6 වන පරිච්ඡේදය
පසුතැවිලිවූ පුද්ගලයන්ව බෞතිස්ම කොට සහ මිත්‍රත්වය ලබති – පසුතැවිලි වන සභා සාමාජිකයන් සමාව ලබති – රැස්වීම් ශුද්ධාත්මයාණන්ගේ බලය මඟින් මෙහෙයවනු ලබති. ක්‍රි.ව. 401–421ී පමණ.
1 තවද දැන් මම බෞතිස්මය පිළිබඳව කතා කරමි. බලව, වැඩිහිටියන්, පූජකවරුන්, තවද ගුරුවරුන් බෞතිස්ම කරනු ලැබුවෝය; තවද ඔවුන් ඒ සඳහා සුදුසුකමට එනම් ඔවුන් යෝග්‍ය ඵල ගෙන ආවොත් මිස ඔවුන් බෞතිස්ම කරනු නොලැබුවෝය.
2 එහෙත් ඔවුන් බිඳුණු හදවතක් හා පසුතැවුණු ආත්මයකින් ඔවුන් ඉදිරියට පැමිණ, තවද ඔවුන්ගේ සියලු පාපයන්ට ඔවුන් සැබවින්ම පසුතැවිලි වූ බව සභාවට සාක්ෂි දරනවා මිස ඔවුන් බෞතිස්මය සඳහා වෙන කිසිවෙකු බාර නොගත්තේය.
3 තවද ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් මතට ගෙන, අවසානය දක්වා උන්වහන්සේට සේවය කිරීමේ අධිෂ්ඨානයෙන් යුක්තව මිස කිසිවෙකු බෞතිස්මය සඳහා බාර නොගත්තෝය.
4 තවද ඔවුන්ව බෞතිස්‍මය වෙත බාර ගත් පසු, තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් තනනු ලැබ සහ පවිත්‍ර කර, ඔවුුුුන්ව ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ජනතාව අතර ගණන් ගනු ලැබුවෝය; තවද ඔවුන්ගේ නාමයන් ගනු ලැබුවෝය, එනම් ඔවුන්ව දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය කිරීමට සහ සිහි තබා ගනු පිණිසත්, ඔවුන්ව නිවැරදි මාර්ගයේ තබා ගැනීමටත්, ඔවුන්ව නිරන්තරව විමසිලිමත්ව යාච්ඤාව වෙත තබා ගැනීමටත්, ඔවුන්ගේ ඇදහිල්ලේ කතෘවරයා හා අවසන්කරන්නා වන, ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් මත පමණක් රඳා පැවතීමටය.
5 තවද නිරාහාරව සිටීමට සහ යාච්ඤා කිරීමට, තවද ඔවුන්ගේ ආත්මයන්ගේ ශුභසිද්ධිය පිළිබඳව එකිනෙකා සමඟ කතා කිරීමට, සභාව නිතර එක් රැස් විය.
6 තවද ස්වාමී වූ ජේසුස්වහන්සේ සිහි කරමින් රොටි සහ මුද්‍රික පානය ලබා ගැනීමට ඔවුන් නිතර එක් රැස් විය.
7 තවද ඔවුන් අතර අයුතුකමක් නොවීමට එනම් ඔවුන් දැඩිව වග බලාගත්තෝය; තවද කවුරුන් හෝ අයුතුකමක් කළ බව සොයා ගත්තේ ද, තවද සභාවේ සාක්ෂිකරුවන් තිදෙනෙකු වැඩිහිටියන් ඉදිරියේ ඔවුන්ව වැරදිකරුවන් කළෝය, තවද ඔවුන් පසුතැවිලි නොවුවහොත්, තවද පාපොච්චාරණය නොකළහොත්, ඔවුන්ගේ නාමයන් මකා දමන ලැබුවෝය, තවද ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේගේ ජනතාව අතරේ ගණන් ගනු ලැබුවෝය.
8 එහෙත් ඔවුන් සැබෑ අරමුණින්, පසුතැවිලි වී සමාව ඉල්ලා සිටි විට, ඔවුන්ට සමාව දෙන ලද්දේය.
9 තවද සභාවේ ඔවුන්ගේ රැස්වීම් මෙහෙයවනු ලැබුවේ ආත්මයාණන්ගේ ක්‍රියාවන්හි ආකාරයට අනුව, තවද ශුද්ධාත්මයාණන්ගේ බලය විසින්ය; මක්නිසාද ශුද්ධාත්මයාණන්ගේ බලය ඔවුන්ව දේශනා කිරීමට හෝ, දිරිමත් කිරීමට හෝ, යාච්ඤා කිරීමට හෝ, කන්නලව් කිරීමට හෝ, ගායනා කිරීමට හෝ, මඟ පෙන්වූ ආකාරයට පවා එය එසේ සිදු කරන ලද්දේය.