2010–2019
පොළොඹවන ලද දේවසේවය
2018 අප්‍රියෙල්


පොළොඹවන ලද දේවසේවය

අපි අන් අයට සේවය කිරීම ගැන අවධාරණය කරන විට අපිට ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබෙනවා. අපට පූජකවර වගකීම් ඇත්තේ ගැලවුම්කරුවාණන්ට සේවය කිරීමටයි.

මගේ ආදරණීය සහෝදරවරුනි, මෙම ඓතිහාසික ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ඔබට කථා කිරීමේ වරප්‍රසාදය ගැන මම කෘතඥ වෙමි. අපි සභාපති රසල් එම්. නෙල්සන් 17 වන සියවසේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු දවස්වල සාන්තුවරයන්ගෙන් යුත් සභාවේ සාභාපති ලෙසින් අපි අනුමත කර ගතිමු... මට ලබුනාක් මෙන් මෙන්ම, සෑම දිනකම ඔහු සමඟ වැඩ කිරීමේ ආශිර්වාදයක් තිබුණු බැවින්, ස්වාමීන්වහන්සේගේ සැබෑ සභාවේ නායකත්වය දෙන්නට සභාපති නෙල්සන් දෙවියන්වහන්සේගේ කැඳවීම ලබා අති බවට ආත්මයාණන්වහන්සේගේ සනාථ කිරීම මට දැනුණා.

එලෙසම මා ඔවුන්ගේ කැඳවිමට සාක්ෂි දරන්නෙක් ලෙස ප්‍රේරිතවරු දොළොස්දෙනාගේ ඝණපූර්ණයන්ගේ සාමාජිකයන් ලෙස සේවය කිරීම සඳහා වැඩිහිටි ගොන්ග් සහ වැඩිහිටි සෝරෙස් හට අරාධනා ලැබිනි. මම ඔවුනට ප්‍රේම කරමි සහ ඔවුනගේ පැවැත්ම පතමි.. ඔවුන්ගේ දේවසේවයෙන් ලෝකය පුරා සහ පරම්පරා හරහා ජීවිත ආශීර්වාද කරනු ඇත.

මෙම සම්මන්ත්‍රණය ඉතිහාසගත වීමට තවත් හේතුවක් නම්, සාභාපති නෙල්සන් විසින් උන්වහන්සේගේ සභාව සඳහා පෙළෙඹවූ හා සංවිධානාත්මක සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ. එම සැලැස්ම තුළ අපේ පූජක පන්තියේ වගකීම් වඩා හොඳින් ඉටු කිරීම සඳහා කොට්ටාශවල හා ස්ටේකවල පූජකයන්ගේ ඝනපුර්ණය සඳහා නව ව්‍යූහයක් ඇතුළත් වේ. අපගේ වගකීම් සියල්ල අපගේ පියාණන්වහන්සේගේ දරුවන් හට අප විසින් ලබාදෙන්නාවු පූජක රැකවරණය සම්බන්ධයෙන් වේ.

සාන්තුවරු විසින් ප්‍රේමණීය රැකවරණය දැක්වීම සඳහා ඔවුන්ට දෙවියන්වහන්සේ ලබා දුන් සැලැස්ම වසර ගණනාවක් පුරා විවිධ ආකාර ගෙන ඇත. නාවූහි මුල් කාලයේ දී අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට නගරය තුළට පැමිණෙන දිළිඳු හැරීඑන්නන්ගේ ජන ගංගාව රැකබලා ගැනීමට සංවිධානාත්මක මාර්ගයක් අවශය්‍ය විය. මගේ මුත්තණුවන් හා මිත්තණියන් හතර දෙනෙක් ඔවුන් අතර වූහ - ඔවුන් අයිරින්ග්ස්, බෙනියන්ස්, රෝම්නිස්, සහ ස්මිත්ස් වේ. භූගෝලීය පිහිටිම අනුව දිවැසිවරුන් විසින් සාන්තුවරුන්ගේ රැකවරණය සංවිධානය කළහ. ඉලිනොයිස් නගරයේ එම බෙදිම් “කොට්ඨාශ” ලෙස හැඳින්වූහ.

ශුද්ධවන්තයන් කඳුකර හරහා ගමන් කරද්දී, “කන්ඩායම්” තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින් සංවිධානය කරන ලදී. මගේ මුතුන්මිත්තන් (පීතෘ) ඔවුන්ගේ දේවසේවයෙන් ආපසු පැමිණ කල්හි මෙකල හදුන්වන ඔක්ලහෝමා යන ස්ථානයේ එම කන්ඩායමක් ඔහුට මුණගැසුණේය. ඔහු සහ ඔහුගේ සහකරුවා ඉතා දුර්වලව හා රෝගිව කුඩා කරත්තයක පිටුපසට වි සිටියහ.

පිරිස් නායකයා එම රථයේ සිටින අයට උදව් කිරීමට තරුණියන් දෙදෙනෙකු යවා ඇත. ස්විට්සර්ලන්තයේයේදි හැරී ආ අයෙක් වු එක් තරුණියක ධර්මදුතවරුන්ගෙන් එක් අයෙකු දෙස බැලූ අතර දයානුකම්පාව දැක්වීය. සාන්තුවරයන්ගේ එම පිරිස් විසින් ඔහුව බේරාගත්හ. සෝල්ට් ලේක් නිම්නය දක්වා ඔහුගේ ඔහුගේ ගමන එම තරුණිය සමග එම මාර්ගයේ ගමන් කිරීමට ප්‍රමාණවත් තරම් ඔහු සුවය ලබා ගත්තේය. ඔවුන් ආදරයෙන් බැඳී විවාහ විය. ඔහු මගේ සීයා වූ හෙන්රි අයරින් සහ ඇය මගේ ආදරණීය අත්තම්මා මරියා බෝම්මේලි අයරින් විය.

වසර ගණනාවකට පසුව, මහාද්වීපයක් හරහා ගමන් කිරීමේ මහත් දුෂ්කරතාවයක් ගැන ජනතාව පැවසූ විට, ඇය මෙසේ පැවසුවාය. “නැහැ, ඒක අමාරු නැහැ, අප ඇවිද ගිය අතර, අප යේසුස්වහන්සේ පිළිබඳ සැබෑ ශුභාරංචිය සොයාගත් එම ප්‍රාතිහාර්යයක් ගැන මුළු මාර්ගයම කථා කළෙමු. මට සිහිපත් කළ හැකි ප්‍රීතිමත් අවස්ථාව මෙයයි.”

එතැන් සිට, ස්වාමින්වහාන්සේ ශුද්ධවන්තයන් එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වීම සඳහා විවිධ මාර්ග භාවිතා කර ඇත. දැන් උන්වහන්සේ කොට්ටාශ හා ස්ටේක මට්ටමේ ඒකාබද්ධ ඝණපූර්නයන් ලෙසද - සාමුහිකව කටයුතු කරන ඝණපූර්න ලෙසද දෙවියන්වහන්සේ විසින් අපට ආශීර්වාද කර ඇත.

නාගරික කොට්ටාශ, සමාගම් සහ ශක්තිමත් ඝණපූර්ණයන් සියල්ල දෙවියන්වහන්සේගේ අභිප්‍රායයන් ලෙස සාර්ථක විමට ශුදවන්තයන් විසින් දෙවියන්වහන්සේ අප රැක බලාගන්නාක් මෙන් අනෙකාවද අප රැකබලාගතයුතු ලෙස අවම වශයෙන් කරුනු දෙකක් සපුරාලිය යුතු වේ. සාන්තුවරුන් ඔවුන්ගේ ආත්ම-යහපතට වඩා එකිනෙකා සඳහා ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයට දැනෙන විට ඔවුන් සාර්ථක වේ. ශුද්ධලියවිල්ලේ එය “දයාව ... ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ආදරය” (මොරෝනි 7:47). රැකබලා ගන්නෙකු ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්විම යටතේ දෙවියන්වහන්සේ උපකාර කිරීමට උත්සාහ කරන පුද්ගලයා සඳහා අවශ‍ය්‍ය හොඳම දෙය කුමක්ද බව දැන ගැනීම තුල ඔවුන් සාර්ථක වේ.

කාලයෙන් කාලයට මෑත සතිවල, සාභාවේ සාමාජිකයන් මා ඉදිරියේ හැසුරුනු ලබුවේ ඔව්හු දෙවියන්වහන්සේ කරනු ලබන දෙය කෙසේ හෝ ඔවුන් බලාපොරොත්තු වූවාක් මෙන්ය. මම ඔබට උදාහරණ දෙකක් දෙන්නම්. එක් උදාහරණයක් නම් සක්‍රමෙන්තු හමුවේදි ආරෝනික පූජකවරයේ 14 හැවිරිදි ගුරුවරයෙකු තුල පූජකයන්ට ස්වාමීන්වහන්සේ උදෙසා කුමනදේ කළ හැකිද යන්න ඇති අවබෝධය. දෙවනුව, දේවානුභාවය ලත් මෙල්කිසදෙක් පූජක හිමිකරු වන ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් ලැබු පෙළඹවීම පවුලක් සඳහා සේවය කිරීමට.

පළමුව, කොට්ඨාශ සක්‍රමෙන්තු රැස්වීමකට කතා කරන තරුණයාගේ වචන ඔබට දෙන්නෙමි. මම එතන සිටියෙමි. වයස අවුරුදු 14 දී ඔබ කොයි වගේ කෙනෙක්දැයි මතක තබා ගැනීමට උත්සාහ කරන්න සහ එම වයසේ කෙනෙකුටත් වඩා මුහුකුරා ගිය දැනුමින් ඔහු පවසන දෙයට සවන්දෙන්න:

“මම 14 හවිරිදි වීමත් සමග අපේ කොට්ඨාශ ගුරුවරුන්ගේ ඝණපූර්නයක සාමාජිකයෙකු වීම ඇත්තෙන්ම කැමති වුනි. ගුරුවරයෙකු තවමත් උපස්ථායක හා තවත් නවක වගකීම් දරයි.

“අපගෙන් සමහරෙකු ගුරුවරුන් බැවින්, තවත් අය එක් දවසක එක් වන අතර සභාවේ සිටින සියලු දෙනා පූජකත්වයට ආශීර්වාද ලැබුවන් වේ. එබැවින් ගුරුවරයෙකුගේ රාජකාරිය පිළිබඳව අප සියලු දෙනාටම දැන ගැනීම වැදගත්ය.

‘පළමුව, දහම සහ ගිවිසුම 20:53 මෙසේ පවසයි: ‘ගුරුවරයාගේ යුතුකම සෑම විටම සභාව රැකබලා, ඔවුන් සමඟ සිට ශක්තිමත් කිරිමයි.’

“ඊළඟට, දහම සහ ගිවිසුම 20: 54–55 මෙසේ කියයි:

“සභාවේ අසාධාරණය නොපැවැත්වීම, එකිනෙකා අතර ඝෝෂාකාරී නොවීම, බොරු කීම හෝ නපුරු කථා නොකිරීමට වග බලා ගත යුතුවේ;

“සභාව නිතරම රැස්ව සිටින බවත්, සියළුම සාමාජිකයන් තම රාජකාරිය ඉටු කරන බවත් වග බලා ගත යුතුවේ.”’

එම තරුණයා දිගටම පවසා සිටියේ:

“දෙවියන්වහන්සේ අපට පවසන්නේ සභාව කෙරෙහි පමණක් නොව, සභාව තුළ සිටින ජනයාද රැකබලා ගැනීම ස්වාමීන්වහන්සේ අප සභාව රැකබලා ගන්නාක් මෙන් අපගේ වගකීමක් බවය, මක්නිසාද එය අපගේ සභාව බැවිනි. ආඥා පිළිපැදීමට අප උත්සාහ කරනවා නම්, එකිනෙකාට කාරුණික වන්න, අවංක වන්න, හොඳ මිතුරන් වන්න, එකමුතුව ජීවත් වන්න, එවිට අපට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ස්වර්ගික පියාණන්ට අවශය්‍ය කරන්නේ කුමක් ද යන්න දැනගැනීමට හැකි වනු ඇත. අප එසේ නොකරන්නේ නම්, අපට අපගේ කැඳවීම ඉටු කළ නොහැකිය.”

ඔහු තවදුරටත් මෙසේ පැවසුවා:

“හොඳ ආදර්ශයක් තබන්න ගුරුවරයා තෝරාගන්නවා නම් සභාවේ සාමාජිකයන්ට අචාර කරමින්, නිවසේදී උපකාර කිරීම සහ සාමය ඇති කරවන්නෙක් වීම, සක්‍රමෙන්තුව පිළියෙල කිරීම, උන්වහන්සේගේ පූජකත්වයට ගරු කිරීම හා උන්වහන්සේගේ කැඳවීම ඉටු කිරීම සඳහා තෝරාගනී.

“හොඳ ගුරුවරයෙක් වීම සභාවේ හෝ සභාවේ ක්‍රියාකාරකම්වලදී වගකිව යුතු වීම පමණක් අදහස් නොවේ. පාවුලු තුමා උගන්වනු ලැබුවේ, ‘ඔබ විශ්වාසවන්තයින්ට, වචනයෙන්, සංවාදයෙන් සහ දයාවෙන්ද, ආත්මයෙන්, ඇදහිල්ලෙන්, පවිත්‍රත්වය තුලින් ඇදහිලිවන්තයන්ගේ ආදර්ශය වන්න’ (1 තිමෝති 4:12).”

තවදුරටත් තරුණයා දිගටම පවසා සිටියේ:

“අපි කුමක් හෝ වේවා කොතැනක සිටියත්, සෑම අවස්ථාවකදීම හා සෑම තැනකදීම ධර්මිෂ්ඨකමට හොඳ ආදර්ශයක් විය හැකිය.”

“මගේ තාත්තා සහ මම බ්රවුන්ස් ගේ නිවස බැහැදැක උගන්වනවා.1 අපි එහාට යන හැම වෙලාවෙම මම ඒගොල්ලන්ව හොඳින් දැන හඳුනා ගන්නවා. බ්රවුන්ස් ගැන මම ඇත්තටම කැමති එක දෙයක් තමයි, අපි එහාට යද්දී හැමවිට ඔවුන් සවන් දීමට කැමැත්තෙන් සිටින අතර ඔවුන්ට හැමවිටම බෙදාගැනීමට කදිම කථා තියනවා.

“නිවසේ ඉගැන්වීම නිසා කොට්ඨාශයේ සිටින අයව හොඳින් දැන හඳුනා ගෙන සිටින අතර, එය ගුරුවරයෙකුගේ ඊළඟ වගකීම ඉටු කිරීම පහසු කරනු ලබන අතර සභාවේ සාමාජිකයන්ටද ආචාර කිරිමක්. සභාව තුල සාමාජිකයන් පිලිගැනීමෙන්, ඔවුන්ට ප්‍රේමය දක්වමින් සක්‍රමෙන්තුව ලබා ගැනිමට සියලුම සාමාජිකයින්ට උපකාර කරනවා.

“සභාවේ සාමාජිකයන්වූ අයට ආචාර කිරීමෙන් පසු, සෑම ඉරිදාවකම සක්‍රමේන්තු සකස් කිරීමෙන් ගුරුවරුන් උපකාර කරනු ලබනවා. මම සැබවින්ම මෙම කොට්ඨාශයේ සක්‍රමෙන්තුව සැකසිම භුක්ති විඳින්නෙමි, මක්නිසාදයත් මොවුන් සියලු දෙනාම ගෞරවනීයයි. මම සෑමවිටම සක්‍රමෙන්තුව සූදානම් කරනා විට හා පිළිගන්වන විට මා හට ශුද්ධාත්මයාණන්වහන්සේ දැනෙනවා. සෑම ඉරිදාකදීම මට එය කළ හැකි බව ඇත්තටම ආශීර්වාදයකි.

“සක්‍රමේන්තුව යැවීම වැනි සමහර සේවාවන් දකින මිනිසුන් එක්කිරීම සඳහා අප හට ස්තුතිවන්ත වෙනවා, නමුත් සක්‍රමේන්තුව සූදානම් කිරීම වැනි වෙනත් සේවයක් සාමානය්‍යයෙන් කිසිවකු නොදැනුවත්ව කලයුතු වෙනවා. අප එය කරනබව ඔවුන් දැනගැනීම වැදගත් දේ නෑ. වැදගත්ම දෙය නම් උන්වහන්සේ අප කළ සේවය දැනගැනීමයි.

“ගුරුවරුන් ලෙස අප නිතරම අපේ පූජකවර වගකීම් ඉටු කරමින් සභාව, අපගේ මිතුරන් සහ අපගේ පවුල ශක්තිමත් කිරීමට උත්සාහ කරමු. එය හැමවිටම පහසු නැත. නමුත් උන්වහන්සේ අපට අණ නොකරන සේක. ‘උන්වහන්සේ අණ කල දෙය ඉටු කිරීමට අපට මාර්ගය උන්වහන්සේ පිළියෙල කරදෙනු ඇත’ (1 නෙපි 3:7).”

“අපි [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] අනුගමනය කරන්නට තෝරාගනු ලැබුවහොත් අපි හොඳ තත්වයකට පත් වනු ඇතැයි මම දනිමි.”

පූජක සේවයේ තවත් කතාවක් වූයේ මාසයකට පෙර කොට්ඨාශ සක්‍රමේන්තු රැස්වීමකදීය. නැවතත් මම එතන සිටියෙමි. මෙම පරිණත පූජකතුමා කථාකිරිමේදි දැන නොසිටියේ ඔහු දෙවියන්වහන්සේ පූජක ඝණපුර්ණය ශක්තිමත් කිරිමට අදහස් කරන්නේ කෙසේද යන්න ඔහු විස්තර කරන බවය. මේ ඔහුගේ කථාවේ සාරාංශයයි.

ඔහු සහ නිවසේ ඉගැන්වීමේ සහායකයා හට පවුල් හතකට සේවය කිරීමට පැවරී ඇත. ඔවුන් සියල්ලන්ට පාහේ බැහැදැකීම අවශය්‍ය නොවීය. නිවෙස් ගුරුවරු ඔවුන්ගේ ගෙවල් වලට ගිය විට ඔවුහු පිළිතුරු දීමට ප්‍රතික්ෂේප කළහ. දුරකථනයෙන් කතා කළ විට, ඔවුන්ට උත්තරයක් ලැබුණේ නැත. ඔවුන් පණිවිඩයක් යැවූ විට, ඇමතුම ආපසු නොලැබිනි. මෙම ජ්‍යෙෂ්ට සහකරු අවසානයේ ලිපි දේවසේවයක් වෙත යොමුවූහ. ප්‍රතිචාරයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් දීප්තිමත් කහ ලියුම් කවරයක් යොදා ගත්තේය.

පවුල් හතෙන් එකක් යුරෝපයෙන් පදිංචිව සිටි ක්‍රියාකාරිත්වයෙන් අඩු තනි සහෝදරියකි. ඇයට කුඩා දරුවන් දෙදෙනෙක් සිටියා.

ඇයට සම්බන්ධ වීමට බොහෝ ප්‍රයත්න දරා පසුව, ඔහුට පණිවිඩයක් ලැබුණි. නිවසේ ගුරුවරුන් හමුවීමට ඇය කාර්යබහුල බව ඇය ඔහුට දැනුම් දුන්නාය. ඇයගේ රැකියා දෙකක් තිබුණා. හමුදාවෙත් හිටියා. ඇයගේ මූලික රැකියාව වූයේ පොලිස් නිලධාරියෙකු වන අතර ඇගේ වෘත්තීය ඉලක්කය වූයේ රහස් පරීක්ෂකයකු බවට පත්විම හා පසුව ඇගේ රටට ආපසු ගොස් එහි වැඩ කටයුතු කරගෙන යාමටය.

නිවසේ ගුරුවරුන්ට ඇගේ නිවසේදී ඇයව හමුවීමට කිසිදාක නොහැකි වුණා. ඔහු වරින් වර ඇයට පණිවිඩ යැව්වා. සෑම මසකම ඔහු සෑම දරුවෙකුටම නිවාඩු කාඞ්පත් සමඟ අතිරේකව අතින් ලියන ලද ලිපිය යැවුවා.

ඔහුට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. නමුත් ඇය නිවෙස් ගුරුවරු වූයේ කවුද, ඔවුන් සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න සහ එම පූජක සේවාව තුළ ඔවුන් දිගටම පවතිනු ඇති බව දැන සිටියා. .

එක දවසක් ඔහුට හදිසි පණිවිඩයක් ලැබුණා. ඇයට උපකාරයක් අවශය්‍යය බව ඇය පවසා සිටියා. සභානායකවරයා කවුරුන්දැයි ඇය නොදන්නා නමුත් ඇගේ නිවෙස් ගුරුවරු කවුරුන්ද බව ඇය දැන සිටියා.

දින කීපයකින් මාසයක් පුරා හමුදා පුහුණුවක් සඳහා ඇයට රට හැර යාමට සිදුවුණා. ඇයට ඇගේ දරුවන් ඇය සමඟ ගෙන යාමට නොහැකි වුණා. ඇගේ දරුවන් රැකබලා ගැනීමට සිටි මව ඇයගේ හදිසියේ රෝගා බාධ වු තම ස්වාමිපුරුෂයා බැලීම සදහා යුරෝපය වෙත පියාසර කර තිබුනා.

මෙම අඩු ක්‍රියාකාරී තනි සොයුරිය ඇගේ බාලම දරුවා සඳහා යුරෝපයට ටිකට් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් තිබුණ නමුත් ඇයගේ 12 හැවිරිදි පුත් වන එරික් සඳහා ටිකට් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් තිබුනේ නෑ. 2 ඇය නිවෙස් ගුරුවරයගෙන් එරික් සඳහා ඊළඟ දින 30 ඔහු බලා ගැනිමට හොඳ එල්.ඩී.එස්. පවුලක් සොයාගත හැකිද ඇසුවා!

නිවෙස් ගුරුවරයා තම උපරිමයෙන් උත්සහා කරන බව ඇයට දන්වා සිටියා. ඉන්පසු ඔහු පූජක නායකයන් සමඟ සම්බන්ධ වුණා. සහන සේවා සංගමයේ සභාපති ඇතුළු කොට්ඨාශ නිලධාරීන්ගේ සාමාජිකයන් වෙත පිවිසීමට ඔහුට මූලාසනය දරන උත්තම පුජකයෙකු වී සිටි සභානායකවරයා අවසර දුන්නා.

සහන සේවා සංගමයේ සභාපති ඉතා ඉක්මනින් එරික් වැනි දරුවන් සිටින සතියකට එක බැගින් ඔහුට නවාතැන් ගත හැකි එල්.ඩී.එස්. පවුල් සොයා දුන්නා. මාසය පුරාවටම මෙම පවුල් තම කුඩා නිවැස් වල, කුඩා මහල් නිවැස් වල එරික් හට නවතැන් ලබා දුන්නා පමණක් නොවේ ඔවුන් කලින් සැලසුම් කල ගිම්හාන ක්‍රියාවන් වලටද ඔහුව සම්බන්ධ කරගත්තා පමනක් නොවේ ඔවුන් සමග සභාවටද රැගෙන එනු ලබුවා. සවස්වරුවේ එම පවුල් හමුවටද ඔහුව සහාභගි කරගනු ලබුවා. මෙය මේ විදියට දිගින් දිගටම සිදු වුවා.

පවුල් කිහිපයකම එරික්ගේ සමවයසේ දරුවන් සිටි අතර ඔවුන් සහාභාගි වු ඩීකන් ඝණපුර්න රැස්විම් හා ක්‍රියාකරකම් වලටද ඔහුව සම්බන්ධ කරගනු ලබුවා. එරික් පලමු වරට මාසයක් නොකඩවා සභාවට සහාභාගි වුවා.

එරික්ගේ මව පුහුණුව ඉවර වි නැවත පැ‍මිනියද එරික් නොකඩවාම සභාවට ඔහුගේ එල්.ඩී.ස්. පවුල් හතරෙන් එකක් සමග, ඔහු ඇතිකරගත් මිතුරන් හා ඔහුගේ මවගේ නිවෙස් ගුරුවරයාත් සමග සහාභාගි වුවා. කලයත් සමග ඔහු ඩීකන්වරයෙකු ලෙස නියම කරනු ලැබු අතර සැම දිනකම සක්‍රමෙන්තුව ලබා දිම සිදු කරනු ලබුවා.

දැන් අපි එරික්ගේ අනාගතය පිලිබද බලමු අප පුදුමයට පත්විය යුතු නැහැ අනාගතයේදි ඔහු මෙහිදි ඔහු තම මවගේ රටට ගිය විට සාභානායකයෙකු වුවහොත් මේ සියලුදේ සිදු වුයේ සභානායකවරයාගේ මගපෙන්විම යටතේ කටයුතු කල සාන්තුවරු පිරිසක් විසින් හා ඔවුන්ගේ සිත් තුල තිබු කාරුණික බව සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය නිසයි.

අප දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ගැළවීම සඳහා දයාව අත්‍යවශ්‍ය බව දනිමු. මොරෝනි ලියා ඇත්තේ: “දයාව නොමැතිනම් ඔබට දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ගැළවීම ලැබිය නොහැකිය” (මොරෝනි 10:21; බලන්න ඊතර් 12:34).

අපට කල හැකි සියල්ලට වඩා දයාව අපට ලබාදී ඇති ත්‍යාගයක් බව අපගේ “හදවතේ සියලු ශක්තියෙන් උන්වහන්සේගේ පුතු වු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ සැබැ අනුගාමිකයන්ට පිරිනමනු ලබන මෙවැනි ආදරයකින් අපි පරිපුර්ණකීරිමට යාච්ඤා කළ යුතුයි” (මොරෝනි 7:48).

මට තේරුම්ගිය පරිදි දෙවියන්වහන්සේගේ ආත්මය ලබාගැනීමට අපි අන් අයට සේවය කල යුතුයි. ඒ නිසයි පූජකවරුන් ලෙස අපට ගැලවුම්කාරයන්වහන්සේට සේවය කිරිමට වගකිම පැවරි ඇත්තේ. අප අන් අය වෙනුවෙන් සේවය කරන විට, අප ගැනම අඩුවෙන් සිතන්නේ නම්, ශුද්ධාත්මයාණන් අපට පහසුවෙන් පැමිණිය හැකි අතර, අපට දයාවේ ත්‍යාගය ලබන්නට අපගේ ජීවිත කාලයටම උපකාරී වේ.

අපගේ පූජක දේවසේවය තුළ අපට වඩාත් දයානුකම්පාවීමට උන්වහන්සේගේ සැලැස්ම තුළ මහත් පියවරක් ඉදිරියට ගෙන ගොස් ඇති බව මා ඔබට සාක්ෂි දරයි. උන්වහන්සේ අපට නොමසුරුව ලබා දෙන ප්‍රේමයට මා උන්වහන්සේට කෘතඥපූර්වක වේ. මම සාක්ෂිදරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන් ආමෙන්.

සටහන්

  1. නම් වෙනස් කර ඇත.

  2. නම් වෙනස් කර ඇත.