2010–2019
හඳුන්වාදීමේ ප්‍රකාශය
2018 අප්‍රියෙල්


හඳුන්වාදීමේ ප්‍රකාශය

ස්වාමින්වහන්සේගේ කාර්යය වඩා කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා අපි මෙල්කිසදෙක් පූජකවර ඝණපූර්ණයන් වල විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් අපි දැනුම්දෙමු.

ස්තුතියි සහෝදර හෝම්ස්, ඔබගේ වැදගත් පණිවිඩයට.

දයාබර සහෝදරියනි, අපට ගැඹුරු ලෙස සභාපති තෝමස් එස්. මොන්සන් හා වැඩිහිටි රොබට් ඩී. හෙල්ස් නැති පාලුව දැනේ. එහෙත් අපි සැවොම “ස්වාමින්වහන්සේගේ කාර්යයේ ඉදිරියට යමු.”1

ශුද්ධ වු පූජකවරය දරන සෑම පුරුෂයෙකු ගැනම මම බොහෝ කෘතඥ වෙමි. “සෑම පුරුෂයෙකුම, තවද ලෝකයේ ගැලවුම්කරුවාණන් වූ, ස්වාමීන් වු දෙවියන්වහන්සේගේ නාමයෙන් කථා කරන ලෙසට”1 උවමනාවු අපේ මිදුම්කරුවාණන්ගේ බලාපොරොත්තුව ඔබයි. ලෝකයේ ඇදැහිල්ලද වැඩිවන ලෙස උන්වහන්සේගේ නියම කරන ලද පුත්‍රයින් සියලුදෙනාම උන්වහන්සේව නියෝජනය කිරීම, උන්වහන්සේ වෙනුවෙන් කථා කිරීම, උන්වහන්සේ වෙනුවෙන් ක්‍රියා කිරීම, හා “ඇදහිල්ල ලෝකය පුරාම වර්ධනය වීම පිණිස”2 ලොව පුරා දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ජීවිතවලට ආශිර්වාද කිරීම උන්වහන්සේට උවමනා වන සේක.

ඔබ සමහරුන් සේවය කරන්නේ පරම්පරා ගණනාවක් සභාව ස්ථාපිත කර තිබු තැන්වලය, වෙනත් අය සේවය කරන්නේ සභාව සාපේක්‍ෂව අළුත් තැන්වලය. සමහරුන්ට, ඔබේ කොට්ටාශ විශාලයි, වෙනත් අයට, ඔබේ ශාඛා කුඩා වන අතර දුර බොහෝය. ඔබේ පුද්ගලික තත්වය කෙසේ වුවද, ඔබ එකිනෙකා ඉගෙනීමට හා ඉගැන්වීමට අන් අයට ප්‍රේම කිරීමට හා සේවය කිරීමට, දිව්‍යමය නියෝගයක් ඇති පූජකවර ඝණපූර්ණයක සාමාජිකයෙකු වේ.

අද රාත්‍රියේ, ස්වාමින්වහන්සේගේ කාර්යය වඩා කාර්යක්‍ෂම ලෙස ඉටු කිරීමට අපේ මෙල්කිසදෙක් පූජකවරයේ ඝණපූර්ණයේ වැදගත් නැවත පිළියෙල කිරීමක් අපි ප්‍රකාශ කරමු. සෑම කොට්ඨාශයකම, උසස් පූජකවරු හා වැඩිහිටියන් දැන් එක් වැඩිහිටි ඝණපූර්ණයකට එක් වේ. මේ සැකසීම පූජකවරය දරණ පුරුෂයන්ගේ අන්යට සේවය කිරීමේ හැකියාව දැඩි සේ උසස් කරාවි. අනාගත වැඩිහිටියන් එම ඝණපූර්ණය මගින් ආදරයෙන් පිළිගෙන මිත්‍රත්වය පවත්වාගනු ඇත. සෑම ස්ටේකයකටම, ස්ටේක සභාපතිත්වය තවදුරටත් උසස් පූජක ඝණපුර්ණයේ මුලසුන දරයි. එහෙත් එම ඝණපුර්ණය නිර්මානය වන්නේ, මද වේලාවකින් තව විස්තර කරන ලෙසට, වර්ථමාන පූජකවර කැඳවීම් මතය.

දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ වැඩිහිටි ඩී. ටොඞ් ක්‍රිස්ටෝෆර්සන් හා වැඩිහිටි රොනල්ඩ් ඒ. රාස්බෑන්ඞ් දැන් අපට මෙම වැදගත් සැකසීම් ගැන තව උගන්වාවි.

මෙම අළුත් කිරීම මාස ගණනාවක්ම අධ්‍යනය කරන ලදී. අපි අපේ සාමාජිකයන්ට සළකන හා ඔවුන් සමඟ අපේ සම්බන්ධතා වාර්ථා කරන ක්‍රමය දියුණු කිරීමට බලවත් අවශ්‍යතාවයක් අපට දැනුනි. එය වඩා හොඳින් ක්‍රියා කිරීමට ස්වාමීන්වහන්සේගේ ශුද්ධවන්තයින් කරා අරමුණු කරන ප්‍රේමයේ හා උපකාරයේ මෙහෙ කිරීමට වඩා හොඳ මග පෙන්වීමක් දිමට අප අපේ පූජකවර ඝණපූර්ණ ශක්තිමත් කල යුතුය.

මෙම සැකසීම් ස්වාමීන්වහන්සේ විසින්පොළඹවන ලදී. අපි ඒවා ක්‍රියාවට නංවන විට, පෙර කවරදා වුවාටත් වඩා අපි වඩා කාර්යක්‍ෂම වන්නෙමු.

අපි සර්වබලධාරී දෙවියන්වහන්සේගේ කාර්යයේ නිරත වෙමු. යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි! අපි උන්වහන්සේගේ නිහතමානී සේවකයන් වෙමු! අපි අපේ යුතුකම ගැන ඉගෙන ගන්නා විට හා ක්‍රියාකරන විට සහෝදරයනි ඔබට දෙවියන්වහන්සේ ආශිර්වාද කරන සේක, මා යාච්ඤා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමේන්.