ශුද්ධලියවිලි
මොරෝනායි 2


2 වන පරිච්ඡේදය

ජේසුස්වහන්සේ නීෆායිවර ගෝලයින් දොළොස්දෙනා හට ශුද්ධාත්මයාණන්ගේ දීමනාව පිරිනමන්නට බලය ලබා දුන් සේක. ක්‍රි.ව. 401–421 දී පමණ.

1 උන්වහන්සේ විසින් තෝරාගත් දොළොස්දෙනා හට, උන්වහන්සේ ඔවුන් මත දෑත් තබන කළ, උන්වහන්සේගේ ගෝලයින්ට, ක්‍රිස්තුස්වහන්සේ වදාළන ලද වචන –

2 තවද උන්වහන්සේ ඔවුන්ගේ නාමයෙන් කතා කොට, වදාළ සේක: නුඹලා මාගේ නාමයෙන් පියාණන්වහන්සේ හට, බලවත් වූ යාච්ඤාවෙන් අමතන්නෙහිය; තවද නුඹලා මෙය කළ පසු නුඹලාට බලය ලැබෙන්නේය, එනම් නුඹලා නුඹලාගේ දෑත් තැබිය යුතු තැනැත්තා මත, නුඹලා ශුද්ධාත්මයාණන් වහන්සේ දෙනු ලබන්නේය; තවද නුඹලා එය මාගේ නාමයෙන් ලබා දෙන්නෙහිය, මක්නිසාද මාගේ ප්‍රේරිතයන් මෙසේ කරන්නෝය.

3 දැන් ක්‍රිස්තුස්වහන්සේ මෙම වචන ඔවුන් හට උන්වහන්සේගේ පළමු ප්‍රකාශයේ දී වදාළ සේක; තවද ජන සමූහයාට මෙය ඇසුනේ නැත, එහෙත් ගෝලයින් හට ඇසුනේය; තවද ඔවුන් ඔවුන්ගේ දෑත් තැබූ බොහෝමයක් මත, ශුද්ධාත්මයාණන් වහන්සේ පතිත වූ සේක.