2010–2019
ඒ මනුෂ්‍යා දෙස බලන්න!
2018 අප්‍රියෙල්


ඒ මනුෂ්‍යයා දෙස බලන්න!

ඒ මිනිසා දෙස සත්‍ය වශයෙන්ම බලන්නට මාර්ගයක් සොයාගන්නා අය ජීවිතයේ මහත් ප්‍රීතියක් සහ ජිවිතයේ විශාල බලාපොරොත්තු සුන්වීම් වලට සුවය දෙන ආලේප වලට දොරගුළු සොයාගනී.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ආදරණීය මිතුරනි, මේ සුන්දර ප්‍රධාන සම්මන්ත්‍රණ සති අන්තයේ ඔබ හා සිටීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. හැරියට් සහ මම සතුටු වෙනවා  වැඩිහිටි ගොන් සහ සෝරේස් ඒ වගෙම මෙම ප්‍රධාන සම්මන්ත්‍රණ තුල සැලකතිය යුතු කැදවීම් ලැබු සියලු සහෝදර සහෝදරියන් සස්ටේන් කිරිමට ලැබුණු අවස්ථාව නිසා.

මගේ ආදරණීය මිතුරා වූ සභාපති තෝමස් එස්. මොන්සන්ව මට අහිමි උනත්, අපේ නව අනාගතවක්තෘ සහ සභාපති රසල් එම්. නෙල්සන් සහ ඔහුගේ උපදේශකයන්ට මම ප්‍රේම කරනවා, ඔවුන්ව අනුමත කරනවා සහ ඔවුන්ට සහය ලබාදෙනවා.

නැවතත් දොළොස්දෙනාගේ ගනපූර්ණයේ මගේ ආදරණීය සහෝදරවරුන් සමග නැවත වරක් ඉතා කිට්ටුවෙන් වැඩ කිරීමට ලැබීම ගැන මම ස්තුතිවන්ත වන අතරම මට එය ගෞරවයක් ලෙස හිතනවා.

හැමදේටත් වැඩියෙන්, මම ඉතා ගැඹුරින්ම නිහතමානී වන අතරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක් වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා, එහි මිලියන ගණන් පිරිමින් සහ ගැහැණුන් සහ දරුවන් ඔවුන් ඉන්නා ස්ථාන උස් කරමින්- කුමන කැඳවීමක හෝ ධාරිතාවයක ඔවුන් සිටියත් - දෙවියන්වහන්සේගේ රාජ්‍ය ගොඩනැගීමටත් දෙවියන්වහන්සේට සහ අසල්වාසීන්ට මුළු හදවතින්ම සේවය කිරීමටත් ඔවුන් වෙහෙස වෙනවා.

අද දිනය ශුද්ධවන්ත දිනයක්. අද පාස්කු ඉරිදා දවසයි, ඒ තමයි අපේ ගැලවුම්කරුවාණන්වහන්සේ මරණයේ බැමි1 ලිහා සොහොන් ගෙයින් ජයග්‍රහණයට එකතු වුනු ඒ මහිමාන්විත උදෑසන සැමරීම.

ඉතිහාසයේ ඇති ශ්‍රේෂ්ටම දිනය

මම මෑතකදී අන්තර්ජාලයෙන් මෙහෙම ඇහුවා, “ඉතිහාසය වඩාත්ම වෙනස් කල දවස කුමක්ද?”

 ප්‍රතිචාරයන්, පුදුම සහ ඥානවන්ත සහ කල්පනාකාරී පරාසයක පැතිර තියනවා. ඒ අතර, ප්‍රාග් ඓතිහාසික ක්ෂුද්‍ර ග්‍රාහයා පෙනින්සියුලාවේ යුකැටන් වලට පහර දීම, හෝ 1440 දී ජොහෑන්ස් ගුටෙන්බර්ග් ඔහුගේ මුද්‍රණාලය අවසන් කිරීම සහ ඇත්තවශයෙන්ම 1903 දී රයිට් සහෝදරයන් මිනිසුන්ට ඇත්තටම පියාඹන්නට පුළුවන් බව පෙන්වීම ඒ අතර වෙනවා.

ඒ ප්‍රශ්නයම ඔබෙන් ඇසුවොත්, ඔබ කුමක් කියනවාද?

මගේ මනසින් නම් පිළිතුර පැහැදිලිය.

ඉතිහාසයේ වැදගත්ම දවස සොයාගන්නට නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනි උයනේදී තදබල යාච්ඤාවක් කිරීමට දණගසා අපගේ නොයෙක් පව් වලට උන්වහන්සේව පූජා කරන ලද අවුරුදු 2000කට පෙර අතීතයට අපි නැවත යා යුතුමයි. මේ ශ්‍රේෂ්ට සහ අසීමිත පූජාවේදී දෙවියන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ආත්මයෙන් සහ ශරීරයෙන් සම කල නොහැකි ලෙස දුක් විඳ සෑම රෝම කුපයකින්ම ලේ හැලුවා. සර්ව සම්පුර්ණ ප්‍රේමයකින් උන්වහන්සේ හැම දෙයක්ම ලබා දුන්නේ, සියලු දේ අපි ලබාගන්නා පිණිසයි. උන්වහන්සේගේ දිව්‍යමය කැපකිරීම, වටහා ගන්නට අමාරුය, නමුත් අපේ හදවතටත් මනසටත් එය දැනෙනවා, උන්වහන්සේගේ දිව්‍යමය ත්‍යාගයට අපේ කෘතඥතාවයේ සමස්ත ණයගැති බව අපට එය මතක් කර දෙනවා.

ඒ රාත්‍රියේ, උන්වහන්සේට සමච්චල් කල, පහර දුන් සහ නින්දිත මරණයකට උන්වහන්සේව ලක් කල ආගමික හා දේශපාලන බලධාරීන් වෙත උන්වහන්සේව ගෙනගියා. උන්වහන්සේ කුරුසය මත ඇණ ගැසූ අතර, අවසානයේ, “එය නිමා විය.”2ඉල්ලාගත් සොහොන් ගෙයක ජීවිතය නැති උන්වහන්සේගේ ශරීරය තැන්පත් කළා. ඉන්පස්සේ, තුන්වෙනි දවසේ උදේ, සදාතනික පියාණන්ගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ශ්‍රේෂ්ටත්වයෙන්, ආලෝකයෙන් සහ තේජසින් මහානුභාවසම්පන්නව, නැවත නැගිටි අයෙක් ලෙස සොහොන් ගෙයින් නික්මුනා.

ඔව්, ජාතීන් අතරත් සෙනග අතරත් ඔවුන්ගේ ඉරණමට ගැඹුරු ලෙස බලපෑම් ඇතිකළ අවස්තා ඉතිහාසය පුරාම ඇතිවෙලා තියනවා. ඒ හැමදෙයක්ම එකට එකතු කරත්, පළමු පාස්කු ඉරිදා සිදුවූ වැදගත් දෙයට සසඳන්නට පටන් ගන්නවත් ඒවාට බෑ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපරිමිත වන්දිගෙවීම සහ නැවත නැගිටීම, - ලෝක යුද්ධ, මහත් ව්‍යසන සහිත විනාශවීම් සහ ජිවිත වෙනස්කරවන විද්‍යාත්මක සොයාගැනීම් වලටත් වඩා, ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවට පත්වන කාරණය මොකක්ද?

මොකද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, අපිට නැවතත් එකට ජීවත් වෙන්න පුළුවන්

පිළිතුර අපි හැමෝම මුහුණ දෙන ශ්‍රේෂ්ට සහ ඉක්මවන්නට නොහැකි අභියෝග දෙකක් මත පවතිනවා.

පළමුව, අපි හැමෝම මැරෙනවා. ඔබ කොතරම් තරුණ, ලස්සන, සෞඛ්‍ය සම්පන්න හෝ පරික්ෂාකාරී උනත්, එක දවසක ඔබේ ශරීරය ජිවිතයෙන් තොර වෙනවා. ඔබේ මිතුරන් හා පවුල ඔබ වෙනුවෙන් වැලපෙනවා. නමුත් ඒ කාටවත් ඔබව නැවත ගෙනෙන්නට බෑ.

ඒ කොහොම උනත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, ඔබේ මරණය තාවකාලික වෙනවා. ඔබේ ආත්මය දවසක ඔබේ ශරීරයත් එක්ක නැවත එකතු වෙනවා. එවිට ලැබෙන නැවත නැගිටුණු ශරීරය ආයෙමත් මැරෙනසුලු,3වෙන්නේ නෑ, සියලුම වේදනාවන්ගෙන් සහ ශාරීරික දුක්විඳීම් වලින් තොරව, ඔබ සදාකාලිකව ජීවත් වෙනවා. .4

මෙය සිද්දවෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ඉවත් කර තබා නැවත ලබාගත් නිසා.

උන්වහන්සේ තුල විශ්වාස කරන හැමකෙනෙක්ම වෙනුවෙන් උන්වහන්සේ මේ දේ කළා.

උන්වහන්සේ තුල විශ්වාස නොකරන හැමකෙනෙක්ම වෙනුවෙන් උන්වහන්සේ මේ දේ කළා.

උන්වහන්සේගේ නාමය සරදමට ලක්කරන, අපහාස කරන, ශාපකරණ හැමදෙනෙක්ම වෙනුවෙනුත් උන්වහන්සේ මේ දේ කළා. .5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, අපිට දෙවියන්වහන්සේත් සමග නැවත ජීවත් වෙන්නට පුළුවන්.

දෙවනුව, අපි හැමෝම පව් කරනවා. අපේ පව්, අපිව දෙවියන්වහන්සේ එක්ක ජීවත් වෙන්න තියන පුළුවන්  කමින් හැමදාටම අයින් කරලා තියනවා, මොකද, “කිසිම අපිරිසිඳු දෙකට උන්වහන්සේගේ රාජ්‍යට ඇතුල් වෙන්න බෑ.”6

එහි ප්‍රතිපලයක් විදියට, සෑම මිනිසෙක්ම, ගැහැණියක්ම සහ දරුවෙක්ම උන්වහන්සේගේ අභිමුඛයෙන් ඉවත් කෙරෙනවා - එහෙම වෙන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වූ කිසිදු පැල්ලමක් නැති බැටළු පැටවාණන්, උන්වහන්සේගේ ජීවිතය අපගේ පව් වෙනුවෙන් වන්දියක් විදියට පුජා කරනකන් විතරයි. මොකද, යේසුස්වහන්සේ යුක්තියට ණයගැති නෑ, උන්වහන්සේට පුළුවන් යුක්තියේ ඉල්ලීම ඉටු කරන්නට, අපේ ණය ගෙවන්නට උන්වහන්සේට පුළුවන්. ඒ දෙයට ඔබත් මමත් ඇතුලත් වෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ පව් වලට මිල ගෙවනු ලැබුවා.

අපේ හැම පාපයකටම.

සහ පවිත්‍රභාවයට පත්කරන මාර්ග වලක්වන අවහිර පලවා හරිනවා. අපගේ ස්වාමීන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් ඉතිහාසයේ සිදුවුණු ඒ ඉතාමත්ම වැදගත් දවස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයේ දොරටු විවර කර අපව සදාකාලික ජිවිතයේ ශුද්ධවූ නිසා, ඔබත් මමත් මිල කල නොහැකි ත්‍යාග ලබන්නේ - අපේ අතීතය කුමක් වුවත්, අපි පසුතැවි සෙලෙස්ටියල් මහිමයට අපව ගෙනයන මාර්ගයේ දෙවියන්වහන්සේගේ ඇදහිලිවන්ත දරුවන්ගෙන් වටවී ඉන්නට පුළුවන්කම ලැබෙන නිසායි.

අපි සන්තෝෂ වන්නේ ඇයි

අපි පාස්කු ඉරුදින සමරන්නේ මෙයයි - අපි සමරන්නේ ජීවිතයයි!

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, අපි බලාපොරොත්තු නැතිකළ මරණයෙන් නැගිට අපේ ආදරණීයයන් අපේ ළඟ තියාගෙන, දරාගත නොහැකි ප්‍රීතියකිනුත් සහ උතුරා යන ස්තුතියකිනුත් අපි කඳුළු සලයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, අපි සදාකාලික ජීවින් බවට නිමක් නැති ලෝකයන්ගේ පවතියි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, අපේ පව් මැකී යනවා පමණක් නොවේ; ඒවා අමතක වී යයි.

අපිට සුපිරිසිඳු වී මහිමාන්විත වෙන්නට පුළුවන්.

ශුද්ධවන්තව.

අපගේ ආදරණිය ගැලවුම්කරුවාණන් නිසා, සදාකාලික ජීවිතය දෙසට විහිදෙන ජල දහරාවෙන් සදාකාලයටම පානය කරන්නට අපිට පුළුවන් වෙනවා.7අපට හිතාගන්නට බැරි තරම් හා සර්ව සම්පුර්ණ ප්‍රීතියෙන් යුතු සදාකාලික රජිඳාණන්ගේ මන්දිරයේ සදාකාලයටම වාසය කරන්නට පුළුවන් වෙනවා.

අපි ඒ “මිනිසා දෙස බලනවාද”?

මේ හැමදෙයකටම අමතරව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දී තිබෙන වටිනා ත්‍යාග ගැන විශ්වාස නොකරන හා නොදන්නා බොහෝ අය මේ ලෝකයේ සිටිනවා. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අහලා ඇති සහ උන්වහන්සේගේ ඉතිහාසගත චරිතයක් විදියට දන්නවා ඇති, නමුත් උන්වහන්සේ සත්‍යවශයෙන්ම කව්ද කියලා ඔවුන් දකින්නේ නෑ.

මම මේ ගැන හිතනකොට, මට මතක් වෙනවා, උන්වහන්සේගේ මරණයට පැය කීපයකට කලින්, යුදෙව්වන්ගේ රෝමන් නායක පොන්තියස් පිලාත් ඉදිරියේ ගැලවුම්කරුවාණන් හිටගෙන සිටි ආකාරය.

පිලාත් යේසුස්වහන්සේව දැක්කේ දැඩි ලෞකික දෘෂ්ටිකෝණයකින්. පිලාත්ට කරන්නට කාර්යයක් නියම වී තිබුනා, ඒ කාර්ය වැදගත් කාරණා දෙකකින් සමන්විත උනා: රෝමය වෙනුවෙන් බදු එකතු කරන්නත් සහ සාමය පවත්වාගන්නත්. නමුත් යුදෙව් මන්ත්‍රණ සභාව ඒ දෙකටම විරුද්ධ වන බව කියමින් මනුශ්‍යයෙකු රැගෙනවිත් තිබුනා.8

ඔහු සිරකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව, පිලාත් මෙහෙම නිවේදනයක් කළා, “මම ඔහු තුල කිසිඳු වැරැද්දක් දකින්නේ නෑ.”9”නමුත් ඔහුට දැනුනා යේසුස්වහන්සේ ගැන පැමිණිලි කල අයව ඔහු සතුටු කල යුතු බව, ඉතින් පිලාත් දේශීය චාරිත්‍රයක් වුනු පසුකර යන සමයේ එක් සිරකරුවෙක් නිදහස් කිරීමේ චාරිත්‍රය කිරීමට අවසර ලබාදුන්නා. ඒ ප්‍රසිද්ධ සොරකම්කරන්නා හා මිනීමරන්නා වූ බාර්බරස් වෙනුවට ඔවුන්ට යේසුස්වහන්සේව නිදහස් කරන්නට තිබුනේ නැද්ද? ?10

නමුත් මහත් ලෙස කලබල වූ පිරිස බාර්බරස්ව නිදහස් කර යේසුස්වහන්සේව කුරුසිපත් කරන්නට පිලාත්ට ඉල්ලීම් කළා.

“ඇයි?” පිලාත් ඇසුවවේ. “ඔහු කල නපුර මොකක්ද?”

නමුත් ඔවුන් කලේ තවත් හයියෙන් ඝෝෂා කිරීම විතරයි. “ඔහුව කුරුසිපත් කරන්න!”11

කලහකාරී පිරිස සන්සිඳුවීමේ අවසාන ප්‍රයත්නය විදියට, යේසුස්වහන්සේට.12දඬුවම් කරන්නට පිලාත් ඔහුගේ මිනිසුන්ට අණකළා. ඔවුන් උන්වහන්සේට අවමන් කළා, කටු ඔටුන්නක් උන්වහන්සේගේ හිසමත තිබ්බා, උන්වහන්සේව දම් පැහැති වස්ත්‍රයකින් ඇන්දුවා.13

පිලාත් හිතුවා මේ දේවල් කලහකාරී පිරිසගේ ලේ පිපාසය සෑහීමකට පත්කරන්නට ඇතිවෙයි කියලා. සමහරවිට මේ මනුෂ්‍යා කෙරෙහි ඔවුන්ට අනුකම්පාවක් ඇතිවෙයි කියලා. “බලව, මම ඔහුව ඔබ ඉදිරියට ගෙනාවෙමි,” පිලාත් කිව්වා, “ඔබ දැනගන්නට අවශ්‍යයි, මේ මිනිසා මත කිසිදු වැරැද්දක් මට සොයාගන්නට නැත.... මේ මිනිසා දෙස බලන්න!”14

යෙරුසලමේ සෙනග ඉදිරියේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තනිව නැගී සිටියා.

ඔවුන් උන්වහන්සේව දැක්කා, නමුත් ඔවුන් උන්වහන්සේ දෙස සත්‍යවශයෙන්ම බැලුවේ නෑ.

දකින්නට තරම් ඇස් ඔවුන්ට තිබුනේ නෑ.15

උපමාලංකාර අර්ථයකින්, “උන්වහන්සේ දෙසට බලන්නට” අපිටද ආරාධනාවක් ලැබී තියනවා. ලෝකයේ උන්වහන්සේ ගැන අදහස් වෙනස්. අතීතයේ සහ වර්තමාන අනාගතවක්තෘවරුන් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට සාක්ෂි දරනවා. මමත් එසේ කරනව. අපි විසින්ම අපට ඒ දේ දැනගැනීම අර්තාන්විතයි සහ වැදගත්. ඉතින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයත් සේවයත් ගැන මෙනෙහි කරද්දී, ඔබට පෙනෙන්නේ කුමක්ද?

ඒ මනුෂ්‍යා දෙස සත්‍යවශයෙන්ම බැලීමට මාර්ගයක් සොයාගන්නා කෙනා, ජිවිතයේ මහත් වූ ප්‍රීතියට සහ ජිවිතයේ මහා බලාපොරොත්තු සුන්වීම් වලට ආලේපයට මාර්ගය සොයාගන්නවා.

ඉතින්, ඔබව සංවේගයෙන් සහ ශෝකයෙන් වටකර ඇතිවිට, ඒ මනුෂ්‍යා දෙස බලන්න.

ඔබ නැතිවී සහ අමතකවී යැයි හැඟුණු විට, ඒ මනුෂ්‍යා දෙස බලන්න.

ඔබ බලාපොරොත්තු නැතිව සිටින විට, හැරදමා ඇතිවිට, සැක කරන විට, හානි වී ඇති විට හා පරාජ වී ඇති විට, ඒ මනුෂ්‍යා දෙස බලන්න.

උන්වහන්සේ ඔබව සනසවාවි.

ඔබව සුව කරාවි සහ ඔබේ ගමනට අර්ථයක් දෙවි. උන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය වගුරවා ඔබේ හදවත මහත් ප්‍රීතියකින් පුරවාවි. .16

උන්වහන්සේ “ක්ලාන්ත වූ අයට බලය දෙන සේක, බලය නැත්තාට සවිය වැඩිකරන සේක.”17

ඔබ ඒ මනුෂ්‍යාව සත්‍යවශයෙන්ම බලන විට, අපි උන්වහන්සේ ගැන ඉගෙනගන්නා අතරම අපේ ජිවිත උන්වහන්සේ සමග හැඩගස්වාගන්නවා. අපි පසුතැවිලි වී අපේ ආකාරය පරිශුද්ධ කරගෙන උන්වහන්සේ වෙතට ලංවෙන්නට දිනපතා වර්ධනය වෙනවා. අපි උන්වහන්සේව විශ්වාස කරනවා. අපි උන්වහන්සේගේ අණ පණත් තබමින් සහ අපේ ශුද්ධ වූ ගිවිසුම් තබමින් අපේ ආදරය අපි උන්වහන්සේ කෙරෙහි පෙන්වනවා.

තවත් වචනයෙන් කියනවානම්. අපි උන්වහන්සේගේ අනුගාමිකයන් බවට පත්වෙනවා.

උන්වහන්සේගේ පිරිපහදු කරන්නාවූ ආලෝකය අපේ ආත්මය සංතෘප්ත කරනු ලබනවා. උන්වහන්සේගේ කරුණාව අප ඔසවා තබනවා. අපගේ බර සැහැල්ලු වෙනවා, අපේ සාමය ගැඹුරු වෙනවා. අපි සත්‍යවශයෙන්ම ඒ මනුෂ්‍යා දෙස බලන විට, අනුභාවයෙන් ලැබුණු ආශිර්වාදිත අනාගතයක් සහ ජීවිත ගමනේදී නැමීම් සහ ගැටිති හරහා ආරක්ෂාවක් ලැබීමට අපට පොරොන්දුවක් ලැබෙනවා. ආපසු හැරී බලනකොට, තිත් තිත් ඇත්තටම එකට සම්බන්ධ වන මෙහි ඇති දිව්‍ය රටාව අපි හඳුනාගන්නවා.18

ඔබ උන්වහන්සේගේ කැපකිරීම පිළිගන්න විට, ඔබ උන්වහන්සේගේ අනුගාමිකයෙක් බවට පත්වෙන විට, අවසානයේදී ඔබේ මේ ලෝකයේ ගමන අවසානයේදී, මේ ජීවිතයේදී විඳි දුක් විඳ දරාගැනීම් කුමක් බවට පත්වෙයිද?

ඒවා නැතිවෙලා ගිහින් තියෙයි.

ඔබ මුහුණ දී තිබෙන කලකිරීම්, පාවාදීම්, සහ හිංසාවන්?

නැතිවෙලා තියෙයි.

එතකොට ඔබ පහු කල දුක්විඳීම්, හිත රිදීම්, ලැජ්ජා වීම්, අවනම්බු සහ සංවේග?

නැතිවෙලා තියෙයි.

අමතක වෙලා තියෙයි.

“තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතාකරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීති වන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාවැකි කියන්නෙමු, තවද අපගේ අනාවැකි ආකාරයට අපි ලියන්නෙමු, එනම් අපගේ දරුවන් ඔවුන්ගේ පව් වලට පව් කමාව ලබාගැනීමට කුමන උල්පත දෙස රැඳීමට දැනගැනීම පිණිසය.” මෙය පුදුමයක්ද”?19

ඒ මනුෂ්‍යා දෙස බලන්නට අපේ මුළු හදවතින්ම අපි වෙහෙසීම පුදුමයක්ද?

මගේ ආදරණිය සහෝදර සහෝදරියනි, මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවූ වඩාත්ම වැදගත් දවස දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ගේ පව් හා මරණය අභිබවා ජයග්‍රහණය කිරීම බව මම සාක්ෂි දරනවා. ඔබේ ජීවිතයේත්, මගේ ජීවිතයේත් වඩාත්ම වැදගත් දවස වෙන්නේ “ඒ මනුෂ්‍යා දෙස බලන්නට” අපි ඉගනගන්නා දවසයි; උන්වහන්සේව සත්‍ය ලෙස අපි දකින විට; උන්වහන්සේගේ වන්දි ගෙවීමේ බලය අපේ මුළු හදවතින්ම සහ මනසින්ම අපි ලබාගන්න විට; අලුත් වුනු ප්‍රබෝධයත් සහ ශකිතියත් සමග, අපි උන්වහන්සේ අනුගමනය කරන්නට කැප වෙනවා. ඒ දිනය අපේ ජිවිතයේ නැවත නැවතත් ජීවිතය පුරාවටම සිදුවන්නක් වේවා.

මම මගේ සාක්ෂියත් ආශිර්වාදයත් ඔබ හා සමග තබා යනවා අපි “ ඒ මනුෂ්‍යා දෙස බලන” විට, අපේ මේ ලෝකයේ ජීවිතයේදීත් එන්නට තියන ලෝකයේ සදාකාලික ජීවිතයේදීත් අර්ථයත්, ප්‍රීතියත් සහ සාමයත් අපි සොයාගනී. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. මොසායා 15:23බලන්න.

  2. යොහාන් 19:30 බලන්න.

  3. ඇල්මා 11:45බලන්න.

  4. එළිදරව් 21:4 බලන්න.

  5. 1 කොරින්ති 15: 21–23බලන්න.

  6. 3 නෙපි 27:19බලන්න.

  7. යොහාන් 4:14බලන්න.

  8. ලූක් 23:2බලන්න.

  9. යොහාන් 18:38.යේසුස්වහන්සේව විනිශ්චය කිරීමෙන් වැළකී සිටීම සඳහා පිලාත් මේ කාරණය හෙරොද් ඇන්ටිපාස් වෙත යවන්නට උත්සහ කළේය. ස්නාවක ජුවාම්ම තුමාගේ මරණයට අණ දුන් හෙරොද් (මතෙව් 14:6–11 බලන්න), යේසුස්වහන්සේව හෙළා දකින විට, පිලාත්ට ශුභවාදීව දඬුවම් කළ හැකි බවත්, සාමය පවත්වා ගෙන යෑම සඳහා ඔහු එකඟ වූ ප්‍රාදේශීය කාරණයක් බවත් ප්‍රකාශ කරන්නට තිබුණි. නමුත් යේසුස්වහන්සේ හෙරොද්ට එක වචනයක්වත් නොකීවේය. (ලූක් 23:6–12බලන්න), සහ හෙරෝද් උන්වහන්සේව නැවත පිලාත් ලඟට එව්වේය.

  10. මාර්ක් 15;6–7 සහජෝන් 18:39–40බලන්න. අලුත් ගිවිසුමේ එක් විද්වතෙක් මෙසේ කියනව. ජුවිස් ජනතාව අතර ඉතා නරක මරණයට නියම වි සිටින සිරකරුවෙකු රෝමන් ආණ්ඩුකාරයා විසින් නිදහස් කිරිම පාස්කු මංගල්ලයේ සිරිතක් වු බව පෙනේ. (Alfred Edersheim, The Life and Times of Jesus the Messiah [1899], 2:576). බරනබාස්කියන නමේ තේරුම වුනේ පුත්‍රයාගේ පියා යන්නයි. වැදගත් කරුණක් නම් මෙම දෙදෙනා අතරින් එක් අයෙක් තොරාගැනිම ජනතාවට නියම කිරිම හාස්‍යයට කරුණක්.

  11. මාක් 15:11–14බලන්න.

  12. This scourging was so terrible it was called “the intermediate death” (Edersheim, Jesus the Messiah, 2:579).

  13. යොහාන් 19:1–3 බලන්න.

  14. යොහාන් 19:4–5බලන්න.

  15. “මේ ජනයාගේ හදවත නරක් වී ඇති අතර, ඔවුන්ගේ කන් නුවණට ඇහුම්කන් දී, ඔවුන්ගේ ඇස් වසාගෙන සිටිති; ඔවුන් ඔවුන්ගේ ඇස්වලින් දකිනු ඇති බවත්, ඔවුන්ගේ කන්වලින් ඇසෙන බවත්, ඔවුන්ගේ හදවතින්ම තේරුම් ගත යුතු බවත්, ඒවා පරිවර්තනය කළ යුතු බවත්, ඔවුන් සුවපත් කළ යුතු බවත්’’ උන්වහන්සේ දුටු සේක. ඉන්පසු උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: ’’ එහෙත්, ඔබේ දෑස් ආශිර්වාදිතය, මන්ද ඒවා කි: ඔබේ කන්ද ආශිර්වාදිතය, මන්ද ඒවා අසයි”(මතෙව් 13:15–16). අපගේ සිත් දැඩි කිරීමට ඉඩ දෙනවාද? නැතහොත් අප සැබැවින්ම ඒ මිනිසා දැකීමට අපගේ ඇස් සහ හදවත් විවෘත කරනවාද?

  16. මොසායා 4:20 බලන්න.

  17. යෙසායා 40:29 බලන්න.

  18. See Dieter F. Uchtdorf, “The Adventure of Mortality” (worldwide devotional for young adults, Jan. 14, 2018), broadcasts.lds.org.

  19. 2 නෙපි 25:26.