3 වන පරිච්ඡේදය
වැඩිහිටියන් හිස මත දෑත් තබා පූජකවරුන් සහ ගුරුවරුන් නියම කරති. ක්‍රි.ව. 401–421 දී පමණ.
1 සභාවේ වැඩිහිටියන් ලෙස හැඳින්වූ ගෝලයන්, පූජකවරුන් සහ ගුරුවරුන්, නියම කරනු ආකාරය –
2 ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේ හට යාච්ඤා කළ පසු, ඔවුන් ඔවුන්ගේ දෑත් ඔවුන් මත තබා, තවද මෙසේ කීවෝය:
3 ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම නුඹව පූජකවරයෙක් වීමට නියම කරමි (නැතහොත් ඔහු ගුරුවරයෙකු වීමට නම්, මම නුඹව ගුරුවරයෙකු වීමට නියම කරමි) ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පසුතැවිලිවීමට සහ පව් කමාව දේශනා කිරීමට, අවසානය දක්වා උන්වහන්සේගේ නාමය මත ඇදහිල්ලෙන් විඳදරාගැනීම පිණිස. ආමෙන්.
4 තවද මේ ආකාරයට අනුව ඔවුන් පූජකවරුන් සහ ගුරුවරුන් නියම කළෝය, දෙවියන්වහන්සේගේ දීමනා සහ කැඳවීම්වලට අනුව මනුෂ්‍යයන්ව; තවද ඔවුන් ඔවුන් තුළ තිබූ, ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයෙන් ඔවුන්ව නියම කළෝය.