මොරෝනායිගේ පොත
1 වන පරිච්ඡේදය
මොරෝනායි ලේමන්වරුන්ගේ ප්‍රයෝජනය උදෙසා ලියයි – ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නා වූ නීෆායිවරුන් මරණයට පත් කරනු ලබයි. ක්‍රි.ව. 401–421 දී පමණ.
1 දැන් මම, මොරෝනායි, ජැරඩ්ගේ ජනතාවගේ විස්තරය සාරංශගත කිරීම අවසන් කළ පසු, තවදුරටත් නොලිය යුතුයැයි සිතුවෙමි, එහෙත් මා තවමත් විනාශ වී නොමැත; තවද ඔවුන් මා විනාශ නොකරනු පිණිස ලේමන්වරුන්ට මම මා ගැන දැන ගන්නට සැලැස්සුවේ නැත.
2 මක්නිසාද බලව, ඔවුන් එකිනෙකා අතර ඔවුන්ගේ යුද්ධයන් අතිශයින් දරුණු විය; තවද ඔවුන්ගේ වෛරය නිසා ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප නොකරන සෑම නීෆායිවරයෙක්ම මරණයට පත් කළෝය.
3 තවද මම, මොරෝනායි, ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප නොකරමි; එසේහෙයින්, මාගේ ජීවිතයේ ආරක්ෂාව සඳහා මම යා හැකි කොහේට නමුත් ගියෙමි.
4 එසේහෙයින්, තවත් දේවල් කිහිපයක් ලියමි, එනම් එය මා සිතූ දෙයට පටහැනිය; මක්නිසාද මා තවදුරටත් ලියන්නට නොසිතුවෙමි, එහෙත් මම තව දේවල් කිහිපයක් ලියමි, එනම් මාගේ සහෝදරයන් වන, ලේමන්වරුන් උදෙසා, අනාගතයේ යම් දවසක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තට අනුව වටිනාකමක් වන පිණිසය.