4 වන පරිච්ඡේදය
වැඩිහිටියන් සහ පූජකවරුන් සක්‍රමේන්තු පාන් උපස්ථාන කරන ආකාරය පැහැදිලි කර ඇත. ක්‍රි.ව. 401–421 පමණ.
1 ඔවුන්ගේ වැඩිහිටියන් සහ පූජකවරුන් සභාව වෙතට ක්‍රිස්තුස්වහන්සේගේ මාංශය සහ රුධිරය උපස්ථාන කරන ආකාරය; තවද ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ අණ පනත්වලට අනුව එය උපස්ථාන කළෝය; එබැවින් එය සත්‍ය ආකාරය වන බව අපි දනිමු; තවද වැඩිහිටියන් සහ පූජකවරුන් එය උපස්ථානය කළෝය –
2 තවද ඔවුන් සභාව සමඟ දණ ගසා, තවද ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් දෙවියන්වහන්සේ හට මෙසේ පවසමින් යාච්ඤා කළෝය:
3 අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, ඔබවහන්සේගේ පුත්‍රයාණන් වූ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, මෙය වූ එම සියලුම ප්‍රාණයන්ට මෙම රොටි ආශිර්වාද කර තවද පාරිශුද්ධ කරන මෙන් අපි ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු, එනම් ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ ශරීරය සිහිකිරීමට ඔවුන් එය අනුභව කරනු පිණිසය, තවද ඔබවහන්සේ වෙතට සාක්ෂි දරනු පිණිසය, අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, එනම් ඔවුන් ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය ඔවුන් මත ගැනීමට කැමතිව, තවද උන්වහන්සේව සෑමවිටම සිහිකිරීම පිණිසය, තවද උන්වහන්සේ ඔවුන් හට දුන්නා වූ උන්වහන්සේගේ එම අණ පනත් පිළිපැදීම පිණිස; එනම් ඔවුන් සෑමවිටම උන්වහන්සේගේ ආත්මයාණන් ඔවුන් සමඟ පවත්වාගන්නා පිණිසය. ආමෙන්.