10 වන පරිච්ඡේදය
මොර්මන්ගේ පොත පිළිබඳ සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය මඟින් පැමිණෙයි – ආත්මයාණන්ගේ දීමනා ඇදහිලිවන්තයන්ට බෙදා හරිනු ලබන්නේය – ආත්මික දීමනා සැමවිටම ඇදහිල්ල සමඟ පවතින්නේය – මොරෝනායිගේ වචන දූවිල්ලෙන් කථා කරන්නේය – ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න, තවද නුඹලාගේ ප්‍රාණයන් පාරිශුද්ධ කරන්න. ක්‍රි.ව. 421 පමණ.
1 දැන් මම, මොරෝනායි, මට යහපත් යැයි හැඟෙන යම් දේ ලියමි; තවද මම මාගේ සහෝදරයන් වන, ලේමන්වරුන් වෙත ලියමි; තවද එනම් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳ සළකුණ ලබා දී වසර හාරසිය විස්සකට වඩා කාලයක් ගත වී ඇති බව ඔවුන් දැනගත යුතු යැයි මම කැමැත්තෙමි.
2 තවද මම නුඹලාට අනුශාසනා කිරීමේ අරමුණින් වචන ස්වල්පයක් කථා කළ පසුව, මම මෙම වාර්තාවන් මුද්‍රා තබමි.
3 බලව, එනම් නුඹලා මෙම දේවල් කියවන විට, නුඹලා ඒවා කියවිය යුතු වීම දෙවියන්වහන්සේ තුළ ප්‍රඥාව නම්, ආදම්ගේ මැවීමේ සිට එනම් මෙම දේවල් නුඹලා ලබාගන්නා කාලය දක්වා, ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට කෙතරම් කරුණාවන්ත වී ඇත්දැයි නුඹලා මතක තබා ගන්නා ලෙසත්, තවද නුඹලාගේ හදවත් තුළ එය මෙනෙහි කරන ලෙසත් මම නුඹලාට අවවාද කරමි.
4 තවද නුඹලාට මෙම දේවල් ලැබුණු විට, නුඹලා දෙවියන්වහන්සේ, සදාකාලික පියාණන්වහන්සේගෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, එනම් මෙම දේවල් සත්‍ය නොවේ දැයි අසන ලෙසට, මම නුඹලාට අවවාද කරමි; තවද නුඹලා අවංක හදවතකින් යුතුව, සැබෑ අරමුණකින්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් අසන්නේ නම්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය මඟින්, උන්වහන්සේ නුඹලා හට එහි සත්‍යය ප්‍රකාශ කරන සේක.
5 තවද ශුද්ධාත්මයාණන්ගේ බලය මඟින්, නුඹලා හට සියලු දේවල සත්‍යය දැන ගත හැකි වන්නෙහුය.
6 තවද කවරාකර දෙයක් යහපත් වන්නේද එය සාධාරණ සහ සත්‍ය වන්නේය; එබැවින්, යහපත් වූ කිසිවක් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප නොකරන්නේය, එහෙත් උන්වහන්සේ සිටින බව පිළිගන්නේය.
7 තවද ශුද්ධාත්මයාණන්ගේ බලය මඟින් එනම් උන්වහන්සේ සිටින්නාවූ බව නුඹලා දැනගන්නේය; එබැවින් එනම් නුඹලා දෙවියන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප නොකරන ලෙස මම නුඹලාට අවවාද කරමි; මක්නිසාද මනුෂ්‍ය දරුවන්ගේ ඇදහිල්ලට අනුව, උන්වහන්සේ බලයෙන් ක්‍රියා කරන සේක, අදත් හෙටත්, තවද සදාකාලයටත් එසේමය.
8 තවද නැවතත්, මාගේ සහෝදරයෙනි, දෙවියන්වහන්සේගේ දීමනා ප්‍රතික්ෂේප නොකරන ලෙස මම නුඹලාට අවවාද කරමි, මක්නිසාද ඒවා බොහෝ වන්නේය; තවද ඒවා එකම දෙවියන්වහන්සේගෙන් පැමිණෙන්නේය. තවද මෙම දීමනා බෙදා දෙන ලද විවිධ මාර්ගයන් තිබෙන්නේය; එහෙත් සියල්ලෙහිම සියල්ල ක්‍රියා කරන්නේ එකම දෙවියන්වහන්සේ වන සේක; ඒවා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ ප්‍රකාශනයන් මඟින් මනුෂ්‍යයන් හට ලබා දී ඇත්තේ ඔවුන්ට ප්‍රතිලාභ සැලසීම සඳහාය.
9 මක්නිසාද බලව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් කෙනෙකුට එනම් ඔහු ප්‍රඥාවේ වචනය ඉගැන්වීම පිණිස දෙනු ලබන්නේය;
10 තවද තවත් කෙනෙකුට, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන, එනම් ඔහු දැනුමේ වචනය ඉගැන්වීමට ද වන්නේය;
11 තවද තවත් කෙනෙකුට, අතිශයින්ම ශ්‍රේෂ්ඨ ඇදහිල්ලක් ද වන්නේය; තවද තවත් කෙනෙකුට, එම ආත්මයාණන්වහන්සේ තුළින්ම සුව කිරීමේ දීමනා ද වන්නේය;
12 තවද නැවතත්, තවත් කෙනෙකුට, එනම් ඔහු බලවත් හාස්කම් කරන පිණිස ද වන්නේය;
13 තවද නැවතත්, තවත් කෙනෙකුට, එනම් ඔහු සියල්ල පිළිබඳව අනාවැකි කීමට හැකි වන පිණිස ද වන්නේය;
14 තවද නැවතත්, තවත් කෙනෙකුට, දේවදූතයන් සහ උපස්ථායක ආත්මයන් දැකීම ද වන්නේය;
15 තවද නැවතත්, තවත් කෙනෙකුට, සියලු වර්ගවල භාෂා ද වන්නේය;
16 තවද නැවතත්, තවත් කෙනෙකුට, භාෂා අර්ථකථනය කිරීමට සහ විවිධ වර්ගයේ භාෂා ද වන්නේය.
17 තවද මෙම සියලු දීමනාවන් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන පැමිණෙන්නේය; තවද උන්වහන්සේගේ කැමැත්තට අනුව, ඒවා සෑම මනුෂ්‍යයෙකු වෙතට වෙන වෙනම පැමිණෙන්නේය.
18 තවද මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, එනම් සෑම යහපත් දීමනාවක්ම ක්‍රිස්තුස්වහන්සේ වෙතින් පැමිණෙන බව, සිහියේ තබා ගන්නා පිණිස මම නුඹලාට අවවාද කරමි.
19 තවද මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, එනම් උන්වහන්සේ ඊයේත්, අදත්, සහ සදාකාලයටත් එක හා සමාන බවත්, ලෝකය පවතින තාක්කල්, තවද මා කථාකරන ලද මෙම ආත්මික සියලු දීමනාවන් කිසිදා පහව නොයන බවත්, මනුෂ්‍ය දරුවන්ගේ අවිශ්වාසයට අනුව පමණක් බවත් නුඹලා සිහියේ තබා ගන්නා පිණිස මම නුඹලාට අවවාද කරමි.
20 එබැවින්, එහි ඇදහිල්ල තිබිය යුතුවන්නේය; තවද එහි ඇදහිල්ල තිබිය යුතුවන්නේ නම් එසේම බලාපොරොත්තුව ද තිබිය යුතුවන්නේය; තවද එහි බලාපොරොත්තුව තිබිය යුතුවන්නේ නම් එසේම දයාව ද තිබිය යුතුවන්නේය.
21 තවද නුඹලාට දයාව නොමැති නම්, නුඹලාට දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ ගැලවීම ලැබිය නොහැක; නැතහොත් නුඹලාට ඇදහිල්ල නොමැති නම්, නුඹලාට දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ ගැලවීම ලැබිය නොහැක; නැතහොත් නුඹලාට බලාපොරොත්තුව නොමැතිව නුඹලාට එසේ කළ නොහැක.
22 තවද නුඹලාට බලාපොරොත්තුව් නොමැති නම්, නුඹලා බලාපොරොත්තු රහිත විය යුතුවන්නේය; තවද අයුතුකම් නිසාවෙන් බලාපොරොත්තු රහිතවීම පැමිණෙන්නේය.
23 තවද ක්‍රිස්තුස්වහන්සේ අපගේ පියවරුන් හට සැබවින්ම මෙසේ පැවසූ සේක: නුඹලාට ඇදහිල්ල තිබෙන්නේ නම්, මා හට යෝග්‍ය සියලු දේ නුඹලාට කළ හැකිය.
24 තවද දැන් මම පොළොවේ කෙළවරවල් දක්වා සිටින්නාවූ සියල්ලන් වෙත කථා කරමි – එනම් දෙවියන්වහන්සේගේ බලය සහ දීමනාවන් නුඹලා අතරින් පහව යන්නාවූ දවස පැමිණෙන්නේ නම්, එය අවිශ්වාසය නිසා වනු ඇත්තේය.
25 තවද මෙය එසේ වන්නේ නම් මනුෂ්‍ය දරුවන් හට දුක් වේ; මක්නිසාද එහි නුඹලා අතර යහපත කරන්නාවූ කිසිවෙක් නොසිටිනු ඇත්තේය, නැත එක් අයෙකුවත් නැත්තේය. මක්නිසාද එනම් නුඹලා අතර යහපත කරන්නාවූ කෙනෙකු සිටී නම්, ඔහු දෙවියන්වහන්සේගේ බලයෙන් සහ දීමනාවන් මඟින් ක්‍රියා කරනු ඇත්තේය.
26 තවද මෙම දේවල් කර තවද මරණයට පත්වන්නාවූ ඔවුන් හට දුක් වේ, මක්නිසාද ඔවුන් ඔවුන්ගේ පාපයන් තුළ මරණයට පත්වන්නෝය, තවද ඔවුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ගැලවීම ලැබිය නොහැක; තවද මම එය ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලට අනුව කථා කරමි; තවද මම බොරු නොකියමි.
27 තවද මෙම දේවල් සිහියේ තබා ගන්නා ලෙස මම නුඹලාට අවවාද කරමි; මක්නිසාද එනම් මම බොරු නොකියන බව නුඹලා දැනගන්නා කාලය ඉක්මණින් පැමිණෙන්නේය, මක්නිසාද නුඹලා දෙවියන්වහන්සේගේ විනිශ්චාසනයේදී මා දකිනු ඇත්තේය; තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ නුඹලා හට මෙසේ පවසන සේක: මළවුන් වෙතින් මොරගසන්නාවූ කෙනෙකු මෙන්, එසේය, දූවිල්ලෙන් කථා කරන කෙනෙකු මෙන් පවා, මෙම මනුෂ්‍යයා විසින් ලියන ලද, මාගේ වචන මා නුඹලාට ප්‍රකාශ නොකළෙමිද?
28 අනාවැකි සම්පුර්ණ වීම උදෙසා මමමෙම දේවල් ප්‍රකාශ කරමි. තවද බලව, ඒවා සදාතනික දෙවියන්වහන්සේගේ මුඛයෙන් පිටතට නික්මෙනු ඇත්තේය; තවද උන්වහන්සේගේ වචනය පරම්පරාවෙන් පරම්පරාවට ඝෝෂා නඟන සේක.
29 තවද එනම් මා ලියා ඇති එම දේවල් සත්‍ය බව, දෙවියන්වහන්සේ නුඹලා හට පෙන්වනු ඇත්තේය.
30 තවද නැවතත් එනම් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, තවද සියලු යහපත් දීමනාවන් අල්ලාගෙන, තවද නපුරු දීමනාවට, හෝ අපවිත්‍ර දෙයට අත නොතබන ලෙසට මම නුඹලාට අවවාද කරමි.
31 තවද අවදි වී, තවද දූවිල්ලෙන් නැගිටින්න, අහෝ ජෙරුසලම; එසේය, අහෝ සයන්හි දියණියනි, තවද නුඹගේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න; අහෝ ඊශ්‍රායෙල් වංශයනි, එනම් නුඹලා තවදුරටත් ලැජ්ජාවට පත් නොවනු පිණිස, එනම් උන්වහන්සේ නුඹ වෙත කළාවූ සදාකාලික පියාණන්වහන්සේගේ ගිවිසුම් සම්පූර්ණ වන පිණිස, තවද නුඹලාගේ ඉණි ශක්තිමත් කර, තවද නුඹලාගේ සීමාවන් සදාකාලයටම විශාල කරගනු පිණිස.
32 එසේය, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, තවද උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න, තවද සියලු අභක්තිකත්වයෙන් නුඹලාව වැලකී සිටින්න; තවද නුඹලා සියලු අභක්තිකත්වයෙන් නුඹලාව ප්‍රතික්ෂේප කර, තවද නුඹලාගේ මුළු බලයෙන්, මනසින් සහ ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නේ නම්, එවිට උන්වහන්සේගේ කරුණාව නුඹලාට ප්‍රමාණවත් වන්නේය, එවිට උන්වහන්සේගේ කරුණාව මඟින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ වනු ඇත්තේය; තවද දෙවියන්වහන්සේගේ කරුණාව මඟින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ වන්නේ නම්, නුඹලාට දෙවියන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප කළ නොහැක්කේය.
33 තවද නැවත, දෙවියන්වහන්සේගේ කරුණාව මඟින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ වී, තවද උන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප නොකරන්නේ නම්, එවිට දෙවියන්වහන්සේගේ කරුණාව මඟින්, නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ පාරිශුද්ධ කරනු ලබන්නේය, එනම් පියාණන්වහන්සේගේ ගිවිසුමේ ඇති නුඹලාගේ පාපවලට සමාව ලැබීම උදෙසා වූ, ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය වැගිරීම තුළින් වන්නේය, එනම් නුඹලා ශුද්ධව, කැළලක් නොමැතිව සිටිනු පිණිසය.
34 තවද දැන් මම සියල්ලන්ගෙන්ම, සමුගනිමි. මාගේ ආත්මය සහ ශරීරය නැවත එක්වන තුරු, මම ඉක්මණින්ම දෙවියන්වහන්සේගේ පාරාදීසයේ විවේක ගැනීමට යන්නෙමි, තවද ජීවමාන සහ මළවුන් දෙගොල්ලන්ගේම සදාකාලික විනිශ්චයකරුවාණන් වන, ශ්‍රේෂ්ඨ යෙහෝවාගේ ප්‍රසන්න වූ විනිශ්චාසනය අභිමුඛයෙහි නුඹලාව හමුවීමට, මා ජයග්‍රාහී ලෙස සුළඟ හරහා පෙරෙට ගෙන එනු ලබන්නේය. ආමෙන්.