2010–2019
දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා
2018 අප්‍රියෙල්


දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා

දිවසිවරයෙකු ඔබ සහ ගැලවුම්කරුවන් අතර නැගී සිටින්නේ නැත. ඔහු ඔබ අසලින් සිට ගැලවුම්කරුවාණන් දෙසට මඟ පෙන්වයි.

දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ අද්විතිය සහෝදරත්වයට වැඩිහිටි ගෙරිට් ගොන්ග් සහ වැඩිහිටි උලිසෙස් සෝරෙස් හට මම මගේ පිළිගැනීමද එකතු කරමි.

අපි සභාපති රසල් එම්. නෙල්සන්ට දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන්යුත් සභාවේ සභාපතිවරයා ලෙස ස්ථිර කරන විට, අප සියල්ලද මෙම උදාර සමුලූවේ දිව්‍යමය තීරණයක කොටස්කරුවන් වනවා. උදාර වන්නේ මෙම පැය තුලදී සිදුවු සිදුවිම්, ලෝකයට පෙර පටන් මිනිස් වර්ගයේ අපේක්‍ෂාවෙන් සිටි සිදුවීම් නිසා. උන්වහන්සේගේ කාර්යයන් මෙහෙයවන ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, අද දින සභාපති අයිරින් තුලින්උන්වහස්සේගෙන් අභිෂේකලත් නායකයා, උන්වහන්සේගේ අනාගතවක්තෘව ඉදිරිපත් කරනවා, අපට, එනම්උන්වහන්සේගේ ගිවිසුම් ලත් ජනතාවට ලබාදෙනවා, ප්‍රසිද්ධියේ ස්වකීය කැමැත්තෙන් ඔහුව ස්ථිර කර ඔහුගේ උපදේශයන් පිළිපදින්නට.

මෙම සමුළු කෙන්ද්‍රස්තානයේ අප සමඟ නොසිටින එම ලක්ෂ සංඛාත සාමාජිකයිනි, මම කැමතියි ඔබ දැනගන්නවානම් සභාපති නෙල්සන්ව ස්ථීර කරන අවස්ථාවේ මෙම ගොඩනැගිල්ලේ ස්වාමින්වහන්සේගේ ශුද්ධාත්මයානන් හරියට ඔබ එය කලින් බලාපොරොත්තු වුවා සේම - ශුද්ධාත්මයානන්ගේ බලයෙන් පරිපූර්ණව සිටි බවට. නමුත් දිව්‍යමය නිර්දේශකය ලත් අපගේ මෙම සමුළුව පැවතෙන්නේ මෙම සම්මන්ත්‍රණය කේන්ද්‍රයේ පමණක් නොව, ලොව පුරාමය, ආසියාවේ, අප්‍රිකාවේ, උතුරු ඇමරිකාවේ සභා තුල, මධ්‍යම හා දකුණු ඇමරිකාවේ හා යුරෝපයේ නිවෙස් වල, ශාන්තිකරයේ, සංවෘත්ත නිවසට යාබද එලිමහනක, ලෝකයේ කිනම් හෝ ස්ථානයක, ඔබගේ සම්බන්ධතාවය ඇත්තේ දුරකථන ශ්‍රවන මාධ්‍යයකින් වුවද, අපගේ ඒ ඉහළට එසවුනු දෑත් ගණන් කලේ අපේ සභානායකයන් විසින් නොව එහෙත් එය නිසැකවම සටහන් වුණා, ඒ දෙවියන්වහන්සේ සමග අපට ඇති ගිවිසුමට අනුව, අපගේ ක්‍රියාව සටහන් වෙනවා ජීවිතයේ පොත තුල.

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා තෝරාගන්නා සේක

දිවැසිවරයෙකු තෝරාගැනීම සිදුකරන්නේ ස්වාමීන්වහන්සේ විසින්මය. ඒ පිළිබඳව කිසිඳු උද්ඝෝෂණ ව්‍යාපාරයක් නැත, තර්කයක් නැත, තනතුරු සඳහා කිසිම ආකල්පයක් නැත, මතභේදයක්, අවිශ්වාසයක් ව්‍යාකුල තාවක් හෝ කෝලහාලයක් නැත. දේවමාලිගා උඩුමහල් කාමරයේ යාච්ඥාශීලීව අප සභාපති නෙල්සන්ව වටකරගත් විට කිසිදු සැකයක් නොමැති ස්වාමීන්වහන්සේගේ කැමැත්ත ඔහු මත ඇති බව දැනුණු විට ස්වර්ගීය බලය අපත් සමඟ වැඩසිටිය බව, මමද ස්ථිර කරමි.

සභාපති නෙල්සන් දෙවියන්වහන්සේගේ දිවසිවරයෙකු ලෙස සේවය කිරීමට තෝරාගෙන තිබුනේ දිගු කාලයකට පෙරදීය. ජෙරමියා දිවැසිවරයන්ට ස්වාමීන්වහන්සේ පැවසු වදන් දිවැසිවර නෙල්සන්ටද ආදාල වේ: “මා නුඹ කුසෙහි පිළිසිඳ ගැනීම ඇති කරන්නට පෙර පටන් මම නුඹ හදුනා ගනිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි ජාතීන් හට දිවැසිවරයෙක් ලෙස මම නුඹ කැප කළෙමි.”1වසර තුනකට පෙරදී, වයස අවු. 90දී, වැඩිහිටි නෙල්සන් ජේෂ්ඨත්වයෙන් හතරවෙනියා වුවා. ඉතිරි ජ්‍යෙෂ්ටයන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඔහුට වඩා බාල වයසින් වුවා. මරණය හා ජීවිතය පාලනය කරන ස්වාමීන්වහන්සේ, අනාගතවක්තෘද තෝරනු ලබයි. වයස අවුරුදු 93දී සභාපති නෙල්සන් ඉතා පුදුමාකාර ශරීර සෞක්‍යකින් යුක්තයි. අප බලාපොරොත්තු වනවා ඔහු අප සමඟ තව දශක කිහිපයක්ම සිටියි කියා, නමුත් දැනට අපි උත්සහකරනවා ඔහුට ඒත්තු ගන්වන්න හිම කඳු බෑවුම් අසලට නොයන ලෙසට.

දෙවියන්වහන්සෙගේ අභිෂේක ලද්දෙකු ලෙස අනාගතවක්තෘව අපි ස්ථීර කරන අතර, අප පැහැදිලි කරගමු අපි වන්දනා කරන්නේ දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයාණන්ටන්ට පමණක් බව. අපගේ ගැලවුම්කරුවානන් වන යේසුස් වහන්සේගේ සුදුසු කම, කරුණාව සහ මහිමය තුලින් ඔවුන්ගේ අභිමුඛයට දවසක අපට ඇතුළුවිය හැකිය.2

අපි අනාගතවක්තෘවරයා අනුගමනය කරන්නේ ඇයි?

නමුත් යෙසුස්වහන්සේ පවා, අප වෙත එවනු ලබන සේවකයින් ගැන වැදගත් සත්‍යයක් ඉගැන්වු සේක: “මා පිළිගන්නේද, එනම් මා පිළිගනු ලබන්නා, මා එවු තැනැන්වහන්සේ පිළිගන්නා සේක”3යි වදාල සේක.

ස්වාමීන්වහන්සේගේ දිවැසිවරයන්ගේ වැදගත්ම කාර්යය උන්වහන්සේ පිළිබඳව අපට ඉගැන්වීම සහ එතුමන් වෙතට අපට මගපෙන්වීමය.

රසල් එම්. නෙල්සන් සභාපතිවරයාව අනුගමනය කරන්නට තර්කානුගත හේතු තිබෙනවා. අපගේ ඇදහිල්ලේ නොවන අය පවා ඔහු අතිදක්‍ෂයි කියා පවසනවා. ඔහු අවු 22 වන විට බෙහෙත් පිළිබදවු වෛද්‍යවරයෙකි, සම්මානලත් හෘද ශල්‍ය වෛද්‍යාවරයෙකි, හා විවෘත හදවත් සැත්කම් වැඩිදියුණු කිරීමේ කීර්තිමත් පුරෝගාමිකයෙකි.

බොහෝ දෙනෙකු අවිවාදයකින් තොරව ඔහුගේ දැනුම සහ විනිශ්චය පිළිගන්නවා: දශක නමයක් ජීවිතය සහ මරණය පිළිබඳව ඉගෙන ගෙන, පරාර්තකාමීව ජීවිතය ගත කර, ලෝකයේ ඕනෑම කොනක සිටින දෙවියන්වහන්සේගේ දරුවන්ට ආදරණීයව හා අනුශාසනා කරන මොහු ළමයි දහයක්, මුනුපුරු/ මිනිපිබිරියන් 57ක් හා මී මුනුපුරු/ මිනිබිරියන් 118 කගේ අත්දැකීම් සමඟ පරිනත වේ. (මෙම අවසාන ඉලක්කම හැමවිටම වෙනස් වේ: මී මුණුපුරෙකු උපත ලැබුවේ පසුගිය බදාදාය.)

රූපය
සභාපති රසල් එම්. නෙල්සන් අලුත් මී මුණුපුරා සමඟ

සභාපති නෙල්සන්ව හොදින් දන්නා කෙනෙකු පවසයි ජීවිතයේ අසීරුතා අත්දුටුවද ඇදහිල්ල සමග ධෛර්යයෙන් ඔහු ඒ තුල රැඳී සිටියා කියා. පිළිකාවකින් ඔහුගේ අවු.37 ක දියණිය, එමලී, ආදරණිය සැමියෙක් හා කුඩා දරුවන් පස්දෙනෙකු හැර මෙලොවින් සමුගත් විට, මට ඇසුනා ඔහු පවසනවා, මම ඇයගේ තාත්තා, වෛද්‍යාවරයෙක්, දෙවියන්වහන්සේගේ අපෝස්ථළුවරයෙක්, එහෙත් මට හිස නමා පිළිගන්නට වුණා, “මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත සිදුවේවා”කියා.4

කුලුන මත මුරකරු

එම මහත් ගුණාංග සියල්ල අපි අගය කලද, අපි සභාපති නෙල්සන් අනුගමනය කරන්නේ ඇයි? අපි දිවසිවරයාව අනුගමනය කරන්නේ ඇයි? මන්ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුළුනෙහි මුරකරුවා ලෙස නියම කර ඔහුට කැඳවීම ලබාදී ඇති නිසා.

රූපය
කාකැසෝන්, ප්‍රංශය

කාකැසොන් යනු ප්‍රංශයේ මධ්‍යතම යුගයේ සිටම තිබුණු තාප්පයකින් වටවු අපූර්ව නගරයකි. ආරක්‍ෂිත තාප්ප මත ඇති උස කුළුණු නිර්මාණය කර තිබුනේ දවස මුළුල්ලේ සහ රාත්‍රියේදීත් එම කුළුණු මත සිට තම අවධානය ඈත සිට එන සතුරන් වෙත යොමුකර සිටින මුරකරුවන් සඳහායි. සතුරකු එනවා මුරකරුවා දුටු විට, ඔහුගේ අනතුරු හැඟවීමේ හඬ ළඟම එන අනතුර දැකගත නොහැකි කාකැසන් හි ජනයන්ව ආරක්ෂා කරනවා.

දිවැසිවරයෙකු කුළුනෙහි මුරකරුවෙක් වාගේ. ඔහු අපිව ආරක්‍ෂා කරනවා අපට නොපෙනෙන ආත්මික අනතුරු වලින්.

ස්වාමීන්වහන්සේ එසකියෙල්ට මෙසේ පවසනවා, “එසේ මමම නුඹව ඊශ්‍රායෙල් සෙනගට මුරකරුවෙකු කරමි. නුඹද මාගේ මුවින් වචනය අසා මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න”5

අප නිතර පවසනවා අනාගතවක්තෘ අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ, එහෙත් සිතාබලන්න ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ මත තබන විශාල භාරය පිළිබඳ: “ඔබ අධර්මිෂ්ඨයන්ට අනතුරු හැඟවුයේ නැතිනම්... අධර්මිෂ්ඨ මනුෂ්‍යය ඔහුගේ අපරාධ සමඟම මියයයි නම්; ... ඔහුගේ රුධිරය මා ඔබේ අතින් ඉල්ලමි”.6

ශ්‍රේෂ්ට පෞද්ගලික සාක්ෂියක්

අපි ජීවත් වූයේ පේදුරු සහ මෝසස්ගේ සමයෙහි නම් ඔවුන්ව වැලඳගන්නවා මෙන් අපි සභාපති නෙල්සන්ව වැලඳ ගන්නවා. දෙවියන්වහන්සේ මෝසස්ට පැවසුවා, “මම ඔබගේ මුඛය වී, ඔබට උගන්වන්නම් ඔබ පැවසිය යුතු දේ”7 අප ස්වාමීන්වහන්සේගේ දිවැසිවරයට සවන් දෙනවා, ඔහුගේ වචන “ස්වාමින්වහන්සේගේ මුඛයෙන් පිටවන වචන යන විශ්වාසය ඇතිව”.8

මේ අන්ධ විශ්වාසයක් ද? නැ. එසේ නැ. අප සැමටම ආත්මික සාක්ෂියක් තිබෙනවා නැවත පිහිටවූ යේසුස්වහන්සේගේ සුභාරන්චියේ සත්‍යතාව පිළිබඳව. තම තමන්ගේ කැමැත්තට හා තෝරාගැනීමට අනුව මේ උදෑසන අප අත් ඔසවමින් අපගේ අභිරුචිය ප්‍රකාශ කලා, දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා පිළිගන්නට අපගේ පැහැදීමෙන්, ඇදහිල්ලෙන්, යාච්ඤාවෙන්9 ඔහුගේ උපදේශන පිළිපදින්නට අපට වරප්‍රසාද ලැබී තිබෙනවා. වර්තමාන සාන්තුවරයන් හැටියට. සභාපති නෙල්සන් දෙවියන්වහන්සේගෙන් කැදවීම ලත් අයෙක් බවට පෞද්ගලික තහවුරුතාවයක් ලැබීමට අපට අවස්තාව තිබෙනවා. මාගේ බිරිඳ කැතී සභාපති නෙල්සන්ව දශක තුනක් පමණ කාලයක සිට පෞද්ගලිකව හැදින සිටියා, ඇයට කිසිම ගැටළුවක් නැ ඔහුගේ දිව්‍යමය ප්‍රචාරණය පිළිබඳව, නමුත් ඇය ඔහුගේ වසර 34 ක් මුලූල්ලේ දුන් සෑම ප්‍රධාන සම්මන්ත්‍රණ කතාවක්ම කියවන්නට ගත්තා, ඔහුගේ දිවැසිවර භූමිකාව පිළිබඳව තවත් ගැඹුරින් සහතිකයක් ලබා ගැනීමට. මා ඔබට පොරොන්දු වෙනවා ඔබට මහත් සාක්ෂියක් ලැබෙයි ඔබ නිහතමානිව සහ සුදුසු ලෙස එය සෙවූ විට.

ඇයි අපි ස්වකීය කැමැත්තෙන්ම අපගේ අනාගතවක්තෘගේ හඬට සවන් දෙන්නේ? උත්සහවන්තව සදාතනික ජීවිතය ලබාගන්න උත්සහ දරන්නන්ට අනාගතවක්තෘගේ වචන තුළින් මේ කළබලකාරි කාලවලදි ආත්මික ආරක්ෂාව ලබා දෙනවා.

අප ජීවත් වන්නේ මිලියනයකගේ පමණ ඝෝෂාකාරි හඬවල් ඇසෙන ග්‍රහයකයි. අන්තර්ජාල, දුරකථන, පෙට්ටි තුළ සිරවි ඇති විනෝද, ආස්වාද අපගේ අවධානය අපගෙන් අයැද සිටිනවා, අපි ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගෙන සහ ඔවුන්ගේ ප්‍රමිතීන් පිලිගනීයි යන බලාපොරොත්තුවෙන්.

මෙම නිමක් නොමැති විසිතුරු තොරතුරු අපට මතක් කරනවා ආත්මික අනතුරු හැගවීම් පිළිබඳව, ඒ “ඉස්සරහට හා පිටුපසට”, 10 “සුලඟත් සමග ගසාගෙන යාම,”11 සභා කපටි කමින් බොරු කියා මුලාකරන්නට බලා සිටීන අන් අයගෙන් ගැලවී එන ලෙසත්.12

අපගේ ආත්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමග නැංගුරම් ලාන්නට නම් උන්වහන්සේ විසින් අප වෙත එවන අයට අපිට ඇහුම්කන් දීමට සිදුවනවා. කලබලකාරී ලෝකයක අනාගතවක්තෘව අනුගමනය කරනවා කියන්නේ ගල් ගැසෙන තරම් සීතල දවසක අපි සනීප උනුසුම් පොරෝවනයකින් ඔතාගන්නවා වගේයි.

අපි ජීවත් වන ලෝකය හේතු විවාද මත භේද තර්ක විස්තර කිරිම් වලින් පිරී පවතී. “ඇයි?”කියා ප්‍රශ්න කිරිම බොහෝ විට අපේ ජීවිතයේ ධනවාදි ආකල්පයක්, එදිනෙදා ගන්නා තීරණ අපගේ බුද්ධිය පාවිචිච් කරමින් තෝරා ගැනීමට ඇති සමූහය අතරින් තෝරාගැනීම යෝග්‍යය.

එහෙත් බොහෝ විට ස්වාමින්වහන්සේගේ වචන පැමිණෙන්නේ කිසිදු විස්තර කිරිමකින් තොරවයි.13 තම ස්වාමියාට හෝ භාර්යාවට හා දරුවන්ට රැවටීමේ ඵල විපාක ශාස්ත්‍රාදිපතිවරුන් විශ්ලේෂන කර පැවතීමට පෙර දෙවියන්වහන්සේ පැවසුවා, “කාමමිථ්‍යාචාරය නොකරව කියා.” 14 අපගේ බුද්ධිය මත පමණක් යැපෙනවාට වඩා, අපි ශුද්ධයාත්මයාණන්ගේ දීමනාව අගය කරනවා.

පුදුම වන්නට එපා

රූපය
නෝවා අනුශාසනා කරනවා

අනාගතවක්තෘගේ හඬ, කාරුණිකව පවසන විට, එය නිතර අපට වෙනස් වන ලෙසට, පසුතැවිලි වන ලෙසට, සහ ස්වාමින්වහන්සේ වෙතට නැවත එන ලෙසට ඉල්ලන හඬක් වනවා. නිවැරදි කිරීමක් අවශ්‍ය විටදී,අප එය පසුවට කල් නොදමමු.

රූපය
ලැමනයිට්වරුන් එළිදරව් කල සැමුවෙල්

ඇතැම් විටක ඔබගේ පෞද්ගලික අදහස් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘගේ ඉගැන්විම් හා සමග එකගතාවයක නොමැති නම් පුදුමයට පත්වන්නට එපා. මේ තමයි අප නිහතමානීකම ගැන ඉගෙනගන්නා මොහෙතවල්, අප දණ නවා යාච්ඤා කරන විට. කාලයත් සමග අපට තව තවත් දෙවියන්වහන්සේගේ ශුදධාත්මික පැහැදිලි කිරිම් ලැබෙන බව අප දන්නා නිසා දෙවියන්වහන්සේව විශ්වාස කරමින් අපි ඇදහිල්ලෙන් ඉදිරියට පා තබනවා. එක් දිවැසිවරයෙක් විස්තර කලා ගැලවුම්කරුවාණන්ගේ අසහාය ත්‍යාගය “පුත්‍රයාගේ කැමැත්ත පියාගේ කැමැත්ත විසින් ගිල දැමුවා”ලෙස. 15 අපගේ කැමැත්ත දෙවියන්ගේ කැමැත්තට යටත්වීම ඇත්තටම යටත් වීමක් නොවේ, නමුත් මහිමාන්විත ජයග්‍රහණයක ආරම්භයයි.

සමහරු ඕනැවට වඩා අනාගතවක්තෘගේ වචන පරික්ෂාවට ලක් කර, පසුව එම වචන වලින් දිව්‍යමය වචන මොනවාද හා පෞද්ගලික අදහස් මොනවාද කියා තීරණය කරන්නට අරගල කරන්නට පුළුවන්.

1982 දී ප්‍රධාන අධිකාරියට කැදවීම ලැබීමට වසර 2 ට පෙර, සහෝදර රසල් එම්. නෙල්සන් පැවසූවා: “මම කවදාවත් මගෙන් ප්‍රශ්න කරලා නෑ, අනාගතවක්තෘ දිවසිවරයෙකු ලෙස කතාකරන්නේ කොයි විටද, සහ එසේ නැත්තේ කොයි විටකද?’ කියා, මාගේ උනන්දුව වූයේ, මා ඔහු මෙන් විය හැක්කේ කෙසේද?”යන්නටයි. ඔහු තව එක්කලා,“මාගේ චින්තනය අනාගතවක්තෘගේ ප්‍රකාශන ඉදිරියෙන් ප්‍රශ්නාර්ත ලකුණු දැමීම නොව, ඒ වෙනුවට .”16නිහතමානී සහ අධ්‍යාත්මයෙන් පිරුණු පුද්ගලයෙකු ඔහුගේ ජීවිතය සකසා ගන්නේ මෙලෙසයි. දැන්අවුරුදු 36 ට පසු ඔහු දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘයි.

ගැලවුම්කරුවාණන් තුල ඔබගේ විශ්වාසය වර්ධනය කිරීම

මාගේ පෞද්ගලික ජීවිතයේදි, මා දැන සිටියා, යාච්ඤාවෙන් දෙවියන්වහන්සේගේ දිවැසිවරගේ වචන අධ්‍යනය කර සහ පරිස්සමින්, ඉවසීම ඇතිව,ආත්මිකව මාගේ කැමැත්ත ඔහුගේ ඥයානාන්විත වචන සමඟ පෙළගැසු විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල මගේ විශ්වාසය වර්ධනය වෙන බව.17 ඔහුගේ උපදේශන පසෙක තබා අපි ඊටත් වඩා දන්නවා යැයි සිතුවහොත්, අපගේ විශ්වාසය, ඇදහිල්ල පීඩා සහිත වී සදාතනික දැක්ම කෙරෙහි බාධා පැමිණෙයි. මා ඔබට පොරොන්දු වෙනවා ඔබ අනාගතවක්තෘ පවසන මාර්ගයේ රැදෙනා විට ගැලවුම්කරුවානන් පිළිබඳ ඔබගේ විශ්වාසය වැඩි වන බවට.

ගැලවුම්කරුවාණන් පවසනවා, “ සෑම දිවැසිවරයෙකුම... මා ගැන සාක්ෂි දරා ඇති” බව.18

දිවැසිවරයෙකු ඔබ හා ගැලවුම්කරුවානන් අතර සිටගන්නේ නෑ. ඒ වෙනුවට ඔබ අසල සිට යේසුස් වහන්සේ වෙතට මඟ පෙන්වනවා. දිවැසිවරයෙකුගේ වැදගත්ම වගකීම හා වඩාත් වටිනාම ත්‍යාගය වන්නේ, යේසුස් නම්, ක්‍රිස්තුස්වහන්සේ බවට ඔහුගේ ස්ථිර සාක්ෂිය සහ ඔහුගේ ස්ථීර දැනුමයි. ඒ කාලයේ පේදුරු මෙන්, අපගේ අනාගතවක්තෘ පවසනවා. “උන්වහන්සේ ක්‍රිස්තුස් බව, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බව”.19

අනාගතයේ දිනයක, අපි අපගේ මෙලොව ජීවිතය දෙස හැරී බලන විට, අපිට සතුටු වෙන්නට පුළුවන් අපි පොළොවෙහි ජීවත් වුයේ ජීවමාන දිවැසිවරයෙක් සිටින කාලයක කියා. මා යාච්ඤ කරනවා එදින අපිට මෙලෙස කියන්නට පුළුවන් වේවි කියා.

අපි ඔහුට ඇහුන්කන් දුන්නා.

අපි ඔහුව විශ්වාස කරා.

අපි ඔහුගේ වචන ඉවසීමෙන්, විශ්වාසයෙන් අධ්‍යනය කරා.

අපි ඔහු වෙනුවෙන් යාච්ඤා කරා.

අපි ඔහු සමග සිටගත්තා.

අපි ඔහු අනුමත කරන්නට තරම් නිහතමානී වුවා.

අපි ඔහුට ආදරය කලා.

මාගේ ශුද්ධවු සාක්‍ෂිය මෙසේ පවසනවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ මිදුම්කරුවානන් හා ගැලවුම්කරුවානන් බවට, සහ සභාපති රසල් එම්. නෙල්සන් උන්වහන්සෙගේ අභිෂේක ලත් අනාගතවක්තෘ බව. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමේන්.

සටහන්

  1. යෙරමියා 1:5.

  2. 2 නෙපි 2:8බලන්න.

  3. මතෙව් 10:40.

  4. Personal memory; also see Spencer J. Condie, Russell M. Nelson: Father, Surgeon, Apostle (2003), 235.

  5. එසකියෙල් 33:7.

  6. එසකියෙල් 33:8.

  7. නික්මයාම 4:12.

  8. දහම සහ ගිවිසුම 21:5.

  9. දහම සහ ගිවිසුම 107:22.

  10. එපීස 4:14.

  11. යාකොබ් 1:6.

  12. එපීස 4:14.

  13. සභාපති ඩලන් එච්. ඕක්ස් වරක් මෙසේ පැවසීය:

    “1988 සම්මුක සාකච්චාවකදී... දිව්‍යමය එළිදරවු වලට බෞතික කාරණා සැපයීමේ උත්සාහයන් පිළිබඳව මාගේ ආකල්පය පැහැදිලි කළා:

    “ඔබ “ස්වාමින් වහන්සේ මෙලෙස අනකලේ ඇයි හෝ උන්වහම්සේ එලෙස අනකලේ ඇයි,” යන මෙම ප්‍රශ්න මනසේ තබාගෙන ශුද්ධ ලියවිලි කියෙවු විට, ඔබට සොයා ගැනීමට පුළුවන් වේවි අණපනත් සීයකින් අඩුමතරමේ එකකටවත් කිසිම හේතුවක් සපයා නැති බව. හේතු කාරණා සැපයීම දෙවියන්වහන්සේගේ ආකාරය නොවේ. අපිට [ මනුෂ්‍යන්ට] එළිදරවු වලට හේතු සැපයිය හැකියි. අපිට අණපනත් වලට හේතු සැපයිය හැකියි. අපි එලෙස කල විට, අපි තනිවෙනවා. සමහර මිනිසුන් [එළිදරවු] වලට හේතු සපයා... ඔවුන් විශිෂ්ට ලෙස වරදිනවා. එයට හේතුවක් තිබෙනවා... දිගු කාලයකට පෙර මම තීරණය කළා අණපනත් තුල මට විශ්වාසය ඇති බව සහ එයටඉදිරිපත් කර ඇති හේතු පිළිබඳව මට විශ්වාසය නැති බව.

    මෙම සියලුම හේතු අනවශ්‍ය ලෙස අවධානයක් ගැනීමක් ලෙසයි මට පෙනෙන්නේ .... අතීතයේ එළිදරවු වලට හේතු සැපයීමේ වරද අපි නොකර සිටිමු.... . හේතු සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයන් විසින් නිර්මාණය කල දේවල්. එළිදරවු ස්වාමින්වහන්සේගේ කැමැත්ත ලෙස අපි ස්ථීර කරන දේවල්,සහ ආරක්ෂාව රැදී පවතින්නේ එතනයි”. (ජීවිතයේ පාඩම් උගත් [2011], 68–69).

  14. නික්මයාම 20:14.

  15. මොසයා 15:7.

  16. Russell M. Nelson, in Lane Johnson, “Russell M. Nelson: A Study in Obedience,”Tambuli, Jan. 1983, 26.

  17. President Henry B. Eyring said: “Another fallacy is to believe that the choice to accept or not accept the counsel of prophets is no more than deciding whether to accept good advice and gain its benefits or to stay where we are. But the choice not to take prophetic counsel changes the very ground upon which we stand. It becomes more dangerous. The failure to take prophetic counsel lessens our power to take inspired counsel in the future. The best time to have decided to help Noah build the ark was the first time he asked. Each time he asked after that, each failure to respond would have lessened sensitivity to the Spirit. And so each time his request would have seemed more foolish, until the rain came. And then it was too late” (“Finding Safety in Counsel,” Ensign, May 1997, 25).

  18. 3 නෙපි 20:24.

  19. මතෙව් 16:16; ද යොහාන් 6:69බලන්න.