ශුද්ධලියවිලි
මොරෝනායි 5


5 වන පරිච්ඡේදය

සක්‍රමේන්තු මුද්‍රික පානය උපස්ථාන කරන ආකාරය පැහැදිලි කර ඇත. ක්‍රි.ව. 401–421 දී පමණ.

1 මුද්‍රික පානය උපස්ථාන කළ යුතු ආකාරය පැහැදිලි කර ඇත – බලව, ඔවුන් කුසලානය ගෙන, තවද මෙසේ පැවසුවෝය:

2 අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, ඔබවහන්සේගේ පුත්‍රයාණන් වූ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, මෙය පානය කරන්නා වූ එම සියලුම ප්‍රාණයන්ට, මෙම මුද්‍රික පානය ආශිර්වාද කර තවද පාරිශුද්ධ කරන මෙන් අප ඔබවහන්සේගෙන් ඉල්ලා සිටින්නෙමු, එනම් ඔවුන් උදෙසා වැගිරූ, ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ රුධිරය සිහිකිරීමට ඔවුන් එය කරනු ලබන පිණිසය; තවද ඔබවහන්සේ වෙතට ඔවුන් සාක්ෂි දරනු පිණිසය, අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, එනම් ඔවුන් සෑමවිටම උන්වහන්සේ සිහිකිරීම පිණිස, එනම් ඔවුන් උන්වහන්සේගේ ආත්මයාණන් ඔවුන් සමඟ පවතින පිණිසය. ආමෙන්.