2010–2019
ගැලවුම්කරුවාණන් කල ලෙස දේව සේවය කිරීම
2018 අප්‍රියෙල්


ගැලවුම්කරුවාණන් කල ලෙස දේව සේවය කිරීම

අපගේ සදාකාලික සහෝදර සහෝදරියන්ට දේව සේවය කිරීම මගින් අපේ ස්තූතිවන්ත බවත් ප්‍රේමයත් දෙවියන්වහන්සේට පෙන්වමු.

දෙවියන්වහන්සේගෙන් නොකඩවා ලැබෙන අනාවැකි සමග ජීවත්වෙන්නට ලැබීම කෙතරම් සුන්දර ආශිර්වාදයක්ද! අපි ඉදිරිය බලා, අපේ කාලයේ අනාවරණය කර ඇති අවස්ථා තුලින්1“සියලු දෙයෙහි නැවත ඇතිවීම” පිලිබඳ සතුටු වනවිට, අපි ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමට සුදානම් වෙමින් සිටියි. 2

එකිනෙකාට ප්‍රේමයෙන් යුතුව සේවය කිරීමෙන් අපි උන්වහන්සේවගේවෙන්නත්, උන්වහන්සේව මුණගැහෙන්නත් සුදානම් වෙන්නේ කොහොමද! මේ කාලපරිච්ජේදය ආරම්භයේදී උන්වහන්සේගේ අනුගාමිකයන්ට ඉගැන්වූ පරිදි, “නුඹ මට ප්‍රේම කරන්නේ නම් මා හට සේවය කල යුතුය.” .”3 අන් අයට අපි කරන සේවය දෙවියන්වහන්සේටත්, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේටත් අප පෙන්වන අනුගාමිකත්වය, ස්තුතිවන්ත බව හා ප්‍රේමය පෙන්නුම් කරයි.

අපේ අසල්වැසියන්ට සේවය කිරීම “ගණන් ගන්න” එකක් වන්නට නම් ඒ දේ සුවිශාල එහෙම නැත්නම් වීර ක්‍රියාවක් විය යුතුයි කියලා සමහරවෙලාවට අපි හිතනවා. නමුත් සේවය කිරීමේ සරල ක්‍රියා අනිත් අය මතත් - අපි මතත් ගැඹුරු ප්‍රතිපල ඇති කරනවා. ගැලවුම්කරුවාණන් කලේ කුමක්ද? අපි මේ ලස්සන පාස්කු ඉරිදා සමරන - උන්වහන්සේගේ වන්දිගේවීමේ සහ නැවත නැගිටීමේ දිව්‍යමය තෑගි තුලින් - “මෙලොව ජීවත් වුනු සහ ඉදිරියට ජීවත් වෙන්නට සිටින හැමකෙනෙකුටම මෙවැනි බලපෑමක් කල කිසිවෙකුත් නැත.”4නමුත් උන්වහන්සේ සිනාසුනා, කතාකලා, ඇවිදගියා, ඇහුම්කන් දුන්නා, වෙලාව හොයාගත්තා, ධෛර්යමත් කළා, ඉගැන්නුවා, කෑම දුන්නා, සහ සමාව දුන්නා. උන්වහන්සේ පවුල් සහ යහළුවන්ටත්, අසල්වැසියන්ට හා ආගන්තුකයන්ටත් සේවය කළා, උන්වහන්සේගේ ශුභාරංචියේ පොහොසත් ආශිර්වාද භුක්තිවිඳින්නට උන්වහන්සේ අඳුනන අයටත් ප්‍රේම කරන අයටත් අරාධනා කළා. සේවයේ සහ ප්‍රේමයේ මේ “සරල” ක්‍රියා අපේ අද දේව සේවයට උදාහරණ සපයනවා.

ඔබගේ දේව සේවයේ ප්‍රයත්නයන්ට ගැලවුම්කරුවාණන්ව නියෝජනය කරන්නට අවස්තාවක් තිබෙන නිසා, ඔබ ඔබගෙන්ම මෙහෙම අහන්න. “ශුභාරංචියේ ආලෝකය මේ පුද්ගලයා එක්ක හෝ පවුල එක්ක මම බෙදාගන්නේ කොහොමද? ශුද්ධාත්මයාණන් මට කරන්නට කියා පොළඹවන්නේ මොකක්ද?

ඉතා හොඳ විවිධාකාර ක්‍රමයන්ගෙන් දේව සේවය කරන්න පුළුවන්. ඉතින් ඒක කොයිවගේද?

දේව සේවය හරියට, වැඩිහිටි ගනපුර්ණයේ සහ සහන සමිති සභාපතිත්ව යාච්ඤාශීලීව ඔවුන්ට පැවරී ඇති දේවල් වලට උපදෙස් ලබාගැනීම වගේ. ඒක නායකයන් පත්‍රිකා බෙදාදීමක් වගේ නෙවෙයි, ඒක හරියට දේව සේවයේ සහෝදරයන්ටත් සහෝදරියන්ටත් වගකීම් ලබාදීම හා පුද්ගලයන්ටත් පවුල් වලටත් උපදෙස් ලබාදීම වගේ. ඒක හරියට ඇවිදින්න යාම, ක්‍රීඩා රාත්‍රියකට එකට සහභාගී වීම, සේවයක් ලබාදීම, නැත්නම් එකතු වෙලා සේවය කිරීමක් වගේ. ඒක හරියට මුහුණට මුහුණ හමුවීම, දුරකතනයෙන් කතාකිරීම හෝ අන්තර්ජාලයෙන් කතා කිරීම, හෝ පණිවිඩ හුවමාරු කරගැනීම වගේ. ඒක හරියට උපන්දින සුභපැතුමක් යැවීම නැත්නම් පාපන්දු ක්‍රීඩාවකට අත්පොලසන්දීමක් වගේ. ඒක හරියට ඒ පුද්ගලයාට වැදගත් විය හැකි ශුද්ධලියවිලි පාටයක් හරි ප්‍රධාන සම්මන්ත්‍රණ කතාවකින් කොටසක් හරි බෙදාගැනීම වගේ. ඒක හරියට ශුභාරංචි ප්‍රශ්නයක් ගැන කතා කරලා සාමයත් පැහැදිලි කිරීමත් ලබාගන්නට ඒ ගැන තමන්ගේ සාක්ෂිය බෙදාගන්නවා වගේ. ඒක හරියට තවත් කෙනෙකුගේ ජිවිතයේ කොටසක් වෙලා ඔහු හෝ ඇය ගැන සොයා බලනවා වගේ. ඒක හරියට අවශ්‍යතාත් ශක්තියත් උවමනා අය එක්ක සංවේදීව හා නිසිලෙස සාකාච්ඡා කරන සම්මුක පරීක්ෂණයක් වගේ. ඒක හරියට කොට්ටාශ මන්ත්‍රණ සභාව එකතු වෙලා විශාල අවශ්‍යතාවයකට ප්‍රතිචාර දක්වනවා වගේ.

තමන්ගේ ස්වාමිපුරුෂයා උපාධි පාසල් ආරම්භ කරපු නිසා තමන්ගේ නිවසින් ඈතකට ජීවත් වෙන්නට යන්න සිදුවුණු එක සහෝදරියක්ව මේ වගේ දේව සේවයක් ශක්තිමත් කරලා තිබුනා. ක්‍රියා කරන්නේ නැති දුරකතනයකුත් බලාගන්නට දරුවෙකුත් එක්ක හිටපු ඇයට, අලුත් ස්ථානයේ අතරමන් වෙලා, තනිවෙලා වගේ දැනුනා. දැනුම්දීමකින් තොරවම, සහන සමිති සහෝදරියක් බබාට පුංචි සපත්තු දෙකක් අරගෙනම ඇයගේ දොර ලඟට ආවා, ඔවුන් දෙදෙනාවම තම කාරයට නංවා ගත්තු ඒ සහෝදරිය, වෙලඳසලකට ඔවුන්ව එක්කන් ගියා. ස්තුතිවන්ත වුනු ඒ සහෝදරිය වාර්තා කලේ මෙහෙමයි, “ඇය මගේ දිවි බේරාගන්නා වුණා!”

සත්‍ය දේව සේවය අප්‍රිකාවේ වයසක සහෝදරියකගේ ක්‍රියාවෙන් නිරූපණය උනා, ගොඩක් කාලයකින් සභාවට ආපු නැති සහෝදරියක් ගැන සොයන්නට ඇයට නියමවෙලා තිබුනා. ඇය ඒ සහෝදරියගේ ගෙදරට ගියහම, එම සහෝදරියව පහරදීමකටත්, සොරාගැනීමකටත් ලක්වෙලා, ඇයට කන්න තිබුනේ ඉතා සුළු විදියට, ඉරිදා සභාවට අඳින්නට තරම් හොඳ ඇඳුමක් ඇයට ඉතිරිවෙලා තිබුනේ නෑ. ඇයට දේව සේවයේ යෙදෙන්නට නියමවෙලා තිබුණු සහෝදරිය ඇයට ඇහුම්කන් දුන්නා, ඇයගේ ගෙවත්තෙන් ආහාර අරන් ආවා, ඇයට කියවන්නට ශුද්ධලියවිලි අරන් ආවා සහ මිත්‍රත්වය අරගෙන ආවා. “නැතිවෙලා” හිටපු ඒ සහෝදරිය සභාවට නැවත අවා, ඇය දැන් කැඳවීමක් දරනවා, මොකද ඇය දන්නවා ඇය ආදරය ලබනවා කියලත්, ඇය වටිනවා කියලත්.

වර්තමානයේ ප්‍රතිව්‍යුහගත කළ වැඩිහිටි ගණපූර්ණය සමග සහන සමිතිය ඒකාබද්ධ වීමෙන් පුදුම සහගත ප්‍රතිඵල අත්කරගන්නට පුළුවන්. “සෑම සාමාජිකයෙකුගේම නිවාස බැහැදැකීම” සහ “සභාව බලා ගැනීම, ඔවුන් සමග හිඳ ශක්තිමත් කිරීම,”5යන පූජකවර රාජකාරී ඉටුකිරීමටත් ඒවගේම සදාකාලික ජීවිතයේ ආශිර්වාද ලබාගන්න එකිනෙකාව සුදානම් කිරීමේ,6සහන සමිති අරමුණ ඉටුකරගන්නටත් දරන ප්‍රයත්න දේව සේවය හා සමග සම්බන්ධ වෙනවා. වැඩිහිටි ගනපූර්ණ සහ සහන සමිති සභාපතිත්වයන් සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ වැඩ කරන විට, එක් එක් පුද්ගලයන්ටත් පවුල් වලටත් උදව් කරන්නට සහ රැකබලාගන්නට ක්‍රම සොයාගන්නට පුළුවන් වෙයි.

මම ඔබට උදාහරණයක් දෙන්නම්. එක මවකට පිළිකාවක් වැළඳිලා තිබුනා. ඇය ඉක්මනින්ම ප්‍රතිකාර පටන් ගත්තා, ඒත් එක්කම සහන සමිතියේ සහෝදරියන් රැස් වෙලා ඇයගේ කෑම, වෛද්‍ය හමු වලට ගමන් සහ අනෙකුත් දේවල් වලට උදව් කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. ප්‍රීතිමත් ඇසුරක් පවත්වමින්, ඔවුන් ඇයව දිනපතා බලන්නට ගියා. ඒ මොහොතේදීම, මෙල්කිසදෙක් පූජකවර ගනපූර්නයත් ක්‍රියාවට නැංවුනා. අසනීප වූ සහෝදරියට පහසු වන ආකාරයට ඇයගේ නිදන කාමරයත් නානකාමරයත් ප්‍රතිසංස්කරණය කරන්නට ශ්‍රමය සැපයුවා. ඒ පුදුමාකාර වූ කාර්යයට තරුණයන්ද ඔවුන්ගේ උදව් සහ ශ්‍රමය ලබාදුන්නා. තරුණියන්ද මේ දෙයට එකතු වුණා: ඇයගේ බල්ලාව හැම දවසකම ඇවිද්දවන්නට ඔවුන් සතුටින් සහභාගී වුණා. කාලය ගතවෙනවත් එක්කම, අවශ්‍ය පරිදි, සභාව ඔවුන්ගේ සේවය නොකඩවා සිදුකලා. එය පැහැදිලිවම ප්‍රේමයේ ශ්‍රමයක්, හැම සාමාජිකයෙකුම එකමුතුවෙලා ඒ දුක්විඳින සහෝදරිය ගැන සොයාබැලුවා පමණක් නෙවේ, ඇයගේ පවුලේ අනෙක් සෑම සාමාජිකයෙකු ගැනමත් සොයා බැලුවා.

වික්‍රමාන්විත ප්‍රයත්නයකින් පසු, පිළිකාවට ගොදුරු වූ මේ සහෝදරිය විවේකයට වැතිරුනා. ඔවුන්ගේ රාජකාරිය හොඳට කළා සහ හොඳට ඉවර කළා කියලා කොට්ටාශයේ සාමාජිකයින් සැනසීමෙන් හුස්මක් අරන් සිතුවාද? නෑ, තරුණ කාන්තාවන් බල්ලාව ඇවිද්දවන එක දිනපතාම කළා, පුජකවර ගනපුර්ණය ඒ පියාටත් දරුවන්ටත් සේවය කිරීම දිගටම කළා, සහ සහන සමිතියේ සහෝදරවරියන් ශක්තීන් හා අවශ්‍යතා විමසන්නට ආදරයෙන් ලංවී සිටියා. සහෝදරයනි සහෝදරියනි, මේ තමයි දේව සේවය - මේ තමයි ගැලවුම්කරුවාණන් කල ආකාරයට ප්‍රේම කිරීම.

පෙළඹවීම් ලද මේ නිවේදන වල තවත් ආශිර්වාදයක් තමයි වයස අවුරුදු 14 – 18 අතර තරුණ ගැහැණු ළමුන්ට සහන සමිති සහෝදරියන් සමග දේව සේවයේ යෙදෙන්නට ඇති අවස්ථාව, හරියට ඒ වයසේම තරුණ පිරිමි ළමයි මෙල්කිසදෙක් පූජකවරය දරන සහෝදරයන් එක්ක දේව සේවයේ සහකරුවන් ලෙස සේවය කරනවා වගේ. ගැලවීමේ කාර්යයේදී වැඩිහිටියන් සමග එකට සේවය කිරීමෙන් තරුණයින් තමන්ගේ අනන්‍ය ත්‍යාග අනිත් අයත් එක්ක බෙදාගනිමින් ආත්මිකව වර්ධනය වෙනවා. දේව සේවා පැවරුම් වලට තරුණයින් සම්බන්ධ කරගැනීම තුලින්

මම දන්න තාරකා වගේ තරුණ ගැහැණු ළමුන් ගැන හිතනකොට, මට ඒ සහන සමිති සහෝදරියන් ගැන සතුටක් දැනෙනවා, මොකද ඔවුන් එක්ක එක ලඟින්ම ඉඳගෙන සේවය කරද්දී ඒ තරුණ කාන්තාවන්ගේ උද්යෝගය, හැකියාවන් සහ ආත්මික සංවේදීතාව ලැබීම ආශිර්වාදයක්. උපදේශන ලබාගැනීමට, ඉගෙනගැනීමට සහ ශක්තිමත් වීමට තරුණ කාන්තාවන්ට සහන සමිතියේ ඔවුන්ගේ සහෝදරියන්ගෙන් ලැබෙන අවස්තාව ගැන ඒ වගේම සමාන සතුටක් මට දැනෙනවා. දෙවියන්වහන්සේගේ රාජධානිය ගොඩනැගීමට සහභාගී වෙන්නට ඔවුන්ට මේ ලැබුණු අවස්තාව තරුණ කාන්තාවන්ට ඉමහත් ප්‍රතිලාභයක්, ඔවුන්ට සභාවේ සහ සමාජයේ නායකයන් ලෙසත් ඔවුන්ගේ පවුල් වලට දායක වෙන සහායකයන් ලෙසත් ඇති භූමිකා වලට හොඳින් සුදානම් වෙන්නට උදව්වක් වෙනවා. බොනී එල්. ඔස්කාර්සන් සහෝදරිය ඊයේ මෙහෙම බෙදාගත්තා, තරුණ කාන්තාවන් “සේවයේ නිරත විය“යුතුයි.ගැලවීමේ කාර්යයේදී ඔවුන් වටිනා සහ වැදගත් බව ඔවුන් දැනගත යුතුයි!”7

ඇත්තටම, වැඩි ශබ්දයකිනුත් පැවරුමකිනුත් තොරවම තරුණ කාන්තාවන් අන් අයට සේවය කරනවා. එක පවුලක් ඔවුන් දන්නා අය කව්රුත් නැති සැතපුම් ගණනාවක් දුර අලුත් ස්ථානයකට මාරු උනා. පලවෙනි සතිය ඇතුලත, ඔවුන්ගේ කොට්ටාශයේ ඉන්න අවුරුදු 14ක් වයස ගැහැණු ළමයෙක්, ඔවුන්ව ඒ ප්‍රදේශයට පිළිගනිමින්, කැවිලි පිඟානකුත් එක්ක ඔවුන්ගේ දොරළඟ පෙනී සිටියා. තම දියණියගේ සේවයට ආධාරකයක් ලෙස ඇයගේ මව පසුපසින් සිනහවෙන් හිටගෙන සිටියා.

තවත් මවක් තම 16 හැවිරිදි දියණිය වෙනදා වේලාවට ගෙදර නොපැමිණීම ගැන කනස්සල්ලෙන් සිටියා. දියණිය අවසානයේ පැමිණි විට, ඇය කොහේ සිටියාදැයි කලකිරීමෙන් ඇයව ප්‍රශ්ණ කළා. අසල්වැසි වැන්දඹු කාන්තාවකට මලක් අරගෙන ගියබව ඇය බියසුලුව පිළිතුරු දුන්නා. ඒ වයසක කාන්තාව තනිවී ඉන්නා බව දුටු ඇයට, ඒ කාන්තාව බැහැදකින්නට පෙළඹවීමක් දැනුනා. ඇයගේ මවගේ සම්පුර්ණ තහවුරුකිරීමත් එක්කම, මේ තරුණ කාන්තාව ඒ මහලු කාන්තාව බැහැදැකීම දිගටම කළා. ඔවුන් හොඳ යහළුවන් බවට පත්වුනා, සහ ඔවුන්ගේ සුන්දර ඇසුර අවුරුදු ගණනාවක් දිගටම පැවතුනා.

මේ එක් එක් තරුණ කාන්තාවන්, සහ ඔවුන් වගේ ගොඩක් අය, තවත් කෙනෙකුගේ අවශ්‍යතාවක් දැකලා ඒ දේ ඉටු කරන්න වැඩ කරනවා. වැඩිහිටි සහෝදරියක් සමග දේව සේවයේ සහායකයන් බවට පත්වීමෙන් ඉතා හොඳට අධීක්ෂණය වන්නට පුළුවන් වෙන, බලාගැනීමට සහ බෙදාගැනීමට ස්වභාවික උවමනාවක් තරුණ කාන්තාවන්ට තියනවා.

අපේ වයස කුමක් වුවත්, ඵලදායී විදියට දේව සේවයේ යෙදෙන්නට අපි හිතනකොට, සේවය කිරීමේ අවංක උවමානවක් සමග අපි මෙහෙම අහනවා, “ඔහුට හෝ ඇයට අවශ්‍ය මොනවාද?”, ඊටපස්සේ කුමක් ඒ පුද්ගලයාව ශක්තිමත් කර ඔසවයිද කියා දැනගන්නට, ශුද්ධාත්මයාණන් මගින් අපිව මෙහෙයවෙනු ලැබෙනවා. සහෝදර සහෝදරියන් එලෙස ආශිර්වාද ලබා තියෙන කතන්දර ගොඩක් මට ඇහිලා තියෙනවා, සම්බන්ධ කරගැනීමේ සරල ක්‍රියාවකින් සහ සභාවට පිළිගැනීමෙන්, තේරුමක් සහිත විද්‍යුත් තැපැල් හෝ කෙටි පණිවිඩයකින්, අමාරු අවස්ථාවකදී පෞද්ගලිකව සම්බන්ධවීම තුලින්, කණ්ඩායම් ක්‍රියාකාරකමකට සහභාගී වෙන්නට ආරාධනා කිරීම තුලින්, හෝ අභියෝගකාරී අවස්ථාවකදී උදව් ලබාදීම තුලින් ඒ දේ සිදුවෙලා තියනවා. තනි වූ දෙමාපියෙක්ට, අලුතින් බෞතිස්ම වූවෙක්ට, ක්‍රියාකාරී අඩු සාමාජිකයෙක්ට, වැන්දඹු අයෙකුට හෝ ගැටළු සමග ඉන්න තරුණයෙකුට දේව සේවයේ සහෝදර සහෝදරියන්ගෙන් අමතර අවධානයකුත් ප්‍රමුකතාවයත් අවශ්‍ය වෙන්න පුළුවන්. වැඩිහිටි ගණපූර්නයත් සහන සමිතියත් සම්බන්ධ වීමෙන් නිවැරදි ක්‍රියාවන් කිරීමට හැකිවෙනවා.

හැමදෙයක්ම කිමෙනුත් වීමෙනුත් පසු, සත්‍ය දේව සේවය සිදුවෙන්නේ එකින් එකයි, ආදරය අභිප්‍රායක් වූ විටයි. අවංකව දේව සේවයේ යෙදීමේ වටිනාකම, කුසලතාවය සහ පුදුමය නම් ජිවිත වෙනස් කිරීමයි! අපි අපේ හදවත් විවෘත කර ප්‍රේමයට සහ ඇතුලත්කර ගැනීමට, උද්යෝගීමත් කිරීමට සහ සැනසවීමට, කැමති වූ විට, අපේ දේව සේවය නොවැලැක්විය හැකි දෙයක් බවට පත්වෙනවා. ප්‍රේමය අභිප්‍රාය වූ විට, ප්‍රාතිහාර්ය සිදුවෙනවා, සහ අපේ “නැතිවී සිටින” සහෝදර සහෝදරියන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සියල්ලම - ඇතුලත් වැළඳ ගැනීමකට ගෙන ඒමට හැකිවෙනවා.

අපි කල යුතු දේවල් වලට පමණක් නොවෙයි නමුත් අපි ඒ දේ කල යුත්තේඇයි කියන සෑමදෙයකටම.8 ගැලවුම්කරුවාණන් අපිට ඇති ආදර්ශයයි. “අපේ දැක්ම තවත් ඔසවාගෙන, අපේ ප්‍රශ්ණ අමතක කර අනෙක් අය කරා ලංවීමට,”9මේ පොළව මත “උන්වහන්සේගේ ජීවිතය අපිට ආරාධනාවක්.” අපේ සහෝදර සහෝදරියන්ට මුලු හදවතින්ම සේවය කරන්නට ඇති අවස්තාව පිළිගැනීමෙන්, ආත්මිකව පිරිපහදු වෙන්නට, දෙවියන්වහන්සේගේ කැමැත්ත සමග එක්ව ඉන්නට, උන්වහන්සේගේ සැලැස්ම තේරුම්ගන්නට සහ හැමකෙනෙක්ටම උන්වහන්සේ වෙත හැරෙන්නට උදව් කරන්නට, අපි ආශිර්වාද ලබනවා. උන්වහන්සේගේ ආශිර්වාද අපි ඉතා සුදානම්ව හඳුනා ගනීවි සහ ඒ ආශිර්වාද අනිත් අයට ලබාදෙන්නටත් යුහුසුළු වේවි. අපේ හදවත් අපේ හඬත් එක්ක එකතුව මෙසේ ගායනා කරාවි:

ගැලවුම්කරුවාණනී, මම මගේ සහෝදරයාට ආදරෙයි

ඔබ මට ආදරය කල බව දන්නා ලෙස

ඔබ තුලින් සොයනවා මාගේ ශක්තිය, මාගේ ආලෝකය

මම ඔබේ සේවකයා වන්නෙමි.

ගැලවුම්කරුවාණනී, මම මගේ සහෝදරයාට ආදරෙයි.

ස්වාමීනි, මම නුඹ අනුගමනය කරමි. .10

අපේ සදාකාලික සහෝදරයන්ටත් සහෝදරියන්ටත් ප්‍රේමයෙන් යුතුව දේව සේවය කිරීමෙන් දෙවියන්වහන්සේට ඇති අපේ ස්තුතියත් ප්‍රේමයත් පෙන්වමු.11එහි ප්‍රතිඵලය තමයි එකමුතුකමේ හැගීම හරියට ස්වාමින්වහන්සේගේ දර්ශනයෙන් පසුව පූරාතණ ඇමරිකාවේ ජනතාව එය අවුරැදු 100ක් ඔවුන්ගේ භූමිය තුල අත්වින්දා වගේ.

“තව දුරටත් එය මෙසේ සිදුවිය මෙහි කිසිදු ආරවුලක් නොතිබිණි.... මන්දයත් ජනතාවගේ හදවත් තුල දෙවියන් වහන්සේගේ ආදරය රැදි පැවතුණා.

“… එහි කිසිදු විලාපයක් පැවතුනේ නැහැ පෙළඹවිමක් තිබුනේ නැහැ සැබැවින්ම දෙවියන් වහන්සේගේ හස්තයෙන් බිහි වූ සියලු ජනතාව අතරින් ප්‍රීතිමත්ම ජනතාව ඔවුන් විය නොහැකිද.”12

මම සතුටින් මගේ පෞද්ගලික සාක්ෂිය බෙදාගන්න කැමතියි, මේ අනාවැකියෙන් ලැබූ වෙනස්වීම් දෙවියන්වහන්සේගෙන් ආ බවත්, අපි ඒවා කැමැත්තෙන් යුතුව හදවතින් වැළඳගත්විට, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණීමේදී අපිට හොඳින් සුදානම් වී සිටින්නට හැකිවනු ඇත. සයෝනයේ මිනිසුන් බවට පත්වීමට අපි ඉතා ආසන්න වන අතර මේ අනුගාමික මාර්ගයේ අපි උදව් කල අය වෙනුවෙන් අපිට දරාගත නොහැකි ප්‍රීතියක් ලැබෙනු ඇත. අපිට එසේ කරන්නට හැකිවේවා යැයි මම දැඩිව සහ නිහතමානීව යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.