ශුද්ධලියවිලි
මොරෝනායි 9


මොර්මන්ගේ පුත් මොරෝනායිට ලියූ දෙවන ලිපිය.

9 වන පරිච්ඡේදයෙන් සමන්විත වේ.

9 වන පරිච්ඡේදය

නීෆායිවරුන් සහ ලේමන්වරුන් යන දෙපිරිසම දූෂිත සහ පරිහානියට පත්ව සිටිති – ඔවුන් එකිනෙකාට වද දී මරා දමති – මොරෝනායි කෙරෙහි කරුණාව සහ යහපත්කම සඳහටම රැඳී තිබෙන ලෙස මොර්මන් යාච්ඤා කරයි. ක්‍රි.ව. 401 පමණ.

1 මාගේ ආදරණීය පුත්‍රය, මා තවමත් ජීවතුන් අතර සිටින බව නුඹ දැනගනු පිණිස මම නුඹට නැවත ලියමි; එහෙත් එනම් දුක්ඛිත දේවලින් කොටසක් මම ලියමි.

2 මක්නිසාද බලව, මා හට ලේමන්වරුන් සමඟ දරුණු සටනක් තිබුණේය, එහි දී අප ජය නොගත්තේය; තවද ආකියැන්ටස්, තවද එසේම ලූරාම් සහ එම්රන් ද කඩුවෙන් වැටී සිටියෝය; එසේය, තවද අපට අපගේ තෝරාගත් මනුෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් අහිමි වී ඇත්තේය.

3 තවද දැන් බලව, මාගේ පුත්‍රය, ලේමන්වරුන් මෙම ජනතාව විනාශ කරන්නේ යැයි මම බිය වෙමි; මක්නිසාද ඔවුන් පසුතැවිලි නොවන අතර, සාතන් ඔවුන්ව නිරන්තරයෙන් එකිනෙකා සමඟ කෝපයට පත් කිරීමට කලඹවන්නේය.

4 බලව, මම ඔවුන් සමඟ නිරන්තරයෙන් වෙහෙස වන්නෙමි; තවද මම දෙවියන්වහන්සේගේ වචනය තියුණු ලෙස කථා කරන විට ඔවුන් වෙව්ලමින් තවද මට විරුද්ධව කෝපයට පත් වෙති; තවද මම තියුණු බවක් භාවිතා නොකරන විට ඔවුන් එයට එරෙහිව ඔවුන්ගේ හදවත් දැඩි කර ගනිති; එබැවින්, ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පරිශ්‍රමය වීම නවතා දමනු ඇතැයි මම බිය වෙමි.

5 මක්නිසාද ඔවුන් අතිශයින් කෝපයට පත් වී ඇති නිසා, ඔවුන්ට මරණයට බියක් නොමැති බව මට පෙනෙන්නේය; තවද ඔවුන්ට එකිනෙකා කෙරෙහි ඇති ප්‍රේමය නැති වී ඇත්තේය; තවද ඔවුන් නිරන්තරයෙන් ලේ පිපාසයෙන් සහ පළිගැනීමෙන් පෙළෙන්නෝය.

6 තවද දැන්, මාගේ ප්‍රියාදර පුත්‍රය, ඔවුන්ගේ දැඩිකම නොතකා, අපි උද්‍යෝගයෙන් වෙහෙස වෙමු; මක්නිසාද අපි වෙහෙස වී වැඩ කිරීම නැවැත්තුවහොත්, අපව වරදට පත් කරනු ලබන්නෙමු; මක්නිසාද අප සියලු ධර්මිෂ්ඨකමේ සතුරා පරාජය කරන පිණිසත් තවද අපගේ ප්‍රණයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ විවේක ගැනීමට හැකි වන පිණිසත්, මෙම මැටි මණ්ඩපයේ සිටියදී අපට වෙහෙස වීමට කාර්යයක් තිබෙන්නේය.

7 තවද දැන් මම මේ ජනතාවගේ දුක් වේදනා ගැන යම් ප්‍රමාණයක් ලියමි. මක්නිසාද, ඇමොරොන්ගෙන් මා ලැබූ දැනුමට අනුව, බලව, ලේමන්වරුන්ට ෂෙරයිසා කුළුණෙන් ඔවුන් රැගෙන ගියා වූ, බොහෝ සිරකරුවන් සිටින අතර; තවද එහි පිරිමින්, කාන්තාවන් සහ දරුවන් ද සිටියෝය.

8 තවද ඔවුන් එම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ස්වාමිපුරුෂයන් සහ පියවරුන් මරා දමා ඇත්තේය; තවද ඔවුන් කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ මාංශයෙන් ද, සහ දරුවන්ට ඔවුන්ගේ පියවරුන්ගේ මාංශයෙන්ද පෝෂණය කරති; තවද ස්වල්පයක් හැර, ඔවුන් ඔවුන්ට ජලය ලබා නොදෙන්නේය.

9 තවද ලේමන්වරුන්ගේ මෙම මහා පිළිකුල්සහගත ක්‍රියාව තිබියදීත්, එය මොරියැන්ටම්හි අපගේ ජනතාවගේ දෙයට වඩා වැඩි නොවන්නේය. මක්නිසාද බලව, ලේමන්වරුන්ගේ දියණියන් බොහෝදෙනෙකු ඔවුන් සිරකරුවන් ලෙස ගෙන ගොස් ඇත්තේය; තවද එනම් සියලු දේවලට වඩා වඩාත්ම ආදරණීය සහ වටිනා දේ වන, එනම් පතිව‍්‍රතාව සහ සදාචාරය ඔවුන්ට අහිමි කිරීමෙන් පසුවය –

10 තවද ඔවුන් මේ දේ කළ පසු, ඔවුන් ඉතාමත් කෲර ආකාරයකින් ඔවුන් ඝාතනය කළ අතර, ඔවුන්ගේ ශරීරයන්ට මරණයට පවා වධ හිංසා කළෝය; තවද ඔවුන් මෙය කළ පසු, ඔවුන්ගේ හදවත්වල දැඩිකම නිසාවෙන්, වන මෘගයන් මෙන් ඔවුන්ගේ මාංශය අනුභව කළෝය; තවද ඔවුන් එය නිර්භීතකමේ සලකුණක් ලෙස කරති.

11 අහෝ මාගේ ප්‍රියාදර පුත්‍රය, එනම් ශිෂ්ටාචාරයක් නොමැති ජනතාවක් මෙවැනි දෙයක් වන්නේ කෙසේද –

12 (තවද වසර කිහිපයක් පමණක් ගෙවී ගොස් තිබුණේය, තවද ඔවුන් සිවිල් සහ ප්‍රියජනක ජනතාවක් විය)

13 එහෙත් අහෝ මාගේ පුත්‍රය, මෙතරම් පිළිකුල්සහගත දේවලින් ප්‍රිය වන්නාවූ මේ වාගේ ජනතාවක් වන්නේ කෙසේද –

14 දෙවියන්වහන්සේ උන්වහන්සේගේ හස්තය අපට විරුද්ධව විනිශ්චයෙදී වළක්වා ගනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක්කේ කෙසේද?

15 බලව, මාගේ හදවත මොරගසන්නේය: මෙම ජනතාව හට දුක් වේ. අහෝ දෙවියන්වහන්ස, විනිශ්චය තුළට පැමිණ, තවද ඔවුන්ගේ පාපයන්ද, දුෂ්ටකම්ද, පිළිකුල්කම්ද ඔබවහන්සේගේ මුහුණ අභිමුඛයෙන් සඟවාගත මැනව.

16 තවද නැවතත්, මාගේ පුත්‍රය, ෂෙරයිසා තුළ බොහෝ වැන්දඹුවන් සහ ඔවුන්ගේ දියණියන් රැඳී සිටිති; තවද ඒ කළමනා කොටස ලේමන්වරුන් රැගෙන නොගියෝයය, බලව, සෙනෙෆායිගේ හමුදාව ඉවතට රැගෙන ගොස්, තවද ආහාර සඳහා ඔවුන්ට හැකි කොහේනමුත් යාමට ඉඩ හැර ඇත්තේය; තවද බොහෝ මහළු කාන්තාවන් මාර්ගයෙහි සිහිමුර්ජා වී මරණයට පත් වේ.

17 තවද මා සමඟ සිටින්නාවූ එම හමුදාව දුර්වලය; තවද ලේමන්වරුන්ගේ හමුදාවන් ෂෙරයිසා සහ මා අතර වන්නේය; තවද ආරොන්ගේ හමුදාවට පලා ගියාවූ බොහෝදෙනෙකු ඔවුන්ගේ භයංකාර කෲරත්වයට ගොදුරු වී ඇත්තෝය.

18 අහෝ මාගේ ජනතාවගේ බලවත් දුෂ්චරිතය! ඔවුන් පිළිවෙළක් නොමැති සහ දයාවක් නොමැති අය වූවෝය. බලව, මම මනුෂ්‍යයෙකු පමණය, තවද මට ඇත්තේ මනුෂ්‍යයෙකුගේ ශක්තිය පමණය, තවද මට තවදුරටත් මාගේ අණ ක්‍රියාත්මක කළ නොහැක.

19 තවද ඔවුන් ඔවුන්ගේ දුරාචාරයෙන් ශක්තිමත් වී ඇත්තෝය; තවද ඔවුන් එක හා සමානව කෲර වූවෝය, නැතහොත් මහළු හෝ තරුණ, කිසිවෙකු ඉතිරි නොකළෝය; තවද එනම් ඔවුන් යහපත් වූ දේ හැර අන් සියල්ලේදීම ප්‍රීතිමත් වෙති; තවද මෙම දේශයේ තලය මත අපගේ කාන්තාවන් සහ අපගේ දරුවන්ගේ වේදනාව සියල්ල අභිබවා ගියේය; එසේය, දිවෙන් එය කිව නොහැක, නැතහොත් එය ලිවිය නොහැක්කේය.

20 තවද දැන්, මාගේ පුත්‍රය, මම තවදුරටත් මෙම භයංකාර දර්ශනය මත නොසිටින්නෙමි. බලව, නුඹ මෙම ජනතාවගේ දුෂ්ටකම දන්නෙහිය; එනම් ඔවුන්ට ප්‍රතිපත්තියක්, සහ අතීත හැඟීමක් නොමැතිව සිටින්නාවූ බව නුඹ දන්නෙහිය; තවද එනම් ඔවුන්ගේ දුෂ්ටකම ලේමන්වරුන් අභිබවා ගියේය.

21 බලව, මාගේ පුත්‍රය, මට ඔවුන්ව දෙවියන්වහන්සේ හට නිර්දේශ කළ නොහැක, එවිට උන්වහන්සේ මට පහර දෙනු ඇත්තේය.

22 එහෙත් බලව, මාගේ පුත්‍රය, මම නුඹව දෙවියන්වහන්සේ හට නිර්දේශ කරමි, තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹ ගැළවෙනු ඇතැයි මම විශ්වාස කරමි; තවද උන්වහන්සේගේ ජනතාව උන්වහන්සේ වෙත නැවත පැමිණීම, නැතහොත් ඔවුන්ගේ සම්පූර්ණ විනාශය දකින පිණිස, උන්වහන්සේ එනම් නුඹගේ ජීවිතය ඉතිරි කරන ලෙසට මම දෙවියන්වහන්සේ හට යාච්ඤා කරමි; මක්නිසාද එනම් ඔවුන් පසුතැවිලි වී තවද උන්වහන්සේ වෙතට හැරී එන්නේ නම් මිස, ඔවුන් විනාශ විය යුතු යැයි මම දනිමි.

23 තවද ඔවුන් විනාශ වුවහොත්, මක්නිසාද ඔවුන්ගේ හදවත්වල කැමැත්තෙන්ම, ලේ සහ පළිගැනීම සොයමින්, එය ජැරඩයිට්වරුන් හට මෙන් සමාන වනු ඇත්තේය.

24 තවද එනම් ඔවුන් විනාශ වුවහොත්, එනම් අපගේ සහෝදරයන්ගෙන් බොහෝදෙනෙකු ලේමන්වරුන් වෙතට පලා ගොස් ඇති බවත්, තවද එසේම තවත් බොහෝදෙනෙකු ඔවුන් වෙත පලා යන බවත් අප දනිමු; එබැවින්, නුඹ ඉතුරු කරනු ලැබුවේ නම්, මම විනාශ වී තවද නුඹව දැකීමට නොලැබෙන්නේ නම්, දේවල් කිහිපයක් ලියන්න; එහෙත් එනම් මම නුඹව ඉක්මණින් දකින්නේ යැයි මම විශ්වාස කරමි; මක්නිසාද එනම් මම නුඹට භාර දිය යුතු ශුද්ධ වූ වාර්තාවන් මා සතුව ඇත්තේය.

25 මාගේ පුත්‍රය, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිමත්ව සිටින්න; තවද මා විසින් ලියා ඇති දේවල්, නුඹව මරණය කෙරෙහි බර කිරීමට ශෝකයට පත් නොවේවා; එහෙත් ක්‍රිස්තුස්වහන්සේ නුඹව ඔසවා තබන සේක්වා, තවද උන්වහන්සේගේ දුක් වේදනාවන් සහ මරණයද, තවද උන්වහන්සේගේ ශරීරය අපගේ පියවරුන් කෙරෙහි පෙන්වීමද, තවද උන්වහන්සේගේ දයාව සහ බොහෝ ඉවසිලිවන්තකමද, තවද උන්වහන්සේගේ මහිමයේ සහ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව, සදාකාලයටම නුඹගේ මනසෙහි රැඳී තිබේවා.

26 තවද ස්වර්ගයෙහි ඉතා උසස් සිංහාසනයක් ඇත්තාවූ පියාණන් වූ දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ බලයේ දකුණු පැත්තේ වැඩ සිටින්නාවූ අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, සියල්ල උන්වහන්සේ හට යටත් වන තුරු, තවද නුඹ සමඟ සඳාකාලයටම පවතීවා. ආමෙන්.