදහස් කිරීමටත්, අසල්වැසි ප්‍රදේශ සහ ජාතීන් දුප්පත්කමේ වෛරසයෙන් නිදහස් කිරීමටත් අපි සමානව කැපවෙමු. ඕනෑම ආකාරයක වාර්ගික, ජනවාර්ගික හෝ ආගමික අගතියකින් තොරව, වෙඩි තැබෙනු ඇතැයි භීතියට පත්නොවන සිසුන්ට උගන්වනු ලබන පාසල් අපි බලාපොරොත්තු වෙනවා. කෙටියෙන් කිවහොත්, දෙවියන්වහන්සේගේ උපදෙස් පිළිපැදීමෙන් උන්වහන්සේට ප්‍රේම කිරීම සහ කරුණාව, දයානුකම්පාව, ඉවසීම සහ සමාවදීම තුළින් අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම යන, ශ්‍රේෂ්ඨ ආඥා දෙක කෙරෙහි වැඩි භක්තියක් අපි තවමත් අපේක්ෂා කරනවා.11 මෙම ශ්‍රේෂ්ඨ, දිව්‍යමය නියෝග දෙක තවමත්—සහ සදහටමත් පවතිනු ඇත—අපගේ දරුවන්ට, දැන් දන්නා ලෝකයට වඩා හොඳ ලෝකයක් ලබාදීම සඳහා අපට ඇති එකම සැබෑ බලාපොරොත්තුව එයයි.12

මෙම ගෝලීය ආශාවන් තිබීමට අමතරව, අද මෙම ප්‍රේක්ෂකයින්ගෙන් බොහෝදෙනෙකුට ගැඹුරු පෞද්ගලික බලාපොරොත්තු තිබෙනවා: විවාහයක් වැඩිදියුණු කරගැනීමේ බලාපොරොත්තුව, හෝ සමහරවිට විවාහයක් සඳහා බලාපොරොත්තුවක්, ඇබ්බැහි වීමක් ජයගැනීමට බලාපොරොත්තුව, හිතුවක්කාර දරුවෙකු නැවත පැමිණෙන බලාපොරොත්තුව, වර්ග සියයක පමණ ශාරීරික හා මානසික වේදනාවන් නැවැත්වීමට බලාපොරොත්තුව ඒ අතර වෙනවා. දෙවියන්වහන්සේ මෙලොව කාර්යය කරන බවට පදනම් සත්‍යය නැවත පිහිටුවීම මගින් නැවත තහවුරු කර ඇති හෙයින්, වඩාත්ම ජයගත නොහැකි ගැටලු වලට මුහුණදෙන විට පවා අපට බලාපොරොත්තු විය හැකිය, අප බලාපොරොත්තු විය යුතුය. ආබ්‍රහම් සහ සාරාට දරුවෙකු වැදීම කළ නොහැකිම දෙයක් ලෙස පෙනෙන්නට තිබෙද්දී—විශ්වාස නොකරන්න තිබූ සෑම හේතුවක්ම නොසලකා ඔහුට විශ්වාස කරන්න හැකිවූ—බලාපොරොත්තුවට එරෙහිව බලාපොරොත්තුව13 ලෙස ශුද්ධලියවිලි අදහස් කළේ එයයි. ඉතින්, මම මෙසේ අසනවා, “නිව්යෝර්ක් හි ඉහළ ගස් සහිත බිමක දණගසා සිටින පිරිමි ළමයෙකුට දිව්‍ය ආලෝකයෙන්, 1820 අප බොහෝදෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකර ගතහැකි නම්, ධර්මිෂ්ඨ ආශාවන් සහ ක්‍රිස්තුස් හා සමාන ආශාවන් සඳහා තවමත් පුදුමාකාර ලෙස, ආශ්චර්යමත් ලෙස බලාපොරොත්තුවේ සියලු දෙවියන්වහන්සේ විසින් පිළිතුරු ලබාදෙන බව අප බලාපොරොත්තු නොවිය යුත්තේ ඇයි?” ධර්මිෂ්ඨකමට අප ආශා කරන දෙය යම් දවසක කෙසේ හෝ ආකාරයකට, කෙසේ හෝ අපේ විය හැකි බව අප සැවොම විශ්වාස කළ යුතුයි.

සහෝදර සහෝදරියනි, 19 වන සියවසේ මුල් භාගයේ ඇති වූ සමහර ආගමික ඌනතාවයන් අපි දන්නවා. තවදුරටත්, අද දවසේ ආගමික අඩුපාඩුකම්, සම්පූර්ණ නොවූ කුසගින්නක් සහ බලාපොරොත්තුවක් ඇති කරන බව අපි දන්නවා. බොහෝ ආකාරයෙන් අතෘප්තියට පත්වන අය බොහෝදෙනෙක් සාම්ප්‍රදායික සභා ආයතන වලින් ඉවතට යන බව අපි දන්නවා. එක් බුද්ධිමත් ලේඛකයෙකු ලියා ඇති පරිදි, ලෝකයට තවත් බොහෝ දේ අවශ්‍ය වන මොහොතක, නැගී එන පරම්පරාව ඊටත් වඩා දේ ලැබීමට සුදුසු වූ විට සහ යේසුස්වහන්සේගේ දවසේදී උන්වහන්සේ තවත් බොහෝ දේ ඉදිරිපත් කර තිබූ විටත්—මෙම පරිහානිය වැනි දේ ආමන්ත්‍රණය කිරීමේදී “බොහෝ ආගමික නායකයන් කිසිදු හෝඩුවාවක් නැති බව” පෙනෙන්නට තිබෙනවා, “චිකිත්සක දේවවාදයේ තුනී කුරිරුකමක්, ලාභ සංකේතාත්මක ක්‍රියාකාරිත්වය, පරෙස්සමින් ඇඳ ඇති මිථ්‍යාදෘෂ්ටිය, [හෝ සමහරවිට සාධාරණ] හුදෙක් සිත් ඇදගන්නාසුළු විකාර”14 මේ සඳහා පිළිතුරු ලෙස ඔවුන් ලබාදෙනවා. ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, “අපේ ඇටකටු වියළී ගොස් අපේ බලාපොරොත්තුව නැතිවී යයි” කියා කෙඳිරිගාමින් සිටි පුරාණ ඊශ්‍රායලිතයන්ට වඩා අපේ දවසේදී අපට නැගී සිටිය හැකියි.15 ඇත්තවශයෙන්ම, අපට අවසානයේ බලාපොරොත්තුව නැති වුවහොත්, අපගේ අන්තිම තිරසාර දේ අපට අහිමි වෙනවා. නිරයේ දොරටුවට ඉහළින් ඩැන්ටේ සිය ඩිවිනා කොමීඩියා හරහා සියලු සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් ලිව්වා: “මෙහි එන සියලුදෙනාගේ බලාපොරොත්තුව අත්හරින්න” යනුවෙන් ඔහු පැවසුවා.16 සැබවින්ම බලාපොරොත්තුව නැතිවූ විට, අපට ඉතිරිව ඇත්තේ සෑම පැත්තකින්ම ගිනිගෙන දැවෙන ගින්නයි.

ඉතින්, අපගේ පිටුපස බිත්තියට යන විට සහ ගීතිකාවක් පවසන පරිදි, “වෙනත් උදව්කරුවන් අසමත් වී සැනසිල්ල පලායයි,”17 අපගේ අත්‍යවශ්‍යම ගුණාංග අතර දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල හා අන්‍යයන්ට අප කරන පුණ්‍යකර්ම සමග නොවෙනස්ව බැඳී ඇති මෙම වටිනා බලාපොරොත්තුව ත්‍යාගයක් වෙනවා.

මෙම ද්විශතවාර්ෂික වර්ෂයේදී, අපට ලබාදී ඇති සියල්ල දැක බලාගැනීමට ආපසු හැරී බලන විට, බොහෝ බලාපොරොත්තු සපුරාගැනීම ගැන ප්‍රීතිවන විට, මීට මාස කිහිපයකට පමණ පෙර ජොහැන්නස්බර්ග් හිදී“[අපි] මෙතරම් දුරක් පැමිණියේ මෙතරම් දුරක් පැමිණීමට පමණක් නොවේ” ලෙස අපට පැවසූ ලස්සන තරුණ සහෝදරියක් වූ නැවත පැමිණි ධර්මදූතයෙකුගේ හැඟීම මම ප්‍රතිරාවය කරන්නම්. 18

ශුද්ධලියවිල්ලෙහි මෙතෙක් වාර්තා වී ඇති වඩාත්ම සිත් ඇදගන්නා සුළු වාක්‍ය ඛණ්ඩ වලින් එකක් අර්ථ නිරූපණය කරමින්, මම නෙපි අනාගතවක්තෘවරයා සහ එම තරුණ සොහොයුරිය සමග මෙසේ කියන්නම්:

“මගේ ප්‍රියාදර සහෝදර [සහෝදරියනි], ඔබට [නැවත පිහිටුවීමේ මෙම පළමු ඵල] ලැබුණු පසු. මම අසන්නෙමි, සියල්ල සිදුවී ඇත්ද? බලන්න, මම නුඹලාට කියන්නෙමි, නැත; …

“…නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථීරත්වය ඇතිව, බලාපොරොත්තුවේ පරිපූර්ණ ආලෝකය ඇතිව, තවද දෙවියන්වහන්සේට සහ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමය ඇතිව ඉදිරියට ගමන් කළ යුතුය. … නුඹලා එසේ කරන්නේ නම්[,] … පියාණන්වහන්සේ මෙසේ කියන්නේය: නුඹලාට සදාතන ජීවනය ලැබෙන්නේය.”19

මාගේ සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ මෙම කාලපරිච්ඡේදයේ, මෙම අන්තිම හා විශාලතම කාලපරිච්ඡේදයේ අපට ලබාදී ඇති සියල්ලටම මම ස්තූතිවන්ත වෙනවා. එම ශුභාරංචියෙන් ගලා එන තෑගි සහ ආශිර්වාද මට සෑම දෙයක්ම—සෑම දෙයක්ම වගෙයි— එබැවින් ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ සිටින මගේ පියාණන්ට ස්තූති කිරීමට මට “තබාගන්නට පොරොන්දු ඇත, නිදාගැනීමට පෙර යන්නට සැතපුම් ගණනාවක් ඇත, නිදාගැනීමට පෙර යන්නට සැතපුම් ගණනාවක් ඇත.”20 ඉතින්, අපි දැන් අවුරුදු 200 ක් තිස්සේ ශුද්ධවූ අපේක්ෂාවේ මාවත ආලෝකවත් කරන “බලාපොරොත්තුවේ දීප්තිය”21 තුළ ගමන් කරමින් අපගේ හදවත් තුළ ප්‍රේමයෙන් ඉදිරියටම යමු. අතීතයේ මෙන්ම, අනාගතය ආශ්චර්යයෙන් පිරී ඉතිරී යන සහ සමෘද්ධිමත් ආශිර්වාදයක් වනු ඇති බවට මම සාක්ෂි දෙනවා. අපට දැනටමත් ලැබී ඇති ආශිර්වාද වලට වඩා විශාල ආශිර්වාද බලාපොරොත්තු වීමට අපට ඕනෑ තරම් හේතු තිබෙනවා, මන්ද මෙය සර්වබලධාරි දෙවියන්වහන්සේගේ කාර්යය වන අතර, මෙය අඛණ්ඩ එළිදරව් කිරීමේ සභාවයි, එමෙන්ම මෙය ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත කරුණාවේ ශුභාරංචියයි. මේ සියල්ලට සහ තවත් බොහෝදේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.