2010–2019
කුඩා සහ සරල දේවල්
2018 අප්‍රියෙල්


කුඩා හා සරල දේවල්

අපිට මුළුමනින්ම මතක්කරදෙන්න අවශ්‍ය වෙනවා සැලකිය යුතු කාලපරිච්චේදයක් තුල පෙනුමෙන් කුඩා දේවල් ඉමහත් දේවල් සිදුකරන බව.

මගේ ආදර සහෝදර සහෝස්සහොදරියනි, ඔබට වගේම, මටත් මෙම පණිවිඩ සහ සංගීතය සහ මෙම එක්ව සිටි අවස්තාව තුලදී දැනුණු හැගීම් තුලින් දේවානුභාවය සහ අවබෝධය ගැඹුරින්ම දැනුනා. මට විශ්වාසයි ස්වාමින්වහන්සේගේ දෑතේ මෙවලම් ලෙස මෙම එක්ව සිටි කාලය තුලදී ශක්තිමත් බලපෑමක් අපට ලබාදුන් සහෝදර සහෝරියන්ට ස්තුතිය පුදකරමින් මම ඔබ වෙනුවෙන් කතාකරනවා කියලා.

මේ අසන්නන්ට පාස්කු ඉරිදා දිනයේ කතා කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. අපි අද අනිත් ක්‍රිස්තියානුවනුත් එක්ක එකතු වෙලා ස්වාමීන්වහන්සේ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම සමරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නූතන සාන්තුවරයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන්ට ඇත්තටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම කියන්නේ අපේ ඇදහිල්ලේ කණුවක්.

මොකද අපි විශ්වාස කරනවා බයිබලයේත් මෝර්මන් පොතෙත් සඳහන්ව තියන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑම නැවත නැගිටීම ගැන, ඒ සමාන වූ නැවත නැගිටීමක් මේ පොළවේ ජීවත් වුනු සෑම මරණීය මනුෂ්‍යයෙකුටම පැමිණෙන බව තියන බොහෝ ශුද්ධලියවිලි ඉගැන්වීම් අපි විශ්වාස කරනවා, ප්‍රේරිතවර පේදුරු කතාකරපු “ජීවමාන බලාපොරොත්තුවක්” (1 පේදුරු1:3). ඒ ජීවමාන බලාපොරොත්තුව තමයි අපිට ඒත්තු ගන්වන්නේ මරණය අපේ අනන්‍යතාවයේ අවසානය නෙවෙයි කියලා, නමුත් ඒක උන්වහන්සේගේ දරුවන්ගේ ගැලවීම වෙනුවෙන් අපේ ස්වර්ගයේ පියාණන්ගේ කරුණාවන්ත සැලැස්මේ අත්‍යවශ්‍ය තවත් පියවරක්. ඒ සැලැස්ම මරණීයත්වයෙන් අමරණීයත්වයට මාරුවීමට ආරාධනාවක්. එම මාරුවීමෙහි ප්‍රධාන දේවල් වෙන්නේ, මරණයේ හිරු බැස යාමත් සහ මේ පාස්කු ඉරිදා අපි සමරන ස්වාමීන්වහන්සේ වූ ගැලවුම්කරුවාණන්ගේ නැවත නැගිටීම නිසා ලැබුණු මහිමාන්විත උදෑසනත් යන ඒවායි.

II.

එලීසා ආර්. ස්නෝ විසින් ලියපු ඉතා හොඳ ගීතිකාවක, අපි මෙහෙම ගායනා කරනවා:

කෙතරම් උතුම්ද, කෙතරම් මහිමාන්විතද, කෙතරම් සම්පූර්ණද

ගැලවීමේ විශිෂ්ට නිමැයුම,

යුක්තිය, ප්‍රේමය හා කරුණාව හමුවන තැන

දිව්‍යමය වූ එකඟ බවකින්!1

මේ සම්ම්න්ත්‍රණයත් ඇතුලුවම, අපි රැස්වීම් වලදී රැස්වෙලා, එකිනෙකාව ධෛර්යමත් කිරීමත් සහ ඉගැන්වීමත්, ඒ නිමයුමේ හා එකඟබවේ වැඩිදියුණු කිරීමක් තමයි.

මේ උදෑසනදී මට හිතුනා ඇල්මා ඔහුගේ පුතා වන හිලමන්ට උගන්වපු ඉගැන්වීම් මගේ සටහන් වලට යොදාගන්න, මෝර්මන් පොතේ මෙහෙම සඳහන් වෙනවා: “කුඩා හා සරල දේවල් වලින් ඉතා විශිෂ්ට දේ කර ඇත” (ඇල්මා37:6).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ අපිට බොහෝ කුඩා හා සරල දේවල් උගන්වලා තියනවා. මේ කුඩා දේවල් වලින් ඉතා විශිෂ්ට දේවල් පැමිණෙනවා කියලා සැලකිය යුතු කාල වකවානුවෙන් වකවානුවට, අපිට මතක් කර දෙන්න ඕනේ. ප්‍රධාන අධිකාරිවරුනුත් අනෙකුත් ගෞරවනීය ගුරුවරුනුත් මේ දේ ගැන බොහෝ කතාවන් කරලා තියනවා. මේ දේ ගොඩාක් වැදගත්, ඒ නිසා මට හැඟෙනවා  ආයෙත් මේ දේ ගැන කතාකරන්න.

උදෑසන ඇවිදින්නට යද්දී මම දැකපු දෙයක් නිසා, කුඩා ඒ වගේම සරල දේවල් වල තියන බලය ගැන මට මතක් වුනා. මේ තියන්නේ මම ගත්තු පින්තූරයක්. ඝන සහ ශක්තිමත් කොන්ක්‍රීට් මාර්ගය ඉරිතැලිලා . මේක සිදුවුනේ මොකක්හරි විශාල තෙරපුමක් හින්දද? නෑ, මේ ඉරිතැලීම වෙන්න හේතුවෙලා තියෙන්නේ ඒ ළඟ තියන ගහක මුල් හෙමින් හෙමින් පුංචියට වර්ධනය වෙලා. මේ තියෙන්නේ මම තවත් පාරක දැකපු මේ වගේම උදාහරණයක්.

රූපය
අයිනේ ආදී පාරේ ඉරිතලිලා
රූපය
අයිනේ අඩිපාරේ තවත් ඉරිතලීමක්

මේ ඉතා බර කොන්ක්‍රීට් පාර ඉරිතැලීමට බලපාපු තෙරපුම් බලය දවසින් දවසට එහෙම නැත්නම් මාසෙන් මාසෙට මනින්න බැරි තරම් ඉතා පුංචි දෙයක්, නමුත් කාලයත් එක්ක ඒකෙ බලපෑම හිතාගන්න බැරි විදියට ගොඩක් බලවත්.

ශුද්ධලියවිලිත් අනාගතවක්තෘවරුනුත් අපිට උගන්වන කුඩා හා සරල දේවල් වල කාලයත් එක්ක එන බලවත් බලපෑමත් මේ වගේම තමයි. අපේ එදිනෙදා ජිවිත වලට ඇතුලත් කරගන්න කියලා අපිට උගන්නපු ශුද්ධලියවිලි අධ්‍යනය ගැන මතක් කර බලන්න. නැත්නම් ඇදහිලිවන්ත ශුද්ධවන්තයිනගේ එදිනෙදා පුරුද්දක් වෙන දන ගහලා පවුලක් විදියටත්, තනියමත් යාච්ඤා කරන එක ගැන මතක් කරන්න. තව මතක් කරන්න තරුණයන් සෙමනේරි සහභාගී වෙන එකත් වැඩිහිටි තරුණයන් ආයතනික පන්ති සහභාගී වෙන එකත් ගැන. මේ පුරුදු කුඩා හා සරල විදියට පෙනුනත්, කාලයත් එක්කම මේ දේවල් වල ප්‍රතිපලය ඉතා බලවත් ආත්මික එසවීමක් ඒ වගේම වර්ධනයක්. සභාපති අයිරින් විස්තර කළා වගේ මෙහෙම සිද්ධවෙන්න හේතුව තමයි මේ එක් එක් කුඩා හා සරල දේවල්, අපිව ආලෝකමත් කරන සහ අපිව සත්‍යට මෙහෙයවන ශුද්ධාත්මයාණන්ගේ සහකාරකමට ආරාධනා කිරීම.

පෙනෙන්නට තියන කුඩා වරදකට උනත්, ක්‍රියාත්මක වෙමින් පවතින පසුතැවීම ආත්මික ගොඩනැගීමටත් වර්ධනයටත් තියන තවත් එක මුලාශ්‍රයක්. අපි විසින් අපිටම කරගන්න පුළුවන් ස්වයං ඇගයීම අපි අද වැටුනේ කොහොමද, ඒ වගේම අපි තවත් හොඳින් කරන්නේ කොහොමද කියලා දැනගන්න අපිට උදව් වෙනවා. ඒ වගේ පසුතැවීමක් අපේ සතිපතා සක්‍රමේන්තුව ගැනීමට පෙර සුදානමක්. පසුතැවීමේ ක්‍රියාවලිය ගැන හිතන්නට තවත් හොඳ දෙයක් තමයි “Have I Done Any Good?” කියන ගීතිකාව.

ලොව වෙනුවෙන් මම යහපත් දෙයක් කලෙමිද?

අවශ්‍ය කෙනෙකුට මම උදව් කලෙමිද?

දුකින් සිටින්නෙක් සතුටු කර කෙනෙක්ව ප්‍රබෝධමත් කලෙමිද?

එහෙම නැත්නම්, මම ඇත්තටම අසමත්

කාගෙහරි බරක් අද සැහැල්ලු උනාද

මොකද මම බෙදාගන්න කැමති වුනු නිසා?

රෝගාතුර හා වෙහෙසකර අයට ඔවුන්ගේ මාර්ගයේ උදව් ලැබුනාද?

මගේ උදව් අවශ්‍ය විට මම එතන සිටියාද? 2

ඇත්තවශයෙන්ම මේවා කුඩා දේවල්, නමුත් ඇල්මා එයාගේ පුතා හිලමන්ට ඉගැන්නුවා වගේ ඇත්තටම ඉතා හොඳ දේවල්: “තවද ස්වාමීවූ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ බලවත් සහ සදාතන අරමුණ සැලැස්වීමට සරල මාර්ගයන්ගෙන් ක්‍රියා කරන සේක; තවද ඉතා කුඩා ක්‍රියා වලින් ස්වාමීන්වහන්සේ ප්‍රඥාවන්තයින් ලැජ්ජාවට පත් කර, තවද බොහෝ ප්‍රාණයන්ට ගැලවීම ගෙන එන සේක” (ඇල්මා37:7).

ඇල්මාගේ ඉගැන්වීම ගැන සභාපති ස්ටීවන් සී.වීල්රයිට් බ්‍රිගම් යන්ග් හවායි විශ්වවිද්‍යාලයේ ප්‍රේක්ෂක පිරිසකට ඉගැන්වුවේ මෙහෙමයි: “අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට හා උන්වහන්සේගේ කුඩා හා සරල උපදෙස් අනුගමනය කරන විට, උන්වහන්සේ අනුගමනය කරන ක්‍රමය මගින්, උන්වහන්සේ දිනෙන් දින කුඩා ප්‍රාතිහාර්ය වලින් අපිව ආශිර්වාද කරන බවත්, කාලයත් එක්කම ඉතා පුදුමාකාර දේවල් වලිනුත් අපිව ආශිර්වාද කරන බවත් ඇල්මා ඔහුගේ පුතාට තහවුරු කළා.” 3

සභාපති හවර්ඩ් ඩබ්ලිව්. හන්ටර් මෙහෙම ඉගැන්නුවා “ලෝකය ශ්‍රේෂ්ටයි කියා හඳුන්වන දේවල් සමග සංසන්දනය කිරීමේදීබොහෝ විට එය සාමාන්‍ය දෙයක් වන අතර.... අනිත් අයගේ ජීවිතවලට .විශාලතම ධනාත්මක බලපෑමක් ඇති කරයි”4

මේ මූලධර්මය ගැන ඒත්තුගන්වන ලෞකික ඉගැන්වීමක් ඉන්දියානා වල හිටපු සෙනෙට් සාමාජික ඩැන් කොස්තා මෙහෙම ලියනවා: “ජීවිතයට හෝ ජාතියකට වෙනස් කළ හැකි ගැඹුරු තීන්දුවක් සඳහා එකම සූදානම වන්නේ සිය ගනනක් සහ දහස් ගණනක් අර්ධ-සවිඥානකව, ස්වයං-නිශ්චිතව, පෙනෙන තරම් නොවැදගත්ව ගන්නා, පෞද්ගලික තීරණයි.” 5

ඒ “පෙනෙන තරම් නොවැදගත්” පෞද්ගලික තීරණ වලට ඇතුලත් වෙන්නේ මේ වගේ දේවල්, අපි අපේ කාලය පාවිච්චි කරන්නේ කොහොමද, අපි රූපවාහිනියෙත් අන්තර්ජාලයේත් නරඹන්නේ මොනවද, අපි කියවන්නේ මොනවද, නිවසේදීත් කාර්යාලයේදීත් අපි වටේ තියන නිර්මාණ හා සංගීතය මොනවද, අපේ වින්දනයට අපි සොයන්නේ මොනවද, සහ අපි කොහොමද අවංක හා සත්‍ය විදියට ඉන්න කැපවෙන්නේ කියන එක. තවත් කුඩා හා සරල දෙයක් තමයි අපි කොහොමද ප්‍රීතිමත් පුරවැසියො විදියට අපේ එදිනෙදා පෞද්ගලික සම්බන්ධතා වල හැසිරෙන්නේ කියන එක.

අපි ඒ දේවල් නිතර නිතර පුරුද්දක් විදියට කලේ නැත්නම් මේ කුඩා හා සරල දේවල් කවදාවත් අපිව ශ්‍රේෂ්ට දේවල් වලට ඔසවන්නේ නෑ. සභාපති බ්‍රිගම් යන්ග් මෙහෙම කියලා වාර්තා කළා: “අපේ ජීවිත නිර්මාණය වී ඇත්තේ පුංචි, සරල තත්වයන් වලින්, ඒ හැමදෙයක්ම එකට ගත්විට විශාල වටිනාකමක් තියෙනව එය ගනණ් ගැනෙනව පිරිමියෙකුගේ හෝ ගැහැනියකුගේ සම්පුර්ණ ජීවිතය තුල” 6

අපි නොනවත්වා විරුද්ධ වුනේ නැත්නම් අපේ වටේම වටවෙලා තියෙන්නේ අපේ අගය පහතට ඇද දමන මාධ්‍ය බලපෑම් සහ සංස්කෘතික පිරිහීම්. අපේ සදාකාලික අරමුණට ඉදිරියට යන්න නම්, අපි නොනවත්වාම හබල් ගෑම කල යුතුයි. අපි ක්‍රියාකාරී එක්ව හබල්ගාන කණ්ඩායමක කොටසක්නම්,එය සහයක් වේවි. මේ උදාහරණය තවත් ඉදිරියටම අරන් යනවනම්, අපි හබල් ගෑම නැවැත්තුවොත් සංස්කෘතික රල පහර ඉතා ශක්තිමත්, ඒක අපි දන්නෙවත් නැති පහළ තැනකට අපිව අරන් යයි, නමුත් අපි නිතරම ඉදිරියට යන්න නැවත නැවත උත්සහ කලොත් ඒ දේ වලක්වාගන්න පුළුවන්.

ඉතා විශාල බලපෑම් ඇති වූ කුඩා සිදුවීමක් ගැන කතා කිරීමෙන් පසු, නෙපි මෙහෙම ලිව්වා, “තවද කුඩා දේවල් වලින් ස්වාමින්වහන්සේට බලවත් දේවල් කල හැකිබව මෙසේ අපි දකින්නෙමු” (1 නෙපි16:29). පරණ ගිවිසුම මේ කාරණය සම්බන්ධයෙන් මතක හිටින උදාහරණයක් දීලා තියෙනවා. එතැනදී අපි කියවනවා ඉශ්‍රායෙල් ජනතාව විසකුරු සර්පයන්ගේ වසංගතයකට ලක්වෙලා හිටියා. දෂ්ට කිරීම් නිසා ගොඩක් මිනිස්සු මියගියා (ගණන් කතාව 21:6බලන්න). මෝසෙස් රැකවරණය ඉල්ලලා යාච්ඤා කරනකොට, “තඹ සර්පයෙක් හදලා කණුවක මුදුනේ තියන්නට” ඔහුට දැන්නුවා. ඊටපස්සේ, “යම් මනුෂ්‍යයෙක්ව සර්පයෙක් දෂ්ට කලොත්, ඔහු තඹ සර්පයා දිහා බැලීමෙන්, ජීවත් වෙනවා” (9 වන පදය). එවැනි පුදුමාකාර ප්‍රතිපලයකට ඒ තරම් පුංචි ක්‍රියාවක්! ඒ කොහොම වුනත්, නෙපි පැහැදිලි කරපු විදියට ස්වාමින්වහන්සේට විරුද්ධව කැරලි ගහන අයට මේ උදාහරණය උගන්නපු පසු, ස්වාමීන්වහන්සේ ඔවුන්ට සුවවෙන්න ඉතාමත් සරල මාර්ගයක් සුදානම් කලත්, “තවද මක්නිසාද, මාර්ගයෙහි වූ සරල බව සහ පහසුකම නිසා බොහෝ දෙනෙක් නැසුනෝය” (1 නෙපි17:41).

මේ උදාහරණයත් මේ ඉගැන්වීමත් අපිට මතක් කරනවා, අපේ ධර්මිෂ්ට උවමනාවන් ලඟාකරගන්න අපට අණ කර තියන මාර්ගයේ සරල බවවත් පහසු බවවත් නිසා ඒවා වැදගත් නැති බවක් කියවෙන්නෑ.

ඊට සමානව, ධර්මිෂ්ට ක්‍රියාකාරකම් කෙරෙහි වන අකීකරුකමේ සුළු ක්‍රියා හෝ සුළු වැරදීම්, අපට මග අරින්නට කියා අනතුරු අඟවා ඇති බිඳවැටීම් වලට අපිව ඇදගෙන යනවා. ඥානයේ වචනය මේ දෙයට උදාහරණයක් දෙනවා. එක් සිගරට් එකකින්, එක් මත්පැන් වීදුරුවකින් එහෙමත් නැත්නම් එක් මත්ද්‍රව්‍ය මාත්‍රාවක් ගැනීමෙන් අපේ ශරීරයට සිදුවන හානිය මනින්න බෑ. නමුත් කාලයත් එක්කම, ප්‍රතිපලය බලවත් සහ සමහරවිට ආපසු හරවන්න බෑ. මතකද පාර අයිනේ ඉරිතැලීම සිද්ද වුනේ පුංචි මුලක ප්‍රසාරණය වීමකින්. එක දෙයක් හොඳටම විශ්වාසයි, ඇබ්බැහි වෙන්න පුළුවන් ඕනෑම දෙයක් පාවිච්චි කරොත්, අපේ ශරීරයට බලපෑම් එල්ල කරන මත්ද්‍රව්‍ය හෝ අපේ සිතුවිලි නොසලකාහරින අසභ්‍ය දර්ශන, අපි ඒවා පළමු වතාවටවත් - කවදාවත් පාවිච්චි කලේ නැත්නම් ඒවා වලින් සම්පුර්ණයෙන්ම වැලක්වෙන්න පුළුවන්.

අවුරුදු ගණනාවකට කලින්, සභාපති එම්. රසල් බැලර්ඩ් ප්‍රධාන සම්මන්ත්‍රණයකට සහභාගී වුනු අයට මෙහෙම විස්තර කළා “කුඩා හා සරල දේවල් පුද්ගලයෙකුගේ ගැලවීමට කොයිතරම් සෘනාත්මක හෝ විනාශකාරී වෙන්න පුලුවන්ද.” ඔහු මෙහෙම ඉගැන්නුවා: “නූලක තියන දුර්වල තන්තු, පසුව නූල් පොටක්, සහ අවසානයට කඹයක් වගේ මේ කුඩා දේවල් එකට එකතු වෙලා කඩන්න බැරි තරම් ශක්තිමත් වෙනවා. අපි සෝදිසියෙන් ඉන්න ඕනේ කුඩා හා සරල දේවල් වලට අපේ ආත්මික බව ගොඩනගන්න තියන ශක්තිය ගැන”. ඒ වගේම ඔහු පවසනවා, අපිව කලකිරීමටත් කාලකන්නිකමටත් අරගෙන යන්න සාතන් මේ කුඩා ඒ වගේම සරල දේවල් පාවිච්චි කරනවා.”7

සභාපති වීල්රයිට් ඒ හා සමානම අනතුරු ඇඟවීමක් ලබාදුන්නා හවායි BYU අසන්නන්ට: “අපි කුඩා හා සරල දේවල් කරන්න අසමත් වුනොත්, අපේ ඇදහිල්ල අවිනිශ්චිත වෙනවා, ප්‍රාතිහාර්ය නැතිවී යනවා, සහ ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේගේ රාජධානියට පළමු තැන නොදී සහ දෙවියන්වහන්සේගේ රාජ්‍ය සෙවීම අහෝසි වෙලා ඒ හැමදේම තාවකාලික ලුහුබැඳීම් හා ලෞකික අභිලාෂයන් වලට හැරවෙන එක සිදුවෙනවා.”8

අපේ ආත්මික දියුණුව විනාශ කරන ක්‍රමයෙන් හා දියුණු වෙන සෘනාත්මකව බලපෑම් වලින් ආරක්ෂා වෙන්නට නම්, කුඩා හා සරල දේවල් වල ආත්මික රටාව අපි අනුගමනය කරන්න ඕනේ. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් BYU කාන්තා සම්මන්ත්‍රණයකදී මෙම මුලධර්මය ගැන මෙහෙම පැහැදිලි කළා: “ඉතා අඩුවෙන් පසට වතුර වක්කරන්න..... මේ තාක්ෂණයෙන් අපිට පුළුවන් මේ ආත්මික රටාවේ විදියත් වැදගත්කමත් ඉගෙනගන්න,” යම් අවස්ථා වලදී වතුර විශාල ප්‍රමාණයක් දැමීමිම හරි ඉසීම හරි උවමනා වෙන්නේ නෑ.

ඔහු විස්තර කරා“මේ වතුර වල රැඳී තියන ජල අංශු පොලවේ පහල ගැඹුරට ගමන් කරලා පසට වැඩි තෙතමනයක් දෙනවා, එතකොට තමයි පැළ සරුවෙන්නේ. මේ විදියටම, නොනවත්වාම ආත්මික පෝෂණ බිඳු ලබාගන්න ඔබත් මමත් අවධානය දෙනවානම්, එහෙනම් ශුභාරංචි මුල් අපේ ආත්මයේ පතුලටම කිඳා බැහැලා, ස්ථිර විදියට ස්ථාපිත වෙනවා, එතකොට අසාමාන්‍ය සහ රසවත් ඵල දරනවා.”

තවදුරටත් ඔහු කිවුවා“මේ කුඩා හා සරල දේවල් වලින් පැමිණෙන ආත්මීය රටාව ඉතා විශිෂ්ට දේවල් බිහිකරනවා ඒවා තමයි, ස්ථිරත්වය, නොසැලෙනභාවය, ගැඹුරු කැපවීම සහ යේසුස් ක්‍රිස්තුස්වාහන්සේටත් උන්වහන්සේගේ ශුභාරංචියට සම්පුර්ණ හැරීම.”9

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මේ මුලධර්මය වචනයෙන් ඉගැන්නුවා දැන් ඒක දහම සහ ගිවිසුමේ මේ විදියට තියනවා: “කිසිදු මනුෂ්‍යයෙක් මේ දේවල් කුඩා දේවල් ලෙස ගණන් නොගත යුතුය; මක්නිසාදයත්... මේ දේවල් මත ශුද්ධවන්තයින් හට බොහෝ දේවල් රඳා පවතින්නේය” (දහම සහ ගිවිසුම123:15).

මිසුරියේ සභාව ස්ථාපිත කරන්නට වූ ප්‍රථම ප්‍රයත්නයන් කරද්දී, ස්වාමීන්වහන්සේ ඉවසීම ගැන මෙසේ උපදෙස් දුන්නා “සෑම දෙයක්ම අවශ්‍ය මොහොතේදී සිදුවනු ඇත” (දහම සහ ගිවිසුම 64:32). ඉන්පසු උන්වහන්සේ මේ ශ්‍රේෂ්ට ඉගැන්වීම ලබාදුන්නා: “මක්නිසාදයත්, හොඳ කිරීමෙන් වෙහෙස නොවන්න, ඔබ හැමදෙනෙක්ම ඉතා ශ්‍රේෂ්ට කාර්යක අත්තිවාරම දමමින් සිටී. කුඩා දේවල් වලින් ඉතා ශ්‍රේෂ්ට දේ ඉටුවනු ලබන්නේය” (දහම සහ ගිවිසුම64:33)

මම විශ්වාස කරනවා අපි හැමෝම කැමැත්තෙන් ඉන්නවා කියල “ගිවිසුම් මාර්ගයේ ඉදිරියටම යන්න.” 10කියා සභාපති රසල් එම්. නෙල්සන් කල අභියෝගය අනුගමනය කරන්නට. උන්වහන්සේගේ සභාවේ නායකයින්ගෙන් හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ උගන්වන පරිදි නොකඩවාම “කුඩා දේවල්” අනුගමනය කිරීමෙන් අපේ පොරොන්දුව තවත් ශක්තිමත් වෙනවා. මම උන්වහන්සේව සාක්ෂිදරනවා සහ උන්වහන්සේගේ ගිවිසුම් මාර්ගයේ යන්නට සොයන හැම දෙනාටම උන්වහන්සේගේ ආශිර්වාදය ආයාචනා කරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

Notes

  1. “How Great the Wisdom and the Love,” Hymns, no. 195.

  2. “Have I Done Any Good?” Hymns, no. 223.

  3. Steven C. Wheelwright, “The Power of Small and Simple Things” (Brigham Young University–Hawaii devotional, Aug. 31, 2007), 2, devotional.byuh.edu.

  4. Teachings of Presidents of the Church: Howard W. Hunter (2015), 165.

  5. Dan Coats, “America’s Youth: A Crisis of Character,” Imprimis, vol. 20, no. 9 (Sept. 1991), 4; see also Elder Wilford Andersen in his column in the Mesa Tribune, May 1996.

  6. Brigham Young, discourse in Ogden Tabernacle, July 19, 1877, as reported in “Discourse,” Deseret News, Oct. 17, 1877, 578.

  7. M. Russell Ballard, “Small and Simple Things,” Ensign, May 1990, 7, 8.

  8. Steven C. Wheelwright, “The Power of Small and Simple Things,” 3.

  9. David A. Bednar, “By Small and Simple Things Are Great Things Brought to Pass” (Brigham Young University Women’s Conference, Apr. 29, 2011), womensconference.byu.edu.

  10. රසල් එම්. නෙල්සන්, “අප එක්ව ඉදිරියට යන විට,” ලියහෝනා, අප්‍රියෙල්.2018, 4, 7.