2010–2019
සභාවේ විගණන දෙපාර්තමේන්තුවේ වාර්ථාව, 2017
2018 අප්‍රියෙල්


සභාවේ විගණන දෙපාර්තමේන්තුවේ වාර්ථාව 2017.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නූතන සාන්තුවරුන්ගේ සභාවේ පළමු සභාපතිත්වය වෙත.

දහම සහ ගිවිසුමේ 120වන පරිච්ජේදයේ, එළිදරව්ව මගින් මඟ පෙන්වූ ලෙස, පළමු සභාපතිත්වයෙන්, ප්‍රේරිතවරු දොළොස්දෙනාගේ ඝණපූර්නයෙන් හා මුලසුන දරන සභානායකත්වයෙන් සෑදුනු, දසයෙන් කොටස පවරාදීම සම්බන්ධ මණ්ඩලය සභාවේ අරමුදල් වියපැහැදම් පිණිස අනුමත කරනු ලබයි. කලින් අනුමතකරනලද අයවැයට, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටියන්ට අනුකූලව සභා අධිකාරිය වියපැහැදම් බරපැන දරයි.

සභාවේ අරමුදල් සාධාරණ වගකීමෙන් යුක්තව ආරක්ෂා කිරීම, වියපැහැදම් දැරීම සහ සභාවේ දේපල ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විගණනය කිරීමේ වගකීම, සභාවේ අනෙකුත් කොටස්වල බලපෑම්වලින් තොරව කටයුතු කරන විශ්වාෂනීය වෘත්තිකයන්ගෙන් සමන්විත සභාවේ විගණනාධිකාරීත්වය සතුවේ.

විගණනය කරන ලද වාර්ථාවන්ට අනුව, සභාවේ විගණනයෙන් අදහස් කරන්නේ ලැබුනු ද්‍රවය්‍යමයදේ, ලැබුනු අරමුදල්, කරන ලද වියපැහැදම් සහ 2017 වර්ෂයේ සභාව සන්තකව තිබූ දේපල යනාදී සියල්ල වාර්ථාගත කොට සභාවේ කලින් අනුමත කරනලද අයවැයට, ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටියන්ට අනුකූලව ගිණුම්ගත කරන ලදබවයි. තම අයවැය තුල කටයුතුකරමින් ණයතුරුස්වලින් නිදහස්ව සහ අවශ්‍යවිට භාවිත කිරීමට යමක් ඉතිරි කරගනිමින් ජීවත්වන්නට සභාවේ සාමාජිකයන්ට උගන්වන අප සභාව අනුගමනය කරන්නේද එම ක්‍රියාපටිපාටියයි.

ගෞරවාන්විතව ඉදිරිපත්කරන ලදී,

සභාවේ විගණන දෙපාර්තමේන්තුව

කෙවින් ආර්. ජෙර්ගෙන්සෙන්

කළමනාකාර අධ්‍යක්ෂක